ක්ලාන්තයක් ඇති වූ විට කළ යුතු දේ

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ක්ලාන්තයක් ඇති වූ විට කළ යුතු දේ

    මේය පුෂ්පා රම්යනි සොයිසා මහත්මියගේ ලිපියක උපුටාගැනීමකි. සියලු ගෞරවය එම මහත්මියට ලැබිය යුතුය



    ක්ලාන්තයක් ඇති වූ විට කළ යුතු දේ


    දෛනික ජීවිතයේ දි අපට නොයෙකුත් බාධක මෙන්ම අනන්ත වූ ගැටලු රැසකට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒ අතරින් රෝගාබාධ ප්‍රධාන තැනක් ගෙන තිබෙනවා. ඒ නිසාම අප සෑම පුද්ගලයකුම පාහේ මුහුණ දෙන ක්ලාන්තය පිළිබඳ විමසා බලමු.
    ක්ලාන්තය
    මොළයට සැපයෙන රුධිර ප්‍රමාණය අවම වූ විට මෙවැනි තත්ත්වයක් ඇති වෙනවා. ප්‍රධාන වශයෙන් මොළයට රුධිර සැපයුම අඩුවන අවස්ථාවන් ලෙස මානසික ආතතිය, මානසික පීඩාව, අධික කුසගින්න, දීර්ඝ කාලයක් සිටගෙන සිටීම, සූර්යාලෝකයට ආවරණය වී වැඩි වේලාවක් සිටීම, අධික වේදනාව, හිස රුදාව, අධික්‍රියාකාරීත්වය, දියවැඩියා රෝග තත්ත්වය හා හිසට සිදු වූ අනතුරු දැක්විය හැකියි.
    රෝගීන්ට ප්‍රතිකාර
    මේ මොනයම් ආකාරයට ක්ලාන්තය ඇති වුවත්, ඇති වීමට පෙර පුද්ගලයා ඒ පිළිබඳ සඳහන් කරන්නේ නම් උදාහරණයක් ලෙස පුද්ගලයකු ‘ඇස් නිලංකාර වේගෙන යනවා’ යනුවෙන් සඳහන් කළොත් ඔහුව ඉක්මණට බිම හෝ වාඩි කළ යුතුයි. එසේ රෝගී වූ අයකුට ප්‍රථමයෙන් කළ යුත්තේ වාඩි කළ පසු හිස දණහිස තෙක් නැවීමට සැලැස්වීමයි. එසේ මද වේලාවක් තැබිය යුතුයි.


    1011476_300532856767307_897060161_n.jpg
    1781975_300532850100641_1864612175_n.jpg


    එසේ කිරීමෙන් රෝගියාගේ මොළයට සැපයෙන රුධිර ප්‍රමාණය වැඩි වෙනවා. එය ඔහු හෝ ඇය ඉතා ඉක්මණින් ප්‍රකෘති තත්ත්වයට පත් කරවනවා. එසේත් නැතිනම් රෝගියා බිම හාන්සිකර පාද අඟල් 10 - 12 ලෙස ඉහළට එස වී තිබෙන ආකාරයට තබන්න. එසේම රෝගියාට හොඳින් වාතාශ්‍රය ලැබෙන්නට සැලැස්විය යුතුයි. අවට පිරිස් රැස්ව සිටී නම් ඉවත් කළ යුතුයි.
    එසේම රෝගියා ඇඟ ලා තිබෙන ඇඳුම් තද වී තිබේ නම් මදක් බුරුල් කළ යුතු වෙනවා. මේ ක්‍රමයෙනුත් රෝගියා ඉක්මණින් ප්‍රකෘති තත්ත්වයට ගත හැකියි.
    මේ අනුව ඔබ ප්‍රතිකාර කළ පසු රෝගියා ප්‍රකෘති සිහියට පැමිණීමෙන් අනතුරුව මේ සිද්ධියට අදාළ කරුණු විමසිය හැකියි. එවිට රෝගියා අප ඉහත සඳහන් කළ අවස්ථා එකක් හෝ කිසිදු හේතුවක් නොපවසන අවස්ථා තිබෙන්නට ද පුළුවන්.
    කෙසේ වෙතත් ඉහත කාරණා අනුව රෝගී වී ඇත්නම් එයට අදාළ ප්‍රතිකර්ම ඉතා සරලයි. එනිසා රෝගය අනුව අදාළ ප්‍රතිකාර කළ හැකියි. නමුත් කිසිදු හේතුවක් නොදක්වන අයෙක් නම් එම පුද්ගලයා වෙනත් රෝගයක හෝ ආබාධයක පෙර ලකුණු පෙන්නුම් කරන්නෙකි. එබැවින් එවැනි පුද්ගලයන් ඉතා ඉක්මණින් වෛද්‍යවරයකු වෙත යොමු කළ යුතුයි.
    සිදුවිය හැකි අනතුරු
    හදිසියේ ඇතිවන මෙවැනි රෝග තත්ත්ව නිසා රෝගියා ඇද වැටී සිරුරේ අභ්‍යන්තර මෙන්ම බාහිර ආබාධ ඇති විය හැකියි. එසේම යම් යම් ආබාධ නිසා උගුරේ අවහිරතා ඇති වෙන්න පුළුවන්. මේ කරුණු පිළිබඳවත් ඔබ දැනුවත් විය යුතුයි.
    යම් ලෙසකින් රෝගියාගේ ස්වසන පද්ධතිය ආශ්‍රිතව අවහිරතා ඇති වී තිබේ නම් සූක්ෂමව එම අවහිරතාවය මඟහරවා ස්වසන මාර්ගය නිදහස් කර ගත යුතුයි.
    රෝගියා හොඳින් නිරීක්ෂණය කර රෝගියා හුස්ම ගන්නේ නැත්නම් වහාම ප්‍රතිජීවක ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න. ඒ අනුව පපු තෙරපුම් වාර 30ක් හෝ හුස්ම වාර 2ක් ලබාදිය හැකියි.
    කෙසේ වෙතත් අන්තරායක ස්ථානවලින් ඉවත්වීම ඉතා වැදගත්. ඒ අනුව ඉතා ඉහළ ස්ථාන ගොඩනැගිලි, කඳු මුදුන්වල සිට පාතාලය බැලීම වැනි ක්‍රියාවලින් ඉවත්විය යුතුයි. මෙවැනි අවස්ථාවල ක්ෂණිකව රෝගී තත්ත්වය උද්ගත විය හැකියි. එනිසා ආරක්ෂිත ස්ථාන භාවිත කිරීම ඉතාමත් යහපත් කාරණයක්.
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    TFS මචන්...ප්‍රශ්නයක් තියනවා.හොඳට සෙනඟ පිරුණු බස් එකකදි වගේ ක්ලාන්ත වෙන්න ආවොත් මොකෝ කරන්නේ?