කාටද මුල් තැන දෙන්න ඕනි.....

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    කාටද මුල් තැන දෙන්න ඕනි.....

    321365_485239214908123_2079524451_n.jpg


    A) කාටද මුල් තැන දෙන්න ඕනි.....

    B) කාටද මුල් තැන දෙන්නෙ.... (ලංකාවෙ )



    1. Police car
    2. Fire Enginer
    3. Ambulance
    4. Politician car
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුල් එක නම් සමහර විට මං වැරදි වෙන්න පුළුවන්..
    ගිනි නිවීමේ රථය මොන දෙයකට යනවද කියලා හරියටම කියන්න බැහැනේ..
    සමහර විට සාමාන්‍ය ගින්නක් නිවන්න වෙන්න පුළුවන්.. එහෙමත් නැත්තං ගොඩනැගිල්ලක විශාල ගින්නක් නිවන්න වෙන්න පුළුවන්.. ගොඩනැගිල්ලක ගින්නක් ඇති වුණොත් ගොඩක් වෙලාවට මිනිස්සුත් ඒක ඇතුලෙ ඉන්න පුළුවන්නේ.. අනතුරු කිහිපයක් වෙන්න පුළුවන් ඒ නිසා.. මං හිතනමා ගිනි නිවීමේ රථයට මුල් තැන දෙන්න ඕන කියලා..

    දෙවනුව ගිලන් රථයට..

    තෙවනුව පොලිස් රථය..

    හතර වෙනුව ඔය දේශපාලකයා යන වාහනය..

    ඒත් ලංකාවෙ නීතියෙ හැටියට නම් ඕක වෙන්නෙ මෙහෙමයි..

    මුලින්ම පාරෙ ඉන්න මිනිස්සු, වාහන ගැනවත් කිසිම සැලකිල්ලක් දක්වන්නෙ නැතුව ඔය දේශපාලුවා යනවා කෙලගෙන.. ඉස්සරහින් තව ට්‍රැෆික් බයික් එකක් යනවා.. අතපය දෙපැත්තට වන වන වාහන අයින් කරගෙන.. අර පොලිස් රථයෙ ඇතුලෙ ඉන්න එවුන් ටිකත් කාර් එක ඇතුලෙම ඉඳන් ආචාර කරනවා..

    දෙවනියට යන්නෙ පොලිස් කාර් එක.. ලංකාවෙ පොලීසිය කියන්නෙ ඉතිං ලේසි පහසු දෙයක් නෙමෙයිනේ.. දන්නවනේ ඒක..

    ඊට පස්සෙ ගිලන් රථය..

    අවසානයට ගිනි නිවීමේ රථය..
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    4
    else you'll get beaten up.......if the politician is Mervin Yaka or Malaka Yak petiya...then you will be dead.