කස_මෝරෙක්_මරලා
වඳ වීමේ තර්ජනයට ල ක් වී සිටින කස මෝරුන් දෙදෙනෙකු දියඹ මුහුදේ දී මරා ගොඩට ගෙන එමින් සිටි ධීවරයකු දික්වැල්ල නිල්වැල්ලේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.පුංචි මාළුන් ගොදුරට ගැනීම සඳහා දිග වලිගයක් ඇති කස මෝරා මැරීම ජාතික ජලජ හා පර්යේක්ෂණ මධ්‍යස්ථානය තහනම් කර ඇත. ලොව පුරා කස මෝරුන් වඳවීමේ තර්ජනයට ලක්වී සිටින බව රාජ්‍ය නොවන සංවිධාන කියයි.
කස මෝරු මැරීම රුපියල් විසිපන්දහස සිට හැටදහස දක්වා දඩ ගැසිය හැකි වරදක් බව ධීවර නිලධරයෝ කියති.වෙරළ සමීපයේ ද කෙළවල්ලන් සමඟ ජිවත් වන කස මෝරා මැරිම වරදක් බව ලාංකික ධීවරයන් දන්නා බවත් ඔවුහු පවසති.නිල් වැල්ලේදී අත්අඩංගුවට ගත් ත්‍රීරෝද රියේ කස මෝරුන් දෙදෙනා සඟවාගෙන ආ ආකාරය අනුව එය පැහැදිලි වන බවද ඔවුහු කියති.