ක්‍රිකට් ක්‍රීඩාංගන

conqureshadow

Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    18. කුවින්ස් පාර්ක් ඕවල් (Queen's Park Oval)

    බටහිර ඉන්දීය කොදෙව් දුපත්වල ට්‍රිනිඩෑඩ් හා ටෝබෙගෝ දුපත් වල පිහිටි පොර්ට් ඔෆ් ස්පේන් හි පිහිටි මේ පිටිය 1896 දී ආරම්බ කරන ලද්දක්.

    795px-Queens_Park_Oval_Trinidad.jpg


    කුවින්ස් පාර්ක් ක්‍රිකට් සමාජය විසින් පාලනය වන මෙහි අන්ත වන්නේ පැවිලියන් අන්තය හා මීඩියා සෙන්ටර් අන්තයි. මෙහි පළමු ටෙස්ට් තරඟය පැවතුනේ එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් පිල අතර 1930 පෙබරවාරි 1 වන දිනය. ප්‍රේක්ෂකයන් 25,000 කට ඉඩ කඩ ඇති මෙහි රාත්‍රී තරඟ සඳහා ආලෝක කුළුණු සවිකරනු ලැබුවේ 2008 දීය.
    meke thamay api 2007 wc eke 1st round mathes okkoma gehuwe, meke gahapu match 5n 4kama chamara silva 50 ewa gahala tiyenawa
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ada match eka gahana ground eka genath daapan, j'burg mama hithanne sea level eka athin wedima usakin thiyena ground eka 1800meter wage,fast bounce wicket ekak perth herunaama .fast out field ekak thiyena lassana ground ekak,
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    20. බවුර්ඩා (Bourda)

    බටහිර ඉන්දීය කොදෙව් දුපත් වල, ගයනා වල ජෝර්ජ් ටවුන් හි පිහිටි මේ පිටිය 1884 ආරම්බ කෙරුණා.

    15.jpg


    මෙහි අන්ත වන්නේ රීජන්ට් රෝඩ් අන්තය හා නොර්ත් රෝඩ් අන්තයයි. මෙහි ප්‍රථම ටෙස්ට් තරඟය බටහිර ඉන්දීය කොදෙව් පිල හා එංගලන්තය අතර 1930 පෙබරවාරි 21 වන දින පැවැත්වුවා. ප්‍රේක්ෂකයන් 25,000 කට ඉඩ කඩ ඇත. මෙහි රාත්‍රී තරඟ සඳහා පහසුකම් නැත.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    elaz mcn...

    welcome mcn

    machan, beach 1k laga thiyena grounds monawada thiyenne thawa ? Lankawe Galle Stadium 1 wage

    godak naha machan. keepayak witharayi machan. mama list ekak danam soon.


    thanks bro


    welcome

    kingsinton oval barbardos, wc final gehapu 2007

    ow.

    meke thamay api 2007 wc eke 1st round mathes okkoma gehuwe, meke gahapu match 5n 4kama chamara silva 50 ewa gahala tiyenawa

    :yes::yes::yes:

    ada match eka gahana ground eka genath daapan, j'burg mama hithanne sea level eka athin wedima usakin thiyena ground eka 1800meter wage,fast bounce wicket ekak perth herunaama .fast out field ekak thiyena lassana ground ekak,

    dannam machan. stadiums open karapu year eka anuwa post karanne machan.

    Great Work :)

    thanks :)
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    21. සබීනා පාර්ක් (Sabina Park)

    බටහිර ඉන්දීය කොදෙව් දුපත් හි, ජමෙකාවේ කිංස්ටන් හි පිහිටි මේ පිටිය 1930 දී ආරම්බ කරන ලද්දක්.

    Sabina%20Park.jpg


    මෙහි අන්ත වන්නේ බ්ලු මවුන්ටන් අන්තය හා හෙඩ්ලි අන්තයි. මෙහි ප්‍රථම ටෙස්ට් තරඟය 1930 අප්‍රේල් 3 වන දින බටහිර ඉන්දීය කොදෙව් පිල හා එංගලන්තය අතර පැවතුන. ප්‍රේක්ෂකයන් 20,000 ඉඩ කඩ ඇති මෙහි රාත්‍රී තරඟ සදහා පහසුකම් නැහැ.

    411972810_cdd3016e30.jpg


    22. බ්‍රිස්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනය (The Gabba)

    ඕස්ට්‍රේලියාවේ, කුවින්ස්ලන්තයේ, බ්‍රිස්බන් හි පිහිටි මේ පිටිය 1895 දී පිහිටුවන ලද්දක්.

    Gabba-cricket-ground-Brisbane.jpg


    කුවීන්ස්ලන්ත රජය යටතේ පාලනය වන මෙය කළමණාකරණය වන්නේ ස්ටේඩියම් කුවින්ස්ලන්ඩ් නම් ආයතනය විසිනුයි. මෙහි අන්ත වන්නේ ස්ටැන්ලි ස්ට්‍රීට් රෝඩ් අන්තය හා වල්ච ස්ට්‍රීට් අන්තයි. මෙහි ප්‍රථම තරඟය ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර 1931 නොවැම්බර් 27 වන දින පවත්වන ලදී. ප්‍රේක්ෂකයන් 40,000 ඉඩ කඩ ඇති මෙහි දිවා රාත්‍රී තරඟ පැවැත්වීමට සියලු පහසුකම් සහිතවනවා. මෙහි දිග හා පළල මීටර් 170.6 හා 149.9 වනවා.

    800px-StateLibQld_1_15078_Woolloongabba_Cricket_Ground%2C_1899.jpg

    1899
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    23. බොම්බේ ජිම්කානා පිටිය (Bombay Gymkhana)

    ඉන්දියාවේ ප්‍රථම ක්‍රිකට් පිටිය වන මෙය ආරම්බ කෙරුනේ 1875 බොම්බේ නගරයේ (දැන් මුම්බායි) දීය.

    27SMBOMBAY_19834f.jpg

    1880

    බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති බ්‍රිතාන්‍යන් සඳහාම ආරම්බ කෙරුණු මේ පිටිය ඉන්දියාවේ නිදහසෙන් පසුව ඉන්දියානුවන්ටත් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවස්ථාව එළඹුණා. මෙහි පළමු තරඟය ඉන්දියාව හා එංගලන්තය අතර 1933 දෙසැම්බර් 15 දින පැවැත්වුනා. මෙහි ප්‍රේක්ෂකයන් 15,000 ඉඩ කඩ ඇති මෙහි සමහර තරඟ වලදී ප්‍රේක්ෂකයන් 50,000 දක්වා ඉක්මවනු අවස්ථාද තිබුණා. ඉන්දියාවේ මිල අදිකම ක්‍රිකට් සමාජය වන මෙහි ඇතුල් වීමේ ගාස්තු පමණක් මිලියනයකට අදික වනවා. ඇතුලත් වීමට නාම ලයිස්තුවේ වසරක් හෝ දෙකක් බලාගෙන සිටිය යුතු වෙනවා. කාන්තාවන් සඳහා මේ සමාජය විවර කෙරුනේ 2000 දීය. දැනට මේ ක්‍රීඩා සමාජය ක්‍රිකට් වලට අමතරව රගර්, පා පන්දු, බැඩ්මින්ටන්, ටෙනිස්, පිහිනුම් ආදී තරඟද පැවැත්වෙනවා. මෙහි දැනට ප්‍රධානම වන්නේ ක්‍රිකට් පහුණු කිරීමයි.

    IMG_0985.jpg


     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    24. ඊඩන් ගාඩන්ස් (Eden Gardens)

    ඉන්දියාවේ ඇති අති පූජනීය ක්‍රිකට් ක්‍රීඩාංගනයක් වන මෙය කොල්කොටවේ (කලින් කල්කටා) 1864 දී පිහිටුවන ලද්දක්.

    749px-Eden_gardens_ipl_2011.jpg


    ආසන ගණනෙන් ඉන්දියාවේ විශාලතම ක්‍රීඩාංගනය වන මෙය ලෝකයේ දෙවන ආසන ගණනින් වැඩිම ක්‍රීඩාංගනයද වෙනවා. මෙහි අන්ත වන්නේ ඉහල උසාවි අන්තය හා පැවිලියන් අන්තයි. මෙහි ප්‍රථම තරඟය ඉන්දියාව හා එංගලන්තය අතර 1934 ජනවාරි 5 වන දින පැවැත්වුනා. ප්‍රේක්ෂකයන් 90,000 ආසන ඇති අතර තව 130,000 දකට සිටගෙන තරඟ නැරඹීමට හැකියාව පවතිනවා. දිවා රාත්‍රී තරඟ සඳහා ක්‍රීඩාංගනය ප්‍රසිද්දයි. ඉන්දියාවේ IPL පිලක් වන කොල්කොටා නයිට් රයිඩර්ස් පිලේද ක්‍රීඩාංගනය වනවා. මේ ක්‍රීඩාංගනය අපේ ශ්‍රීලංකා ක්‍රිකට් ලෝලොන්ට අමතක නොවන ස්ථානයක් වන්නේ 1996 ලෝක කුසලාන අවසන් පුර්ව තරඟය ශ්‍රීලංකාව හා ඉන්දියාව අතර පවතින අවස්ථාවේදී දෙවනුව පන්දුවට පහරදෙන ඉන්දීය පිලේ කඩා වැටීම හේතුවෙන් නොසන්සුන් උණු ඉන්දීය ප්‍රේක්ෂකයන් තරඟයට භාදා කිරීම හේතුවෙන් එවකට තරඟ තීරක ක්ලයිව් ලොයිඩ් මහතා තරඟය අතර මග නවතා ශ්‍රී ලංකා පිලට ප්‍රසාද ලකුණු 2 ක් පිරිනැමීමෙන් ශ්‍රී ලංකාව අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීම නිසයි.

    d1a89f105a480ce3d4cbf75c4a61ebdd.jpg


    wc-1996.jpg


    vinod+kambli+crying+1996+eden+gardens.jpg


    800px-Eden_Gardens_Kolkatta.jpg


    800px-Eden_Gardens.jpg


     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    25. M.A චිදම්බරම් ක්‍රිකට් ක්‍රීඩාංගනය (M.A Chidambaram)

    ඉන්දියාවේ, තමිල් නාඩුවේ, චෙන්නයි නගරයේ පිහිටි මේ ක්‍රීඩාංගනය ආරම්බ කෙරුනේ 1916 වන දිනයි.

    800px-M._A._Chidambaram_Stadium_Challenger_Trophy_2006.jpg


    800px-Ma_ChidambaramStadium_panaroma.jpg


    මේ පිටියට කලින් නම වැටුනේ මදුරාසි ක්‍රිකට් පිටිය හා චෙපක් ක්‍රිකට් පිටිය කියලයි. පසුව ඉන්දීය ක්‍රිකට් ආයතනයේ පළමු සභාපති වුනු M .A චිදම්බරම් මහතාගේ නම මේ ක්‍රීඩාංගනයට නම තැබුවා. මෙහි අන්ත වන්නේ අන්නා පැවිලියන් අන්තය හා වී.පට්ටබිරමන් ගේට්ටු අන්තයයි. මෙහි ප්‍රථම තරඟය 1934 පෙබරවාරි 10 වන දින ඉන්දියාව හා එංගලන්තය අතර පැවැත්වුනා. මෙහි ප්‍රේක්ෂකයන් 50,000 ඉඩ කඩ ඇති අතර ආලෝක කුළුණු සවි කරනු ලැබුවේ 1996 ලෝක කුසලාන තරඟ සඳහායි.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    26. ෆෙරෝස් ෂා කොට්ලා ක්‍රිකට් ක්‍රීඩාංගනය (Feroz Shah Kotla Stadium)

    ඉන්දියාවේ, දෙල්හි අගනුවර පිහිටි මේ පිටිය ආරම්බ කෙරුනේ 1883 දීය.

    Feroz+Shah+Kotla+Stadium+New+Delhi.jpg


    නම තැබුවේ දෙල්හි වල වාසය කරපු සුල්තාන් කෙනෙකු වන ෆෙරෝස් ෂා නමින්. මෙහි අන්ත වන්නේ ස්ටේඩියම් අන්තය හා පැවිලියන් අන්තයයි. මෙහි පළමු තරඟය ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් පිල අතර 1948 නොවැම්බර් 10 වන දින පැවැත්වුනා. මෙහි ප්‍රේක්ෂකයන් 48,000 කට ඉඩ කඩ ඇති අතර 2009 ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති එක දින තරඟයක් අතර තුර තණ තීරුවේ ඇති දෝෂ සහිත බවක් නිසාවෙන් අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනය මේ ක්‍රීඩා පිටියෙහි ක්‍රිකට් තරඟ මාස 12 කට තහනම් කරනු ලැබුවා. නැවත 2011 ලෝක කුසලාන තරඟ සඳහා නැවත අවස්ථාව උදා උනා.


    Ferozshahkotla.jpg


    viewimage.php