කළු එකාද සුදු එකාද

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    නිවේදකයා : ඔබේ ගවයින්ගෙන් ඔබ දිනකට කොපමණ කිරි ප්‍රමාණයක් දොවා ගන්නවද ?
    ගොවියා : කළු එකාගෙන්ද සුදු එකාගෙන්ද ?
    නිවේදකයා : කළු එකාගෙන්
    ගොවියා : දිනකට ලීටර් 2 යි.
    නිවේදකයා : එතකොට සුදු එකා ?
    ගොවියා : දිනකට ලීටර් 2 යි.
    නිවේදකයා : එතකොට ඔවුන් නිදාගන්නේ කොහෙද ?
    ගොවියා : කළු එකාද සුදු එකාද
    නිවේදකයා : කළු එකා .
    ගොවියා : හරක් මඩුවේ
    නිවේදකයා : එතකොට සුදු එකා ?
    ගොවියා : එයත් මඩුවේ .
    නිවේදකයා : ඔබේ ගවයින් නිරෝගීව ඉන්නවා පේනවා ... ඔබ මොනවද ඔවුන්ට කන්න දෙන්නේ ?
    ගොවියා : මොන එකාද ... කළු එකාද සුදු එකාද ?
    නිවේදකයා : කළු එකා
    ගොවියා : තණකොළ
    නිවේදකයා : එතකොට සුදු එකා ?
    ගොවියා : ඌටත් තණකොළ .
    නිවේදකයා : ( කේන්තියෙන් ) මම ඔබෙන් ප්‍රශ්ණයක් අහද්දි ඔබ හැම වෙලේම අහනවා කළු එකාද සුදු එකාද කියලා නමුත් ඔබේ උත්තරේ එකමයි ?
    ගොවියා : මොකද කළු එකා මගේ.
    නිවේදකයා : එතකොට සුදු එකා ?
    ගොවියා : ඒකත් මගේ .
    😂
    😂
    😂
    😂

    387794681_860806762078707_7451399147429918206_n.jpg