ක්‍රිස්තියානි ද? කතෝලික ද?

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    කතොලික කෙනෙක් බෞද්ධ ආගම දකින්නේ කොහොමද?
    ක්‍රිස්තියානි අය බෞද්ධ ආගම දකින්නේ කොහොමද?
    මොනවද දෙකේ වෙනස?
    කතොලික කෙනෙක් වෙන ආගමක කෙනෙක් බෞතීස්ම කරනවද?
    ක්‍රිස්තියානි කෙනෙක් වෙන ආගමක කෙනෙක් බෞතීස්ම කරනවද?
    දෙකේම වෙනස මොකද්ද?
    කතෝලික අය පෝයට පන්සල් යනවද?
    ක්‍රිස්තියානි අය පෝයට පන්සල් යනවද?
    නොයනවනම් ඒකට හේතුව මොකද්ද?

    අපි වෙනයි එයාල වෙනයි කියල කියන්නේ එයාලා තමන්ගේ ආගම එලිපිටම අදහන නිසාද? ඔයාලා බෞද්ධ සමාජේ එක්ක කලවම් වෙලා ඔයාලව වෙන්කරලා අඳුන ගන්න බැරිවිදියට සිංහල නම් තියලා ඔයාල සිංහල බෞද්ධයෝ වගේම ඉන්න නිසාද?
    කතොලික කෙනෙක් බෞද්ධ ආගම දකින්නේ කොහොමද? *මට නම් කතෝලික බෞද්ධ කියල වෙනසක් නෑ..ඒ සමහර විට ඒ සමාජ දෙකේම ජීවත් උන නිසා වෙන්න ඇති..පෝයට පංසල් යනවා..බෝදිය නාවනවා හිතට සැනසීමක් එනවා එවෙලෙට.
    ක්‍රිස්තියානි අය බෞද්ධ ආගම දකින්නේ කොහොමද? ක්‍රිස්තියානි අය දන්නතරමින් පන්සල් යන්නේ නෑ..ගියත් ඒ ඒ වතාවත් කරන්නේ නැහැ.
    මොනවද දෙකේ වෙනස? කතෝලික සභාවෙන් තහනම් නෑ වෙනත් ආගමික ස්තානවලට යන්න..ඒත් ක්‍රිස්තියානි අය ගොඩක් බය්බලය පරිශීලනය කරන නිසා...එකම දෙවියන් පමනක් වන්දනාමාන කරන්න කියල තියන නිසා එයාල යන්නේ නෑ
    කතොලික කෙනෙක් වෙන ආගමක කෙනෙක් බෞතීස්ම කරනවද? ඔව් ඒත් ගොඩල් වැඩ තියනවා..පන්ති යන්න ඕන.
    ක්‍රිස්තියානි කෙනෙක් වෙන ආගමක කෙනෙක් බෞතීස්ම කරනවද? අපෝ ඔව් අඩගහල ගන්නේ
    දෙකේම වෙනස මොකද්ද?
    කතෝලික අය පෝයට පන්සල් යනවද? ඔව්
    ක්‍රිස්තියානි අය පෝයට පන්සල් යනවද? නැහැ
    නොයනවනම් ඒකට හේතුව මොකද්ද?

    අපි වෙනයි එයාල වෙනයි කියල කියන්නේ එයාලා තමන්ගේ ආගම එලිපිටම අදහන නිසාද? ඔයාලා බෞද්ධ සමාජේ එක්ක කලවම් වෙලා ඔයාලව වෙන්කරලා අඳුන ගන්න බැරිවිදියට සිංහල නම් තියලා ඔයාල සිංහල බෞද්ධයෝ වගේම ඉන්න නිසාද? එහෙම නෑ...ක්‍රිස්තියානි කියන්නේ බය්බලයේ තියනවිදියට තමයි හැමදේම...ඒත් කතෝලික සභාව නූතන ලෝකයට අවශ්‍ය විදියට වෙනස්කම් වෙලා තියෙන්නේ..මල්ටි කල්චරල් සොසයිටි එකක කොහොමද ජීවත් වෙන්නේ කියල හොදට උගන්වනවා.
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    කතෝලික උන් තමන්ගේ පාඩුවේ ඉන්න උන් දන්නා තරමින්. මං අඳුරන හැමෝම වගේ පන්සල්, දානේ, බණ පිරිත් ගෙවල් වල යනවා, වැඩ කරනවා, කඳාන, මීගමුවේ යාළුවො ඉන්නවා උන් සමහරු තමයි ඒ ලඟම පන්සල් වල හැම දේටම දුවන්නේ මුලින්ම. බුදුන් වඳින්නේ නෑ, ඒ වෙලාවට පැත්තකට වෙලා ඉන්නවා.

    ක්‍රිස්තියානි වෙනම සීන් එකක්, එකෙන් තමයි ඔය මොකක්ද හමුදාවයි, ගලවා ගන්නවයි, බේරා ගන්නවයි කියල එන්නේ. අපේ ගෙදරටත් ඇවිල්ල බලලත් හැපුව එක ගෑනියෙක්ව. :ROFLMAO:

    උන් ආගම ප්‍රචාරණේ තදටම ඉන්නවා. මට ඉස්සර ක්‍රිස්තියානේ කෙල්ලෙකුත් බන්දන්න ආව පස්සෙන්ම. (එතකොට ඔකේ වෙනස දන්නේ නෑ මං) එකී ඒ කාලේ කිව්වේ 2017 දී ලෝක විනාසේ පටන් ගන්නවයි, එතකොට අහසෙන් වෙන වෙනම එලි ඇවිල්ලා එයාලගේ දෙවියන් විස්වාස කරපු අයව විතරක් දිවිය ලෝකෙට ඇදල ගන්නවා, අනිත් ඔක්කොම උන් පොළොව පලන් අපායට යනවා කියල. තව ඔහොම මොංගල් කතා ගොඩක් කියලා ආර්ගිව් කරලා ඒක නැවතුණා. (පට්ට කෑල්ල හැබැයි)

    කතෝලික එකෙත් මෙහෙම එකක් තියෙනවා, වෙන ආගමක එකෙක් බඳිනවා නම් අවුලක් නෑ, හැබැයි දරුවෝ කතෝලික කරනවා කියල පොරොන්දු පත්‍රයක් ගන්නවා. මගේ යාලුවෙක් එහෙම බැන්ද. හැබැයි ඒක පාඩුවකුත් නැතිලු, හොඳ ඉස්කෝල වලට එහෙම ගද්දි තැන දෙනවලු, තව අර ගෝඩ් පේරන්ට්ස් කියල ඉන්නවා, ඇත්ත අම්ම තාත්ත මැරුනොත්, සම්පුර්ණ ළමයින්ගේ වගකීම අර දෙන්න ගන්නවලු. අනික අරුන් දෙන්න බඳින්න කලින් මාසයක් පල්ලියේ ක්ලාස් ගියා,වැඩිහිටි බැඳපු උන් ඇවිත් පවුල් ප්‍රශ්න, ජිවත් වෙන හැටි ගැන උපදෙස් දෙන්න. (මාත් ගිහින් බලන් හිටිය දවසක් දෙකක්, ඒවා නම් හැබැයි හැම ආගමකින්ම කෙරෙන්න ඕන දේවල්)
     
    • Like
    Reactions: King kekille

    පොරොන්දු පත්‍ර කතානම් බොරු..
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    කතොලික කෙනෙක් බෞද්ධ ආගම දකින්නේ කොහොමද?
    ක්‍රිස්තියානි අය බෞද්ධ ආගම දකින්නේ කොහොමද?
    මොනවද දෙකේ වෙනස?
    කතොලික කෙනෙක් වෙන ආගමක කෙනෙක් බෞතීස්ම කරනවද?
    ක්‍රිස්තියානි කෙනෙක් වෙන ආගමක කෙනෙක් බෞතීස්ම කරනවද?
    දෙකේම වෙනස මොකද්ද?
    කතෝලික අය පෝයට පන්සල් යනවද?
    ක්‍රිස්තියානි අය පෝයට පන්සල් යනවද?
    නොයනවනම් ඒකට හේතුව මොකද්ද?

    අපි වෙනයි එයාල වෙනයි කියල කියන්නේ එයාලා තමන්ගේ ආගම එලිපිටම අදහන නිසාද? ඔයාලා බෞද්ධ සමාජේ එක්ක කලවම් වෙලා ඔයාලව වෙන්කරලා අඳුන ගන්න බැරිවිදියට සිංහල නම් තියලා ඔයාල සිංහල බෞද්ධයෝ වගේම ඉන්න නිසාද?
    xx කතොලික කෙනෙක් බෞද්ධ ආගම දකින්නේ කොහොමද?
    බුදුන් වහන්සේගේ දර්ශනය අනුව කටයුතු කරන පිරිසක්, හැබැයි ගොඩක් දෙනෙක් අතර ඒක නෑ අනිත් ආගම් වලට වඩා ආදර්ශමත් උනානම් ලංකාව මෙයිට වැඩිය සුකිත මුදිත වෙන්න තිබුනා.

    xx ක්‍රිස්තියානි අය බෞද්ධ ආගම දකින්නේ කොහොමද?
    ඒකට ක‍්‍රිස්තියානි කෙනෙක් ඉන්නවනම් උත්තරයක් දෙන්න.

    xxමොනවද දෙකේ වෙනස?
    කතෝලික අය මූලික වශයෙන් දෙවියන් වහන්සේ මූලිකව ක‍්‍රිස්තුන් වහන්සේ පහදා දුන් ධර්මය අනුව ජීවත් වීමට උත්සහ කරනව.. ඒ වගේම ගොඩාක් ශුද්ධවන්තයන්ගේ ජීවිත ආදර්ශය අනුව කටයුතු කරන්න උත්සහ දරනව.

    ක‍්‍රිස්තියානි අයනම් දනන් හැටියට බයිබලයේ පුරාණ ගිවිසුම අනුව කටයුතු කරනව,

    xxකතොලික කෙනෙක් වෙන ආගමක කෙනෙක් බෞතීස්ම කරනවද?
    කතෝලික කෙනෙක් විශේෂයෙන් වෙනත් ආගමක කෙනෙක විවාහ කරගන්නවනම් එම අවස්ථාවේදී ඔහුට සිය කැමැතෙන් පුරුෂයාට හො කාන්තාවට බලපෑමකින් තොරව බෞතිස්මය ලබාගත හැකියි. ඒ සදහා විශේෂ සූදානම් කිරීමේ පංති පැවැත්වෙනව එය අවසානේ තමා අවසර ලැබෙන්නේ.

    xxක්‍රිස්තියානි කෙනෙක් වෙන ආගමක කෙනෙක් බෞතීස්ම කරනවද?
    ගොඩාක් දුරට ඔවුන් කතෝලික අය පවා..

    xxදෙකේම වෙනස මොකද්ද?
    වෙනස ඇදහිලි ක‍්‍රම

    xxකතෝලික අය පෝයට පන්සල් යනවද?
    යන්නෙ නෑ.

    xxක්‍රිස්තියානි අය පෝයට පන්සල් යනවද?
    යන්නේ නෑ

    xxනොයනවනම් ඒකට හේතුව මොකද්ද?
    කතෝලික අය පෝයට පන්සල් යාමේ අවශ්‍යතාවයක් නෑනෙ

    xxඅපි වෙනයි එයාල වෙනයි කියල කියන්නේ එයාලා තමන්ගේ ආගම එලිපිටම අදහන නිසාද? ඔයාලා බෞද්ධ සමාජේ එක්ක කලවම් වෙලා ඔයාලව වෙන්කරලා අඳුන ගන්න බැරිවිදියට සිංහල නම් තියලා ඔයාල සිංහල බෞද්ධයෝ වගේම ඉන්න නිසාද?

    අපි සිංහල, දමිල කතෝලික අයත් ඉන්නව.. ඒත් අපිට සිංහල බෞද්ද විදියට ඉන්න අවශ්‍ය නෑ අපි සංහල කතෝලික නිසා. කතෝලික උනාට අපි සංහල මිනිස්සු ඒක නිසා අපිට සංහල නම්ද ඉංග‍්‍රීසි නම්ද කියල දෙයක් නෑ... කතෝලික ආගම ලංකාවට පැමිනි මුල් වකවානුව තුල ගොඩක් ඉගැන්වීම් තිබුනෙ ඔවුන්ගේ ක‍්‍රමයට පසුව එය ලංකාවේ කතෝලික ජනතාවට පහසු විදියට සැකසෙන්න පටන් ගත්ත (මිෂනාරි සුවාමිලාගේ පැමිනීමත් සමග) ඒ වගේම ජුසේවාස් පියතුමාගේ පැමිණිමත් සමග ගොන්සාල්වෙස් පියතුමා ගොඩාක් යැදුම් ගීතිකා අපිට ගැලපෙන විදියට සකසන්න යොමු වුනා.