ක්‍රිකට් ඉතිහාසයේ අමරණීය සිදුවීම්
පකිස්තානු ක්‍රීඩක ජාවෙඩ් මියැන්ඩාඩ් සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩෙනිස් ලිලීගේ ගැටුම ක්‍රිකට් ඉතිහාසයේ සිදු වූ ලැජ්ජාසහගතම සිද්ධි වලින් එකකි. 1981 නොවැම්බර් මස පර්ත් ක්‍රීඩාංගණයේ පැවති ක්‍රිකට් තරගය අතරතුරදී පිතිකරුවන් ලකුණක් සදහා පැති මාරු කර අවසානයේ මේ සිද්ධිය ඇති විය . මෙහිදී ප්‍රථමයෙන් ඩෙනිස් ලිලී ජාවෙඩ් මියැන්ඩාඩ්ට කකුලෙන් පහර දෙන අතර කෝපාවිෂ්ඨ වන මියැන්ඩාඩ් ලිලීට තම පිත්ත අමෝරා පහර දෙන්නට සැරසෙයි.මෙහිදී දෙදෙනා අතරට පැමිනෙන විනිසුරු ටෝනි ක්‍රාෆ්ටර් එම පහරෙන් ලිලීව ගලවන අතර එම අතරතුරදී ලිලී මියැන්ඩාඩ්ට තවත් වරක් පහර දීමට සැරසෙයි.
මෙම සිද්ධියේ වරද බොහෝ ක්‍රිකට් විශාරදයන් ලිලී පිට පැටවූ අතර ප්‍රකට ඕස්ට්‍රේලියානු නායකයන් වන බොබ් සිම්ප්සන් සහ ඉයන් චැපල් වැන්නවුන්ද ලිලීගේ ක්‍රියා කලාපය හෙලා දැක්වූහ.
2005 අගෝස්තු 7 වන දා බර්මින්හැම්හි පැවති ලෝක ටෙස්ට් ඉතිහාසයේ විශිෂ්ඨතම තරගයක් අවසානයේ එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් ජයග්‍රහනය සමරන තම සගයන්ගෙන් මිදී පරාජයෙන් දුර්මුඛව සිටින බ්‍රෙට් ලීව සනසවයි.
හතරවන ඉනිමේ ලකුණූ 282ක ඉලක්කයක් හබා ගිය ඕස්ට්‍රේලියාවේ කඩුළු 9ක් ලකුණු 220කට දැවී ගිය අතර ඔවුන් ගේ පරාජය නියත බව පෙනුනි.නමුත් මෙහිදී පිටියේ එක් වූ බ්‍රෙට් ලී සහ මයිකල් ක්‍රැස්පොවිච් 10 වන කඩුල්ලට ලකුණු 59ක සබදතාවයක් පවත්වමින් ඕස්ට්‍රේලියාව ජයග්‍රහනය ආසන්නයටම රැගෙන එන නමුත් ජයග්‍රහනයට ලකුණු 3ක් පමනක් ඉතිරිව ඇති විට මයිකල් ක්‍රැස්පොවිච් දැවී යයි.
මෙහිදී වසර 19කට පසු අළු බදුන ශූරතාවය එංගලන්තය ජයග්‍රහනය කරන අතර සතුරු කණ්ඩායමක ක්‍රීඩකයෙකු කෙරේ දැක් වූ කරුණාව නිසා ඇන්ඩෘ ෆ්ලින්ටොෆ්ගේ ක්‍රියාව සැමගේ ප්‍රශංසාවට ලක් වෙයි.
1990 අගෝස්තු මස 11 වන දින මැන්චෙස්ටර්හි ටෙස්ට් තරගය අවසානයේදී ඉන්දියානු ක්‍රීඩක මනෝජ් ප්‍රභාකර් සචින් ටෙන්ඩුල්කාර්ට සුභ පතයි.
ඉන්දියාව ලකුණු 408ක ඉලක්කයක් හඹා යමින් කඩුළු 6ක් ලකුණු 180කට බිද වැටී අසීරු තත්වයක සිටි විට මොවුන් දෙදෙනා ලකුණු 160ක නොබිදුනු සබදතාවයක් පවත්වමින් ඉන්දියාව පරාජයෙන් ගලවා ගත්හ.
මෙහිදී ටෙන්ඩුල්කාර් නොදැවී ලකුණු 119ක් රැස් කල අතර එය ඔහුගේ ප්‍රථම ශතකය විය. . එවකට ඔහු 17 හැවිරිදි වූ අතර ටෙස්ට් ශතකයක් රැස් කල ලාබාලතම ඉන් දියානුවා ලෙස ඔහු වාර්තා පොත් වලට එක් විය.
එදින පටන් මේ වන තෙක් අන්තර්ජාතික ශතක 99ක් රැස් කර ඇති ඔහු එතෙක් මෙතෙක් බිහි වී ඇති විශිෂ්ඨතම පිතිකරුවෙකු ලෙස අවිවාදයෙන් සැලකෙයි.
1999 ජනවාරි 23වන දින ඇඩිලේඩ් ක්‍රීඩා පිටියේදී එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරගය අතරතුර ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග පිටිය මැද විනිසුරු රෝස් එමර්සන් සමග උණුසුම් සාකච්ඡාවක.. යෙදුනු අවස්ථාව.
මෙම තරගයේදී රෝස් එමර්සන් විනිසුරුවරයා මුත්තයියා මුරලිදරන් පන් දුව දමා ගසන බවට චෝදනා කල නමුත් මීට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය(ICC) ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල බවට තීරණය කර තිබුනි.
මෙහිදී අර්ජුන රණතුංග ශ්‍රී ලංකා කණ්ඩායම සමග පිටියෙන් ඉවත් වුන අතර බොරු චෝදනා වලට එරෙහිව තරගාවලිය වර්ජනය කරන බවට තරජනය කලේය.
විණාඩි 14ක පමාවකින් පසු තරගය ආරම්භ කල අතර එංගලන්ත කණ්ඩායම ලකුණු 302ක් රැස් කලෝය .
තරගය අවසන් වන තුරුම කණ්ඩායම් දෙක අතර ඝට්ටනයන් පැවති අතර එංගලන්ත නායක ඇලෙක් ස්ටුවර්ට් රොශාන් මහානාමගේ සිරුරේ හිතාමතාම ගැටීම කැපී පෙනුනි.
කඩුලු 9කට ලකුණු 303ක් රැස් කරමින් ශ්‍රී ලංකාව තරගය ජය ගත් අතර වර්තමාන ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පන් දු 111 කදී ලකුනු 120ක් රැස් කරමින් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කලේය.
දෛවයේ සරදමකට මෙන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජයග්‍රාහී ලකුණ රැස් කලේ මුත්තයියා මුරලිදරන් විසින්ය