කළලයකට දැනෙනා වේදනාව
කෙසේ පිළිසිඳ ගත්තාද
කවුරුන් දෙමාපියො වූවා ද
කළකයක් වූ මා
ආසයි එක හුස්මක්වත් ලබන්නට…
කවුරුන් දෙමාපියො වූවා ද
කළකයක් වූ මා
ආසයි එක හුස්මක්වත් ලබන්නට…
මාවිසින් ලියූ ප්රථම කවි පන්තිය.
භවයක අතරමං වී සැරිසරන විට
දුටුවා ඔබව අම්මේ පෙර කළ පිනට
සුදු ඇත් පැටව් නැතුවත් සිහිනෙන් නුඹට
පිළිසිඳ ගතිමි ඔබේ කුස තුල නොදැනීම
http://pettiwrites.wordpress.com
භවයක අතරමං වී සැරිසරන විට
දුටුවා ඔබව අම්මේ පෙර කළ පිනට
සුදු ඇත් පැටව් නැතුවත් සිහිනෙන් නුඹට
පිළිසිඳ ගතිමි ඔබේ කුස තුල නොදැනීම
ඔබ කන බත් කටක් ගානේ හරි රසට
ලැබුණා පෝෂණය රසයත් එක ලෙසට
නොදැනිම ටිකෙන් ටික ලොකු වී දැන් ඔන්න
ඇහෙනවා ඔබේ කට හඬ මට හිනැහෙන්න
ලැබුණා පෝෂණය රසයත් එක ලෙසට
නොදැනිම ටිකෙන් ටික ලොකු වී දැන් ඔන්න
ඇහෙනවා ඔබේ කට හඬ මට හිනැහෙන්න
දවසක් අඬ අඬා ඔබ කඳුලින් උන්නා
කවුදෝ ආපු කළ මොනවද දොඩමින්නා
කවුරුන් වුනත් තරහින් ඔහු පුපුරන්නා
ඔහු මගේ පියාණන් බව තේරුම් ගත්තා
කවුදෝ ආපු කළ මොනවද දොඩමින්නා
කවුරුන් වුනත් තරහින් ඔහු පුපුරන්නා
ඔහු මගේ පියාණන් බව තේරුම් ගත්තා
තව කරුමයක් ආවෝතින් මේ අස්සේ
කරනු කෙසේ මේ අඟ හිඟ කම් මැද්දේ
තව තව දොඩවමින් ඔහු අම්මට බැන්නේ
අඬනු එපා අම්මේ මං ඉන්නවනේ
කරනු කෙසේ මේ අඟ හිඟ කම් මැද්දේ
තව තව දොඩවමින් ඔහු අම්මට බැන්නේ
අඬනු එපා අම්මේ මං ඉන්නවනේ
දැනේද අම්මේ මේ පොඩ්ඩගේ දැඟලිල්ල
කෙස් හා නියපොතුත් වැවෙනවා නොදැනීම
ආසයි දකින්නට මම කවුරුන් වැන්න
එළියට එන්න මට තව බොහෝ කල් ඇත්ද
කෙස් හා නියපොතුත් වැවෙනවා නොදැනීම
ආසයි දකින්නට මම කවුරුන් වැන්න
එළියට එන්න මට තව බොහෝ කල් ඇත්ද
කළුවර රෑක මම නිදි නෑ ඇහැරගෙන
අම්මයි තාත්තයි මොනවද කුටු කුටුව
අදහාගනු බැරී ඔහු කියු කතාවට
නැති කරන්ට ඕනලු ඉපදෙන්ට පෙර
අම්මයි තාත්තයි මොනවද කුටු කුටුව
අදහාගනු බැරී ඔහු කියු කතාවට
නැති කරන්ට ඕනලු ඉපදෙන්ට පෙර
අම්මගේ මූන කොයි වගේ දැයි දකින්නට
තන පුඩුවේ තියා කිරි ටික උරන්නට
නැල විළි ගී අසා උකුලේ නිදන්නට
ආසයි මමත් එක හුස්මක් හෝ ගන්න
තන පුඩුවේ තියා කිරි ටික උරන්නට
නැල විළි ගී අසා උකුලේ නිදන්නට
ආසයි මමත් එක හුස්මක් හෝ ගන්න
අත පය කෑලි කරලා එළියට ගද්දී
අඬු පඬු දමාලා දරු ගැබ වනසද්දී
ඉන්නේ කෝමනම් අම්මට රිද්දද්දී
දන්නේ නම් නො එමි මා පිළිසිඳගත්දී
අඬු පඬු දමාලා දරු ගැබ වනසද්දී
ඉන්නේ කෝමනම් අම්මට රිද්දද්දී
දන්නේ නම් නො එමි මා පිළිසිඳගත්දී
දෙතුන් දෙනෙක් කීවා බෑ කරන්නට
අමනුස්සයෙක් හා කීව මරන්නට
තත්වෙට මදි නිසා මරනවා කියන්නට
ගබ්සා කියා නමකුත් උන් දමාගෙන
අමනුස්සයෙක් හා කීව මරන්නට
තත්වෙට මදි නිසා මරනවා කියන්නට
ගබ්සා කියා නමකුත් උන් දමාගෙන
ලෝකය ඉදිරියේ අම්මා අසරණව
පාදඩයෝ සිටී අම්මේ හැමතැනම
එවන් ලොවක ඉපදෙනවාටත් වැඩිය
හැරයන එකත් සැපකී ඉපදෙන්ට පෙර
පාදඩයෝ සිටී අම්මේ හැමතැනම
එවන් ලොවක ඉපදෙනවාටත් වැඩිය
හැරයන එකත් සැපකී ඉපදෙන්ට පෙර
නැවතත් මෙමා මිනිස් කුසක ඉපදේවා
සිත් ඇති මව්පියෝ මා හට හමුවේවා
මෛත්රීය සිත තුල මගේ ඇති වේවා
මගේ අම්මාට කරදරයක් නොම වේවා.
සිත් ඇති මව්පියෝ මා හට හමුවේවා
මෛත්රීය සිත තුල මගේ ඇති වේවා
මගේ අම්මාට කරදරයක් නොම වේවා.
http://pettiwrites.wordpress.com


