මෙරට මාර්ගවල පදික මාරුව සඳහා ඇති 'කහ ඉරි' ලබන දෙසැම්බර් 01 වැනිදා සිට අන්තර්ජාතික වශයෙන් පිළිගත් ක්‍රමවේදයට අනුව සුදු පැහැයෙන් වර්ණ ගැන්වීමට නියමිත බව වාර්තා වේ.
එහි පළමු පියවර ලෙස දෙසැම්බර් 01 වැනිදා කොළඹ මහ නගර සභාවේ රථ වාහන අංශයේ ඉංජිනේරු ඒකකයේ මෙහෙයවීමෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට ඇති කහ ඉර සංකේතාත්මකව සුදු පැහැයට හැරෙනු ඇති බව සඳහන්ය.
ඉන් අනතුරුව අදාළ වර්ණ ගැන්වීම් අමාත්‍යාංශයේ හා මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ඉදිරි වර්ෂයක කාලයක් තුළ නිමා කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.