මාස 6 කට වඩා පස්සෙන් ගියා බං. ඒකි ඉස්කෝලේ යනවා ඒ කාලේ එකම බස් හෝල්ට් එකට සෙට් වෙන්නේ. මම යන්නේ කොළඹ ඒකි යන්නේ අනික් පැත්තට. මම ඉතින් ඒ බස් හෝල්ට් එකට වෙලා හිටියා ඒකි බස් එකට නගිනකන්. මට වඩා අවුරුදු 5 ක් බාලයි බං. මුලින් බලාගෙන හිටියා. පස්සේ හිනාවෙන්න ගත්තා හැමදාම. පස්සේ ගුඩ් මෝනින් කියන්න ගත්තා. පස්සේ හෙමීට කතා කරන්න ගත්තා. මේකි නෙමෙයි කතා කලේ මේකිගේ යාලුවව මම හවසක එනකන් ඉඳලා රැකගෙන ඉඳලා යාලුවගෙන් උදව් ඉල්ලුවා. ඒකි උදව් කලා හැබැයි පහුවදාම කියලා මම යාලුවෙන්නයි හදන්නේ කියලා. ඒ වෙනකන්ම උන් දෙන්නම හිතාගෙන ඉඳලා තියෙන්නෙ මම වෙන කෙල්ලෙක් එනකන් බස් හෝල්ට් එකේ තපිනවා කියලා උදේට. පස්සේ මේකිට පොතක් අස්සේ දාලා දුන්නා A4 3ක් පිරෙන්න ලිව්ව ලියුමක්. ඒ වෙද්දි මේකිගේ ෆෝන් නම්බර් එක මට හම්බුවෙලා තිබ්බේ. නමුත් කරදර කරන්න ගියේ නෑ මැසේජ් ගහලා. ලියුමේ ඉතින් ලිව්වා ලිවිල්ලක් බං ඒ කාලේ. කවියි නිසදැසුයි හැමදේම දාලා. අන්තිමට ලියුමේ මගේ නම්බර් එක දාලා ආශ්‍රය කරලා බලන්න ඕනේ නම් මේකට මැසේජ් එකක් දාන්න කියලා බලන් හිටියා. රෑ නමයට විතර මැසේජ් එක ආවේ ඉතින් මට අවුරුදු වගේ එදා. හෙමීට හෙමීට කතා කරද්දි ඒකිම කැමතියි කිව්වා ඉතින් මට. මැසේජ් කරන්න අරගෙන සති දෙකකින් මම අපේ අම්මට කිව්වා. ලඟදි තමයි තාත්තට කිව්වේ. කෙල්ලගේ ගෙවල් වලටත් කියලා දැන් අවුරුදු දෙක විතර බං. මම තව අවුරුදු 2.5 වලින් බඳිමු කියද්දි අදටත් මේකි කියනවා අපෝ 2.5 ක් බෑ ඒකිට නම් තව 4ක් වත් ඉන්න ඕනේ කියලා. වෙලාවට. ඕකිට කලින් යලුවෙලා හිටි එකීට බඳින්න පුදුම හදිස්සියක් තිබ්බේ. වයස 30 වෙද්දි ලයිෆ් එක ගානට ස්ටේබල් කරගෙන බඳින්න පුලුවන් දැන්.
ඔහොම අපි කලින් ටිකක්වත් විස්තර දන්නේ නැති කෙල්ලෙක්ගෙන් කැමැත්ත් අහන්නේ කොහොමද බන්, මන් කියන්නේ ඒකි මොන වගේ කෙනෙක්ද මොනවා කරන කෙනෙක්ද කියලා දන්නේ නැතිව,









