ක්‍රෝටන් කොළ, කොස් කොළ සහ ජනතාව

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    ක්‍රෝටන් කොළ, කොස් කොළ සහ ජනතාව

    ක්‍රෝටන් කොළ, කොස් කොළ සහ ජනතාව

    අසූව දශකයේ පැවති ජනපතිවරණ වේදිකාවේ ජනාධිපති අපේක්‍ෂක රණසිංහ ප්‍රේමදාස මහතා ඉතා ආකර්ෂණීය ලෙස දේශපාලන පොරොන්දුවක් ඉදිරිපත් කළේය.

    "මේ රටේ හාමතේ ඉන්න උදවියට මම පාන් කන්න දෙනවා
    පාන් කන අයට බත් පිගානක් දෙනවා
    බත් කන අයට බුරියානි එකක් දෙනවා
    බුරියානි කන අයට අතුරුපසට කෙසෙල් ගෙඩියක් දෙනවා ....."

    රටේ සෑම ස්ථරයකම ආර්ථික තත්වය නගා සිටුවන බව එදා ප්‍රේමදාස මහතා පැවසුවේ එලෙසයි...

    තවත් තැනකදී ප්‍රේමදාස මහතා මෙසේ කිවේය.

    "කකුල පිච්චි පිච්චි ඇවිදින අප්පුහාමිලට මම සෙරෙප්පු දෙනවා
    සෙරෙප්පු දාපු සිරිපාලලට සපත්තු දෙනවා"

    ප්‍රේමදාස මහතා කකුලේ ඇඟිලි තුඩු වලින් ඉස්සෙමින් තම රළු, ග්‍රාම්‍ය කටහඬින් මේ කරුණු ඉදිරිපත් කරන විට මහජනතාව ඔල්වරසන් හඬ දෙමින් ඔහුට චන්දය ප්‍රකාශ කිරීමට පෝලිම් ගැසුනේය. ඔහු තම පොරොන්දු ඉටු කලාද නැද්ද යන්න මම විග්‍රහ කිරීමට උත්සහ නොකරමි.

    ඊට දශක දෙකකට පසු එම පක්ෂයේම ජනාධිපති අපේක්‍ෂක රනිල් වික්‍රමසිංහ මහතා මේ කාරණය කිව්වේ මෙලෙසයි.

    "අපි මේ රටේ නංගිලාට මල්ලිලාට රත්තරං බ්‍රේස්ලට් දෙනවා
    බුලත් විට කන මාමලාට චුවින්ගම් හපන්න දෙනවා
    අමුඩේ ගහගෙන මඩේ බහින ගොවි රාළලාට ඩෙනිම් කලිසම් අන්දනවා"

    මෘදු කටහඬින්, ඕලාරික ස්වභාවයෙන් මේ කතාව පැවසු රනිල් වික්‍රමසිංහ මහතා වැඩේ අනාගත්තා පමණක් නොව ජනතාව ඉදිරියේ පෞරුෂයෙන් තොර කවටයෙකු බවට පත් විය.

    මේ සිද්ධිය මට මතකයට නංවන්නේ මෑතකදී ඇතිවූ ආදේශක ආහාර පිළිබඳ කථිකාවතයි.

    මා කිහිප විටක් පවසා ඇති ආකාරයට ලංකාවේ මිනිසුන් මූලික අවශ්‍යතා සපුරා ගැනීමේදී කරන වැරදි කිහිපයක් මුළු රටේම ආර්ථිකය බිඳ දැමීමට හේතුවෙයි. කාන්තාවගේ ප්‍රධාන ඇඳුම (රජයේ සේවය සඳහා නිල ඇඳුම) වන සාරිය 100% ක් ආනයනය කරයි. රටේ සම-ප්‍රධාන ආහාරය වන පාන් සහ ඒ ආශ්‍රිත අනෙකුත් කෑම වර්ග සාදන තිරිඟු පිටි 100% ක් ආනයනය කරයි. ලැයිස්තුව බොහෝ දිගය. මේ ආකාරයට රටකට ඉදිරියට යා නොහැක. එක්කෝ අප මෙම පුරුදු වෙනස් කරගත යුතුය නො එසේ නම් පුරුද්ද පවත්වාගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය /නිමි ද්‍රව්‍ය මෙරටේ නිෂ්පාදනය කරගත යුතුය.

    මේ අනුව නියඟයක් ඇතිවුනා හෝ නැතිවා හෝ අප දේශීයව ලබාගත හැකි ආදේශක ආහාර වලට සංක්‍රමණය වීම ජාතික අවශ්‍යතාවයකි. මෙහිදී කොස් පොළොස්, දෙල්, බතල, මයියොක්කා, ගහල, කොමඩු වර්ග ආදී මෙම කාර්ය සඳහා යොදාගත හැකි ආහාර භෝග වර්ග රාශියක් ලංකාවේ ඇත. මේවායින් සමහර භෝග සඳහා ජලය අවශ්‍ය වන්නේ ඉතා ස්වල්ප වශයෙනි.

    කෘෂි ඉංජිනේරු පර්යේෂණ අංශයේ යුතුකම වන්නේ මෙම ආහාර භෝග ඕනෑම තත්වයක් යටතේ වගා කිරීමට හැකිවන පරිදි වැඩි දියුණු කිරිමත් ජනතාවට පහසුවෙන් ආහාර සකස් කරගත හැකි ආකාරයෙන් මූලික ඵලදාවට අගය එකතු කිරීමත්ය. උදාහරණයක් ලෙස; බතල පිටි වලින් පාන් සහ වෙනත් බේකරි නිෂ්පාදන සෑදිය හැකි පරිදි වැඩි දියුණු කිරීමට මීට වසර 25ට පමණ පෙර ලංකාවේ තාක්‍ෂණවේදීන් සමත් විය. එහෙත් තිරිඟු පිටි ආනයන මාෆියාව විසින් මෙම සොයා ගැනීම යටපත් කරන ලදී. මෙක්සිකෝවේ සහ කොලොම්බියාවේ මයියොක්කා පිටි වලින් පාන් පමණක් නොව පිට්සාද සාදනු මම දැක ඇත්තෙමි. එම ආහාර තිරිඟු පිටි නිෂ්පාදන වලට වඩා බොහෝ සෙයින් රසවත්ය.

    සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමයේ මේ පිළිබඳව ඉතා සුභදායි දේශපාලන දැක්මක් තිබුණේය. එහෙත් එම රජයේ සමහර අදුරදර්ශී ප්‍රතිපත්ති නිසා මෙයින් නිසි ඵල නෙලා ගැනීමට නොහැකි වූ බව මගේ හැඟීමයි.

    පසුගියදා මෙම රජයේ අමාත්‍යංශ නිලධාරීහු තම අගමැතිවරයා අනුගමනය කරමින් මෙම මහඟු කර්තව්‍ය පුර්ණ විකටාංගයක් බවට පත් කලෝය.

    නියගයට මුහුණ දීමට නම් ක්‍රෝටන් කොළ, කොස් කොළ, තේ දළු ආහාරයට ගැනීමට ජනතාව හුරු කරවිය යුතු බව ඔවුන් පවසයි. මෙය මහා විකාර සහ හාස්‍යජනක ප්‍රකාශයකි. නියගයකට ඔරොත්තු දෙන ක්‍රෝටන්, කොස්, තේ වර්ග සොයා ගැනීම ලෙහෙසි නැත. අනෙක් අතට තේ දළු කෑමට වඩා කාර්ගිල්ස් එකකින් බාස්මතී සහල් මිලදී ගැනීම ලාබ දායක වනු ඇත. ක්‍රෝටන් කොළ, කොස් කොළ කෑමට පෙර මේ රටේ වැඩි දියුණු කර භාවිතය ප්‍රචලිත කල යුතු ආහාර වර්ග බොහෝ ඇත.

    සමස්ථයක් වශයෙන් මා දකින්නේ මේ රටේ දේශපාලන දර්ශණය පූර්ණ ප්‍රතිශෝධනයකට ලක් කිරීමට කාලය එළඹ ඇති බවයි. දේශපාලකයාට රුපියල් මිලියන සිය ගණනක් වටිනා වාහන ආනයනය කරමින්, එය සාධාරණීකරණය කරමින් සිටිනා කාලයක මහජනතාවට කොස් කොළ කෑමට සුදානම් වන්න යැයි පැවසීම සමාජය තුලින් පාලකයා කෙරෙහි දරුණු වෛරයක් ඇති කිරීමට හේතු වන බව සියල්ලෝම සිහි තබා ගැනීම යෙහෙකිය.
    source http://chandimagomes.blogspot.com/2017/01/blog-post_21.html

    එක්කෝ මේ ආණ්ඩුව මේ පණිවිඩය මිනිස්සු අතරට ගෙනිච්ච විදිහ වරදයි
    එහෙම නැත්තම් අපේ බයි අප්පුලට මේක තේරුම් ගන්න තරම් මොලයක් තිබුනේ නෑ .
    WFP එක දැනට අවුරුද්දකට කලින් කිව්වා ප්‍රෝටීන් උනතාවය සදහා කුරුමිනියෝ ආහාරයට ගන්න පුළුවන් කියල. හොද වෙලාවට මුන් එක කියන්න ගියේ නෑ . නැත්නම් තවත් නාගන්නවා
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දැන් ටොයියො ටික සෙට් වෙයි ක්‍රෝටන් කොළවල රස ගුණ කියන්න....

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    තේ නම් ඉතුරු වෙන්නේ නෑ හරිහමන් නියගයක් ආවොත්... පහුගිය කාලේ පොඩි ඉඩෝරෙටත් ගස් මැරුණ එකේ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පාන් කන අයට බත් පිගානක් දෙනවා
    බත් කන අයට බුරියානි එකක් දෙනවා
    බුරියානි කන අයට අතුරුපසට කෙසෙල් ගෙඩියක් දෙනවා ....."

    දැනුත් ඔය ගංවතුර ගැලුවම එහෙම කෙහෙල් ගෙඩි බෙදන අය ඉන්නෙ
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    අපි දැන් චන්දේ දෙන පක්ෂේ මොකක් උනත් ප්‍රේමදාස කියන්නෙ නොම්මර එකේ නායකයෙක්
    ඕනම දුප්පත් මනුස්සයෙක් ගෙයක් ඉල්ලුවොත් මාසෙ යන්න කලින් ගෙයක් දෙනවා :)
    ස්වං රැකියා ආධාර, ගාමන්ට් මොන තරම් හැදුවද :)
    ජාතියේ පවට අහිමි උන නායකයෙක් :(
    ආමි එකේ පවුල් වලට ගහපු, ගෙවල් ගිනි තියපු කීයක් නම් මැරුවද :)

    රනිල්ලා... මෛත්‍රීලා.... මහින්දලා... වගේ නෙමේ ඇත්තටම වැඩක් කරපු නායකයෙක් :)
     
    Last edited:

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ආහාර හිඟයකට නම් හොඳම විසදුම කොස් තමයි.අඩු කාලෙකින් ඵලදාව ගන්න පුලුවන් කොස් ප්‍රභේදයක් රට පුරාම ඉන්දන්න රාජ්‍ය මට්ටමින් වැඩි පිළිවෙලක් හැදුවා නම් .... ඕවා ඉතින් කෙරෙන වැඩ නෙමෙයි.එහෙම එහෙකිනුත් මුන් හදන්නේ කීයක් හරි ගසාගෙන කන්න නේ.

    නියඟේ කාලේ ඔය ගොඩවෙලා තියෙන වැව් ටික වත් හාරලා දාලා,අතහැරල දාපු වැව් ටික පිළිසකර කලා නම් මොකද...ජෙප්පන්ගේ වැව් හැදිල්ල වගේ නොවී :lol:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ආහාර හිඟයකට නම් හොඳම විසදුම කොස් තමයි.අඩු කාලෙකින් ඵලදාව ගන්න පුලුවන් කොස් ප්‍රභේදයක් රට පුරාම ඉන්දන්න රාජ්‍ය මට්ටමින් වැඩි පිළිවෙලක් හැදුවා නම් .... ඕවා ඉතින් කෙරෙන වැඩ නෙමෙයි.එහෙම එහෙකිනුත් මුන් හදන්නේ කීයක් හරි ගසාගෙන කන්න නේ.

    නියඟේ කාලේ ඔය ගොඩවෙලා තියෙන වැව් ටික වත් හාරලා දාලා,අතහැරල දාපු වැව් ටික පිළිසකර කලා නම් මොකද...ජෙප්පන්ගේ වැව් හැදිල්ල වගේ නොවී :lol:
    නියඟේ කාලෙට වැව් හාරන එක හොඳ වැඩක් නෙමේ
    වැස්ස කාලෙට තමා වැව් හාරන්නෙ, ඔන්න කුණු අස් කරන්න නම් මේ කාලේ හොඳයි:)
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    අපි දැන් චන්දේ දෙන පක්ෂේ මොකක් උනත් ප්‍රේමදාස කියන්නෙ නොම්මර එකේ නායකයෙක්
    ඕනම දුප්පත් මනුස්සයෙක් ගෙයක් ඉල්ලුවොත් මාසෙ යන්න කලින් ගෙයක් දෙනවා :)
    ස්වං රැකියා ආධාර, ගාමන්ට් මොන තරම් හැදුවද :)
    ජාතියේ පවට අහිමි උන නායකයෙක් :(
    ආමි එකේ පවුල් වලට ගහපු, ගෙවල් ගිනි තියපු කීයක් නම් මැරුවද :)

    රනිල්ලා... මෛත්‍රීලා.... මහින්දලා... වගේ නෙමේ ඇත්තටම වැඩක් කරපු නායකයෙක් :)

    2000 පස්සේ නේ ඉපදුනේ.එකයි ඔය. කොටින්ට ආයුද දුන්නේ කවුද දන්නේ නැ. ඕක තරම් මිනිමරුවක් තව ඉන්නවද. රැට මිනි මරලා උදේට පන්සල් ගියා. තු නොදකින්
    :growl::growl:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    එක්කෝ මේ ආණ්ඩුව මේ පණිවිඩය මිනිස්සු අතරට ගෙනිච්ච විදිහ වරදයි
    එහෙම නැත්තම් අපේ බයි අප්පුලට මේක තේරුම් ගන්න තරම් මොලයක් තිබුනේ නෑ .
    WFP එක පහුගිය දැනට අවුරුද්දකට කලින් කිව්වා ප්‍රෝටීන් උනතාවය සදහා කුරුමිනියෝ ආහාරයට ගන්න පුළුවන් කියල හොද වෙලාවට මුන් එක කියන්න ගියේ නෑ . නැත්නම් තවත් නාගන්නවා
     
    Last edited:

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink

    2000 පස්සේ නේ ඉපදුනේ.එකයි ඔය. කොටින්ට ආයුද දුන්නේ කවුද දන්නේ නැ. ඕක තරම් මිනිමරුවක් තව ඉන්නවද. රැට මිනි මරලා උදේට පන්සල් ගියා. තු නොදකින්
    :growl::growl:
    කොටින්ට ආයුද දෙනවා ඔයා දැක්කද?
    රාජ්‍ය විරෝදී වැඩ කරන අය මැරුවට පව් නැහැ
    2000න් පස්සෙ? අනේ එහෙම ඉපදුනා නම් ශෝක් නෙ
    9.gif
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    එක්කෝ මේ ආණ්ඩුව මේ පණිවිඩය මිනිස්සු අතරට ගෙනිච්ච විදිහ වරදයි
    එහෙම නැත්තම් අපේ බයි අප්පුලට මේක තේරුම් ගන්න තරම් මොලයක් තිබුනේ නෑ .
    WFP එක දැනට අවුරුද්දකට කලින් කිව්වා ප්‍රෝටීන් උනතාවය සදහා කුරුමිනියෝ ආහාරයට ගන්න පුළුවන් කියල. හොද වෙලාවට මුන් එක කියන්න ගියේ නෑ . නැත්නම් තවත් නාගන්නවා
     
    Last edited:

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    අපි දැන් චන්දේ දෙන පක්ෂේ මොකක් උනත් ප්‍රේමදාස කියන්නෙ නොම්මර එකේ නායකයෙක්
    ඕනම දුප්පත් මනුස්සයෙක් ගෙයක් ඉල්ලුවොත් මාසෙ යන්න කලින් ගෙයක් දෙනවා :)
    ස්වං රැකියා ආධාර, ගාමන්ට් මොන තරම් හැදුවද :)
    ජාතියේ පවට අහිමි උන නායකයෙක් :(
    ආමි එකේ පවුල් වලට ගහපු, ගෙවල් ගිනි තියපු කීයක් නම් මැරුවද :)

    රනිල්ලා... මෛත්‍රීලා.... මහින්දලා... වගේ නෙමේ ඇත්තටම වැඩක් කරපු නායකයෙක් :)

    මෙයාලට ගෙයක් ලැබිල ඇති ඒකයි ගුණවයන්නෙ.1980 ට කලින් ඉපදුන අයගෙන් අහල දැන ගන්න ප්‍රේමදාස ගැන.ඔයා දන්නවද මරලදාපු අහිංසක මිනිස්සු ගැන.
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මෙයාලට ගෙයක් ලැබිල ඇති ඒකයි ගුණවයන්නෙ.1980 ට කලින් ඉපදුන අයගෙන් අහල දැන ගන්න ප්‍රේමදාස ගැන.ඔයා දන්නවද මරලදාපු අහිංසක මිනිස්සු ගැන.
    කෝ කවුද අහිංසක? ලිස්ට් එකක් දාන්න බලන්න සාක්ෂිත් එක්කම :)
    ගෙවල් ලැබෙන්න ඕන නැහැ හොඳ මනුස්සයට හොඳයි කියන්න
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    කොටින්ට ආයුද දෙනවා ඔයා දැක්කද?
    රාජ්‍ය විරෝදී වැඩ කරන අය මැරුවට පව් නැහැ
    2000න් පස්සෙ? අනේ එහෙම ඉපදුනා නම් ශෝක් නෙ
    9.gif

    මට පෙන්නේ නාකි වගේ . ඒවුනාට අවබෝදය අඩුයි වගේ. ආයුද දුන්න කියලා එක හැමෝම දන්නවා. බුද්දික පතිරණ ( දැන් මාතර පාර්ලිමේන්තු මන්ත්‍රී) ඉස්සර සිරසේ දේශපනල වැඩසටනක් කරා එකට සජිත් අවා. ඔය කොටිනට යආයුද දුන්න ප්‍රශ්නේ ඇහුව. සජිත් පිළිගත්තා ආයුද දුන්නා කියල්ලා. ඔය දන්නවද අනුර හොරේෂස ලියලා තියෙනවා "ගිනි අවි සහ ගිනිකෙළි " කියලා පොතක්. එක කියවන්න බැරිනම් ෆිල්ම් එක තියෙනවා අරණ බලන්න. එකේ තියෙනවා ප්‍රේමේගේ කෙරුවාව
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    මට පෙන්නේ නාකි වගේ . ඒවුනාට අවබෝදය අඩුයි වගේ. ආයුද දුන්න කියලා එක හැමෝම දන්නවා. බුද්දික පතිරණ ( දැන් මාතර පාර්ලිමේන්තු මන්ත්‍රී) ඉස්සර සිරසේ දේශපනල වැඩසටනක් කරා එකට සජිත් අවා. ඔය කොටිනට යආයුද දුන්න ප්‍රශ්නේ ඇහුව. සජිත් පිළිගත්තා ආයුද දුන්නා කියල්ලා. ඔය දන්නවද අනුර හොරේෂස ලියලා තියෙනවා "ගිනි අවි සහ ගිනිකෙළි " කියලා පොතක්. එක කියවන්න බැරිනම් ෆිල්ම් එක තියෙනවා අරණ බලන්න. එකේ තියෙනවා ප්‍රේමේගේ කෙරුවාව

    අපේ රටේ හිටිය නයකාඕ තරම් කොටින්ට ලංකාවේ දෙමල මිනිස්සුවත් උදව් කරලා නෑ
    ඔය අපේ මනිද ලෝකත් කොටි 1200 කම දුන්නේ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    නෙත් fm එකේ බැලුම් ගල අද ඇහුවනම් කොස් කොළ ක්රෝටෝන් කොළ ,තේ කොළ උයන හැටි කියල දුන්න පොඩ්ඩක් අහල බලපල්ලා උන්ගේ සය්ට් එකට ගිහිල්ල
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    ඔය නියඟ කෙස් නිසා තමා ඒ කාලෙ ආතර් වී දියෙස් නොහොත් කොස් මාමා කොස් ගස් හිටවන්න රටෙ මිනිස්සුන්ව දිරිමත් කෙරෙව්වෙ. කොස් ගහට කිව්වෙ මිනිස්සු ඒ කාලෙ බත් ගහ කියලා. මොකද බත් වෙනුවට පොෂ්‍යදායි ලෙස ආහාරයට ගන්න පුළුවන් කොස් නිසා.
    දැන් කො එ ප්‍රතිපත්ති අපෙ එවුන්ගෙ ? අල්පෙනෙත්තෙ ඉඳන් පිටරටින් ගෙන්නන් කාලා ඇඳලා පුරුදුවෙලා නිසා තියෙන දෙ හරි කාලා රට පනින්න තමා බලන්නෙ .
    රටෙ වැඩකට නැති චීනා පොෂණය කරන ව්‍යාපෘතිහ් හදන්නෙ නැතුව රටෙ මිනිස්සුන්ගෙ මූලික අවශ්‍යතා ක්‍රමවත්ව සපයාගන්න වැඩ පිළිවෙලවල් එක ආණ්ඩුවකින් හරි කළා නම් කොස් කොළ කන්න වෙන්නෙ නැහැ.තමන්ගෙ පොකට් එකට කීයක් හරි වැටෙන්නෙ නැත්තම් කිසි ව්‍යාපෘතියක් කරන්නෙ නැහැ නෙ. කරොත් කරන්නෙ තමන් කන්න ඔන ටික කාලා. ඊට පස්සෙ රටෙ සමහරක් උනුත් ඉන්නවා හොරා කෑවත් කමක් නැහැ රට හැදුවානෙ කියලා වීනා වයන්න ,අනෙ හුකෙ. හොරා කාලා රට කෙසෙ වෙතත් උන් නම් හැදුනා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අපිටනම් මේ පර්චස් දහයෙ මොන කොස් ගස්ද...?
    ක්‍රෝටන් වවල තියෙන්නෙ 2020 වෙනනක්....

    ක්‍රොටන් කෑවම සම පැහැපත් වෙනව, බඩ බුරුල් වෙනව, ලිංගික ශක්තිය වැඩිවෙනව, කියල ටොයියෙක් ඊයෙ කඩේ ලඟදි කියනව ඇහුන,

    Best-Method-of-Growing-and-Caring-For-the-Colorful-Croton-Plant.jpg
     
    Last edited: