ක්‍රිකට්_නීති_5ක්
අපි පොඩි කාලේ ගෙදර වත්තේ දාපු අමුතු ක්‍රිකට් නීති 5ක්
ඉස්සර අපි කොච්චර සෙල්ලම් කරන්න කැමතිද? කාලේ පහුවෙනකොට අපේ අතට ටැබ්, මොබයිල් ෆෝන් ඇවිත් අපි අපේ ළමා කාලේ ඉලෙක්ට්‍රොනික් තිරයක් ඉස්සරහ හිර කරගත්තට, ඒ කාලේ අපි කොච්චර සෙල්ලම් කලාද? ඉස්කෝලේ ඇරිලා ගෙදර එන්නේ පාරට හරි වෙලකට හරි ගිහින් සෙල්ලම් කරන්න. ඉතින් මෙහෙම සෙල්ලම් කරන්න ඉඩක් තිබ්බ අපේ ලමාකාලේ අපි ක්‍රිකට් සෙල්ලම් කරපු හැටි ඔබට අමතක වෙන්න විදිහක් නැහැනේ. ඒ නිසා අනිවා අපි මේ උත්සහ කරන්නේ ඔබව පොඩ්ඩක් අතීතෙට එක්කගෙන යන්න.
1. ටීම් දෙකක්ද? තනි තනියෙන් ද?
Source – youtube.com
කස්ටිය සෙට් උනාම ඉන්න ප්‍රමානේ අනුව පිල් දෙකකට බෙදලා ගහනවද? තනිතනියෙන් සෙල්ලම් කරනවද? කියලා තීරණේ කරනවා. යාළුවො 10-12 ඉන්නවා නම් ලේසියෙන්ම පිල් දෙකකට බෙදිලා සෙල්ලම් කරනවා. එහෙම නැතුව ඉන්නේ 6 දෙනෙක් විතරනම් මොනා කරන්නද? සෙල්ලම් කරන්නත් ඕනේ නේ. කරන්නේ එක්කෙනෙක් බැට් කරනකොට අනික් අය පන්දු රකින්නැයි බෝල් කරන්නයි එකතු වෙනවා.
2. තමන්ගේ වාරේ තේරීම
Source – dawn.com
පිල් දෙකක් ඉන්නවා නම් බොහෝ විට කාසියේ වාසිය අනුව සෙල්ලම් කරන පිල තීරණේ වෙනවා. එහෙම නැතුව තනි තනිව සෙල්ලම් කරනවා නම් කරන්නේ ඉරි අල්ලන එක.
ඉරි අල්ලනවා කියන්නේ පොළොවේ ඉන්න සාමාජිකයෝ ගානට අංක ටික මාරු කරලා පොලවේ ලියලා, අංක වලට උඩින් ඉරි අඳිනවා. මෙහෙම ඇඳලා බැට් එක අර අංක උඩින් තිබ්බම පෙන්නේ අර එලියට ඇඳපු ඉරි ටික විතරයි. ඊට පස්සේ තමන්ගේ සගයින්ට තමන්ට කැමති ඉරක් අල්ලන්න කියලා ඉඩ දීලා බැට් එක ඉවතට ගත්තම තමන්ට අයිති රේඛාව පහලින් තමන් පන්දුවට පහර දියයුතු ස්ථානය තියෙනවා.
3. පලවෙනි බෝලේ ට්‍රයල් බෝලේ
Source – wikipedia.org
මෙහෙම ඉතින් ටීම් දෙකකට බෙදිලා, ඉරි අල්ලලා එහෙම පළවෙනියට බැට් කරනකොට කොහොමද යාළුවො දාපු පලවෙනි බෝලෙන්ම පොලු ගියොත් ආතල් එක? ඇයි ඉතින් අපේ යාලුවන්ගෙන් ඔලුව බේරාගෙන ඉන්න යැ? ඒ නිසා මේ ගැන බොහොම වැඩිදුර කල්පනා කරපු අපේ නුවණැති මිතුරෝ පලවෙනි බොලේ ට්‍රයල් බෝලයක් ලෙස හැඳින්වුවා. එහෙම කලාම දාන පලවෙනි බෝලෙන්ම අවුට් උනාට එච්චර අවුලක් නැහැනේ. ට්‍රයල් නිසා ආපහු බැට් කරන්න චාන්ස් එක සෙට් වෙනවා.
4. ගස් කැච්, බිත්ති කැච් සහ වහලේ කැච්
Source – amateursport.wordpress.com
අපි සෙල්ලම් කරන තැන අනුව ගස්කොලන් එහෙම වැඩි නම් අපේ පහරදෙන පන්දුව ගහක වැදිලා ආපහු එන්න තියෙන ඉඩ කඩ වැඩියි. එහෙම තැන්වල දී අපි කරන්නේ අපි එල්ලකරන පහර ගහක වැදුනොත් එය අපි ආපහු බිම වැටෙන්නට නොදී අල්ලගත්තොත් එක කැච් එකක් විදියට සලකන එක. මේක බිත්ති සහ වහලවල් වලටත් අපි සෙල්ලම් කරන තැන අනුව වෙනස් වෙනවා. එහෙම උනත් apply වෙන්නේ එකම නීතිය තමා.
5. අල්ලපු ගෙදර
Source – animatedfeatures.tumblr.com
අල්ලපු ගෙදර ඉන්නේ ටිකක් මරුමුස් අන්කල් කෙනෙක් නම්, එහෙම නැතිනම් ගෙදර ඉන්න දඩෝරියා ගෙදරට එන අයව හපනවා නම්, බැරි වෙලාවත් ඒ වත්තට වැටෙන්න කවුරු හරි ගැහුවොත් ඒ පැත්ත අවුට් කියනවා. එහෙම නැතිනම් ලකුණු දෙන්නේ නැහැ. ඒ වගේම ගහපු කෙනාම ඒ බොලේ අරන් එන්නත් ඕනේ. ඇයි ඉතින් ඒ අන්කල් බොලේ අහුලන්න ගිහින් බැන්නොත් හරි, දඩෝරියා ඇවිත් හැපුවොත් හරි මොන දෙයියන්න්ට කියන්නද? ආන්න ඒක නිසා තමා අපේ යාලුවෝ දුරදිග බලලා ඒ වගේ තීරණ ගත්තේ. කොහොමද ඒ කාලේ අපේ ටිකිරි මොලේ.
තනිකරම (උස්සා) පල කරන ලදී...



ඉස්සර අපි කොච්චර සෙල්ලම් කරන්න කැමතිද? කාලේ පහුවෙනකොට අපේ අතට ටැබ්, මොබයිල් ෆෝන් ඇවිත් අපි අපේ ළමා කාලේ ඉලෙක්ට්‍රොනික් තිරයක් ඉස්සරහ හිර කරගත්තට, ඒ කාලේ අපි කොච්චර සෙල්ලම් කලාද? ඉස්කෝලේ ඇරිලා ගෙදර එන්නේ පාරට හරි වෙලකට හරි ගිහින් සෙල්ලම් කරන්න. ඉතින් මෙහෙම සෙල්ලම් කරන්න ඉඩක් තිබ්බ අපේ ලමාකාලේ අපි ක්‍රිකට් සෙල්ලම් කරපු හැටි ඔබට අමතක වෙන්න විදිහක් නැහැනේ. ඒ නිසා අනිවා අපි මේ උත්සහ කරන්නේ ඔබව පොඩ්ඩක් අතීතෙට එක්කගෙන යන්න.
1. ටීම් දෙකක්ද? තනි තනියෙන් ද?
Source – youtube.comකස්ටිය සෙට් උනාම ඉන්න ප්‍රමානේ අනුව පිල් දෙකකට බෙදලා ගහනවද? තනිතනියෙන් සෙල්ලම් කරනවද? කියලා තීරණේ කරනවා. යාළුවො 10-12 ඉන්නවා නම් ලේසියෙන්ම පිල් දෙකකට බෙදිලා සෙල්ලම් කරනවා. එහෙම නැතුව ඉන්නේ 6 දෙනෙක් විතරනම් මොනා කරන්නද? සෙල්ලම් කරන්නත් ඕනේ නේ. කරන්නේ එක්කෙනෙක් බැට් කරනකොට අනික් අය පන්දු රකින්නැයි බෝල් කරන්නයි එකතු වෙනවා.
2. තමන්ගේ වාරේ තේරීම
Source – dawn.comපිල් දෙකක් ඉන්නවා නම් බොහෝ විට කාසියේ වාසිය අනුව සෙල්ලම් කරන පිල තීරණේ වෙනවා. එහෙම නැතුව තනි තනිව සෙල්ලම් කරනවා නම් කරන්නේ ඉරි අල්ලන එක.
ඉරි අල්ලනවා කියන්නේ පොළොවේ ඉන්න සාමාජිකයෝ ගානට අංක ටික මාරු කරලා පොලවේ ලියලා, අංක වලට උඩින් ඉරි අඳිනවා. මෙහෙම ඇඳලා බැට් එක අර අංක උඩින් තිබ්බම පෙන්නේ අර එලියට ඇඳපු ඉරි ටික විතරයි. ඊට පස්සේ තමන්ගේ සගයින්ට තමන්ට කැමති ඉරක් අල්ලන්න කියලා ඉඩ දීලා බැට් එක ඉවතට ගත්තම තමන්ට අයිති රේඛාව පහලින් තමන් පන්දුවට පහර දියයුතු ස්ථානය තියෙනවා.
3. පලවෙනි බෝලේ ට්‍රයල් බෝලේ
Source – wikipedia.orgමෙහෙම ඉතින් ටීම් දෙකකට බෙදිලා, ඉරි අල්ලලා එහෙම පළවෙනියට බැට් කරනකොට කොහොමද යාළුවො දාපු පලවෙනි බෝලෙන්ම පොලු ගියොත් ආතල් එක? ඇයි ඉතින් අපේ යාලුවන්ගෙන් ඔලුව බේරාගෙන ඉන්න යැ? ඒ නිසා මේ ගැන බොහොම වැඩිදුර කල්පනා කරපු අපේ නුවණැති මිතුරෝ පලවෙනි බොලේ ට්‍රයල් බෝලයක් ලෙස හැඳින්වුවා. එහෙම කලාම දාන පලවෙනි බෝලෙන්ම අවුට් උනාට එච්චර අවුලක් නැහැනේ. ට්‍රයල් නිසා ආපහු බැට් කරන්න චාන්ස් එක සෙට් වෙනවා.
4. ගස් කැච්, බිත්ති කැච් සහ වහලේ කැච්
Source – amateursport.wordpress.comඅපි සෙල්ලම් කරන තැන අනුව ගස්කොලන් එහෙම වැඩි නම් අපේ පහරදෙන පන්දුව ගහක වැදිලා ආපහු එන්න තියෙන ඉඩ කඩ වැඩියි. එහෙම තැන්වල දී අපි කරන්නේ අපි එල්ලකරන පහර ගහක වැදුනොත් එය අපි ආපහු බිම වැටෙන්නට නොදී අල්ලගත්තොත් එක කැච් එකක් විදියට සලකන එක. මේක බිත්ති සහ වහලවල් වලටත් අපි සෙල්ලම් කරන තැන අනුව වෙනස් වෙනවා. එහෙම උනත් apply වෙන්නේ එකම නීතිය තමා.
5. අල්ලපු ගෙදර
Source – animatedfeatures.tumblr.comඅල්ලපු ගෙදර ඉන්නේ ටිකක් මරුමුස් අන්කල් කෙනෙක් නම්, එහෙම නැතිනම් ගෙදර ඉන්න දඩෝරියා ගෙදරට එන අයව හපනවා නම්, බැරි වෙලාවත් ඒ වත්තට වැටෙන්න කවුරු හරි ගැහුවොත් ඒ පැත්ත අවුට් කියනවා. එහෙම නැතිනම් ලකුණු දෙන්නේ නැහැ. ඒ වගේම ගහපු කෙනාම ඒ බොලේ අරන් එන්නත් ඕනේ. ඇයි ඉතින් ඒ අන්කල් බොලේ අහුලන්න ගිහින් බැන්නොත් හරි, දඩෝරියා ඇවිත් හැපුවොත් හරි මොන දෙයියන්න්ට කියන්නද? ආන්න ඒක නිසා තමා අපේ යාලුවෝ දුරදිග බලලා ඒ වගේ තීරණ ගත්තේ. කොහොමද ඒ කාලේ අපේ ටිකිරි මොලේ.
තනිකරම (උස්සා) පල කරන ලදී...







