එහෙම කරන්න එපා බං. හැම අම්මෙක් තාත්තෙක්ම කැමතියි තමුන්ගේ දරුවෝ කසාදයක් බැඳලා ලැබෙන දරු මුණුබුරන්ගේ සුරතල් බලන්න.අනික ජීවිතේ තනිකම දැනෙන කාලේ වනගත වෙන්න ඕනේ නම් දැන්මම යමන් ආරණ්‍යයකට. මොකද වයස උඹේ කීයද කියලා මම දන්නේ නෑ නමුත් 50 වෙනකන් මේ ගිහි ගෙයි උඹ ජීවත් වෙද්දි එකතු කරන කෙලෙස් ප්‍රමාණය තවත් වැඩි වෙන එකයි වෙන්නේ. අපරාදේ ජීවිතේ. යනවනම් දැන්ම යමන්. නැත්නම් ජීවිතේ හදාගෙන කසාදයක් බැඳලා ලස්සනට ජීවත් වෙයන්. ඒ අතරතුරේ ඉගෙනගන්න මුදල් අග හිඟකම් තියෙන දරුවෙක්ට හෝ කීපයකට සළකපන් ශිෂ්‍යයත්ව වගේ දීලා. මමත් ඉස්සරහට දෙන්න ඉන්නේ ඉස්කෝලේ යන මුලින්ම ළමයෙක් බලලා. පස්සේ ටික ටික එක්ස්පෑන්ඩ් කරන්න ඕනේ.
ඔව් දැන්මම අම්මල තාත්තල වටින් ගොඩින් කියාගෙන එනව
අම්මල හින්ද තාම බන් මම මෙහෙම ඉන්නේ
එයාල ජීවත් වෙලා ඉන්නකල් ගෙදර ඉන්න වෙන්ව
බලන්න වෙන කවුරුත් නහ
අපේ නැද වෙන දෙන්නෙක් ඔය වැඩේ කරනවා බන්
හරිම හොඳ වැඩක්
අවුරුද්ද පුරාම පොත් පාත් වලට ඉස්කෝලෙට යන වියදම දෙනවා ඒ ළමයින්ට
තව ගානකුත් දානවා ඒ ළමයින්ගේ පොත් වලට අනාගතේට ගන්න වගේ




