කාටද රට බෙදන්ඩ ඕනි.

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කාටද රට බෙදන්ඩ ඕනි.

    මේක FB එකේ තිබුනේ. ඇත්ත බොරුව මොකක්ද.. :oo::oo::oo::oo:
    1458438_881380738588225_7237793523858857064_n.jpg
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කතාව ඇත්ත. බිබිසියේ තිබ්බා.
    ජනපතිවරණය වර්ජනය කරනවා - ආනන්දි
    විපක්‍ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ට සහාය දීමට සිය පක්ෂය ගත් තීන්දුවට විරෝධය පළකිරීමක් වශයෙන් ජනපතිවරණය වර්ජනය කරන බව දෙමළ ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි ශසීහරන් පවසයි.
    දෙමළ ජාතික අනන්‍යතාවය සහ ස්වයං පාලන අයිතිය පිළිබඳව පසුගිය උතුරු පළාත් සභා මැතිවරණය වෙනුවෙන් සිය පක්ෂය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිව සඳහන් වන බව බීබීසී දෙමළ සේවය සමඟ කියා සිටි පළාත් සභා මන්ත්‍රීවරිය, තමන් මැතිවරණයට ඉදිරිපත් වූයේ එය පදනම් කරගෙන බවද සඳහන් කළාය.
    "මම කොහොමද දෙමළ ජාතික අනන්‍යතාවය සහ දෙමළ ජනතාවගේ ස්වයං පාලන අයිතියට විරුද්ධ කෙනෙකුට ඡන්දය දෙන්නේ?" යනුවෙන් ඇය ප්‍රශ්න කළාය.
    ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයාට සහයෝගය පළ කිරීමට තීරණය කළ බව දෙමළ ජාතික සන්ධානය අඟහරුවාදා නිවේදනය කළේය.
    කෙසේ නමුත් මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා සමඟකිසිදු විශේෂ සම්මුතියකට අත්සන් තබා නැති බව, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා බීබීසී දෙමළ සේවයට කියා සිටියේය.
    "ජාතික හෙළ උරුමය සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි දකුණේ සිංහල ජාතිකවාදී පක්ෂත් පොදු අපේක්ෂකයාට සහාය දක්වන බව අපි හොඳින්ම දන්නවා," බවද සම්බන්ධන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
     
    Last edited:

    • Like
    Reactions: Sri_Sampath