ක්‍රිව-2500දී-පෘථිවිය

Star Buck

Member
Apr 23, 2014
18
5
0
ක්‍රිව-2500දී-පෘථිවිය

“යක්ෂයා විසින් සියලු ආගම් නිපදවන ලද්දේ මිනිස් වර්ගයාගෙන් දෙවියන් වසං කිරීමටය” (“All Religions were invented by the Devil to conceal God from Mankind.”)

ක්‍රිව 2500දී පෘථිවිය දෙස බැලීමක්

ආතර් සී ක්ලාක් ලියු අවසාන කෙටිකථාව

පරිවර්තනය එස්. එම්. බන්දුසීල


අවුරුදු 2,500කට පසු අද අප සිටින වාසිදායක තත්වයේ සිට, බියකරු 21 වැනි සියවස දෙස ආපසු හැරී බලන විට එවැනි දුක්ඛිත යුගයක් පසු කර මිනිස් වර්ගයා තවමත් පැවතීම ඇදහිය නොහැකි දෙයක් ලෙස පෙනේ. ඉතාම අනතුරුදායක මොහොත වූයේ 2010 වර්ෂය බව දැන් නිවැරදිව කිව හැකියි.

ඉන් අවුරුදු පනහකට පමණ පෙර ප්‍රධානම තර්ජනය වූයේ තාප න්‍යෂ්ටික ආයුධයි. කෙසේ වෙතත් මේවා නිපදවිය හැකි වූයේ විශාල මූල්‍ය සම්පත් හා උසස් මට්ටමේ තාක්ෂණයක් යන දෙකම ඇති ධනවත් රටවලට පමණි.

නමුත් සම්පූර්ණයෙන්ම අනපේක්ෂිත ලෙස එක්වරම විද්යුත්-චුම්බක ස්පන්ද බෝම්බය නිපදවීමත් සමග තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වූයේය. මෙම භයංකර උපක්‍රමයේ මූලාරම්භය පැහැදිලි නැත. සංකල්පයකට නියම කාලය පැමිණි විට, සෑම අවස්ථාවකම සිදු වී ඇත්තාක් මෙන් එය එකිනෙකාගෙන් ස්වාධීනව කීප තැනකම සොයා ගන්නට ඇත.

කෙසේ වෙතත් මේ පිළිබඳ ප්‍රසිද්ධ විස්තරයක් පළ වූයේ “පොපියුලර් මැකනික්ස්” නම් සඟරාවේ 2001 සැප්තැම්බර් කලාපයේයි. එයට සංස්කාරක යොදා තිබු ශීර්ෂපාඨය වඩාත් භාවෝද්දීපක විය:“ඉ-බෝමබය: ඇසිපිය ගසන තරම් ඉක්මනින් ශිෂ්ටාචාරය අවුරුදු200ක් ආපස්සට යැවිය හැකි විද්යුත්-චුම්බක බෝම්බයක් සෑදීමට ඕනෑම ත්‍රස්තවාදියෙකුට අවශ්‍ය වන්නේ ඩොලර්400ක් පමණයි!”

ඉ-බෝම්බයේ හදවත වුයේ ඉතා සරල උපක්‍රමයකි. අවශ්‍ය වුයේ තඹ දඟරයක් හා එය වටා දැමීමට පුපුරන ද්‍රව්‍යයක් පමණි. එය පිපිර වූ විට ඇති වන ප්‍රබල චුම්බක ස්පන්දය සියලු ඉලෙක්ට්‍රොනික පද්ධති අක්‍රිය කරනවා පමණක් නොව එය ඕනෑම තැනකට නිවැරදිව ඉලක්ක කර යැවිය හැකි වේ.

මෙම ලිපියේ රූපසටහන්ද සහිතව සියලු විස්තර අඩංගු වූ බැවින් ඕනෑම කෙනෙකුට සාර්ථක ඉ-බෝම්බයක් නිපදවිය හැකි වූයේය. ඇත්ත වශයෙන්ම සිදු වූයේත් එයයි!

පළමුවැනිමෙන් ම වාසනාවකට මෙන් අවසාන ඉ-බෝම්බය සාදන ලද්දේ කලින් දැන නොසිටි ආසියානු ත්‍රස්තවාදීන් කණ්ඩායමක් විසිනි. කුඩා බඩුනැවක එය නිවියෝර්ක් වරායට ගෙන ගිය ඔවුන් උපරිම අවුල්සහගත තත්වයක් නිර්මාණය කිරීම සඳහා එය පුපුරවා හැරියේ මධ්‍යම රාත්‍රියේයි.

මෙහොතකින් සියලු විදුලි උපකරණ ක්‍රියා විරහිත විය. මෙයට ආලෝක පද්ධති පමණක් නොව සියලු විදුලි සංදේශ හා පරිගණක උපකරණ ද ඇතුළත් විය. සියලු ගුවන්විදුලි හා රූපවාහිනි මධ්‍යස්ථාන අක්‍රිය වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාවට තොරතුරු නොලැබීමෙන් අවුල දෙගුණ තෙගුණ වුයේය. වහාම මිය ගියේ හෘදඋත්තේජක පැලඳ සිටි සිය ගණනක් පමණි.

එක් අතකින් ඔවුන් වාසනාවන්ත යයි කිව හැකියි. ඊළඟ දින කීපය තුළදී කිසිම ආහාරයක් ලබා ගත නොහැකි වූ අතර ඒවා බෙදා හැරීමේ මගක් ද නොවීය. සියලු ජලපොම්පාගාර පද්ධති කියාවිරහිත වූ බැවින් පානීය ජලය ලබා ගත හැකි වූයේ නැත. අසල ප්‍රදේශවලින් මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට පෙර පිපාසය හා කුසගින්න නිසා සිය ගණනක් මිය ගොස් තිබුණි.

නමුත් 2001 ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ යෝධ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු ඉතා ඉක්මනින් යථා තත්වයට පත් වීමෙන් නිව්යෝර්ක නගරය ප්‍රදර්ශනය කළ ශ්‍රේෂ්ඨත්වය එය නැවතත් වරක් පෙන්නුම් කළේය.

එක්සත් ජාතීන්ගෙන් ලැබුන සහයෝගය ද මෙහිදී බොහෝ දුරට උපකාරී විය. මෙයට හේතු වූයේ මෙවැනි පහරදීමක අවදානම ලෝකය පුරාම ඇති බව සෑම රටක්ම අවබෝධ කර ගැනිමයි.

ඊළඟට පැන නැගුණ ප්‍රශ්නය වුයේ මෙවැනි ආයුධයකින් ආරක්ෂා වන්නේ කෙසේ ද යන්නයි. විශේෂ පුද්ගලයන් පොළොව යට ලෝහ කුටි තුළ ආරක්ෂා කළ හැකි වුවත් මුළු ජනගහනය සඳහා එය ප්‍රායෝගික පියවරක් නොවීය.

වාසනාවකට මෙන් අවසාන විසඳුම ලැබුණේත් ප්‍රශ්නය ඇති කළ තාක්ෂණය තුළින්මයි. විශ්වසනීය මානසික පරීක්ෂක (psychological probes) නිපදවීමත් සමග ඕනෑම සැකසහිත පුද්ගලයෙක් ඉතා පහසුවෙන් හා කිසිම වේදනාවකින් තොරව මේ මගින් විමර්ශනයට ලක් කළ හැකි වූයේය. අවශ්‍ය වූයේ ප්‍රශ්නමාලාවකට පිළිතුරු ලබා ගැනීම පමණි.

මෙම ප්‍රශ්නවලින් බොහොමයක් ඉතා අහිංසක ඒවා වූ අතර සමහරක් අමූලික අසත්‍යයන් විය. නමුත් ඒ ඒ පුද්ගලයා සම්බන්ධයෙන් මානසික පරීක්ෂකය ක්‍රමාංකනය කර ගැනීමට ඒවා අවශ්‍ය විය.

ඊළඟ පියවර නම් ඉතා විවාදාත්මක විය. අහඹු ලෙස තෝරා ගත් පුද්ගලයන් ප්‍රශ්න කිරීමට ලක් කරන ලද අතර ඔවුන දැක්වූ සහයෝගයට ගෙවීමක් කරන ලදී. මෙහිදී දුෂ්කරතාවය වූයේ සම්පුර්ණ ප්‍රතිඵලය නිවැරදි බව සහතික කිරීමට යම් කිසි ජාතියක පරීක්ෂාවට ලක් කළ යුතු නියැදියේ ප්‍රමාණය තීරණය කිරීමයි.

මිනිස් ඉතිහාසයේ සිදු වූ මෙම යෝධ මානසික සමීක්ෂණයේ එක් ප්‍රතිපලයක් වූයේ ශිෂ්ටාචාරයට ඇති ප්‍රධාන අනතුර ආගමික අන්තවාදය පමණක් නොව ආගම් බවයි. “යක්ෂයා විසින් සියලු ආගම් නිපදවන ලද්දේ මිනිස් වර්ගයාගෙන් දෙවියන් වසං කිරීමටය” යන සුප්‍රසිද්ධ කියමනෙන් මෙය කැටි කොට දැක් වේ. (“All Religions were invented by the Devil to conceal God from Mankind.”)

රාජ්‍ය තාන්ත්‍රිකයන්, පූජකයන් හා දේශපාලනඥයින් යුග ගණනාවක් තිස්සේ දේශනා කර ඇති වචන බිලියන ගණනක් වූ භක්තිමත් කුණුකසල, වංචනික විලම්බීත හෝ (ඔවුන් අවංක වී නම්) උන්මත්තකයන්ගේ නන්දෙඩවිලි බව මෙයින් සක්සුදක් සේ පැහැදිලි විය.

මානසික පරීක්ෂකය තුළින් ලබා ගත් අලුත් තොරතුරු නිසා, මිනිස් මනස ආසාදනය කළ ඉතාම දරුණු “චිත්ත වයිරසය” සංවිධානාත්මක ආගම් බව අවබෝධ කර ගැනීමට මිනිස් වර්ගයාට හැකි වූයේය.

දැන් මෙම උපකරණය අපට මිනිස් සිත් මිලියන ගණනක් ඉලෙක්ට්‍රොනික ලෙස සම්බන්ධ කිරීමේ හැකියාව ලබා දී ඇති බැවින් සුපිරි මනසක් (“supermind”) තැනීමට ප්‍රයත්නයක් දැරිය යුතු යයි අදහසක් ඉදිරිපත් වී තිබේ. මෙයින් එයට සම්බන්ධ වන අයගේ පුද්ගලිකත්වය නැති වී යෑමේ අවදානමක් තිබේ. මේ නිසාම මෙහි හොඳනරක පිළිබඳව නිමක් නැති වාදවිවාද පැවැත්වෙයි.

සමහරුන්ගේ අදහස වී ඇත්තේ එවැනි මිනිස් සිත් ඒකාබද්ධ වීමක් ආශීර්වාදයක් විය හැකි බවයි. නියම යුතෝපියාවකට යා හැකි එකම මග ද එය විය හැකියි.

ඉන් ඔබ්බටත් යමින් සමහර විටක මෙම සුපිරි මනස, තරු වෙතට දූරානූභූතික සංඥාවක් (telepathic signal) යැවීමට ඉඩ තිබේ. එයින් කියවෙනු ඇත්තේ ගැලැක්සීය ප්‍රජාව සමග සම්බන්ධ වීමට පෘථිවි ග්‍රහලෝකය දැන් සූදානම් බවයි…

සුපිරි මනස සාදරයෙන් පිළිගනිමු!


උපුටා ගැනීම- http://nalakagunawardene.com
 
  • Like
Reactions: Fox Mulder89

Star Buck

Member
Apr 23, 2014
18
5
0
ආපෝ............ තව්ත් පිස්සෙක්

මැතක ඉදන් එළකිරි එක පිස්සන් කොටුවක් වෙලා

අලුතින් එන හැමෝටම පිස්සෝ කියන්නේ නැතිව, තියෙන දේ පොඩ්ඩක් කියවලා බැලුවොත් නේද හොද මහත්තයෝ. සමහර විට මහත්තයාගේ වයස වැඩි හින්දා මොලේ කරකුට්ටන් වෙලා ඇත්තේ.
ලීච්ලා, අතුල ලා හිටපු කාලේ ඉදන් මම එළකිරි එන කෙනෙක්. ලැජ්ජයි ඔහේ වගේ උදවිය ගැන මට.
 

lilman

Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    අලුතින් එන හැමෝටම පිස්සෝ කියන්නේ නැතිව, තියෙන දේ පොඩ්ඩක් කියවලා බැලුවොත් නේද හොද මහත්තයෝ. සමහර විට මහත්තයාගේ වයස වැඩි හින්දා මොලේ කරකුට්ටන් වෙලා ඇත්තේ.
    ලීච්ලා, අතුල ලා හිටපු කාලේ ඉදන් මම එළකිරි එන කෙනෙක්. ලැජ්ජයි ඔහේ වගේ උදවිය ගැන මට.

    ithin oka kiyanna fake ekakin awe mokada ?original id eken warenko :P