කළමනාකරුවෙක් හා වෙළෙන්දා

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කළමනාකරුවෙක් හා වෙළෙන්දා

    --- සමෝසා වෙළෙන්දා -------

    එක්තරා නගරයක සමෝසා වෙළෙන්දෙක් සිටියේය. ඔහුගේ වෙළෙඳසල පිහිටුවා තිබුණේ විශාල වෙළෙඳ සමාගමක් ඉදිරිපිටය. එහි විකිණූ සමෝසා ඉතා රසවත් වූ අතර පෙර කී සමාගමේ උදවිය දිවා ආහාර විවේකයේ දී පැමිණ සමෝසා මිල දී ගැනීම සාමාන්‍ය සිද්ධියක් විය.

    දිනක් එහි කළමනාකරුවෙක් වෙළෙඳසලට පැමිණියේය. සමෝසාවක රස බලන අතරේ මුදලාලි හා කතා-බහ කරන්නට ඔහුට සිතිණි.
    “ඔබතුමා ඉතාමත් හොඳට මේ කඩේ පවත්වාගෙන යනවා. කළමනාකරණය ගැන ගොඩක් හොඳ කුසලතාවක් තියෙන බවත් පේනවා. ඔබට හිතෙන්නේ නැද්ද මේ සමෝසා විකුණ විකුණා ඉඳලා නිකරුණේ ඔබේ හැකියාවන් අපතේ යනවා කියලා?
    නිකමට හිතලා බලන්න, මං වගේ ලොකු කොම්පැනියක වැඩ කළා නම් ඔබ මෙලාහකට මං වගේ ම කළමනාකරුවෙක් වෙලා තියෙන්න ඉඩ තිබ්බා. නැද්ද මං අහන්නේ?”යි ඇසූ ඔහු තවත් සමෝසා කැබැල්ලක් මුවට ගෙන සපන්නට වීය.

    සරල සිනාවකින් යුතුව ඔහු දෙස බැලූ සමෝසා වෙළෙන්දාගේ මුවින් මඳ වේලාවකින් අමිල වූ වදන් පෙළක් නික්මෙන්නට විය.
    “සර්, මට හිතෙන්නේ මගේ වැඩේ ඔබේ වැඩේට වඩා දහස් ගුණයකින් හොඳයි කියලයි. මොකද දන්නවද ඒ?
    අවුරුදු 10කට ඉස්සෙල්ලා මං සමෝසා වික්කේ දැල් කූඩේක දාගෙන. මං හිතන්නේ ඔබතුමා මේ රස්සාවට එන්න ඇත්තේ ඔය කිට්ටුව වෙන්න ඕනැ. ඒ කාලේ මගේ මාසික ආදායම රුපියල් 1,000යි. ඒත් ඔබ රුපියල් 10,000කට ආසන්න පඩියක් ගන්න ඇති.
    ගතවුණු අවුරුදු 10ක කාලය තුල අපි දෙන්නා ම සැළකිය යුතු දියුණුවක් ලබලා තියෙනවා කියලා අපි දෙන්නා ම දන්නවානේ.
    දැන් මට මේ කඩේ තියෙනවා. ඒ වගේ ම මං පළාතේ ම ප්‍රසිද්ධ, හොඳම ‘සමෝසා කාරයා’ වෙලා ඉන්නවා. ඒ වගේ ම ඔබතුමා කළමනාකරුවෙක් වෙලා ඉන්නවා. දැන් ඔබට පඩිය රුපියල් ලක්ෂයක් විතර ඇති මයේ හිතේ. මාත් ඒ මුදල හොයනවා. සමහරවිට ඊටත් වඩා.
    මට තවදුරටත් විශ්වාසෙන් ම කියන්න පුළුවන් ඔබේ රස්සාවට වඩා මගේ රස්සාව හොඳයි කියලා. ඒ මගේ දරුවන්ගේ අනාගතය ගැන හිතද්දි.
    ඇයි පුදුම වෙලා…, මට විස්තර කරන්න ඉඩ දෙන්නකෝ. හොඳට අහගන්න මං මේ කියන දේ.
    මං මේක පටන් ගත්තේ අන්තිම අඩියෙන්. හැබැයි මගේ පුතාට ඒ තත්ත්වෙට පත්වෙන්න සිදුවන්නේ නැහැ. ඉස්සරහ දවසකදි මගේ පුතාට මේ බිස්නස් එක අයිති වෙනවා. එයාට බිංදුවෙන් පටන්ගන්න දෙයක් නැහැ. එයාට කවදාහරි අයිතිවන්නේ සම්පූර්ණයෙන්, ඉතාමත් හොඳින් ගොඩනගපු ව්‍යාපාරයක්. නමුත් ඔබේ පැත්තෙන් බැලුවහම ඒ අවස්ථාව හිමිවන්නේ ඔබේ බොස්ගේ දරුවන්ට. ඔබේ දරුවන්ට නෙමෙයි.
    ඔබට කවදාවත් ඔබේ තනතුර දුවකටවත් පුතෙකුටවත් දෙන්න බැහැ.
    එයාලා බිංදුවේ ඉඳන් පටන් ගන්න ඕනැ. සමහරවිට ඔබ අවුරුදු 10කට පෙර හිටපු තත්ත්වයෙන් ම ඔබේ දරුවන්ටත් පටන් ගන්න සිද්ධ වෙයි. එතකොට ඔබ විඳි දේ ම ඒ අයටත් උරුම වෙනවා.
    මගේ පුතාට මං දැනටමත් දැනුම ලබා දෙමින් ඉන්නේ. ඔහු යම් දවසක මං නවතන තැනින් පටන් ගනියි. ඔබේ දරුවන් යම් දවසක කළමනාකරුවන් වත්දී මගේ පුතා තව තවත් බොහෝ දුර ගිහින් ඉඳිවි.
    දැන් මහත්තයෝ මට කියන්න, අපි දෙන්නාගෙන් කවුද හැකියාවත් කාලයත් නාස්ති කරමින් ඉන්නේ?”
    කළමනාකරුවා සමෝසා දෙකක මිල වූ රුපියල් 50ක මුදල වෙළෙන්දා අත තබා නිහඬ වතින් යුතුව පිටව ගියේය.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    damn... shout-out to සමෝසා වෙළෙන්දා, mann.. :):):):cool::cool:

    rep++

     
    Last edited:

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    eth machan business eka 0n start nokarapu Kena kawada hari down wena welawak enawa experience ekak nathi nisa.
    Life eka 0 n start karapu manager wagema eyage lamainut experience eken rich
     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    eth machan business eka 0n start nokarapu Kena kawada hari down wena welawak enawa experience ekak nathi nisa.
    Life eka 0 n start karapu manager wagema eyage lamainut experience eken rich

    eka Aththa.

    Game onatharam kadawal mama dannawaa thaaththa hondata karala kollata dunnu gaman ananawa anillak aye loweth na.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,756
    113
    හස්තිශෛලපුර
    මචන් ළමයි ගැන හිත හිත නෙවෙයි අපි රස්සාවක් කරන්නේ... අපේ satisfaction එකට.. අපේ prestige ඒකට...



    ඔය තර්කෙනම් අමු ගොන්... ඉන්දීයන් උන්ගේ කතාවල කිසි හරයක් නෑ..
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    eth machan business eka 0n start nokarapu Kena kawada hari down wena welawak enawa experience ekak nathi nisa.
    Life eka 0 n start karapu manager wagema eyage lamainut experience eken rich






    අන්න මචං පොයින්ට් එක.
    මැනෙජර් ගෙ ළමයා ඉගෙන ගත්ත නිසා මැනෙජර්ම උනා.

    වෙලෙන්දාගෙ ළමයා ඉගෙන ගත්තෙ නැතුව ආවොත් ඔය කියන දෙ වෙනවා.
    එත් අපි කියමු වෙලෙන්දා සල්ලි වලින් ළමයාට රටක හරි මෙහෙ දි හරි ඉගැන්නුවා කියලා. අන්න එහෙම ඉගෙන ගෙන ආපු එකෙක් කවදාවත් ඔය දෙ කරන්නෙ නැහැ.
    උන් හම්බ වෙච්ච දෙ තව දියුණුකරගන්න බලනවා තමන්ගෙ උගත්කමත් එක්ක.

     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මචන් ළමයි ගැන හිත හිත නෙවෙයි අපි රස්සාවක් කරන්නේ... අපේ satisfaction එකට.. අපේ prestige ඒකට...



    ඔය තර්කෙනම් අමු ගොන්... ඉන්දීයන් උන්ගේ කතාවල කිසි හරයක් නෑ..




    මෙකයි රස්සාවක් කරන්නෙ ස්ටෙටස් එකටනෙ?
    එකෙ වරදක් නැහැ. එත් ස්ටෙටස් එකට ජොබ් කරන එක හොඳා හැම එකම තියෙන එකෙක්ට.
    ඒ කිව්වෙ දෙපළක් එහෙම.
    ස්ටෙටස් පෙන්නලා දෙපල තියෙන තැනකින් කසාදයක් කරගන්නත් පුළුවන්.

    එත් මෙලො දෙයක් නැති එකෙකෙ ස්ටෙටස් බලලා ජොබ් කරොත් ජීවිතෙ ගොඩ දාගන්නවා කියන දෙ හරිම අමාරු වැඩක්. එහෙම නම් ජොබ ස්ටෙටස් එකට ත්යන් අමතර ආදායම් මාර්ග විදියට කඩයක් වගෙ එකක් දාගත්තොත් ගෙමක් ගැහැව්ව හැකි .

    එහෙම අය නම් ඉන්නව ඔනි තරම්.
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කතාව ඇත්තක් තියෙනවා. ඒත් සමෝසාකාරයාගේ පුතා ඉගෙන ගත්තට පස්සේ සමෝසා බිස්නස් එක පොෂ් මදිවෙලා ෆයිව් ස්ටාර් හොටෙල් එකක චෙෆ් කෙනෙක් වෙන්න හිතුනොත්?