ක්‍රිකට් වාග් මාලාව -1 (A-C)
මේකත් මගෙ බ්ලොග් එකට දාපු එකක්. හොඳද බලන්න.
මුල් ලිපිය මෙතනින්.
Arm ball – දඟ පන්දු යවන්නෙකු (දකුණතින් පිට දඟ පන්දු යවන්නෙකු හෝ left arm orthodox පන්දු යවන්නෙකු ) විසින් යවන දඟ කැවීමක් නොමැති පන්දුව. සීමය කෙලින් සිටින සේ යැව්වොත් පන්දුව ගුවනේ දෝලනය කිරීමේ හැකියාවකුත් තිබෙනවා. එංගලන්තයේ ග්රැහැම් ස්වෝන්, නවසීලනයේ ඩැනියෙල් විටෝරි සහ ලංකාවේ රංගන හේරත් දක්ෂ ලෙස arm ball එක භාවිත කරනවා.
Bend Your Back – වේග පන්දු යවන්නන් (බොහෝවිට පිතිකරුවන්ට වඩා යෝග්‍ය තණතීරු වල ) වැඩි වෙහෙසක් දරා පන්දු යැවීම.
Belter – පිතිකරුවන්ට වඩා යෝග්‍ය තණතීරු. මේවායේ කඩුළු ලබා ගැනීම ඉතා අපහසු වන අතර එක්දින තරගයක නම් ලකුණු 300 ලබා ගැනීම අපහසු නොවන අතර ටෙස්ට් තරගයක් නම් බොහෝ විට ජය පරාජයෙන් අවසන් වනවා. බොහොමයක් ඉන්දීය තණතීරු සහ ලංකාවේ SSC තණතීරුව මීට හොඳ උදාහරණ.
Carry your bat – ආරම්භක පිතිකරුවෙක් තම කණ්ඩායමේ ඉනිම අවසන් වන තුරු (අනෙක් පිතිකරුවන් සියල්ල දැවී ගොස්) නොදැවී සිටියහොත් මෙසේ පවසනවා. දුර්ලභ සිදුවීමක් වන මෙය මෑත කාලයේදී ඕස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් නවසීලන්තයට එරෙහිව (ටෙස්ට් තරගයකදී) , පකිස්ථානයේ අසාර් අලි ශ්‍රී ලංකාවට එරෙහිව (එක්දින තරගයකදී) සහ ක්‍රිස් ගේල් ශ්‍රී ලංකාවට එරෙහිව (20-20 තරගයකදී) මෙම දස්කම වාර්තා කළා. ශ්‍රී ලංකාවට වෙනුවෙන් සිදත් වෙත්තමුණි, මාවන් අතපත්තු සහ රසල් ආර්නල්ඩ් (ටෙස්ට් තරග වලදී ) මෙම දස්කම සිදුකොට තිබෙනවා.
Chinaman – වමත් පන්දු යවන්නෙක් විසින් (දකුණත් පාදඟ පන්දුවකට අනුරූපව ) දකුණත් පිතිකරුවෙකු තුළට දඟකවන පන්දුව. මෙවැනි පන්දු යවන්නන් ඉතා විරල වන අතර මෙම ක්‍රමය left arm unorthodox ලෙසද හඳුන්වනවා. අසම්මත ඉරියව්වකින් පන්දු යැවූ දකුණු අප්‍රිකාවේ පෝල් ඇඩම්ස් සහ ඕස්ට්‍රේලියාවේ බ්‍රැඩ් හොග් මේ අකාරයෙන් පන්දු යවනවා.
Paul Adams – අසම්මත ඉරියව්වකින් පන්දු යවන්නා.
Chin Music – බවුන්සර් පන්දුවට මුහුණ දීමට අකමැති ක්‍රීඩකයින් ඉලක්ක කරගෙන බොහෝ විට short-leg හෝ වෙනත් උඩ පන්දුවක් ලබා ගත හැකි ස්ථානයක පන්දු රකින්නෙක් රඳවා පන්දු යැවීමේ උපක්‍රමය මෙසේ හඳුන්වනවා. ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියානුවන්ට එරෙහිව ඕස්ට්‍රේලියාවේදී හා එංගලන්තයෙදී මෙම උපක්‍රමය බහුලව භාවිතා වෙනවා. කෙසේ වෙතත් මෙම වදන බටහිර ඉන්දීය දූපත් හිදී උපත ලැබූවක් සේ සැලකෙනවා.
Closing the face – පන්දුව පිත්තේ වදිනවාත් සමගම පිත්ත දෙසට හරවමින් කරන ස්ථානගත කිරීම මෙලෙස හඳුන්වනවා. ඕනෑවට වඩා කලින් පිත්ත හැරවීමෙන් lbw හෝ leading edge එකකින් දැවී යාමට ඉඩ තිබෙන නිසා මෙය ප්‍රගුණ කිරීමට එතරම ලෙහෙසි කලාවක් නෙවෙයි.
Corridor of uncertainity – පිතිකරුවාගේ පිට ඉන්නෙන් ඉවත අඩියක් පමණ වන තීරුව මෙලෙස හඳුන්වනවා. මෙම කලාපයේ පතිත වන පන්දු පහරදිය යුතුද නැත්නම් නිදැල්ලේ යාමට ඉඩදිය යුතුද පහරදෙන්නේ නම් පෙර පාදයේද පසු පාදයේද යන්න තීරණය කිරීමට ඉතා අපහසු බැවින් මෙම කලාපයේ පන්දු යැවීමෙන් කඩුළු ලබා ගැනීමේ හැකියාව වැඩි බවයි වේග පන්දු යවන්නන් සලකන්නේ.
Cow corner – ක්‍රිකට් පිටියේ ඩීප් මිඩ්විකට් සහ ලෝන්ග් ඕන් කලාප දෙක අතර පිහිටි කලාපය මෙලෙස හඳුන්වනවා. පොතේ ඇති පහරවල් එකක් වත් මේ කලාපයට එල්ල නොවන නිසා සාමාන්‍යයෙන් මෙහි පන්දු රකින්නන් රඳවා තබන්නේ නැති වුණත් 20-20 තරග ආගමනයත් සමග cow corner එකත් වැදගත් ස්ථානයක් බවට පත්වෙමින් තිබෙනවා. අතීතයේ Dulwich College හි ක්‍රිකට් පිටියේ මෙ කලාපයේ එළදෙනුන් දිගේලි කරවා තිබූ බැවින් මේ නම භාවිතා වන්නට ඇති බව සැලකෙනවා.
මීළඟ කොටස සමග ළඟදීම හමුවෙමු.