ක්‍රෝම් තුල පෞද්ගලිකත්වය තබා ගන්නට......

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    ක්‍රෝම් තුල පෞද්ගලිකත්වය තබා ගන්නට......


    සමහර විටක ඔබ ඔබේ පරිගණකය තවකෙකු සමග බෙදාගන්නා අවස්ථාවකදී අනෙකාට නිතැතින්ම අවස්ථාවක් ලැබෙනවා එහි ස්ථාපනය කර ඇති ක්‍රෝම් බ්‍රවුසරය භාවිතා කරන්නට. එවැනි අවස්ථාවකදී ඔහුට හෝ ඇයට අවස්ථාවක් උදා වෙනවා එම බ්‍රවුසරය සමග ඔබ ‍රැස්කර ඇති බුක්මාර්ක්ස් එක්ස්ටෙන්ෂනයන් මෙන්ම සෙටින්ස් ආදි පෞද්ගලික භාවිතාවන් දැක ගන්නට. මෙවන් අවස්ථාවලදී ඇතිවිය හැකි අපහසුතාවයට විසදුමක් ලෙස ක්‍රෝම් 16 සංස්කරනයේ සිට එහි නිර්මාපකයින් හදුන්වා දී තිබෙනවා ක්‍රෝම්තුල වෙනම ගිනුමක් සකස් කරගන්නට.


    පලමු රූ සටහනේ 1 ස්ථානයෙන් ඇතුලුවී 2 "ඔප්ෂන්" යන්න තුල 3 "පර්සනල් ස්ටූෆ්" ‍තෝරන්න. අනතුරුව 4 ස්ථානයෙන් කියවෙන්නේ ඔබ තවමත් සාමාන්‍ය ක්‍රෝම් භාවිතාකරන්නෙකු ලෙස නම් 5 ස්ථානය හරහා නව ගිනුමක් විවෘතකරන්නට යෝජනා කල යුතුයි. ඉන් පසුව නව කවුලුවක් විවෘත වනු ඇත.


    ඉන් පසුව දෙවන රූ සටහනේ දැක්වෙන පරිදි ඔබගේ ගූගල් යුසර් නේම් හා පාස්වර්ඩ් භාවිතාකරමින් ගිනුම තුලට ඇතිලු වීම හෝ 2 ස්ථානය හරහා නව ගිනුමක් ඇරබිය හැකි වනු ඇත.ඉන් පසුව 3 ස්ථානය හරහා නව ගිනුමට ඇතුලු වන්නට හැකි වනු ඇති.


    3
    වන සටහනට අනූව ගිනුමට ඇතුලුවූ ඔබට ඇඩ්වාන්ස් ඔප්ෂන් යටතේ 1සියල්ල හෝ 2 තොරාගත් කොටස් සින්ක්ක්‍රො කල හැකි වනු ඇති අතර 3 ස්ථානය යටතේ එන්ක්‍රිප්ට් අවස්ථාව ‍තෝරා ගත හැකියි.අවසාන වශයෙන් මෙය ඔබගේ පෞද්ගලිකත්වය සු‍රැකීම සදහා නිර්මානය කල ටූලයක් ලෙස නොසැලකෙන බව කරුනාකර මතක තබා ගන්න.

    Source:-http://siriwansa.blogspot.com/2011/12/blog-post_03.html