ක්‍රිකට් රස කතා : අංක 3

pannisl

Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    ක්‍රිකට් රස කතා : අංක 3

    ඔන්න ආයෙත් ක්‍රිකට් කතාවක්. මේකත් මම අහපු කතාවක්. ඇත්ත ද ගොතපු එකක් ද කියන්න හරියටම දන්නෙ නැහැ.

    සිද්ධිය වුනේ 1984 දි ශ්‍රි ලංකාව එංගලන්තයෙ සංචාරය කරපු වෙලාවෙ. අපිට ලැබුණු එකම ටෙස්ට් තරඟය පැවැත්වුනේ ක්‍රිකට් ක්‍රිඩාවේ රන් දෙවොල වුන ලෝඩ්ස් ක්‍රීඩාංගනයෙ. මේ තරඟයෙදි සිදත් වෙත්තමුණි අලංකාර ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 190 ක් ලබා ගත්තා. ඒ වගේම නායකයා වුන දුලිප් මෙන්ඩිස් මුල් ඉනිමෙදි ශතකයකුත්, දෙවන ඉනිමෙදි ලකුණු 94 කුත් ගත්තා.

    මුල් ඉනිමෙ දුලිප් පන්දුවට පහර දෙනවා. මේ වෙලාවෙ ලංකා ගුවන් විදුලියෙ තරඟ විස්තර ප්‍රචාරය කලේ ප්‍රවීණ නිවේදකයෙක් ක්‍රිකට් විස්තර විචාරයටම ප්‍රසිද්ධ. කොහොමත් දුලිප් මෙන්ඩිස් ප්‍රවේගකාරී පිතිකරුවෙක්.

    ඔන්න දැන් දුලිප් හයේ පාරක් ගැහුවා. මෙන්න විස්තර ප්‍රචාරය.

    “මේ අවස්ථාවේ දී දුලිප් මෙන්ඩිස් ගෙන් වේගවත් පහරක් , ලකුණු හයයි”

    ආයෙමත් දුලිප් හයේ පාරක් ගැහුවා. මෙන්න විස්තර ප්‍රචාරය.

    “මෙවරත් ඉහලින්ම පහරක්. පන්දුව හතරේ සිමාව ඉහලින් ඇදී යනවා. අලංකාර පහරක් , ලකුණු හයයි”

    දැන් පන්දු යවන්නේ ඉයන් බෝතම්. බෝතම්ව තඹේකට මායිම් කලේ නැති දුලිප් මෙන්ඩිස් දුන්නා පිට්ටයනියෙන් එළියට යන තරමෙ හයේ එකක්. සුද්දො සත පහකට ගනන් නොගෙන දුලිප් මෙන්ඩිස් හයේ ඒවා ගහන හැටි දැක්කම අපේ විස්තර විචාරකයට උන් හිටි දැන් අමතක වුනා. ලංකාවටම ඇහෙන්න ඒ පහර ඔහු වර්ණනා කලේ මෙහෙම.

    “අම්මට හුඩු යකෝ , තවත් හයක්”


    ඉස්සුවෙ : http://www.thelastrow.net/2012/04/%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F-%E0%B6%85%E0%B6%82%E0%B6%9A-7/

    අපිටත් REP වලින් සලකල යන්න හොදේ....
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    ඕක කියල තියෙන්නෙ ප්‍රේමසර ඈපාසිංහ නේද
    මිනිහව ටික දවසකට වැඩ තහනම් කරලත් තිබුනලු ඕක හින්ද
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මමත් අහලා තියෙනවා කලින්
    පාලිත නේද ඒ විස්තර විචාරකයා???

    අප්පා පාලිතයද??:shocked:
    සමහර විට වෙන්න ඇති..මොකද සමහර වෙලාවට ඌ කියන්නෙ මොනවද කියල ඌ දන්නෙත් නෑ
     

    pannisl

    Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    අප්පා පාලිතයද??:shocked:
    සමහර විට වෙන්න ඇති..මොකද සමහර වෙලාවට ඌ කියන්නෙ මොනවද කියල ඌ දන්නෙත් නෑ

    mama ahala thiyenneth palith kiyala thamiii