ක්‍රෙඩිට් කාඩ් වල තියෙන CVC / CVV / CVV2 මොනවාද ? මොනවටද ?

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    ක්‍රෙඩිට් කාඩ් වල තියෙන CVC / CVV / CVV2 මොනවාද ? මොනවටද ?

    අද කාලේ රැකියාවක්, ව්‍යාපාරයක් කරන බොහෝ දෙනෙක් අතේ තියෙනවා අනිවාර්ය මෙවලමක් තමයි ක්‍රෙඩිට් කාඩ් එක. ක්‍රෙඩිට් කාඩ් භාවිතා කරන ඕනෑම කෙනෙක් ගාව කාඩ් දෙකක් වත් තියෙනවා කියන එක තමයි මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න විද්වතුන්ගේ පිළිගැනීම. ඉතිං තියෙනවා වගේම තමයි පාවිච්චියත්. විශේෂයෙන්ම අන්තර්ජාල භාවිතාව. 2005 ඉඳලා 2010 දක්වා අන්තර්ජාල භාවිතාවට සාපේෂව පහුගිය අවුරුදු දෙකහමාර තුල ඉතාමත් ඉහල ගිහිං. ප්‍රධාන හේතුව තමයි ඊ-බේ ආකෘතියේ ඊ-වෙළඳාම් කරන වෙබ් අඩවි.


    අන්තර්ජාල ගනුදෙනු වලදී වංචා(Fraud) සහ අවභාවිතාවන්(misuse) වැඩි නිසාම ඇති වෙන ගැටලුත් වැඩියි. ඕනෑම කෙනෙකුගේ ක්‍රෙඩිට් කාඩ් පතේ අංකය තුන්වෙනි පාර්ශවයකට දැන ගන්න තියෙන ක්‍රම විශාල ප්‍රමාණයක් තියෙනවා. මාසිකව ඔබේ නිවසට ලැබෙන ප්‍රකාශනයෙන් වුනත් මේ අංකය පහසුවෙන් දැන ගන්න පුළුවන්. ඔබ කාඩ් පත භාවිතා කරමින් ගනු දෙනු කල රිසිට් පත්‍රය, ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගත් විට දෙනු ලබන මුද්‍රිතයේ මේවා දකින්න පුළුවන්. හැබැයි දැන් සම්පූර්ණ කාඩ් අංකය ඉහතින් දක්වපු රිසිට් පත්‍ර වල සටහන් වෙන්නේ නෑ. ඒක වෙනමම මාතෘකාවක් ඔස්සේ කථා කරන්න ඕනේ මාතෘකාවක්. ඊට අමතරව ඉලෙක්ට්‍රොනික් උපාංග භාවිතා කරමින්, සන්නිවේදන සබඳතා වලට සම්බන්ධ වීමෙන් කාඩ් අංක උකහා ගත්තු අවස්ථා එමටයි. අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනු කරන විටදී විවිධ උපක්‍රම යොදමින් කාඩ් අංක සොරා ගන්නා අවස්ථාත් එමටයි.


    ගනුදෙනුකරුවෙක් අන්තර්ජාලය ඉදිරියේ ඉඳගෙන භාවිතා කරන්නේ නියම කාඩ්පතද කියල දැන ගන්න තමයි සීවීසී (CVC) අංකය කරලියට එන්නේ. CVC කියන්නේ Card Verfication Code සමහර අවස්ථා වල මේක CSC - Card Security Code විදියටත් ආමන්ත්‍රණය කරනවා. මාස්ටර්කාඩ් ආයතනය තමයි මේක මුලින්ම භාවිතා කලේ, ඒ 1997 දී. වීසා ආයතනය එය භාවිතා කරන්නේ 2001 දී. අපි මේ CVC, CVV, CVV2 ගැන කථා කලාට, බොහෝ දෙනෙක් ළඟ කාඩ් පත් තිබුණාට, මේ අංකය සටහන් වෙලා තියෙන්නේ කොහේද කියලා බොහෝ දෙනෙක්ට අවුබෝධයක් නෑ. මම එහෙම කියන්නේ අන්තර්ජාල ගනුදෙනු අතරමැද්දේ ඉඳගෙන මේ අංකය හොයා ගන්න ලැබෙන ඇමතුම් නිසා. හරි අපි මේක පින්තූරයකින්ම බලා ගමු.




    පින්තූරය ගත්තේ : www.iweb2cell.com වීසා හා මාස්ටර් ආයතන මේක මුද්‍රණය(engrave) කරන්නේ කාඩ්පත පිටුපස. ඇමෙරිකන් එක්ස්ප්‍රස් ආයතනය මේක ඉදිරිපසම මුද්‍රණය කරනවා. මෙතන අමෙක්ස් ආයතනය පොඩි ප්‍රයෝගයක් කරනවා. ඔවුන් කාඩ්පත පිටුපස වීසා හා මාස්ටර් ආයතන මුද්‍රණය කරන තැනම ඉලක්කම් තුනේ අංකයක් මුද්‍රණය කර තිබෙනවා. නමුත් නිවැරදි අංකය ඉදිරිපස තිබෙන ඉලක්කම් හතරකින් යුත් අංකයයි.


    වර්තමානයේ ඔබේ කාඩ්පතේ පිටුපස තිබෙන අංකය CVV2 වශයෙන් හඳුන්වනවා. මෙහිදී පෙර පැවති CVV අගය හා මෙහි ඇති එකම වෙනස නම් මෙම CVV2 අංකය අනුමාන කිරීමට අපහසු එකක් වීමයි. එහෙම කියන්නේ මේ ආයතන දෙකමයි. එය දෙවන පරම්පරාවේ (2nd Generation) අංකයක් ලෙසයි හඳුන්වන්නේ. එහෙත් ඉලක්කම් තුනක, අහඹු ලෙස තෝරාගත් අංකයක් අනුමාන කිරීම අපහසු වුවද, මතක තබා ගැනීමේ කිසි ගැටළුවක් නැත. අද දින ඔබට මෙන්ම මටද තිබෙන ගැටලුව එයයි.


    මෙම අංක සහ රහස් අංක කිසිදු විටෙක පටලවා නොගෙන භාවිතා කිරීම ඉතා වැදගත්. දුරකථනය මගින් ඔබේ කාඩ් අංකය සහ CVC අංකය ලබා දුන්නත්, රහස් අංකය කිසිවෙකුට හෙළි නොකිරීමට ඔබ වග බලා ගත යුතුයි.

    source : awidda-paya.blogspot.com

     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ඔබේ කාඩ් අංකය සහ CVC අංකය ලබා දුන්නත්,


    me daka thiyanawa nam Pw ona na ban , payment karana pluwan
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඔබේ කාඩ් අංකය සහ CVC අංකය ලබා දුන්නත්,
    me daka thiyanawa nam Pw ona na ban , payment karana pluwan
    2zyftpg.png

    Ow bn pin eka one na payments karanna.
    One card no / ex-date / CVC vitharai.

    ..................................................​
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,863
    2,174
    113
    Galle
    2zyftpg.png

    Ow bn pin eka one na payments karanna.
    One card no / ex-date / CVC vitharai.

    ..................................................​
    machn ubawa contact karaganna puluwan vidihak na ne
    mata ube MB number eka PM karanna puluwanda