.::"කළු වුනත් අපිත් මිනිස්සු"::.
වහල් සේවය, වහල් වෙළඳාම මෙය ලෝකයේ පැවතුන, නීත්‍යානුකූල නොවුනද අදටද පවතින, ලෝකයෙන් තුරන් කළ යුතු පිළිලයකි. කලකට පෙර බටහිර රාජ්‍යයන්වල සේවය පිණිස විශේෂයෙන්ම අප්‍රිකානු මහාද්වීපයෙන් තොග වශයෙන් කළු මිනිසුන් රැගෙන ඒම සිදු කල සුදු ජාතිකයන් ට අනුව කල්ලන් යනු සතුන් හා සමාන පිරිසක් බව ඔවුහු විශ්වාස කළහ.
යටත් විජිත සමයේ පටන් නීතියෙන් අවසර ලත් ආයතනයක් ලෙස වහල් සේවය ඇමරිකාවේ ක්‍රියාත්මක විය. 1775 ඇමරිකනු විප්ලවයෙන් පසුව උතුරු ඇමරිකානු ප්‍රාන්ත වල වහල් සේවය සම්පූර්ණයෙන්ම තහනම් විය. කෙසේ වෙතත් වහල් සේවය ආරම්භ වූයේ එකල ප්‍රචලිත වූ කපු වගාවත් සමඟය. වහලුන් ලෙස සේවයට ගත්තේ කළු ජාතික අප්‍රිකානු වැසියන්ය. මොවුන්ගේ භාරකාරීත්වය හිමි වූයේ සුදු ජාතික ඇමරිකානුවන්ටය. වහලුන්ට බිහි වෙන දරුවන්ගේ පවා අයිතිය භුක්ති වින්දේ සුදු ජාතිකයන්ය. වහල් සේවයෙන් ගැලවීමට ඇති එකම මාර්ගය වූයේ පැන යාම වුවත් එය ඉතා අසීරු කාර්යයක් විය.
වහල් සේවයේ ප්‍රචලිතම අංශය වූයේ මෙහෙකරුවන් ලෙස යොදා ගැනීමයි. එහෙත් බොහෝ ලෙස වහලුන් වහල් සේවයේ යෙදුණේ වගා කිරීමේ අංශ වලය. වී වගාව, දුම් කොළ වගාව, සීනි කර්මාන්තය යන අංශයන්හි සේවයට වහලුන් යොදාගත් අතර වැඩියෙන්ම ඔවුන්ගේ සේවය අවශ්‍ය වුයේ කපු වගාවටය. මෙසේ යොදාගත් වහලුන් අතර වහල් කාන්තාවන් බොහෝ විට අතවර වලට ලක් වී දූෂණයට ද ලක් විය. වහල් හිමියන්ට අවශ්‍යතාව පරිදි ඕනෑම දෙයක් කිරීමට නීතියෙන්ම ඉඩ කඩ ලබා දී තිබිණි. වරදක් සිදු වූ විට අමානුෂික ලෙස වධ හිංසා වලට ලක්වීමට වහලුන්ට සිදුවිය. කස පහර දීම, එල්ලා තැබීම, පිළිස්සීම වැනි දරුණු හිංසනයන්ට මොවුන් නිතරම ලක්වූහ.
කළු ජාතික වහලුන්ට අධ්‍යාපනය ලබා දීම මෙන්ම ලිවීම කියවීමට උපකාර කිරීම නීතියෙන් තහනම් විය. සුදු ජාතිකයන් සමඟ සන්නිවේදනය ද තහනම් විය. සුදු ජාතිකයන් තමන් උසස් ලෙස සැලකූහ. කල්ලන් පහත් කොටසක් යයි ඔවුන් නිතරම සිතූහ. එසේම කල්ලන් අශිෂ්ඨ සම්පන්න වර්ගයක් ලෙස සලකා ඔවුන්ව ශිෂ්ඨ සම්පන්න කිරීමේ වැදගත් දේව කාර්යය තමන්ට පැවරී ඇති බව සුදු ජාතිකයෝ විශ්වාස කළහ. අතීත ඇමරිකාවේ කොලනි වල වහල් සේවයට යොදා ගැනුනේ රතු ඉන්දියානුවන් හා ඇතැම් යුරෝපීය රට වලින් පැමිණි විදේශිකයන්ය. එහෙත් ස්වදේශිකයන් වහල් බිමෙන් මිදී පලා යන ලද්දේ ඔවුනට ඇමරිකානු බිම් ඉතා හුරු පුරුදු නිසාවෙනි. මේ නිසා ඔවුන්ව වහල් සේවයේ තබා ගැනීම ඉතා අසීරු විය. තවද යුරෝපීය විදේශිකයන්ට වැටුප් ගෙවීමට සිදු වූ හෙයින් එයද ලාබ දායී කටයුත්තක් නොවූ අතර වැටුප් උපයාගත් විට සිය රට බලා නැවත් යාම නිසා එය සාර්ථක නොවීය. පසුව එවකට බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ අප්‍රිකානු මහාද්වීපික රටවලින් කළු ජාතිකයන් වහල් සේවය සඳහා ආනයනය කිරීම ආරම්භ කරන ලද්දේ මීට කදිම පිළියමක් ලෙසටය.
"කළු වුනත් අපිත් මිනිස්සු"
ඇමරිකානු වහල් සේවය ගැන පසුවිපරමක්

කළු ජාතිකයින් වහල් වතු වැඩට යොදා ගත් අයුරු