ක්‍රිකට් ග්‍රවුන්ඩ් කොස්ට්

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ක්‍රිකට් ග්‍රවුන්ඩ් කොස්ට්

    සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගන කේදවාචකය

    galle-yala-january-2011-065.jpg

    හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් හදන්න ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ්(SLC) එකට කිසිදු අවශ්‍යතාවක් තිබුනේ නෑ. නමුත් ඒ සඳහා කටයුතු සූදානම් කරන ලෙස එවකට ජනාධිපති මහින්ද රාජපක්ශ ක්‍රිකට් බෝඩ් එකෙන් ඉල්ලනව. ඒ 2009 වසරෙදි. අවශ්‍යතාව ලෙස පෙන්වන්නෙ 2011 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ග්‍රවුන්ඩ් එකක් සැපයීම. ඉල්ලීමට ක්‍රිකට් බෝඩ් එකට එකඟ වන්න සිද්ද වෙනව.

    ඉදිකිරීම් සඳහා SLC සහ ශ්‍රී ලංකා වරාය (SLPA) අතර අවබෝදතා ගිවිසුමක් අත්සන් කෙරෙනව. නමුත් මෙම අවබෝදතා ගිවිසුමේ ඉදිකිරීම් සඳහා අපේක්ශිත වියදම සඳහන් වන්නේ නෑ. එහෙත් SLC විසින් මේ සඳහා දැරිය හැකි උපරිම මුදල රුපියල් බිලියන 1.2ක් පමනක් බව සඳහන් වනව. ව්‍යාපෘති යෙ දළ වියදම රුපියල් බිලියන 2.45ක් වනු ඇතැයි අනුමාන කෙරෙනව.

    SLC සහ SLPA අතර අවබෝදතා ගිවිසුමක් අත්සන් කලද, ඉදිකිරීම් ව්‍යාපෘතියකදී අත්‍යාවශ්‍යයෙන් කෙරෙන 'කොන්ත්‍රාත් ගිවිසුම' (Contract agreement) මෙහෙදී අත්සන් කෙරී නැති බව සඳහන් වනවා.

    SLPA විසින් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව සඳහා තෝරගන්නෙ හම්බන්තොට වරාය ඉදිකරමින් සිටි චයිනා හාබර් සමාගම. මෙහෙදි සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීම නව ව්‍යාපෘතියක් ලෙස ටෙන්ඩර් කිරීමකින් තොරව, හම්බන්තොට වරාය ව්‍යාපෘතියටම අනුබද්දිත (Variation Order) ව්‍යාපෘතියක් ලෙස නම් කෙරෙනව.

    ඉදිකිරීම් Client - SLC
    ඉදිකිරීම් Contractor - SLPA
    (SLPA වෙනුවෙන් කොන්ත්‍රාත්තුව කරන්නෙ -චයින හාබර් සමාගම)

    සාමාන්‍යයෙන් ඉදිකිරීම් ව්‍යාපෘතියක variation එකක් යනු එම ව්‍යාපෘතියට අදාල කොටසක් ලෙස ඉදිරිපත් වෙන නව යෝජනාවක්. උදාහරන වශයෙන් යම් ප්‍රදේශයක පාළමක් ඉදි කිරීමට මූලික සැලසුම වූ ව්‍යාපෘතියක් සිදු කරන අතරවාරේ අවට ඇති කුඩා පාළමක්, බෝක්කුවක් වැනි දෙයක් (මූලික සැලසුමට අන්තර්ගත නොවූ) සෑදීමට යෝජනා වන්නේ නම් ඒ සඳහා නැවත් ටෙන්ඩර් කැඳවීමකින් තොරව පාළම සාදන කොන්ත්‍රාත්කරුගෙන් නැවත මිළ ගනන් කැඳවා අදාල ව්‍යාපෘති ය බාර දෙනව. මෙහෙදි පාළම සෑදීමේදී කොන්ත්‍රාත්කරු භාවිතා කල මිළ ගනන් වලට සාපේක්ශව ඉහල මිළ ගනන් යොදා අමතර ව්‍යාපෘතිය සඳහා මිළ ගනන් ඉදිරිපත් කිරීම කොන්ත්‍රාත්කරුවන් අතර සුලබ ක්‍රියාකාරකමක් (උදා - පාළමේ කොන්ක්‍රීට් ඝන මීටරක වැඩකට රු 25,000ක් ලෙස bid කලේ නම් නව ව්‍යාපෘතියේ කොන්ක්‍රීට් ඝන මීටරයක් සඳහා රු 35,000ක මිළක් ඉදිරිපත් කිරීම වැනි)

    එයින් ගත් කල සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනය විශේශිත variation order එකක්. මොකද වරායක් හදන ව්‍යාපෘතිය කට එයට කිසිම අදාලත්වයක් නැති ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් අමතරේ හදන්න තමා යෝජනා වෙන්නෙ.

    2011 දී ව්‍යාපෘතිය අවසන් වනවා. SLPA හෙවත් කොන්ත්‍රාත්කරු විසින් SLC වෙත ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 3.76ක බිලක් ඉදිරිපත් කරනව. නමුත් මෙම ගෙවීම සම්පූර්නයෙන්ම සිදු කරන්න SLC අපොහොසත් වනව. ඔවුන් මූලිකව එකඟ වූ පරිදි බිලියන 1.2ක් පමනක් ගෙවනව. ඉතුරු මුදල ගෙවීම රජයට බාර දෙනව (මහින්ද රාජපක්ශ රජය SLC වෙත ව්‍යාපෘතිය කිරීම සඳහා පොල්ඹවාගන්නෙ අමතරව යන මුදල රජය විසින් දරනවා යන ගිවිසුම පිට). නමුත් එවකට රජය විසින් මෙම ගෙවීම සිදු කිරීම පමා කරනව.

    ආණ්ඩුව මාරු වීමත් සමඟ 2015 ජූලි මසදී චයිනා හාබර් සමාගම සූරියවැව ව්‍යාපෘතිය සඳහා අවසාන බිල (Final payment certificate) ඉදිරිපත් කරනව. එහි අගය රුපියල් බිලියන 5.27ක්. අගය මෙතරම් ඉහල යාමට හේතුව 2011 දි බිල ගෙවීම පැහැර හැරීම නිසා චයිනා හාබර් සමාගම වෙත අය විය යුතු පොලී මුදල වැඩිවීම නිසා. (ඕනෑම දේශීය සහ විදේශීය කොන්ත්‍රාත් ගිවිසුමක් ප්‍රාකාරව කොන්ත්‍රාත්කරුට ලබා දිය යුතු මුදල් නිසි වේලාවට ගෙවීම් නොකරයි නම් ඒ සඳහා අමතර පොළියක් අය කිරීම කොන්ත්‍රාත්කරුගේ අයිතිවාසිකමක්)

    අවසානයේ ගැටලුව තව දුරටත් දුරදිග යාම වැලැක්වීම උදෙසා යහපාලන රජය විසින් මෙම සියලු මුදල් මහා භාණ්ඩාගරයෙන් ගෙවා දැමීමට තීරනය කරනව.

    රුපියල බිලියන 5කට අධික මුදලක් වැය කොට ඉදි කල සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනයේ වර්ථමාන තක්සේරුව රුපියල බිලියන 2ක් පමන වන බව කෝප් කමිටුව විසින් හෙලිකොට තිබෙනවා.

    සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනයේ මසක නඩත්තු වියදම රුපියල් මිලියන 5කට අධික මුදලක් බව SLC සඳහන් කරනව. එම වියදම් සපුරාගත හැකි ආදායම් ලබා ගැනීම අපහසු නිසා අද වන විට ක්‍රීඩාංගනය අවම භාවිතා මට්ටමේ පවතිනව.

    සංවර්දනය කියන්නෙ කොහේ හෝ තැනක කොන්ක්‍රීට් ගොඩක් ගොඩ කිරීම නොවන බවට දිය හැකි උදාහරන දුසිම් අතරින් තවත් එකක් තමා සූරියවැව. ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් එකට කිසිම අවශ්‍යතාවක් නොතිබූ තැනක අති විශාල මුදලක් වැය කරන්න යෝජනා කෙරෙන්නෙ හුදෙක් එක් දේශපාලකයෙක්ගෙ උවමනාවක් නිසා.

    රටේ අවාසනාවට මිනිස්සු සංවර්දනය කියල දකින්නෙත් මේ වගේ කොන්ක්‍රීට් ගොඩවල්. මෙවන් අසාර්තක ව්‍යාපෘති වල පව ගෙවන්න සිද්ද වන්නේ, රටේ ඵලදායි සංවර්දනයක් උදෙසා තමන් විසින් ලබා දෙන බදු මුදලින් කියල ගානක්වත් නෑ.

    මේවා කෝප් කමිටුවෙන් හොයාගත් විස්තරද?
    චයිනා හාබර් කම්පැණිය තාමත් ලන්කාවේ හදනවද? බිල්ඩින්ග්ස්?
    ඩිසයින් කරන්න පුලුවන්ද හාබර් වැඩ කරන අයට. :eek:
    කෝප් කමිටුවේ වීඩිටෝස් බැලුවා. ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක ගැන. අද වෙනකම් කරප්ෂන්ස්.
    ඔඩිටර් ජෙනරල් කියන කෙනාට නඩු දමන්න බැරිද?:confused:

    ෆයිනලි, ග්‍රවුන්ඩ්ස් ක්‍රිකට් වගේ ටයිම් වේස්ටින් ක්‍රීඩා වෙනුවට සොකර්, හොකී මැචස් වලට යූස් කරන්න දුන්නොත් හොඳයි නේද? ඇට්ලීස්ට් මැචස් නැති කාලයට වත්
     
    Last edited:
    • Like
    Reactions: harshana_mahesh

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,353
    30,149
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උක කහගන්න නිය නැති උන් දානපතියෝ වෙන්න ගියාම, නයට කකා ලෝස් නැතිව වියදම් කරන ෆොන්ස්ලා ආණ්ඩු කරන්න පත්වුනාම ඕවා වෙනවා. එදත් වුනා අදත් වුනා ඉස්සරහටත් වෙයි. කවුරු කවුරුත් ගිලෙන නැවේ ඉඳන් ඉන්නටිකේ ආතල් ගන්න එක කරන්නේ.
     
    • Like
    Reactions: DangerMan119

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    උක කහගන්න නිය නැති උන් දානපතියෝ වෙන්න ගියාම, නයට කකා ලෝස් නැතිව වියදම් කරන ෆොන්ස්ලා ආණ්ඩු කරන්න පත්වුනාම ඕවා වෙනවා. එදත් වුනා අදත් වුනා ඉස්සරහටත් වෙයි. කවුරු කවුරුත් ගිලෙන නැවේ ඉඳන් ඉන්නටිකේ ආතල් ගන්න එක කරන්නේ.

    හරිම කමෙන්ට් එක
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    අපේ අගමැතිතුමාගේ ආන්ඩුව කාලේ මේ වගේ සල්ලි කාබාසිනියා කරන එක ප්‍රොජෙක්ට් එකක්වත් කරලා නෑ.හම්බන්තොට වරාය ,මත්තල සූරිය වැව, උමා ඔය ,නොරොච්චොල් වගේ බාල වැඩ එකක්වත් මේ ආන්ඩුව කරලා නෑ.අනිත් එක අරකෙන් කොමිස් ගැහුවා මේකෙන් කොමිස් ගැහුවා කියලා කරන්න පුලුවන් චෝදනාවක් නෑ.එකම එක බැදුම්කරෛඑ ජප කර කර ඉන්න එක.මරාගේ කාලෙ බැදුම්කර වලින් උන දේවල්වලට නඩු නැද්ද?මේ ආන්ඩුව කරපු එකම බාල වැඩේ ගිනි පෙට්ටි ගෙවල් හද හද පරිසරය විනාශ කරන එක.රජයේ ඉඩම් නාස්ති කරන එක.මිනිස්සුන්ගේ චන්ද වලට කෙල හලලා මේවා විනාශ කරාම රටටම ඒකෙන් බරපතල හානියක් වෙනවා.මේකට එරෙහිව නම් රනිල්ව එලෙව්වට කමක් නෑ
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    සජිත් ආවත් ඔය වගේ බාල වැඩ කර කර චීප් පොලිටික්ස් කර කර ලාබ දේශපාලන ප්‍රචාර සඳහා සල්ලි නාස්ති කර කර ආපහු රට නය කරයි.මරා නයෙන් රට හදලා අන්තිමට නය ගෙවන්න බැරිව අද අපි විඳින දුක පේනවනේ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,960
    113
    චීනා චන්ද වලට ගිය වියදම් හොයා ගත්තා එහෙනම්. බිලියන 3 ගෙවන්න තිබ්බ එකේ 5 කලා ට මගේ ආචාරය. මොළයක් නෙවේ මොළ ගේන නැවක් !
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අපේ අගමැතිතුමාගේ ආන්ඩුව කාලේ මේ වගේ සල්ලි කාබාසිනියා කරන එක ප්‍රොජෙක්ට් එකක්වත් කරලා නෑ.හම්බන්තොට වරාය ,මත්තල සූරිය වැව, උමා ඔය ,නොරොච්චොල් වගේ බාල වැඩ එකක්වත් මේ ආන්ඩුව කරලා නෑ.අනිත් එක අරකෙන් කොමිස් ගැහුවා මේකෙන් කොමිස් ගැහුවා කියලා කරන්න පුලුවන් චෝදනාවක් නෑ.එකම එක බැදුම්කරෛඑ ජප කර කර ඉන්න එක.මරාගේ කාලෙ බැදුම්කර වලින් උන දේවල්වලට නඩු නැද්ද?මේ ආන්ඩුව කරපු එකම බාල වැඩේ ගිනි පෙට්ටි ගෙවල් හද හද පරිසරය විනාශ කරන එක.රජයේ ඉඩම් නාස්ති කරන එක.මිනිස්සුන්ගේ චන්ද වලට කෙල හලලා මේවා විනාශ කරාම රටටම ඒකෙන් බරපතල හානියක් වෙනවා.මේකට එරෙහිව නම් රනිල්ව එලෙව්වට කමක් නෑ

    ඔව් ඉතින් උන්නැහැට තිබ්බේ නෑ ව්‍යාපෘති කරලා එකෙන් හොරකන් කරන පුරුද්දක්, කෙලින්ම බැංකු සුද්ධකරනවා හැරෙන්න
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    මචං චයිනා හාර්බර් කියන්නේ හොද කම්පැනි එකක්..චයිනා හාර්බර් කිව්වට වරායවල් හදනම එක නෙමේ කරන්නේ ඔක්කොම සිවිල් වැඩ උන් කරනවා...හැබැයි වරායවල් හදන එක තමා එයාලගේ මූලිකම වැඩේ..චීන කම්පැනි ටෙන්ඩර් ගන්නේ අඩු ගානට අඩුම තරමේ ලංකාවේ කම්පැනි වලටවත් ඒ තරම් අඩුවට කරන්න බැහැ..මොනවා උනත් මහින්දගේ කාලේ අවිධිමත් විදිහට තමයි ව්‍යාප්‍රුති දුන්නේ(Contract awarding)..හැබැයි වියදම නම් සාධාරණයි..මොකද දැන් ඔය නව මැනින් මාකට් එකේ estimated overall construction cost එකත් මිලියන 5929ක්..ඉතින් හිතන්නකෝ දැන් අවරුදු 5කට කලින් stadium එකක් හදන්න ඔය ගාන හරි..හැබැයි අඩුම තරමේ මිලියන 300ක් වත් අඩු කරගන්න පුලුවන් කම තියෙන්න ඇති..variation order එකකින් දෙන්න තරම් මෝඩයි කියලා හිතන්න බැහැ..මොකද එහෙම දුන්නත් ඒකෙන් මහින්දට ගහන්න නෝ චාන්ස්..

    මේකේම කියලා තියෙනවා ගෙවීම් ආණ් ඩුව පැහැර හැරියා කියලා..ඉතින් මහින් ද මේකෙන් ගැහැව්ව නම් ඒ ගෙවන්න තියෙන බිලියන 1.51 චීනෙන් ණයක් හරි අරන් ගෙවනවනේ..ඉතින් එහෙම වෙලා නැහැනේ..හැබැයි සමහර විට ව්‍යාප්‍රුතිය එයාලට දුන්නට සැලකීමක් කරන්න ඇති හොද​..

    එතකොට ඉතිරි පොලී මුදල වන බිලියන 1.51 ගෙවලා තියෙන්නේ යහපාලන ආන්ඩුවෙන් ඒ කියන්නේ මේ stadium එක හදන්න ගිහිල්ලා තියෙන්නේ බිලියන 3.76යි..ඒක අඩු ගානක්..ඒ අඩුව කවර් කරගන්නත් එක්කම චීනා පොලිය හදලා තියෙනවා ලෙසටම​..
     
    තෑන්ක්ස් ෆ්‍රෙන්ඩ්. :yes::yes::love:
    වෙරි මච් ක්ලියර්.

    මේ පෝස්ට් එකේ ලියලා තිබුණු එක දෙයක් ගැන ඔයා ලියලා නැහැ. පේමන්ට්ස් නොකළ නිසා ඉන්ට්‍රස්ට්ස් ගෙවන්න වෙලා කියන එක. වේස්ට් ඔෆ් මනී නේද?

    විතවුට් ටෙන්ඩර් යන හේතුව තේරෙන්නේ නැහැ මට. චයින් හාබර් අයට ටෙන්ඩර් එකෙන්ම ගන්න පුලුවන් නේද. ඒ කම්පැණි එක ටෙන්ඩර් දාන හැම ප්‍රොජෙක්ට් එකක්ම එයාලටම ලැබුනද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113

    තෑන්ක්ස් ෆ්‍රෙන්ඩ්. :yes::yes::love:
    වෙරි මච් ක්ලියර්.

    මේ පෝස්ට් එකේ ලියලා තිබුණු එක දෙයක් ගැන ඔයා ලියලා නැහැ. පේමන්ට්ස් නොකළ නිසා ඉන්ට්‍රස්ට්ස් ගෙවන්න වෙලා කියන එක. වේස්ට් ඔෆ් මනී නේද?

    විතවුට් ටෙන්ඩර් යන හේතුව තේරෙන්නේ නැහැ මට. චයින් හාබර් අයට ටෙන්ඩර් එකෙන්ම ගන්න පුලුවන් නේද. ඒ කම්පැණි එක ටෙන්ඩර් දාන හැම ප්‍රොජෙක්ට් එකක්ම එයාලටම ලැබුනද?
    Same project ekema unath variation ekak enawa nam construction company eken datha kata madala lasthi wela inne hoda rates tikak daanna. Paduwechcha ehema thiyenawa nam okkoma allanawa. Me ground eka variation ekak widiyata karana eka sampoorna waradi wadak. Mekata aluthin tender kadawala karanna oone. Tender ekenma ganna puluwan unata eekata tikak kal yanawa. Anith eka thamai anith companies ekka competition ekakuth athi wela anawashya attention ekak labenawa. Munta horakam karanna thiyena hadissiyata construction company ekath fit wela inna nisa untama deela damma. Unuth ithin lesatama apita ariya.
     
    • Like
    Reactions: euler

    ඔයාගේ කතාවේ ආගිව්මන්ට් එක ගොඩක් හොඳයි.
    කලින් කිව් කෙනාගේ ආගිව්මන්ට් එකේ ප්‍රොබ්ලම් එක උනේ චයිනා හාබර් කම්පැනි එක තමයි අඩුම ටෙන්ඩර් දාන කෙනා කියලා හිතන්නේ කොහොමද කියන එක.
    ක්ලියර්ලි සම්තින්ග් හෑස් හැපන්ඩ්. කරප්ෂන්.

    මෙහෙම හිතන්න බැරිද
    ග්‍රවුන්ඩ් එක ඉක්මනින් හදන්න බැරි වෙනවා ටෙන්ඩර් කරන්න හිතුවානම්.
    එනිසා මෙහෙම වේරියේෂන් කන්ට්‍රැක්ට් දුන්නා කියලා?

    අලුත්ම විදියටත් දෙන්න තිබුණා නේද කම්පැනි එකකට
     
    • Like
    Reactions: ruchira55

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේව මේ කොහෙන් ගත්ත ඒවද, පොන්නය හොරා කාල කොප් එකේදි මාට්ටු උන බිලියන දෙක මහින්දගෙ ඇගේ ගහන්ඩ හදල ලියල තියෙන්නෙ..ගූ ඇන් පී පොන්නයන්ටම හොදයි මේව..මහ පොන්නයගෙ හොරා කෑම වහලනෙ ලියල තියෙන්නෙ..

    69797769-2447908495533679-8901386795464261632-n.jpg
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ

    :yes: