Education Expo අධ්‍යාපන ප්‍රදර්ශනය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මේ දවස් තුනේ තිබ්බා.
ලෝකයේ පිළිගත්ත විශ්ව විද්‍යාල වල සුපිරි පාඨමාලා අරගෙන අතිදක්ෂ කොල්ලො කෙල්ලො ටිකක් අපූරුවට තමන්ගෙ ආයතන වලින් වන සේවය කියලා දුන්නා..
කටේ දිවේ නොගෑවී
අර කෝස් එකට ලක්ෂ තිහයි
මෙඩිසින් වලට මිලියන සීයයි
ට්‍රාන්සර් වෙනවා නම් අවුරුද්දට ලක්ෂ අසූවයි
ඇත්තටම අධ්‍යාපනය කොච්චර වටින දෙයක්ද කියලා එයාලා කියලා දෙනවා.
අපේ රටේ ධනය හා බුද්ධිය අඩුවක් හිරිකිතක් නැතිව විදේශ වලට විකිණෙන හැටි ඛේදජනකයි.
ඒ අතරෙ වැඩි පාටක් නැති කාමරයක ලංකාවෙ අධ්‍යාපන දෙපාර්තමේන්තුව තමුන්ගෙ පාඨමාලා ගැන දීර්ඝ විස්තර අරගෙන ඇවිත් හිටියා
Naita, VTA කෘෂි පාසල් දහස් ගාණකට ඉතා සුළු මුදලකට හෝ නොමිලේම උගන්වන පාඨමාලා මහ ගොඩක්
ඇත්තටම ඩ්‍රෝන තාක්ෂණයත් රොබොටික්ස් වගේ නවීන තාක්ෂණ ඒ අතර තිබ්බා
NVQ level එකත් එක්ක වැඩ හයක් විතරක් සමත් සාපෙළ උගතුන්ට රැකියා ඉලක්ක කරගත් අධ්‍යාපන ක්‍රම රාශියක්.
පොෂ් නැති සිංහලෙන් ඒවා කියලා දෙන අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉතා දැන උගත් නිලධාරී මණ්ඩලය..ප්‍රසංසනීයයි
ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය වෙනත් රටකට දෙවැනියි කියලා කියන උගත්‍තු ඒක කියන්නෙ මේ බිමේම හොඳට ඉගෙනගෙන වෙනත් රටක රාජ්‍යයක ලක්ෂෙට කොඩිය දාගෙන ඉවර වෙලා
ඔවුන්ට මේ රටෙන් උගන්වලා නැත්තෙ කෙළෙහිගුණ විතරයි..
ඇත්තටම මේ රටේ අධ්‍යාපන ක්‍රමය අතිශයෙන් සාර්ථකයි
අසාර්ථක එකම දේ මේ අධ්‍යාපන ක්‍රමය තුල
ආර්ථිකය හා දේශපාලනය නැගිටවා ගන්න රටට ආදරය කරන කොන්ද පණ තියෙන නායකයින් නිර්මාණය නොවෙන එක තමයි..