හම්ම...මේක 100%ක් හරි. තව දෙයක් එකතු කරනවා නම් පලතුරු එලවලු වගේ ඉක්මනට නරක් වෙන ඒව කන්න බැරි තරමට ආවාම මුලින්ම කලේ ඒව ඩැමේජ් දාල කැමති දෙයක් කරගන්න පුලුවන් උනා. එතකොට සේවකයො ඒව ගෙදර අරන් ගිහින් පුලුවන් කොටස කෑව. පස්සෙ ඕකෙන් සේවකයො කලේ විකුනන්න පුලුවන් ඒව හන්ගගෙන පොඩ්ඩක් නරක් වේගෙන එද්දිම ඩැමේජ් දාල ගෙදර ගෙනියන්න ගත්ත. ඊට පස්සෙ හොද ඒව බොරුවට හිතාමතාම පොඩ්ඩක් තලල දාල තැලිල නරක් වෙලා කියල ගෙනියනව. ඒකට දැන් සියලුම අහක දාන දේවල් ගෙදර ගෙනියන්න බෑ කුනුභාජනේකට දාල භූමිතෙල් වගේ කන්න බැරි වෙන්න තෙල් දාන්න ඕනෙ උඩට.
ඊලගට කිරිපිටි කිලෝ එකේ පෙට්ටි කඩල ඒව සිලි බෑග් වලට දාගෙන පාන්පිටි විදියට බිල් කරන්න ගත්ත. හාල් කීරි සම්බ යටට දාල උඩට සම්බ දාගෙන කැශියර් එකෙන් සම්බ බිල් කලා. ඔය වගේ හොරකම් කරපු නිසා තමයි අඩුවෙන කොටස උන්ගෙන්ම අය කරගන්නෙ.
ඊලගට දැන්ටත් මාසෙකට පොඩි කොටසක් තියෙනව අවුට් වෙන්න පුලුවන්. ඒකොටසෙ ඇතුලෙ බැලන්ස් නොවුනට කාගෙවත් පඩිය කැපෙන්නෙ නෑ. හැබැයි ඒකත් ඉතුරු කරගත්තොත් ඉතුරුවෙන ගාන බෙදිල පඩියට එකතු වෙනව.
ඒකනෙ ඉතිං... කවුරු මොනව කිවුවත් නීති, ක්‍රමවේද නැතුව ආයතන කෙරුවාව බොරු...


