ක්‍රිකට් ක්‍රීඩාංගන

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    27. බ්රාබෝර්න් ක්‍රීඩාංගනය (Brabourne Stadium)

    ඉන්දියාවේ මුම්බායි නුවර, චර්ච් ගේට් ප්‍රදේශයේ පිහිටි මෙය 1937 ආරම්බ කරන ලද්දක්.

    800px-BSMIKXI.jpg


    ඉන්දීය ක්‍රිකට් සමාජය (CCI) විසින් පාලනය වන මෙහි අන්ත වන්නේ පැවිලියන් අන්තය හා චර්ච් ගේට් අන්තයයි. ප්‍රේක්ෂකයන් 30,000 ඉඩ කඩ ඇති මෙහි ප්‍රථම වරට තරඟයක් පැවැත්වුනේ ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් පිල අතර 1948 දෙසැම්බර් 9 වන දිනයි. රාත්‍රී තරඟ සඳහා පහසුකම් ඇති මෙය දැනට අන්තර් සමාජ ක්‍රිකට් තරඟ වලට යොදාගැනෙනවා.

    800px-Brabourne.jpg


     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    28. එලිස් පාර්ක් (Ellis Park / Coca Cola Park)

    දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග්, ඩොෆොන්ටෙන් හි පිහිටි මේ ක්‍රීඩාංගනය 1928 දී ආරම්බ කරන ලද්දක්.

    800px-View_of_Ellis_Park.jpg


    කොකා කොලා පාර්ක් කියලත් නම් කෙරෙනවා. ඒ කොකා කොලා සමාගමේ අනුග්‍රහය නිසා. මෙහි ක්‍රිකට් සෙල්ලම් කෙරුනේ 1956 දක්වා පමණයි. මෙහි ක්‍රිකට් වෙනුවට රග්බි ක්‍රීඩාව ආදේශ වුන නිසා. ක්‍රිකට් තරඟ වොන්ඩරස් ක්‍රීඩාංගනය වෙත ගෙන ගියා.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    29. ග්‍රීන් පාර්ක් ක්‍රිකට් ක්‍රීඩාංගනය (Green Park Stadium)

    ඉන්දියාවේ, උත්තර ප්‍රදේශයේ කාන්පූර් නගරයේ මේ ක්‍රීඩාංගනය ආරම්බ කෙරුනේ 1945 දීය.

    Green-Park-Kanpur-Cricket-Ground.jpg


    මේ ක්‍රිකට් ක්‍රීඩාංගනය උත්තර ප්‍රදේශයේ පිහිටි එකම ක්‍රිකට් ක්‍රීඩාංගනයද වනවා. උත්තර ප්‍රදේශයේ ක්‍රීඩා අමාත්යංශය යටතේ ඇති මෙහි අන්ත වන්නේ මිල් පැවිලියන් අන්තය හා හොස්ටල් අන්තයයි. මෙහි ප්‍රථම තරඟය ඉන්දියාව හා එංගලන්තය අතර 1952 ජනවාරි 14 වන දින පැවැත්වුනා. ප්‍රේක්ෂකයන් 45,000 ඉඩ කඩ ඇති මෙහි දිවා රාත්‍රී තරඟද පැවැත්වෙනවා.


    800px-Green_Park_Stadium_Kanpur.jpg
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    පට්ට පට පට කිව්වලු...........!!!!!!!!

    ලංකාව පැත්තට එන්න තව ටික දවසක් යි වගේ නේ????

    නියම වැඩක් bro ........!!!!!

    keep it up ........!!!!!!!!!
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    පට්ට පට පට කිව්වලු...........!!!!!!!!

    ලංකාව පැත්තට එන්න තව ටික දවසක් යි වගේ නේ????

    නියම වැඩක් bro ........!!!!!

    keep it up ........!!!!!!!!!

    ඔව් මචන්. ලංකාවේ ක්‍රිකට් පටන් ගත්තේ ලගදිනේ. තව අපේ ඒවා පටන්ගන්න කලින් තව ගොඩක් ඒවා තිබුනා. පිළිවෙලකට මචන් මේ ත්‍රෙඩ් එකේ දන්නේ මම. හැම තැනින්ම දාන්න ගියොත් මටත් හොයාගන්න බැරි වෙනවා. පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ. ඉක්මනටම අපේ ලංකාවේ ඒවා දාන්නම්. බොහොම ස්තුති සහෝදරයා කොමෙන්ට් එකට.;)
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    30. බංගබන්දු ජාතික ක්‍රීඩාංගනය (Bangabandhu National Stadium)

    බංගලිදේශයේ, ධාකා නුවර, මොටිජ්හිල් හි පිහිටි මෙය එවකට පකිස්ථානයේ නැගෙනහිර අගනුවර වුනු ධාකා නුවර 1954 දී ආරම්භ කරන ලද්දක්.

    180172_10150120019799721_259700734720_6140962_5172013_n.jpg


    පසුව බංගලාදේශයේ නිදහසෙන් පසුව එවකට බංගලාදේශ ජනපති වූ ශික් මුජිබුර් රහමන් මහතාට උපහාර ලෙස මේ පිටිය නම් කෙරුණා. බංගබන්දු නම් බෙංගාල භාෂාවෙන් බෙංගාලයේ මිත්‍රයා ලෙස නම් කෙරෙනවා. මෙහි අන්ත වන්නේ පැවිලියන් අන්තය හා පල්ටන් අන්තයි. මෙහි ප්‍රේක්ෂකයන් 36,000 ඉඩ කඩ ඇති අතර ආලෝක කුළුණු සවි කෙරුනේ 1998 දීය. මෙහි ප්‍රථම තරඟය පකිස්ථානය හා ඉන්දියාව අතර 1955 ජනවාරි 1 වනදා පැවැත්වුනා. 2011 ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක උත්සවය මෙහි පැවැත්වුනා.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    31. කරච්චි ජාතික ක්‍රීඩාංගනය (National Stadium Karachi)

    පකිස්ථානයේ, කරච්චි නුවර පිහිටි මේ ක්‍රීඩාංගනය 1955 ආරම්බ කෙරුණා.

    1311791102_0979caf6fd_b.jpg


    මෙය පාලනය වන්නේ පකිස්ථාන් ක්‍රිකට් කමිටුව විසිනුයි. පකිස්ථානයේ දෙවන විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය වන මෙහි අන්ත වන්නේ පැවිලියන් අන්තය හා විශ්වවිද්‍යාල අන්තයයි. මෙහි ප්‍රථම තරඟය පැවැත්වුනේ පකිස්ථානය හා ඉන්දියාව අතර 1955 පෙබරවාරි 26 වන දිනයි. ප්‍රේක්ෂකයන් 34,000 ඉඩ කඩ ඇති මෙහි රාත්‍රී තරඟ සඳහාද ආලෝක කුළුණු සවිකර තිබෙනවා. 2009 ශ්‍රී ලංකා පිලට එල්ල වුනු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව පකිස්ථානයේ ක්‍රිකට් තරඟ තහනම් කෙරුණා.


    karachi-national-stadium1.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    32. කැරිස්බ්රූක් (Carisbrook)

    නවසීලන්තයේ, ඩුනේඩින් හි පිහිටි මේ ක්‍රීඩාංගනය 1883 දී විවුර්ත කරන ලදී.

    036454.jpg


    කැරිස්බ්රූක් ආයතනය විසින් පාලනය වන මෙහි අන්ත වන්නේ රේල් වේ අන්තය හා හිල් සයිඩ් අන්තයයි. මෙහි ප්‍රථම තරඟය නවසීලන්තය හා එංගලන්තය අතර 1955 මාර්තු 11 වන දින පැවැත්වුනා. ප්‍රේක්ෂකයන් 29,000 ඉඩ කඩ ඇති මෙහි ආලෝක කුළුණු සවි කෙරුනේ 1990 දී. මේ ක්‍රීඩාංගනය ක්‍රිකට් වලට අමතරව රග්බි, පාපන්දු තරඟ සඳහාද යොදා ගැනෙනවා.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    33. ලාල් බහධුර් ශාස්ත්‍රී ක්‍රීඩාංගනය (Lal Bahadur Stadium)

    ඉන්දියාවේ, හයිදරබාඩ් නුවර පිහිටි මේ ක්‍රීඩාංගනය 1940 පිහිටුවන ලද්දක්.

    Lal_Bahadur_Shastri_Stadium.jpg


    ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය වරයකු වුනු ලාල් බහදුර් ශාස්ත්‍රී නම තැබීමට කලින් මෙය ෆටේ මහිදාන් නමින් නම් කෙරුණා. පසුව 1967 දැන් පවතින නමට මාරු කෙරුණා. අන්ද්‍රා ප්‍රදේශ් ක්‍රීඩා අමාත්‍යංශය යටතේ පාලනය වන මේ පිටියේ අන්ත වන්නේ පැවිලියන් අන්තය හා හිල් ෆොර්ට් අන්තයයි. මෙහි ප්‍රථම තරඟය ඉන්දියාව හා නවසීලන්තය අතර 1955 නොවැම්බර් 19 වන දින පැවැත්වුනා. ප්‍රේක්ෂකයන් 30,000 ඉඩ කඩ ඇති මෙහි රාත්‍රී තරඟ සඳහා ආලෝක කුළුණු සවිකරේ 1992. මෑතක හයිදරබාඩ් නුවර පිහිටවූ රජීව් ඝාන්ධි ක්‍රිකට් ක්‍රීඩාංගනය හේතුවෙන් මෙහි අන්තර් ජාතික තරඟ සීමාවෙලා තිබෙනවා.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    34. නව වොන්ඩරස් ක්‍රීඩාංගනය (New Wanderers No 1)

    දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් හි පිහිටි මේ ක්‍රීඩාංගනය 1956 දී පැරණි වොන්ඩරස් පිටිය වෙනුවට සාදවන ලද්දක්.

    1001888x.jpg


    දකුණු අප්‍රිකාව සමග අනිකුත් රටවල් තරඟ තහනම ඉවත් කිරීමෙන් පසුව මේ ක්‍රීඩාංගනය 1991 දී විශාල ලෙස නවීකරණයකට ලක් කෙරුණා. මෙහි අන්ත වන්නේ කොර්ලේට් ඩ්‍රයිව් අන්තය හා ගොල්ෆ් කොර්ස් අන්තයයි. මෙහි ප්‍රේක්ෂකයන් 34,000 ඉඩ කඩ ඇති අතර ආලෝක කුළුණු සවි කෙරුනේ 1996 දීය.

     
    Last edited: