කසාදයක් ඕනෙමද?
කසාදයක් ඕනෙමද කියලා ඔබ මේ ටික කියෙව්වොත් දෙවරක් කල්පනා කරාවි
ජීවිතේ කියන්නේ හරි සුන්දර දෙයක් කියලා අපි හිතුවට, ඒ සුන්දර කම අපට දැනෙන්න ගොඩක් සාධක අපි වටේ තියෙන්න ඕනේ, මොකද මිනිසා කියන්නේ බොහොම සමාජශීලි ජීවියෙක් නිසා.
එහෙත් මේ පීල්ලෙන් පැනලා තමන්ටම අනන්‍ය වුනු මාර්ගයක් හදාගෙන යන්න උත්සහ කරන අයත් මේ අතරේ ඉන්නවා. ඒ කිවුවෙ විවාහයක් ගැන නොසිතා තනිකඩව ජීවත් වෙන්න උත්සාහ කරන අය. ඉතින් මෙහෙම ඉන්න එක කිසිම වරදක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ තමන්ගේ පැවැත්ම සම්බන්ධයෙන් ඒ තනිව විසීම ගැටළුවක් වෙන තැනදියි. විශේෂයෙන්ම අපේ සමාජයේ තනිකඩව සිටීම ගැන මුල් බැහැල තියෙන අදහස් ටික අපිට කෙසේ වෙතත් අනික් අයට ගැටළුවක් වෙන තැනදියි. එතැනදී තනිකඩව ඉන්න හිතාගෙන ඉන්න පුද්ගලයෙක්ට අනවශ්‍ය පීඩනයක් එල්ල වෙන එක වළක්වන්න බෑ.
ඔබ බෙහෙවින් සාර්ථක තනිකඩ ජීවිතයක් ගත කරනවා නම් ඔබට මේ ලිපිය අදාළ නැතිවෙන්න පුළුවන් එහෙත් කසාදයක් ඕනෙමද කියල දෙගිඩියාවෙන් ඉඳලා සමහරවිට සමාජයේ පීඩනේ නිසා හදිසි තීරණ වලට ඇවිත් අමාරුවේ වැටෙන අයත් ඉන්නවා. ඒ අයට මේ ලිපිය ඉතා වැදගත්. ඉතින් දැන් අපි බලමු මොනවද ඒ කාරණා කියලා.
1. කසාද නොබැන්දොත් කොන් වෙන්නේ ඔයාව
මේ අවවාදය ගොඩක් වෙලාවට එන්නේ ඔයාගේ වැඩිහිටියන්ගෙන් වෙන්න පුළුවන්. එහෙත් ඇත්තටම මේ කතාව සාධාරණද? කොච්චර කාරණා මේ අවවාදයට අදාලව ගෙන හැර දක්වන්නට පුළුවන් වුනත් තනිකඩව සිටින අය නම් කියන්නේ තමන් කොන්වීමට වඩා ඔවුන් විඳින නිදහස බලවත් බවයි.
තමන් තනිකඩව සිටින්නේ ඇයි කියන ප්‍රශ්නයට ඔබ සතුව සාධාරණ පිළිතුරක් තියෙනවා නම් ඔබව තවදුරටත් කොන් වෙන්නේ නැහැ. අනෙක් අතට, ඔබේ මානසික තත්ත්වය යහපත්ව තියාගන්නට නම් ඔය වගේ හණමිටි අදහස් දරන අයගේ ඇසුරින් ඈතට වෙලා ඉන්න එක බොහොම ගුණ වේවි. කසාදයක් බැඳීමෙන් සමාජයේ අමුතු තැනක් ලැබෙනවායයි කියල දෙයක් ඇත්තටම නැහැ.
2. කසාද බැන්දා නම් සල්ලි නිකම්ම ඉතුරු වෙනවා
ගොඩක් අය හිතාගෙන ඉන්නේ තරුණ කාලේ කියන්නේ තමන්ගේ යාළුවො එක්ක ආතල් එක ගන්න කාලෙ කියලා. එහෙත් ටික ටික වයසට යන කොට තමා ගොඩක් අයට මතක් වෙන්නේ තමන්ට සල්ලි ටිකක් ඉතුරු කරගන්න තිබ්බා නම් කොච්චර වටිනවද කියලා.
එහෙත් මේ හැම විනෝදයක්ම ගනිමිනුත් තනිකඩව ඒ ප්‍රශ්නයට සාර්ථකව පිළිතුරු හොයාපු අය ඕනා තරම් ඉන්නවා. හැම තනිකඩයම නාස්ති කරන්නෙත් නෑ.
ඉතින් තනිකඩව ජීවත් වෙමින් හොඳට ආර්ථිකය කළමනාකරණය කරගන්න අය වගේම කසාද බැඳලා නාස්තිකාර ජීවිතේකට හුරු වෙච්ච ජෝඩුත් අපිට දකින්න ලැබෙනවා. ඒ නිසා මේ සල්ලි ඉතුරු වෙන කතාව පදනමක් නැති එකක්.
තනිකඩ වේවා විවාපත් අයෙක් වේවා තමන්ගේ අනාගතයේ උදාවන වියපත් කාලය ආරක්ෂිත වෙන ඉතුරුම් ක්‍රම ගැන කල්පනා කරලා එයින් එකකට ආයෝජනය කරලා තියනවා නම් ඔබට බයවෙන්න කිසිම දෙයක් නැහැ.
3. බැන්දොත් දෙයියනේ කියලා ඉන්න තැන හරි තියෙනවානේ
තමන්ටම කියලා නිවසක් තියෙනවා කියන්නේ කිසිම කරදරයක් නැතුව ඉන්න පුළුවන් කියන එක තමා. ඒක ඇත්ත. ටිකක් ඉඩ පහසුකම් තියෙන කාමර කිහිපයක් තියෙන ගෙයක් නම් කිසිම අවුලක් නැතුව කාමරයක් දෙකක් මේ විදියට කුලියට දීලා අමතර ආදායමක් හොයාගෙන ඔයාගේ අනාගතේ සුරක්ෂිත කරගන්නත් පුළුවං. එහෙත් තමන්ගේ කියල තැනක් හදාගන්න විවාහයක්ම ඕනෙ නෑනෙ. ඔබ හොඳ අනාගත සැලසුමක් හදාගෙන සිටිනවා නම් ඔබේ තනිකඩ ජීවිතයට ගැලපෙන පරිදි තමන්ගේම කියල නිවහනක් හදාගන්න එක අමාරු වැඩක් නෙමෙයි. අනුන්ගේ නිවහනක් තමන්ගේ කරගන්න කසාදයක් බඳිනවට වඩා තමන්ගේම නිවහනක් හදාගන්න එක ආඩම්බරයක් නෙමේද?
4. බැන්දොත් අඩු ගානේ දරුවෝ හරි සලකයිනේ
එහෙනම් මොකද තමන්ගේ අම්මලා තාත්තලාව ළමයි මහලු නිවාස වලට ගෙනල්ලා දාන්නේ? අනික තමන් හරියට තමන්ගේ අනාගතේ සැලසුම් කරගෙන ඉන්නවා නම් මොකටද දරුවන්ගේ බලාපොරොත්තු වෙන්නේ? ඔබට පුළුවන්නේ දරුවන්ට ඔවුන්ගේ ජීවිත ගෙවන්න ඉඩ දීලා පාඩුවේ ඉන්න? ඉතින් මේ නිසා දරුවන්ගේ සැලකුම් ගන්න බලාගෙන කසාද බඳින එක නම් මෝඩ ක්‍රියාවක් බව නම් කියන්නම වෙනවා.
5. ලෙඩ දුක් වෙච්ච වෙලාවට ඔයාට වයිෆ් හරි ඉන්නවා
අපි කොහොමද අනික් අය එහෙම කිව්වට හරියටම අපි හිතන විදියටම අපේ අනාගතේ තීරණේ වෙයි කියලා කියන්නේ? හදිසියේ ඔබේ සැමියා හෝ බිරිඳ අකාලයේ මිය ගියොත් එහෙමත් නැති නම් ඔබේ සැමියා හෝ බිරිඳ ඔබට නොසලකා හැරියොත් අපේ මාතෘකාව බොරුවක් වෙනවා නේද?
ලෙඩදුක් වලට බයේ කසාදයක් කරගන්නේ නැතුව කරන්න තියෙන්නේ තමන් කලට වෙලාවට වෛද්‍ය ප්‍රතිකාර සහ ව්‍යායාම අරගෙන වයසට ගියත් ෆිට් එකේ ඉන්න එකයි. කසාදය කියන මාතෘකාව අපේ ලංකාවේ බහුතරයක් හිතනවා වගේ ආත්මාර්ථයක් නොවී විශ්වීය වෙන්න ඕනේ කියන්නේ අන්න ඒ නිසයි.
6. බැන්දම බර අඩුවෙනවා ද?
වෙනත් රටවල් වල මේ කාරණය යථාර්ථයක් වුනාට ලංකාවේ අපිට ඒකේ අනිත් පැත්ත කියලා කියන්න පුළුවන්. ඒ මක් නිසාද කියලා කියනවා නම් ලංකාවේ සියලුම බර බිරිඳට පටවන අමුතු ආකාරයේ සංස්කෘතියක් තියෙන්නේ. සමහර වෙලාවට එහෙම වෙන්න ඇත්තේ “ සැමියා බිරිඳගේ දෙවියාය” සංකල්ප සමාජයට ආපු නිසා වෙන්නත් ඇති.
අපි නම් කියන්නේ අපේ අවට සමාජයේ බැන්දට පස්සේ තවත් කෙනෙක් තමන්ගේ සහයට සිටින නිසා දෙපාර්ශවය ම ටිකක් තම තමන්ගේ දේවල් කරගන්න කම්මැලි වෙලා එකිනෙකාගේ සහය ගන්න උත්සහ කරනවා කියලයි.
කසාද බැන්දා කියලා උස්මුර්තියට පත් වෙන්නේ නැතුව වෙනදා වගේම තමන්ගේ වැඩ ටික කරගෙන එකිනෙකාට උදව් වෙන්න පුළුවන් නම් මේ ගැටලුව නැති වේවි.
ඔයා හරියට තමන්ගේ එදිනෙදා වර්ක්-අවුට්ස් ටික කරගෙන ඉන්නවා නම් කිසිම අවුලක් නැතිව තමන්ගේ බර පාලනය කරගෙන ඉන්න හැකියාව තියෙනවා. ඒකට කසාද බැඳලද නැද්ද කියන එක අදාල වෙන්නේ නෑ.
7. බැන්දම තමා හරිගියේ!
හරියන්නම් බඳින්නම ඕනෙද? තනිකඩව ජීවිත් උන සහ අදටත් ජීවත් වෙන ලෝක ප්‍රසිද්ධ සහ සාර්ථක පුද්ගලයෝ කොච්චරනම් ඉන්නවද? හරියන්න හෝ වැරදෙන්න කසාදය කියන දේ ෆැක්ට් එකක් වෙන්නේ තමන්ගේ අනාගතේ කසාදය කියන වීදුරුව හරහා බලන අයට කියලා තමා අපිට නම් කියන්න වෙන්නේ.
මේ වගේ දේවල් කියවෙන්නේ සමහර වෙලාවට අපිව කසාදය නිසා වගකීම් වලට හිරවෙලා වැඩ කරන්න වුනාම අපි ආතල් ගන්න ප්‍රමානේ අඩු වෙන නිසා කියලා හිතන්න පුළුවන්.
එහෙත් හරියට ජීවිතේ පවත්වාගෙන යන කෙනෙක්ට තමන්ගේ ආතල් එකයි තමන්ගේ දියුණුවයි දෙකම එක ආකාරයෙන් පවත්වාගෙන යන්න පුළුවන් හරියට කල්පනා කලොත්. මේ නිසා ඔබට හරියන්න ඔබ කසාද බඳින්නම අවශ්‍ය නැහැ.
ඩිස්ක්ලේමරය
ඕනෙම දෙයක හරි පැත්ත සහ වැරදි පැත්ත තීරණේ වෙන්නේ අපි ඒ දිහා බලන විදිය අනුව නිසා. මේ අපි ඉහතින් කතා කරපු කාරනාව සම්බන්ධයෙන් ඒ සංකල්පයේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා. අදහස් ප්‍රවේසමින් පරිහරණය කරනවා හොඳයි.
original post : http://bit.ly/2hc4ccY