ක්ෂණ සම්පත්තිය නසා නොගනිමු

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    awasan-mohotha.jpg

    https://mahamegha.lk/2020/08/07/kathuwekiya/

    වාර්ෂික ව ලොව පුරා සිදුවන දරු උපත් ප්‍රමාණය සංඛ්‍යාත්මක ව ලක්ෂ ගණනකි. මරණ ද ලක්ෂ ගණනක් ම වූව ද ලෝක ජනගහනයේ ක්‍රමික වර්ධනයෙන් පෙනී යන්නේ මරණවලට වැඩි උපත් ප්‍රමාණයක් සිදුවන බව යි. එනිසා, බැලූ බැල්මට මනුෂ්‍ය උපත දුර්ලභ බවක් පෙනී යන්නේ නැත. එහෙත්, ලෝකය පරිපූර්ණ වශයෙන් අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිසිඳ දැක වදාළ පරිදි මනුෂ්‍ය උපත අතිශයින් ම දුර්ලභ ය. කොපමණ ද යත්, සියක් වසරකට වරක් මුහුදෙන් උඩට එන කණ කැස්බෑවකු සුළං අතට ඇදෙනා විය ගස් දෙකක් හාව සෑදෙනා විය සිදුර – පෙනුම ඇති ඇසට එක් වී අහස දකිනා අවස්ථාව ලබත් ද, මිනිස් ලොව ලබනා උප්පත්තිය ඊට ද වඩා බොහෝසෙයින් දුර්ලභ ය.

    ලොව සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වන්නේ ද අතිශයින් ම කලාතුරකිනි. සියක් කල්පයක ලොව බිහි වූයේ සම්බුද්ධ රාජ්‍යයන් සතක් පමණකි. එහෙයින් ම, සම්මා සම්බුදු යුගයක ඒ උතුම් ශ්‍රී සද්ධර්මය පුරුදු පුහුණු කරන්නට ලැබෙනා පරිසරයක සිහි බුද්ධිය ඇති මිනිසෙකු ව ඉපදීම යනු උපමාවකින් පවා දැක්වීමට දුෂ්කර වන අති විරල අවස්ථාවකි. ක්ෂණ සම්පත්තිය යනු එය යි. ඉදින් අපි එය ලැබුවෙමු.

    එහෙත්, ක්ෂණ සම්පත්තිය යනු ලද පමණකින් ම ප්‍රතිඵල උපදවන්නක් නො වේ. එහිලා වීරියෙන් යුතු ව පුරුදු පුහුණු කළ යුතු ප්‍රතිපදාවක් ඇත. ඒ වනාහී, සත්පුරුෂයන් ඇසුරේ සද්ධර්මය ශ්‍රවණය කරමින් තම තමන් නුවණ යොදවා සිදු කරන ධර්මානුකූල හැසිරීම යි. එසේ දහම් පිළිවෙතෙහි මැනැවින් නොයෙදෙන්නේ නම්, ක්ෂණ සම්පත්තිය කිසිදු ඵලයක් නූපදවා ම අහිමි වන්නේ ය.

    කල්ප ගණනින් එපිට දුරාතීතයේ ද බුද්ධ ශාසන ලොව පැවතිණි. අධිගම, ප්‍රතිපත්ති, පර්යාප්ති ලෙසින් තෙකොටසක් වූ ඒ සම්බුද්ධ ශාසනයන් ද අතුරුදහන් ව ගොස් සද්ධර්මය අසන්නට, දකින්නට නො වූ කාලයන් ම ඒ දුරාතීතයේ ද බහුල විය. ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ මේ පවත්නා ක්ෂණ සම්පත්ති ලාභය ද බොහෝ කාලයක් පවතින්නක් නො වේ. දැනුදු දෙදහස් හයසිය වසරකට වඩා පැරණි ගෞතම සම්බුද්ධ රාජ්‍යය අතුරුදහන් වන යුගය වසර දසදහස් ගණනින් ඈතට නොයන බව අප සිහි තබා ගත යුතු ය.

    තණ අග පිනි බිඳක් වන් ජීවිතයක් ඇති ව, මරණය පමුණුවන විපත් අතරට මැදි ව, කුසලයෙහිලා ප්‍රමාදී ව අප මේ අවස්ථාව මගහරවා ගතහොත් ධර්මය මාත්‍රයකුදු අසන්නට නොලැබෙනා අවාසනාව උරුමය කොටගෙන, සතර අපාය මගනොහැරුණු සසර ගමනට ම ඇද වැටෙනු හැර අන් යමක් අපට ලැබෙන්නේ නැත.

    මොහොතකුදු අත්නොහැර පිනෙන් වැඩී යමින් ධර්මය පුරුදු කිරීම හැර සසර ගමනට පිළිසරණක් නැත. පින, කුසලය, පව, අකුසලය, නිවන් ප්‍රතිපදාව මනාකොට පහදා දෙන්නා වූ සම්බුද්ධ ශාසනයක ම මිස අන් කවර තැනකවත් සසරට පිළිසරණ සලසන්නක් ලද නොහැකි ය. මේ පරම දුර්ලභ අවස්ථාව අප්‍රමාදයෙන් අරුත් ගැන්විය යුත්තේ එහෙයිනි. ඉහළට ගත් හුස්ම පොද පහළට හෙළන්නට පළමු සිදුවිය හැකි මරණය මේ ජීවිතය හා බැඳී තිබිය දී කුසල් දහම්හි ප්‍රමාදී ව ගෙවන්නට කාලයක් තිබිය හැකි ද? අප්‍රමාදය නම් වූ කුසල රාශියට උරුමකම් කියන්නට ලැබුණු මෙවන් දුර්ලභ ජීවිතයක් කල්ප ගණනිකුදු නොලැබෙන්නට ද පුළුවන. එනිසා, සම්බුදුවරුන් පසසනා පිළිවෙතෙහි අප්‍රමාදී වීම දැන් දැන් ම කළ යුතු ය.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මේකෙ ඉන්න බහුතරයකට ධර්මයෙන් වැඩක් නෑ බන්. මේකේ විතරක් නෙමෙයි මුළු රටේම එදා මෙදා තුර තත්වෙ ඒකයි. මේකෙන් පිළිබිඹු වෙන්නෙ ඒ සමාජේ ස්වබාවය. බහුතරය බෞද්ද උප්පැන්න සහතිකේට විතරයි. ප්‍රතිපදාවෙන් නෙමෙයි. අවරුදු දහස් ගානක් පැවතගෙන ආපු බෞද්ද ශිෂ්ටාචාරය බල්ලට දාල රාග දේවේශ මෝහ වර්ධනය වෙන දේවල්ම කර කර අසහනෙන් හැමිනෙනවා. ඒක උන්ට සැපයි. මොකෙක් හරි ගෑනියෙක්ගෙ හෙළුවක් දානකන් කට ඇරගෙන උදේ හවස බලාගෙන ඉන්න උන් ඉන්නෙ. එහෙම නැත්තන් දේශපාලුවන්ට කඩේ යන උන්. බලු පොර වගේ. උන්ට මොන නිවන් දැකීමක්ද? උන්ගෙ නිවන අර කිව්ව ඒවා කර කර ඉන්න එකම තමයි. පව් ඉතින් කාලකන්නි ගිහින් වැටෙන්නෙ සතර අපායෙ. මාත් පුළු පුළුවන් විදිහට ඒ ඒ තැන් වලදී යම් යම් ධර්ම කරුණු අවබෝද කරන්න උත්සහ කරනව. එකෙක් හරි ගන්න පුළුවන් දෙයක් ගනියි කියල.
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මේ ලිපිය කියවනකොට ගැටලුවක් මතු උනා. කන කැස්බෑවෙක් කොහොමද විය සිදුරෙන් අහස දකින්නේ ? කන යනු අන්ධ කියන එක නේද?

    පින් වැඩීමෙන් නිවන ඈත්වෙනවා නේද ?

    කුසලය හා පින එකක්ද දෙකක්ද ?

    පිළිතුරු බලාපොරොත්තුවෙමි.

    Bump... (y) dan kale ithin manushya upatha durlaba naha kiyalath kattiya argue karanawane.

    මනුස්ස යන වදනින්ම එහි තේරුම පැහැදිලියි නේද ? මනස උසස් කරගැනීමට වෙහෙසෙන්නා පමණයි මනුස්ස වෙන්නේ. මිනිස් උපතක් ලබන සියල්ලෝම නොවේ. ලෝකේ අමතක කරමු. මේ රටේ ඉන්න සමස්ථ ජනතාවගෙන් බුදු දහම තේරුම් ගෙන සසර ගමන කෙළවර කරගැනීමට උත්සාහ දරන්නේ 1% අඩු පිරිසකි. ඒ පිරිසට ඇතුළුවීම දුර්ලභ කරුණකි.

    මේකෙ ඉන්න බහුතරයකට ධර්මයෙන් වැඩක් නෑ බන්. මේකේ විතරක් නෙමෙයි මුළු රටේම එදා මෙදා තුර තත්වෙ ඒකයි. මේකෙන් පිළිබිඹු වෙන්නෙ ඒ සමාජේ ස්වබාවය. බහුතරය බෞද්ද උප්පැන්න සහතිකේට විතරයි. ප්‍රතිපදාවෙන් නෙමෙයි. අවරුදු දහස් ගානක් පැවතගෙන ආපු බෞද්ද ශිෂ්ටාචාරය බල්ලට දාල රාග දේවේශ මෝහ වර්ධනය වෙන දේවල්ම කර කර අසහනෙන් හැමිනෙනවා. ඒක උන්ට සැපයි. මොකෙක් හරි ගෑනියෙක්ගෙ හෙළුවක් දානකන් කට ඇරගෙන උදේ හවස බලාගෙන ඉන්න උන් ඉන්නෙ. එහෙම නැත්තන් දේශපාලුවන්ට කඩේ යන උන්. බලු පොර වගේ. උන්ට මොන නිවන් දැකීමක්ද? උන්ගෙ නිවන අර කිව්ව ඒවා කර කර ඉන්න එකම තමයි. පව් ඉතින් කාලකන්නි ගිහින් වැටෙන්නෙ සතර අපායෙ. මාත් පුළු පුළුවන් විදිහට ඒ ඒ තැන් වලදී යම් යම් ධර්ම කරුණු අවබෝද කරන්න උත්සහ කරනව. එකෙක් හරි ගන්න පුළුවන් දෙයක් ගනියි කියල.

    නිවැරදිම කතාව. එළකිරියේ යතාර්ථය තේරුම් ගෙන තිබීම හරියටම හරි. :love: :love: :love:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,029
    9,359
    113
    Microsoft
    මේ ලිපිය කියවනකොට ගැටලුවක් මතු උනා. කන කැස්බෑවෙක් කොහොමද විය සිදුරෙන් අහස දකින්නේ ? කන යනු අන්ධ කියන එක නේද?

    පින් වැඩීමෙන් නිවන ඈත්වෙනවා නේද ?

    කුසලය හා පින එකක්ද දෙකක්ද ?

    පිළිතුරු බලාපොරොත්තුවෙමි.
    1. kana kasbawek kiyanne uge eka ahak penawa.

    2. pin karanna one. nattan api niwan margaye yaddi apita duk widinna unoth niwan margaya wadanna amarui neh. hamotama hodak wena dewal karanna.

    3. na dekak

    waradi thiyenawa nam kiyanna:rolleyes::sorry:
     
    • Like
    Reactions: NRTG and indika_sam

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    1. kana kasbawek kiyanne uge eka ahak penawa.

    2. pin karanna one. nattan api niwan margaye yaddi apita duk widinna unoth niwan margaya wadanna amarui neh. hamotama hodak wena dewal karanna.

    3. na dekak

    waradi thiyenawa nam kiyanna:rolleyes::sorry:
    1. හරි.
    2. මහා මංගල සුත්‍රයේ 3 වෙනි ගාථාවේ එන සියල්ල සපුරා ඇති අපිට නිවන් දකින්න තව පිං කුමටද ? පිං රැස් කරන්නේ එහි සඳහන් කරුණු සපුරා ගැනීමට පමණයි නේද ? පව හා අකුසලය මෙන්ම පිනත් මේ සසරට ඇලීමට හේතුවක් නෙවෙයිද ?
    3. වෙනස කුමක්ද ? කුසල් රැස්කරන්න පුළුවන්ද ?
     
    • Like
    Reactions: D_Mad

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,029
    9,359
    113
    Microsoft
    1. හරි.
    2. මහා මංගල සුත්‍රයේ 3 වෙනි ගාථාවේ එන සියල්ල සපුරා ඇති අපිට නිවන් දකින්න තව පිං කුමටද ? පිං රැස් කරන්නේ එහි සඳහන් කරුණු සපුරා ගැනීමට පමණයි නේද ? පව හා අකුසලය මෙන්ම පිනත් මේ සසරට ඇලීමට හේතුවක් නෙවෙයිද ?
    3. වෙනස කුමක්ද ? කුසල් රැස්කරන්න පුළුවන්ද ?
    2. pin walata peretha kame pin karoth sasarata alenawa thamai. dan samaharu inne gedara inna ballata kanna nodi pansalata dane aran yanne pina wadi nisa. ehema wenna hoda na.

    3. kusal res karanna puluwan. adaraya kiyanne akusalayak. maithreeya kiyanne kusalayak. amma kenek thamange lamayata godak adarei neh. anith ayata ehema nane. eka akusalayak.

    waradi thiyenawa nam kiyanna:sorry:
     
    • Like
    Reactions: indika_sam

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    පින් කරන ඔක්කොම කරන්නේ පෙරේත කමින් තමයි. හැමදාම සැප විඳින්න, දුක නැතිවෙන්න. එහෙත් මේ සියල්ල තුල තියෙන්නේ දුකක් විතරයි නේද ? සැබෑ බුදුදහමේ පිනත් කෙලෙස් ගොඩටයි දමන්නේ.

    කෙලෙස් නැති කිරීමට හිතේ තියෙන දස සංයෝජන ධර්ම නැති කරන්න ඕන. කෙලෙස් නැති කිරීමයි කුසල් වෙන්නේ. එහි රැස්කිරීමක් වෙන්නේ නෑ
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    පින් කරන ඔක්කොම කරන්නේ පෙරේත කමින් තමයි. හැමදාම සැප විඳින්න, දුක නැතිවෙන්න. එහෙත් මේ සියල්ල තුල තියෙන්නේ දුකක් විතරයි නේද ? සැබෑ බුදුදහමේ පිනත් කෙලෙස් ගොඩටයි දමන්නේ.

    කෙලෙස් නැති කිරීමට හිතේ තියෙන දස සංයෝජන ධර්ම නැති කරන්න ඕන. කෙලෙස් නැති කිරීමයි කුසල් වෙන්නේ. එහි රැස්කිරීමක් වෙන්නේ නෑ
    ධර්මාවබෝදය (ආශ්වාදය, ආදීනවය, නිස්සරණය තතු සේ නොදන්නා) නොකළ අනර්යයන් ලෞකික අරුතින් හෝ දාන මාන පින් දහම් කටයුතු වල නිරත විය යුතුයි මොකද හේතුව ඒ දේවල් කරනකොට හට ගන්න පුණ්‍යාභිසංකාර තුලින් යම් කිසි දිනක ධර්මවබෝදය කිරීමට අවශ්‍ය උපනිශ්‍රයක් ලැබෙන නිසා. නමුත් තෘෂ්ණාව මුලික කරගෙන මේ දේවල් කිරීම තමයි ගැටලුව.
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ධර්මාවබෝදය (ආශ්වාදය, ආදීනවය, නිස්සරණය තතු සේ නොදන්නා) නොකළ අනර්යයන් ලෞකික අරුතින් හෝ දාන මාන පින් දහම් කටයුතු වල නිරත විය යුතුයි මොකද හේතුව ඒ දේවල් කරනකොට හට ගන්න පුණ්‍යාභිසංකාර තුලින් යම් කිසි දිනක ධර්මවබෝදය කිරීමට අවශ්‍ය උපනිශ්‍රයක් ලැබෙන නිසා. නමුත් තෘෂ්ණාව මුලික කරගෙන මේ දේවල් කිරීම තමයි ගැටලුව.
    ආදී නවය දකින කෙනෙක් පුන්‍යාභිසංකාර නොකරයි
     
    • Like
    Reactions: D_Mad