කාන්තා සුන්නත්කරණයේ ඛේදවාචකය
ඊජිප්තුවේ නයිල් ඩෙල්ටාවේ පුංචිම පුංචි ගම්මානයක ජීවත්වුණු හසනාත් ෆවුසි තමන්ගේ දහතුන් හැවිරිදි දුවත් සමඟ හදිසියේම වාගේ අස්ලාන් හමෞදා දොස්තර මහත්තයාගේ පෞද්ගලික සායනයට ගොඩවැදුනාය. හසනාත් ෆවුසිට දොස්තර මහත්තයා හමුවී කතා කරගන්නට වැදගත් සහ බරපතළ දෙයක් තිබිණි.
වැදගත් වූත්, බරපතළ වූත්, ඒ මදිවාට අතිශයින්ම තීරණාත්මක වූත්, එකී කාරණය වූ කලී සිය දහතුන් හැවිරිදි සුහයිර් අල් බටා දුවණියගේ ජනනේ්න්ද්රිය විච්ඡේදනය කිරීමේ කටයුත්ත නොහොත් සම්ප්‍රදායික සුන්නත් කරන කාර්යයයි.
ගමේ ගොඩේ කාගේ කාගේත් පවුල්වල නිතර දෙව්ලෙහි ඇතිවන මේ වගේ වුවමනා ඉටුකරදෙන ගැහැනුන් නොකැඳවා හසනාත් දිස්පැන්සරියකටම ආවේ වැඩි ආරක්ෂාව බලාගෙන ය. එක් පැත්තකින් දුවට අනතුරක් නොවී පහසුවෙන් හා වේදනාවකින් තොරව වැඩය කරවා ගන්නට පුළුවන් වන්නේ මේ වාගේ පෞද්ගලික දිස්පැන්සරියක් තුළදී ම.
දුවව නිර්වින්දනය කර විච්ඡේදන කටයුත්ත ශල්‍යකර්මයක් විදියට සලකා කරන්නේ දොස්තර මහතුන්ම පමණක් නිසා අම්මා එහෙම හිතුවාය. ගමේ ගොඩේ ගැහැනුන්ට අණක් ගුණක් නැත. ඒ නිසා නිර්වින්දනය කිරීමක් ගැන තබා තමන් ගෙන එන බඩු බාහිරාදියේ පිරිසුදුකම ගැනවත් ඔවුහු නොසිතති.
අනෙක් පැත්තෙන් රටේ ලෝකයේ තියෙන නීතිය ගැනත් ටිකක් සැලකිලිමත් විය යුතු බව හසනාත් දැන සිටියාය. ඊජිප්තුව කාන්තා සුන්නත්කරණය තහනම් කළේ 2008 වසරේදීය.
කවරකු හෝ එහෙම දෙයක නියැළී අසුවුවහොත් මාස තුනේ සිට වසර දෙකක් දක්වා වූ සිර දඬුවමක් විඳින්නටත්, ලොකු දඩ මුදලක් ගෙවන්නටත් සුදානමින් සිටිය යුතු බව අම්මා දන්නීය.
ඒ කොයි කොයි කරදරයෙනුත් බේරී තමන්ගේ විශ්වාසයේ හැටියට ගැහැනියක වෙනුවෙන් කළ යුතු වැදගත්ම කාර්ය මේ විදියට කරවා ගැනීමේ සැලසුම හස්නාත් ෆවුසිගේ හිත ඇතුළේ පැසෙමින් තිබිණි.
තමන්ගේ වාරය ආ විට වෛද්‍යවරයා ළඟට කිට්ටු වුණු හසනාත් අම්මා පැමිණි කාරණය වටින් ගොඩින් නොකියා කෙළින්ම කියා දැම්මාය. කාරණය කියද්දි ඈ තරමක කලබලයකිනුත් පසු නොවුණාම නොවේ. සිද්ධ වෙන්නට යන දෙය ගැන තරමක බයකින් සහ සැකෙකින් පසුවුණු සුහයිර් දුව දොස්තර මහත්තයාත්, අම්මාත් අතරට මැදි වී ඒ දෙදෙනාගේ සංවාදයට මහත් වුවමනාවෙන් කන්දීගෙන සිටියාය. වැඩිහිටියන් දෙදෙනාගේ කතාව තීරණයකින් ඉවර විය.
ඒත් වැදගත්ම දෙයක් සාකච්ඡා නොවුණු බව සුහයිර්ට වැටහිණි. ඒ නිසා ඈ ටිකක් ඉස්සර වූවාය. වැදගත්ම දේ ඇය හෙම්බිරිස්සාවෙන් පෙළෙන බව මෙහිදී සාකච්ඡා නොවීමයි. තමන් සෙම්ප්රතිශ්යාවෙන් පෙළෙන බව ඇය වෛද්‍යවරයාට සැලකර සිටියාය. හෙම්බිරිස්සාවෙන් වැඩයට බලපෑමක් නැති බව පහදා දුන් වෛද්‍යවරයා දුවට ආහාර පානාදියෙන් වැළකී සිට පසුදාම තමන්ගේ සායනයට එන්න යැයි කියා කීවේය. අම්මාත්, සුහයිර් දුවත් ආපසු හැරුණහ.
තීරණාත්මක පසුදාට හිරු පහන් විය. වෛද්‍යවරයාගේ උපදෙසට අවනත වුණු අම්මාත් දුවත් සායනයට පැමිණියහ. වෛද්‍යවරයා සුහයිර්ව නිර්වින්දනය කළේය. ඊළඟට ඇයව සුන්නත් කිරිමේ කටයුත්ත ඇරඹුවේය. ඊට වැඩි වෙලාවක් ගත නොවිණි.
“ඔපරේෂන් එක සාර්ථකයි. තුවාලවලින් රුධිරය වහනය වෙන්නෙත් නැහැ. ඒ නිසා දුවට වැඩි වේදනාවක් නැහැ” යැයි කියා වෛද්‍යවරයා අම්මාට කිව්වේ ඔහුගේ වගකීම් අවසන් බව ද දක්වමිනි.
වැඩය සාර්ථක වුණත්, රුධිරය නොගැලුවත්, වේදනාවක් නොතිබුණත් දුවට සිහි එන පාටක් තිබුණේ නැත. අම්මා කලබල වුවාය. ඈ දුවගේ තාත්තාත් අඬගසාගෙන දුවව ළඟම තිබෙන රෝහලට ඉක්මනින්ම රැගෙන ආවාය. රෝහල වෙත රැගෙන එන විට ඇගේ රුධිර පීඩනය විශ්වාස කරන්නට බැරි තරමට පහළ බැස තිබිණි.
රෝහලේ වෛද්‍යවරුන්ට කරන්නට තවත් කිසිවක් ඉතිරි වී තිබුණේ නැත. නිර්වින්දන ඖෂධ සිරුර තුළ ක්‍රියාත්මක වන විට වැසූ දෑස් ආයෙත් විවර කරන්නට සුහයිර්ට, අවස්ථාවක් ලැබුණේ ද නැත. වසාගත් දෙනෙතින්ම ඈ සැවොම හැර දා ගියාය.
සුහයිර්ගේ මරණයත් සමඟ ම අස්ලාන් හමෞදා දොස්තර මහත්තයාගේ දෑතට මාංචු වැටිණි. සුහයිර් මිහිගැබේ අඳුරුම තැනෙකට වැදෙමින් ඉරණම විසඳා ගනිද්දී විවිධ මට්ටමේ පරීක්ෂණ මෙන්ම නඩු විභාග යනාදිය එක දිගට දිග හැරෙන්නට පටන් ගත්තේය. අස්ලාෆ් හමෞදා දොස්තර මහත්තයා නිර්වින්දන කටයුතු ගැන දැන උගත්කම් ලත් කෙනකු නොවන බව හෙළිවිය. කාන්තා සුන්නත්කරණය ඊජිප්තු නීතිය අනුව සැලකෙන්නේ අපරාධයක් හැටියටයි.
ඒ නිසා අස්ලාන් හමෞදා දොස්තර මහත්තයාත් අපරාධයක් කළ කෙනකු හැටියට සැක කර නඩුව විභාග කිරීම ආරම්භ වී ඇත. නඩු විභාගවලදී වෛද්‍යවරයා දිගින් දිගටම කියන්නේ තමන් සුහයිර් පවුලේ අයගේ වුවමනාවට මේ ශල්‍යකර්මය කළ බව පමණි. කාගේ වුවමනාවට කළත් කර තිබෙන්නේ නීතියට පටහැනි දෙයක් බව ඔහුට නොවැටහෙන්නේ මන්දැයි කියන ගැටලුව පැන නැඟේ.

Last edited: