කතොලික කෙනෙක් බෞද්ධ ආගම දකින්නේ කොහොමද? *මට නම් කතෝලික බෞද්ධ කියල වෙනසක් නෑ..ඒ සමහර විට ඒ සමාජ දෙකේම ජීවත් උන නිසා වෙන්න ඇති..පෝයට පංසල් යනවා..බෝදිය නාවනවා හිතට සැනසීමක් එනවා එවෙලෙට.කතොලික කෙනෙක් බෞද්ධ ආගම දකින්නේ කොහොමද?
ක්‍රිස්තියානි අය බෞද්ධ ආගම දකින්නේ කොහොමද?
මොනවද දෙකේ වෙනස?
කතොලික කෙනෙක් වෙන ආගමක කෙනෙක් බෞතීස්ම කරනවද?
ක්‍රිස්තියානි කෙනෙක් වෙන ආගමක කෙනෙක් බෞතීස්ම කරනවද?
දෙකේම වෙනස මොකද්ද?
කතෝලික අය පෝයට පන්සල් යනවද?
ක්‍රිස්තියානි අය පෝයට පන්සල් යනවද?
නොයනවනම් ඒකට හේතුව මොකද්ද?
අපි වෙනයි එයාල වෙනයි කියල කියන්නේ එයාලා තමන්ගේ ආගම එලිපිටම අදහන නිසාද? ඔයාලා බෞද්ධ සමාජේ එක්ක කලවම් වෙලා ඔයාලව වෙන්කරලා අඳුන ගන්න බැරිවිදියට සිංහල නම් තියලා ඔයාල සිංහල බෞද්ධයෝ වගේම ඉන්න නිසාද?
ක්‍රිස්තියානි අය බෞද්ධ ආගම දකින්නේ කොහොමද? ක්‍රිස්තියානි අය දන්නතරමින් පන්සල් යන්නේ නෑ..ගියත් ඒ ඒ වතාවත් කරන්නේ නැහැ.
මොනවද දෙකේ වෙනස? කතෝලික සභාවෙන් තහනම් නෑ වෙනත් ආගමික ස්තානවලට යන්න..ඒත් ක්‍රිස්තියානි අය ගොඩක් බය්බලය පරිශීලනය කරන නිසා...එකම දෙවියන් පමනක් වන්දනාමාන කරන්න කියල තියන නිසා එයාල යන්නේ නෑ
කතොලික කෙනෙක් වෙන ආගමක කෙනෙක් බෞතීස්ම කරනවද? ඔව් ඒත් ගොඩල් වැඩ තියනවා..පන්ති යන්න ඕන.
ක්‍රිස්තියානි කෙනෙක් වෙන ආගමක කෙනෙක් බෞතීස්ම කරනවද? අපෝ ඔව් අඩගහල ගන්නේ
දෙකේම වෙනස මොකද්ද?
කතෝලික අය පෝයට පන්සල් යනවද? ඔව්
ක්‍රිස්තියානි අය පෝයට පන්සල් යනවද? නැහැ
නොයනවනම් ඒකට හේතුව මොකද්ද?
අපි වෙනයි එයාල වෙනයි කියල කියන්නේ එයාලා තමන්ගේ ආගම එලිපිටම අදහන නිසාද? ඔයාලා බෞද්ධ සමාජේ එක්ක කලවම් වෙලා ඔයාලව වෙන්කරලා අඳුන ගන්න බැරිවිදියට සිංහල නම් තියලා ඔයාල සිංහල බෞද්ධයෝ වගේම ඉන්න නිසාද? එහෙම නෑ...ක්‍රිස්තියානි කියන්නේ බය්බලයේ තියනවිදියට තමයි හැමදේම...ඒත් කතෝලික සභාව නූතන ලෝකයට අවශ්‍ය විදියට වෙනස්කම් වෙලා තියෙන්නේ..මල්ටි කල්චරල් සොසයිටි එකක කොහොමද ජීවත් වෙන්නේ කියල හොදට උගන්වනවා.