ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවලද 2020 දි ණය බර අඩු කර
පොඩි කාලෙ අපිට බෝල කර කර ලියන්න ඇණයක් වෙලා තිබ්බ අකුර වුණ සිංහල හෝඩියේ මුර්ධජ " ණ " යන්නෙන් පටන් ගන්න එකම එක වචනයයි තිබ්බෙ.ඒකත් හෙනම මුස්පේන්තු "ණය " කියන වචනෙ. ඒ කාලෙ ඉතින් නිර්ණාමික බ්‍රෑන්ඩ් වලින් ආපු ඩබල් රූල් පොත් වල පොල් ගෙඩි අකුරින් යන්තන් "ණය " කියල ලියාගන්නකොට එක්කො පැන්සල් පාරට පිටු 40 ක් විතර හිල් වෙලා...නැත්තන් ඉතින් ඉරේසරේ අවුරුදු 5 ක් එකදිගට දාපු බාට දෙකක් වගේ ගෙවිල.
කොහොම කොහොම හරි ටීචට අපිට ඔය ණය කියන සංසිද්ධිය තේරුම් කරවන්න ගොඩක්ම අමාරු වුණේ හෝඩි පොතේ "ණ " යන්න ගාවින් " ණය " කියල තිබ්බෙ නැති නිසා .අනික ඉතින් ණය කියල තිබ්බත් පොටෝ කෑල්ලක් නෑ....දැන් වගෙ නම් ඉතින් ඔතනට සීඩී එකකුත් අමුණයි. " ණය යන වචනයේ අර්ථය සරලව මුල සිට වීඩියෝ ආධාරයෙන් පහදනු ලැබේ කියල " .ඔන්න ඕක නිසා "ණ " යන්නට "ඇණ " කියල තමයි හෝඩි පොතේ තිබ්බෙ පොඩි උන්ගෙ ඇහේ ඇනුණොත් දණිස් පොල්කට්ටෙන් මතු වෙන සයිස් පරාල ඇණේක පින්තූරෙකුත් එක්ක.
එහෙම කරන්න ඇත්තෙ ඉතින් අපි හෝඩියේ ඉන්න කාලෙ අපිව කඩේ ඇරිය වෙලාවක "මාමෙ අම්ම සල්ලි දෙයි " කියල බන්ටි ටොපියක් ඒම අරන් ආව ඇරෙන්න ලොකුවට ණය ගැන දන්නෙ නැති නිසා...ඒ උනාට ඉතින් ඒකාලෙ ඉඳන්ම නොදැනෙනවා වුණාට නූපන් බිළිදා පවා රටේ පුරවැසියෙක් විදියට ණයකාරෙක් විදියට ජීවත් වෙලා තියනව.
මේ රටේ ණය ගෙවන්නෙ නිකන් ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවනව වගේ නෙ...ක්‍රෙඩිට් කාඩ් එකේ බිල එනකොට ඒකට ගෙවන්න ආයෙ කාට හරි ණය වෙනවා...ඒක ගෙවන්න ආයෙ කාඩ් එක මැසිමට දානවා. අන්තිමට කාඩ් මැසිමත් ගෙවෙනව නිකන් ගෝනි මහපූ මහන මැසිම වගෙ ආණ්ඩුව මේ කරන හැටියට කරොත් නං.
තරුණ පරපුරේ සුකුමාල කොල්ලො එහෙම නෑ ඉතින් එයාල ණයත් නෑ බයත් නෑ නෙ..ජොබ් එක කරල සැලරි හම්බුණාම ක්‍රෙඩිට් කාඩ් බිල ගෙවනව.නැත්තන් දිවා රෑ නොබලා බීඩි ඔතල හරි සල්ලි හොයාගන්නවනෙ හෙට පත්තරෙන් බත් ඔතන්න බලන් ඉන්න සිරිලාංකිකයිනි..
ඒ කියන්නෙ මොකක් හරි සේවයක් හරි නිශ්පාදනක් හරි කරන්න ඕනි ණයක් බේරන්න නම්..ප්‍රධාන අපනයන භෝගය මැදපෙරදිග යන කාන්තාවන් වෙලා තියන රටක නිශ්පාදන ගැන හොයනවට වඩා හොදයි ඉතින් ආසනික් තියන වක්කඩකට වරු තුනක් කට තියන් ඉන්නව......
ටැප් එකෙන් බිව්වත් බෝතලෙන් බිව්වත්,පීල්ලෙන් බිව්වත්,දිය ඇදල නාපු කුඹුකෙ ළිදෙන් බිව්වත් ආය ඕව වැසිකිළි බටේ දිගේ යන්නෙ ගඟට තමයි.ගඟවල් පටන් ගන්න හරියෙම කඳුකරේ පොළවට පෝර දාල එළවලු හිටවන රටක ආය මොන මිනරල් වෝටද කිව්වලු.........
දැන් ඉතින් නිරිතදිග තෙත් කලාපෙ කියන්නෙ..කොළඹ ,ගම්පහ ,කළුතර ඒ ටිකට නෙ.තෙත් කලාපෙ අස්සෙ කර්මාන්ත අටවගෙන වියළි කලාපෙ වගා කරන අරුම පුදුම රටක් නෙ මේක...ඒකට ලොකුම හේතුව කියල කියන්නෙ ආයෝජකයන්ට යන්න එන්න ලේසි වෙන්නයි අමුද්‍රව්‍ය පිටරටින් ගේන්න ලේසි නිසයි කියල.ඔව් ඒ වරායට ළඟ නිසා ..ඒ කතාවත් හරි ඉතින් නැත්තන් කොළඹ ඉඳල පිට පළාතකට යනකොට ට්‍රැෆික් එකකට අහු වුණාම ආයෝජකයො තියා පිටසක්වල ජීවියෙක්වත් ලංකාවට එන්නෙ නෑ නෙ..
සංචාරකයො උනත් හෙන ලෝ බජට් අය තමයි දැන් දැන් එන්නෙ.කොටුවෙ ස්ටේශන් එකේදි 2nd class ටිකට් එකක ගාණ අහල නුවරට 3 rd ක්ලාස් ටිකට් ගත්ත සුද්දෙක් දැකල දවසක් මට ඉස්මුරුත්තාවට ආවෙ ඒකා තව ස්ටේශන් එකේ ෆ්‍රී වයි ෆයි තියනවදත් අහල කෝච්චිය ඒ සී ද කියලත් අහපු නිසා .රු දෙසීයටත් අඩු ගාණක් දීලා රුපියල් පනහේ ලාබෙ බලපු සුද්දගෙ රතු පාට අයි පෝං එක තියන්ඩෝන රේල් පීල්ලට.
සංචාරක ව්‍යාපාරය නගා සිටවල ආර්ථිකය ශක්තිමත් කරන් එක කෙසේ වෙතත් කොහෙ හරි යන ගමන් සංචාරකයින් දොට්ට පිලට යන්න එන රටක් වෙයි මේක ඉස්සරහට .
ඊළඟට ඉතින් රට වටේටම තියන මුහුදෙ මාලු අල්ලන එක තමයි රට ගොඩ දාන්න පුළුවන් තවත් විදියක් කියන්නෙ.ඒක ඉතින් අර පොඩි කාලෙ බලපු කාටූන් වල වගෙ බිලී කොක්කට පණුවෙක් අමුණල කරන්න බෑ තමයි..චිලී හරි ජපන් මුහුදෙන් හරි අල්ලපු ,අපෙ ගිය ආත්මෙද කියලත් ශුවර් නැති ටින් කරපු මාලු කන අපිට රට මැද්දෙත් මූදක් තිබ්බත් වැඩක් නෑ ඉතින් මේ යන විදියට .....හිරෝෂිමා නාගසාකි න්‍යෂ්ටික පිපුරුම් වලිනුයි ,වෙන න්‍යෂ්ටික ක්‍රියාවලි නිසයි ජපං මුහුදටත් බලපෑම් එල්ල වෙලා තියනව කියලනෙ කියන්නෙ.එතකොට ජපනා අල්ලන මාලු අපිට කවනව. සුපර් මාකට් වලත් දිලිසි දිලිසි තියනව .
වෙලාවකට හිතෙනව හිස් ටින් එක සැමන් කෑල්ලට වඩා වටිනවද කියලත්.
කොහොම හරි ඉතින් අර සප්නා අක්කා වහලෙ උඩ පපඩං වේලන හැටි ලාවට හරි දැකල ඇති නෙ. චෝ චෝ වැලි කපුටා කියල කාක්කො එලව එලව...ඔව්ව ඉතින් හස්තකර්මාන්ත කිව්වට කකුලෙන් පාගනවද කියන්න අපි බලන් ඉන්නවයැ...අන්න ඒම හදන පපඩම පවා මෝදි මාමි අපිට උතුරා යන සෙනෙහසින් එවනවා මිතුර..ලංකාවෙ කෝටි දෙසීයක් ම ජනගහනය මුහුදට අපද්‍රව්‍ය දාන නිසා තමිල්නාඩුවේ ලුණු ඊට වඩා පිරිසිදු ඇති ඇන්ටාක්ටිකාවේ හිම මෙන් සුපිරිසිදු ලුණුත් මෙහෙට ගෙන්නනවා.....
අනික ඉතින් මෙහෙ හඳුන්කූරු වගෙ නෙවෙයි ඉන්දියන් හදුන්කූරු වල සුවඳින් ගෙදර විතරක් නෙවෙයි ඇඩ්රස් එකත් හොයාගන්න පුළුවන් .බස්සෙකක ගහන් ගියා නම් ඒවැයින් හඳුන්කූරක් පොලිසියට දඩ ගහන්න හොයන් එන්න වුණත් පුළුවන් සුසුමට පවා රහසින්.අන්න ඒ නිසා එහෙන් හඳුන්කූරත් ගෙන්නනව අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය නෙ....
හැබැයි ඔහොම ඉන්දියාවෙන් හැම රටකජ්ජම ගෙන්නනකොට සාමාන්‍යයෙන් මෙහෙනුත් එහාට මොනා හරි යවන්නලු ගිවිසුම ගහන්නෙ..ඒ කියන්නෙ එකඟ වුණ භාණ්ඩ කිහිපයක් එහෙටත් යවන්න..මෙහෙ ඉතින් මොනාත් හදන්න එපැයි යවන්න... එක්කො අර අල්ලපු කුඩු ටිකවත් තමයි ආයෙම යවන්න වෙන්නෙ...............
ඉතින්...
හැමදාම මෙහෙම ක්‍රෙඩිට් කාඩ් එකෙන් ණය ගෙව ගෙව ඉම්මු ද??
උපුටා ගැනීමකි.. www.sirakatha.lk

Last edited: