ක්‍රිස්තු ජීවිතයෙන් අවුරුදු තුනක කාලය..?

Ambatta

Active member
  • Jun 27, 2016
    453
    95
    28
    ක්‍රිස්තු ජීවිතයෙන් අවුරුදු තුනක කාලය..?

    ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිතයෙන් අවුරුදු තුනක කාලය (වයස 30 සිට 33 දක්වා) ශුද්ධවූ බයිබලයේ අලුත් ගිවිසුමේ දැක්වෙන්නේ නැහැ. ඒ කාලය තුළ උන්වහන්සේ හිටියෙ කොහෙද? මොනවද කළේ කියා නිශ්චිතව කිසියම් සඳහනක් වන්නේ නැහැ.
    ඒ නිසා පසුකාලීන උගතුන් මේ අවකාශය පුරවන්ට නොයෙක් උත්සාහ ගෙන තිබෙනවා. බොහෝ දෙනෙක් කියන්නේ ක්‍රිස්තු තුමන් ඉන්දියාවට පැමිණි වගයි. සිංහලෙන් ද මේ ගැන පොත් කීපයක්ම පළවී තිබෙනවා. කොලට් සේනානායක හා නාරද කරුණාතිලක මේ අළලා පොත් දෙකක්ම ලියා තිබෙනවා. එකක් “යේසුස් නම් බුද්ධ ශ්‍රාවකයාණෝ.” අනික “යේසුස් දේව පුත්‍රයකු කළ බුද්ධ පුත්‍රයා.”
    ප්‍රවීණ ලේඛක භද්‍රජි මහින්ද ජයතිලක ද පොතක් ලියා තිබෙනවා. ඒ “ජේසුස් දඹදිව විසූ වගයි” කියන පොත. ඒක පරිවර්තනයක්. හෝල්ගර් කර්ට්සන් ලියූ “ජීසස් ලිව්ඩ් ඉන් ඉන්දියා” ඒ මුල් පොතේ නම.
    නිකලස් නොටොවිච් නමැති රුසියානුවාත් මේ අවකාශය පුරවන්ට උත්සුක වූ ලේඛකයෙක්. ඔහු කියන්නේ ක්‍රිස්තුන් වහන්සේ තිබ්බතයට පැමිණි බවත්, අනතුරුව යළි පලස්තීනයට ගිය බවත්ය.
    පසුබිම ඒ තිබියදී මෑතදී මේ හා සම්බන්ධ තවත් පොතක් සිංහලෙන් පළ වුණා. ඒ “යේසුස් මෛත්‍රී බුදුන්ද?” යන පොත. මේකත් පරිවර්තනයක්. පොතේ ඉංග්‍රීසි නම “ඩෙත් ඔන් ද ක්‍රොස් ඇන්ඩ් හිස් ජර්නි ටූ ඉන්දියා.” කතුවරයා හස්රත් ගුලාම් මිර්සා අහමද් (1835 – 1908). ජී. ‍(ගොයුම්) එවරස්ට් ආරච්චිගේ හා කේ. කේ. සමන් කුමාර දෙදෙනා තමයි පොත සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ.
    මුලින්ම කතුවරයා ගැන යමක් දැනගෙන සිටීම වැදගත්. ඔහු ඉස්ලාමීය අහමදියා ව්‍යාපාරයේ නිර්මාතෘවරයා. පොත් 90 ක් විතර ලියලා තියෙනවා. ඔහු අවිගත් ජිහාඩයක් වෙනුවෙන් පෙනී නොසිටි ලේඛකයෙක් වීම කැපී පෙනෙනවා.
    “යේසුස් මෛත්‍රී බුදුන් ද?” පොතේ විශේෂත්වය තමයි අහමද්, ක්‍රිස්තුන් වහන්සේ ඉන්දියාවට සංචාරය කළේ බයිබලයේ නැති වූ කාලය ලෙස හඳුන්වන ක්‍රිස්තු තුමන්ගේ අවුරුදු 30 – 33 කාලයේදී නොවන බව කීමයි. ඒ වෙනුවට ඔහු වෙනත් ප්‍රවාදයක් ගොඩනඟනවා. ඒ තමයි ක්‍රිස්තුන් වහන්සේ කුරුසිය මත මැරුණේ නැහැ. සිහිමුර්ඡාව සිටියා පමණයි. පසුව මෘත දේහය තැන්පත් කරපු ගල්ලෙනෙන් එළියට විත් පලස්තීනයෙන් පැන ගොස් ඉන්දියාවට ආ බවයි. ඒ අතරතුර උන්වහන්සේ තම ගෝලයන් කීප දෙනකු මුණගැසී තිබෙනවා. ඒ බව බයිබලයේද එන කරුණු ද තහවුරු කරනවා. ඇතැම් ගෝලයන් පවා උන්වහන්සේ තවදුරටත් ජීවමානව සිටීම ගැන විශ්වාසයක් පළකළෙත් නැහැ. දෙඅතේ අත්ලවලට ඇණ ගැසීමෙන් වූ තුවාල පෙන්වීමෙන් හා ස්පර්ශ කරන්ට දීමෙන් පසුවයි විශ්වාස කළේ.
    මේ ප්‍රවාදය කතෝලික ආගමේ ඇදහිල්ල (දර්ශනය නෙමෙයි) දරුණු විවේචනයට ලක්කිරීමක්. සාමාන්‍යයෙන් කතෝලිකයන්ගේ විශ්වාසය වන්නේ උන්වහන්සේ දින තුනකින් උත්ථානය වූ බවයි. පාස්කු ඉරුදින සමරන්නේ ඒ උත්සවයයි.
    ඉන්දියාවට සංක්‍රමණය වූ ක්‍රිස්තු තුමන් එහිම දහම් දෙසමින් කල්ගත කරලා තියෙනවා. මෙහි වඩාත් බරපතළම ප්‍රවාදය වන්නේ උන්වහන්සේ ඉන්දියාවට ගොස් ඇත්තේ මරිය මග්දලේනා නම් වූ තරුණිය සමඟ බවත් එහිදී එතුමා ඇය විවාහ කරගත් බවත්ය. මරිය මග්දලේනා බයිබලයේ සඳහන් වන ආකාරයට ගණිකාවක්. මිනිසුන් ඇයට ගල් ගසද්දී ඇය බේරා ගත්තේ ක්‍රිස්තුන් වහන්සේ. වැරදි නොකරන කෙනෙක් ඇයට පළමු ගල ගසන්නැයි කීවේ ඒ අවස්ථාවේදී.
    ක්‍රිස්තුන් වහන්සේට දරුවන් ද ඉඳලා තියෙනවා. ඒ පුතුන් දෙදෙනෙක් හා දියණියක්. දියණියගේ නම සාරා.
    ක්‍රිස්තුන් වහන්සේ වැඩ වාසය කරලා තියෙන්නේ කාශ්මීරයේ “ෆ්ලෝටින් කැපිටල්” යන නමින් හඳුන්වන ශ්‍රී නගර් හි ආශ්‍රමයක. උන්වහන්සේ තිබ්බතයේ හා කාශ්මීරයේ සැරිසරමින් බෞද්ධ සාහිත්‍ය හා සූත්‍ර අධ්‍යයනය කරලා තියෙනවා. තිබ්බතයේදී වජ්‍රයානික හෙවත් තන්ත්‍රයානික ගූඪවාදය ද හදාරා තිබෙනවා. උන්වහන්සේ යෝග භාවනාවෙහි ඉහළටම ගිය කෙනෙක්.
    ක්‍රිස්තුන් වහන්සේ අවුරුදු 120 ක් ඉන්දියාවේ ජීවත්වෙලා තියෙනවා. උන්වහන්සේගේ සොහොන ශ්‍රී නගර් හි ඛාන්සාර් වීදියේ අදටත් නිරුපද්‍රිතව පවතින බව පැවසෙනවා.
    මේ කරුණු එකිනෙක සාක්ෂාත් කිරීම සඳහා අහමද් විවිධ ලිඛිත මූලාශ්‍ර උපුටා ගන්නවා. ඉතිහාස පොත්, වෛද්‍ය විද්‍යාත්මක පොත් පමණක් නෙමෙයි, බෞද්ධ පොත් පවා ඉවහල් කර ගන්නවා. මගේ පෞද්ගලික පිළිගැනීමට අනුව නම් අප විශ්වාස කිරීම නොකිරීම කෙසේ වෙතත් මෙබඳු පර්යේෂණ කාර්යයන් අතිශය වැදගත්. ආගම වුණත් ප්‍රශ්න කිරීමේ අයිතිය මිනිසුන්ට තිබෙන්න ඕනෑ. එසේ නො‍වන්නේ බොහෝ විට ආගම් රජය සමඟ බැඳී පවත්නා බැවින්. ආගම කියන විෂය (මොනම හෝ) රජයෙන්, අධ්‍යාපනයෙන් මුලිනුපුටා දැමිය යුතුය යන්න තමයි බුද්ධිමතුන්ගේ මතවාදය. ඉන්දියාවේ ගාන්ධිතුමාත් මේ ආකල්පයේමයි හිටියේ.
    ක්‍රිස්තු චරිතය අර්ථකථනය කිරීමේදී ඇතැම් නිර්මාණ ලේඛකයන් අහමද් පවා අබිබවා ගොස් සිටිනවා. නිකොස් කසන්ට්සාකිස් ලියූ “ද ලාස්ට් ටෙම්ප්ටේෂන් ඔෆ් ජීසස් ක්‍රයිස්ට්” නවකතාවේ ක්‍රිස්තුන් වහන්සේට කුරුසියේදී ඇතිවූ දුර්පරීක්ෂාවක් හේතුවෙන් කුරුසියෙන් බැස මරිය මග්දලේනා සමඟ විවාහ වී දරුවන් ද ලැබ ගන්නවා. ජෝසේ ෂරමාගෝගේ “ගොස්පල් එකෝඩින් ටූ ජීසස් ක්‍රයිස්ට්” කෘතියේ ක්‍රිස්තුන් වහන්සේ හා මරියා අතර වන රමණ අවස්ථාවක් ද නිරූපණය කර දක්වනවා.
    අපේ කතෝලික සභාව බල අධිකාරියි. ඔවුන්ගේ ඉහට උඩින් අහමද්, කසන්ට්සාකිස්, ෂරමාගෝ වගේ අයට පියඹන්න බැහැ. ඒ නිසා තමයි තිස්ස බාලසූරිය පියනමගේ, මංජුල වෙඩිවර්ධනගේ පොත් වාරණයට ලක් කරන්නේ. මා කියන්නේ එකම එක දෙයයි. ආගමික නායකයන් සම්බන්ධයෙන් විකල්ප අදහස් දැක්වීමේ, විවේචනය කිරීමේ, අර්ථකථන දැක්වීමේ පුළුල් නිදහස තිබිය යුතුය යන්න පමණයි. අවසාන තීරණය පාඨකයා අතේ




    සුනිල් මිහිඳුකුල
    [email protected]
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    Machan bibile eka liyala tiyenne jesus ge geewitha kathawa newi. eke tiyenne dewiyange wachanaya. bibile eke kagewath jeewitha katha na. egollo deviyange wachayana prakasha karanna yeduna hati witarai tiyenne. oba kiwwa wage jesus marune na eyawa wala damma kiyanne muslim aya. oya NGC channel eke pennuwa. egollo oya jesus wa wala damma tanata gihin parikshana karanna haduwama eka karanna denne na. eka boruwak nisa. muslim aya jesus wa piliganne samanya manusyak hatiyata nisai egollo oya wage liyanne. buddhism wala lord buddhage jeewitha katawa nathanam ada budu dahamak na. budu dahama yanne buduhamudurwange jeewita katawa samaga. anika terum ganna one jesus budu dahamaegena gatanam ai ekama devi kenek gana kiyanne eka. ehema wenawanam buddism boru wenawa. eka nisa owage boru poth kiyawanna epa.
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    "උන්වහන්සේගේ සොහොන ශ්‍රී නගර් හි ඛාන්සාර් වීදියේ අදටත් නිරුපද්‍රිතව පවතින බව පැවසෙනවා."
    මේක ගැන තව විස්තර කියන්න පුලුවන්ද ?
     

    waligamaya

    Well-known member
  • "ආගම කියන විෂය (මොනම හෝ) රජයෙන්, අධ්‍යාපනයෙන් මුලිනුපුටා දැමිය යුතුය යන්න තමයි බුද්ධිමතුන්ගේ මතවාදය. ඉන්දියාවේ ගාන්ධිතුමාත් මේ ආකල්පයේමයි හිටියේ."



    indeed :yes::yes:
     

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    කාටද මේ කේන්ති ගිහින් මගෙ රෙප් කපන්නෙ... මාව අසරන අනාත භාවයට පත් කොරන්ට වෙන්ටැ....
     

    waligamaya

    Well-known member
  • "උන්වහන්සේගේ සොහොන ශ්‍රී නගර් හි ඛාන්සාර් වීදියේ අදටත් නිරුපද්‍රිතව පවතින බව පැවසෙනවා."
    මේක ගැන තව විස්තර කියන්න පුලුවන්ද ?

    මෙහෙමයි යෝගීන් ඉනාව කියනවා වදර සියගන්නේ ජිවත් වන බොහෝවිට හිම්ලයේ. බුදු සමයේ පවා විසු යෝගීන් ඉනාව කියනවා. බොහෝ යුරෝපිය, ආසියාතික ගවේෂ්කයන් ඉන්දියාවේ, හිමාලයේ, ටිවෙටයේ, නේපාලයේ චීනයේ කරපු ගවේශන වලදී හමුවූ හා අද්දැකීම් වලින් ලියපු පොත් වල මේදේවල් තියනවා කැමතිනම් ගොයන් කියවන්න කියවල තමන්ම ඔනම් හිමාලයේ ගිහින් හොයනවා නම් අතමයි හොද