සැබෑ මානව හිමිකම් ක්‍රියාකාරියෙකු සහ මානව හිමිකම් ගස් බල්ලෙකු අතර වෙනස් කම් අතළොස්සක්..
1 . සැබෑ මානව හිතවාදියා මුලු මහත් දේශයේම සෑම අස්සකම මුල්ලකම සිටින අයගේ මානව හිමිකම් ගැන සංවේදී වේ... ඒ ගැන හඬක් නගයි.. එහිදී ඔහුට හෝ ඇයට "තෝරාගත් පිරිසක්" වෙනුවෙන් කැපවීමක් නැත... ඒ ඔහු හෝ ඇය එවැන්නක් කරන්නේ කාගේ හෝ මූල්‍යමය හෝ වෙනත් කොන්දේසි වලට යටත්ව නොවන බැවිනි.. ඔවුන්ගේ අරමුණු ගම්බද ජල තලාවක් මෙන් පැහැදිලිය... පොදුය..
මානව හිමිකම් ගස් බල්ලා "තෝරාගත් පිරිසකට " පමණක් ආලය කරයි.. එය එසේ වන්නේ අදාළ පිරිසට පරි බාහිරයෙන් කරන කිසිවකට ඌට පාතරාසය නොසැපයෙන බැවිනි.. උගේ අරගලයද කවුරුන් හෝ ඌට තෝරා දෙන ලද අරගලයක් පමණි.. උගේ කවි, ගී, සින්දු, වාක්‍ය රචනා සියල්ල ඒ "තෝරාගත් පිරිස"උදෙසාම පමණකි...
2. සැබෑ මානව හිතවාදියා කොයි කාගෙන් වුවද සිදුවන මානව හිමිකම් කඩවීම හෙළා නිර්භයව හෙළා දකියි.. එහිදී ඔහුට සිංහල, දෙමළ, මුස්ලිම් පමණක් නොව එතෙර රටවල පාර්ශවයන්ද කරන මානව හිමිකම් කඩ කිරීම් ගැන නොබියව කථා කළ හැක..
මානව හිමිකම් ගස් බල්ලාගේ විග්‍රහය බොහෝ විට නින්දිත අයුරින් ඒක පාර්ශ්විකය... තමාට කවුරුන් හෝ පහර දීම සඳහා ඉලක්කයක් කොට දෙන ලද පිරිසගේ හැර අන් කිසිවෙකුගේ වරදක් නොදකී.. අන් කෙනෙකුගේ වරදක් කීවත් "මැක්කා තියරිය" භාවිතා කොට කෙසේ හෝ ගෙනත් තමාගේ ඉලක්කය වන පාර්ශවයේ ඇඟේ ගසයි... එම ඉලක්කයෙන් පරිබාහිර අයගේ වැරැදි දකින්නට ගියහොත් ඌට කන්න බොන්න දෙන ස්වාමියාගේද වැරදි අසුවිය හැකි බැවින් එසේ වුවහොත් බත්පත අහිමිව යෑමේ අවදානමට
3. සැබෑ මානව හිතවාදියා බොහෝ විට මැතිවරණ සඳහා ඉදිරිපත් වන දේශපාලනික බලවේගයක් සමග සිටියි....නො-එසේ නම් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගනියි... උදා: ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, නව වාමාංශික පෙරමුණ, සමාජවාදී සමානතා පක්ෂය, වැනි පක්ෂයක් වටා සිටින අතර, එම පක්ෂය සමග මැතිවරණ ක්‍රියාදාමයන්ට ඉදිරිපත් වීම හෝ ශක්තිමත් කිරීම සිදුකරයි.. ඔහුගේ හෝ ඇයගේ අරමුණු සැබවින්ම රට වැසියාගේ යහපත කේන්ද්‍ර කොටගෙන ඇති බැවින් ඔහුට හෝ ඇයට දේශපාලන බලය බෙහෙවින්ම අවශ්‍යය...
මානව හිමිකම් ගස් බල්ලා මොකක් හෝ සංවිධාන ලෙල්ලක් පිහිටුවා ගනියි... උගේ අරමුණ ඌට කන්න අඳින්න දෙන පාර්ශවයේ අරමුණ බැවින්ද, එය බොහෝ විට විදේශික රාජ්‍ය හෝ රාජ්‍ය නොවන පාර්ශවයක අරමුණක් බැවින්ද, ඌට මෙරට තුල දේශපාලන බලයක උවමනාවක් නොදැනේ... උදා: "අම්මගෙ රෙද්ද රැකීමේ ව්‍යාපාරය, කිම්බ උදෙසා කාන්තාවෝ, සාමය සහ පුක උදෙසා ව්‍යාපාරය, ආගමික ගූ පෝච්චි සංසදය, අම්මෙක් අප්පෙක් නැති කැමරා කාරයෝ " වැනි මොකක් හෝ නමක් යොදා ගත් විට සෑහේ... කොටින්ම එහෙම සංවිධානයක් නැතත් කමක් නැත.. ඒ නම සහ නමට බැංකු ගිණුම් කීපයක් තිබීම පමණක් සෑහේ..
4. සැබෑ මානව හිතවාදියා ක්‍රියාකාරියා තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් නගරයෙන් ගමටත් ගොස්, උතුරේ, දකුණේ සෑම තැනකම ව්‍යාප්ත පුලුල් දේශපාලන බලයක් තැනීමට දායක වේ... මෙහිදී ආර්ථික වාසි ප්‍රයෝජන නොතකයි.. තමන් ආර්ථිකව පිරිහී ගියත් අරමුණේම එල්ලීගෙන මහජනතාව වෙත යයි...
මානව හිමිකම් ගස් බල්ලා "විකල්ප කේන්ද්‍රය, මහවැලි මොකක්ද එක, පුස්තකාල ශ්‍රවණාගාරය, බී.එම්.අයි.සී.එච් එක, ජේ.ආර් ජයවර්ධන අහවල් එක " වැනි ඒ.සී. පොට් හතර පහකට එහා ඉර හඳ දැක නැත... හෝටලයක් ලැබෙන්නේ නම් පට්ටය... ෆයිල් පඩංගු හතර පහක් උස්සගෙන ඇවිත් මාධ්‍ය හමුවේ පෙනී සිටීමට ලැබීම කර්මාන්තය සඳහා සෑහේ...
5. සැබෑ මානව හිතවාදියා වෙඩි පිට වෙඩි වැදුනත් රටත්, ජනතාවත් අතැර නොයයි... මොන තරම් ජීවිත තර්ජන තිබුනත් ජනතාව හමුවේම පෙනී සිටියි.. අවදානම් සහගත, අනතුරු සහගත තැන්වලට නොබියව යයි... අරමුණ විකුණාගෙන දියුණු රටවල "එසයිලම්" වීසා ගැනීමට තරම් දීන නොවෙයි...
පාරේ යන මිනිහෙක් "හප්!"ගා සද්දයක් කිරීම හෝ කවුරුන් හරි ගෙයි එළිපත්තේ හයියෙන් පඩයක් ඇරීම මානව හිමිකම් ගස් බල්ලාට යුරෝපීය රටක සරණාගත වීසාවක් ලබා ගැනීමට ප්රමාණවත්ය.. ඒ ඇර මොකක් හෝ ඌටවත් නොතේරෙන කුණුගොඩවල් සහිත මඤ්ඤං ලියවිල්ලක් ලියා බල්ලෙක්වත් නොකියවන තැනක එල්ලා "මේං මේක නිසා මාව මරන්න හදනෝ!"කියා විදේශිකයන් රවට්ටා සැප සහිත රටකට පැනගෙන ජීවත් විය හැක... ඒ ඉන්නා ගමන්, තමන්ට තාමත් තර්ජන ඇති බව පෙන්වීම සඳහා සමාජ වෙබ් අඩවි දෙක තුනක දවසකට විසි පහ ගානේ නිව්ස් ලින්ක් දැමීම කරති.. ඒ නිව්ස් සහ බ්ලොග් අඩවි මොන මළ යකාවත් නොකියෙව්වත් කමක් නැත.. උවමනා ඒ ඒ රටවල අභ්‍යන්තර කටයුතු පරිපාලකයන්ට පෙනීම පමණි... එහෙමත් නැත්නම් මොකක් හෝ සැසිවාර පඩංගුවකට සහභාගී වෙන්නටය කියා යම් රටකට රිංගාගෙන, ඒකෙම අතුරුදහන් වී, තමාට තර්ජන ඇතැයි කියා සරණාගත වීසාවක් සකසා ගනියි...
6. සැබෑ මානව හිතවාදියා පෘථුල දැනුමකින් යුක්තය... අතීත දර්ශණයන් මෙන්ම නූතන දර්ශණයන්ද පිළිවෙලකට හදාරා ඇත්තේ කාළයක් මුලුල්ලේ සරුසාර දේශපාලනයක නිරතවීමේදී ඒවා අවශ්‍යවී ඇති බැවිනි.. බොහෝ ඇසූ පිරූ තැන් ඇතිව මිස සමාජ ආමන්ත්රණයට අත නොගසති... අධිකරණය, විධායකය, ව්‍යවස්ථාදායකය යනාදි පරමාධිපත්‍යයේ සියලු කුළුණු ගැන බෙහෙවින්ම දැනුමෙන් පොහොසත්ය.. ජනතාව නම් සාධකය පුළුල්ව අධ්‍යයනය කරයි...
මානව හිමිකම් ගස් බල්ලා කිසි කළෙකවත් වගතුවක් ඇති දේශපාලනයක් කර නැති නිසාත්, ඌට කන්න අඳින්න ලැබෙන්න නම් එහෙම එකක් අත්‍යාවශ්‍යම නොවන නිසාත් කිසිදු දර්ශණයක් ක්‍රමවත්ව හදාර නැත.. කාගෙන් හෝ අසාගත් වචන ටිකක් දෙඩවීමෙන් සැප සම්පත් ළඟා කරගත හැක.. මෙලෝ ලබ්බක් නොදන්නවා උනත් දැනුම පරීක්ෂා කිරීමේ ප්‍රායෝගික අවස්ථාවක් නො-එන බැවින් අවුලක් නැත...
7. සැබෑ මානව හිතවාදියා ලෝකයට නැවුම්ව හිතන්නට අලුත් අත්දැකීමක් නිර්මාණය කර යයි...
මානව හිමිකම් ගස් බල්ලා අතීතයේ සිටි ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ චරිත සහ අත්දැකීම් ලෙවකයි...
8. සැබෑ මානව හිතවාදියා සියළු ප්‍රශ්ණ වල හරය ගැඹුරින් දැක, හරයට වෙදකම් කරන්නට කැප වෙයි... සමස්ථය සුවපත් කරන විසඳුමක් ඔහුට හෝ ඇයට උවමනා වෙයි... සුවිශේෂීතාවයන් අල්ලා ගන්නේ සමස්ථය වෙනස් කරන දීර්ඝ ගමනක් යන්නය...
මානව හිමිකම් ගස් බල්ලා පැදුරක් පහුරු ගාන බළල් තඩියෙකු සේ මතු පිටට පෙනෙන සුවිශේෂීතාවයන් සදහටම පහුරු ගායි...
මේ දෙපිරිස අතර දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුවන අන්තර් සබඳතා පැවතිය හැක...