කාන්තා සුන්නත්කරණයේ ඛේදවාචකය

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කාන්තා සුන්නත්කරණයේ ඛේදවාචකය

    1393014_348708488608220_510119102_n.jpg


    images


    images


    ඊජිප්තුවේ නයිල් ඩෙල්ටාවේ පුංචිම පුංචි ගම්මානයක ජීවත්වුණු හසනාත් ෆවුසි තමන්ගේ දහතුන් හැවිරිදි දුවත් සමඟ හදිසියේම වාගේ අස්ලාන් හමෞදා දොස්තර මහත්තයාගේ පෞද්ගලික සායනයට ගොඩවැදුනාය. හසනාත් ෆවුසිට දොස්තර මහත්තයා හමුවී කතා කරගන්නට වැදගත් සහ බරපතළ දෙයක් තිබිණි.

    වැදගත් වූත්, බරපතළ වූත්, ඒ මදිවාට අතිශයින්ම තීරණාත්මක වූත්, එකී කාරණය වූ කලී සිය දහතුන් හැවිරිදි සුහයිර් අල් බටා දුවණියගේ ජනනේ්න්ද්‍රිය විච්ඡේදනය කිරීමේ කටයුත්ත නොහොත් සම්ප්‍රදායික සුන්නත් කරන කාර්යයයි.

    ගමේ ගොඩේ කාගේ කාගේත් පවුල්වල නිතර දෙව්ලෙහි ඇතිවන මේ වගේ වුවමනා ඉටුකරදෙන ගැහැනුන් නොකැඳවා හසනාත් දිස්පැන්සරියකටම ආවේ වැඩි ආරක්ෂාව බලාගෙන ය. එක් පැත්තකින් දුවට අනතුරක් නොවී පහසුවෙන් හා වේදනාවකින් තොරව වැඩය කරවා ගන්නට පුළුවන් වන්නේ මේ වාගේ පෞද්ගලික දිස්පැන්සරියක් තුළදී ම.

    දුවව නිර්වින්දනය කර විච්ඡේදන කටයුත්ත ශල්‍යකර්මයක් විදියට සලකා කරන්නේ දොස්තර මහතුන්ම පමණක් නිසා අම්මා එහෙම හිතුවාය. ගමේ ගොඩේ ගැහැනුන්ට අණක් ගුණක් නැත. ඒ නිසා නිර්වින්දනය කිරීමක් ගැන තබා තමන් ගෙන එන බඩු බාහිරාදියේ පිරිසුදුකම ගැනවත් ඔවුහු නොසිතති.

    අනෙක් පැත්තෙන් රටේ ලෝකයේ තියෙන නීතිය ගැනත් ටිකක් සැලකිලිමත් විය යුතු බව හසනාත් දැන සිටියාය. ඊජිප්තුව කාන්තා සුන්නත්කරණය තහනම් කළේ 2008 වසරේදීය.

    කවරකු හෝ එහෙම දෙයක නියැළී අසුවුවහොත් මාස තුනේ සිට වසර දෙකක් දක්වා වූ සිර දඬුවමක් විඳින්නටත්, ලොකු දඩ මුදලක් ගෙවන්නටත් සුදානමින් සිටිය යුතු බව අම්මා දන්නීය.

    ඒ කොයි කොයි කරදරයෙනුත් බේරී තමන්ගේ විශ්වාසයේ හැටියට ගැහැනියක වෙනුවෙන් කළ යුතු වැදගත්ම කාර්ය මේ විදියට කරවා ගැනීමේ සැලසුම හස්නාත් ෆවුසිගේ හිත ඇතුළේ පැසෙමින් තිබිණි.

    තමන්ගේ වාරය ආ විට වෛද්‍යවරයා ළඟට කිට්ටු වුණු හසනාත් අම්මා පැමිණි කාරණය වටින් ගොඩින් නොකියා කෙළින්ම කියා දැම්මාය. කාරණය කියද්දි ඈ තරමක කලබලයකිනුත් පසු නොවුණාම නොවේ. සිද්ධ වෙන්නට යන දෙය ගැන තරමක බයකින් සහ සැකෙකින් පසුවුණු සුහයිර් දුව දොස්තර මහත්තයාත්, අම්මාත් අතරට මැදි වී ඒ දෙදෙනාගේ සංවාදයට මහත් වුවමනාවෙන් කන්දීගෙන සිටියාය. වැඩිහිටියන් දෙදෙනාගේ කතාව තීරණයකින් ඉවර විය.

    ඒත් වැදගත්ම දෙයක් සාකච්ඡා නොවුණු බව සුහයිර්ට වැටහිණි. ඒ නිසා ඈ ටිකක් ඉස්සර වූවාය. වැදගත්ම දේ ඇය හෙම්බිරිස්සාවෙන් පෙළෙන බව මෙහිදී සාකච්ඡා නොවීමයි. තමන් සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙළෙන බව ඇය වෛද්‍යවරයාට සැලකර සිටියාය. හෙම්බිරිස්සාවෙන් වැඩයට බලපෑමක් නැති බව පහදා දුන් වෛද්‍යවරයා දුවට ආහාර පානාදියෙන් වැළකී සිට පසුදාම තමන්ගේ සායනයට එන්න යැයි කියා කීවේය. අම්මාත්, සුහයිර් දුවත් ආපසු හැරුණහ.

    තීරණාත්මක පසුදාට හිරු පහන් විය. වෛද්‍යවරයාගේ උපදෙසට අවනත වුණු අම්මාත් දුවත් සායනයට පැමිණියහ. වෛද්‍යවරයා සුහයිර්ව නිර්වින්දනය කළේය. ඊළඟට ඇයව සුන්නත් කිරිමේ කටයුත්ත ඇරඹුවේය. ඊට වැඩි වෙලාවක් ගත නොවිණි.

    “ඔපරේෂන් එක සාර්ථකයි. තුවාලවලින් රුධිරය වහනය වෙන්නෙත් නැහැ. ඒ නිසා දුවට වැඩි වේදනාවක් නැහැ” යැයි කියා වෛද්‍යවරයා අම්මාට කිව්වේ ඔහුගේ වගකීම් අවසන් බව ද දක්වමිනි.

    වැඩය සාර්ථක වුණත්, රුධිරය නොගැලුවත්, වේදනාවක් නොතිබුණත් දුවට සිහි එන පාටක් තිබුණේ නැත. අම්මා කලබල වුවාය. ඈ දුවගේ තාත්තාත් අඬගසාගෙන දුවව ළඟම තිබෙන රෝහලට ඉක්මනින්ම රැගෙන ආවාය. රෝහල වෙත රැගෙන එන විට ඇගේ රුධිර පීඩනය විශ්වාස කරන්නට බැරි තරමට පහළ බැස තිබිණි.

    රෝහලේ වෛද්‍යවරුන්ට කරන්නට තවත් කිසිවක් ඉතිරි වී තිබුණේ නැත. නිර්වින්දන ඖෂධ සිරුර තුළ ක්‍රියාත්මක වන විට වැසූ දෑස් ආයෙත් විවර කරන්නට සුහයිර්ට, අවස්ථාවක් ලැබුණේ ද නැත. වසාගත් දෙනෙතින්ම ඈ සැවොම හැර දා ගියාය.

    සුහයිර්ගේ මරණයත් සමඟ ම අස්ලාන් හමෞදා දොස්තර මහත්තයාගේ දෑතට මාංචු වැටිණි. සුහයිර් මිහිගැබේ අඳුරුම තැනෙකට වැදෙමින් ඉරණම විසඳා ගනිද්දී විවිධ මට්ටමේ පරීක්ෂණ මෙන්ම නඩු විභාග යනාදිය එක දිගට දිග හැරෙන්නට පටන් ගත්තේය. අස්ලාෆ් හමෞදා දොස්තර මහත්තයා නිර්වින්දන කටයුතු ගැන දැන උගත්කම් ලත් කෙනකු නොවන බව හෙළිවිය. කාන්තා සුන්නත්කරණය ඊජිප්තු නීතිය අනුව සැලකෙන්නේ අපරාධයක් හැටියටයි.

    ඒ නිසා අස්ලාන් හමෞදා දොස්තර මහත්තයාත් අපරාධයක් කළ කෙනකු හැටියට සැක කර නඩුව විභාග කිරීම ආරම්භ වී ඇත. නඩු විභාගවලදී වෛද්‍යවරයා දිගින් දිගටම කියන්නේ තමන් සුහයිර් පවුලේ අයගේ වුවමනාවට මේ ශල්‍යකර්මය කළ බව පමණි. කාගේ වුවමනාවට කළත් කර තිබෙන්නේ නීතියට පටහැනි දෙයක් බව ඔහුට නොවැටහෙන්නේ මන්දැයි කියන ගැටලුව පැන නැඟේ.
     
    Last edited:

    SomeoneElse

    Banned
    Sep 7, 2013
    400
    10
    0
    aurudu 6 di gahanna puluwan wenna hutta kapala loku karanawa ati.

    kalakanni sattu. muhammad hitiyanam uge aka kapala uta kawanna tibune...
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙහෙම හොඳ නැත්නම් අල්ලා මොකටද මෙහෙම මැව්වේ? ඒකට උත්තර දෙන්නේ නැත්තේ ඇයි මේ මුස්ලිම් මිනිස්සු?

    සිරාවටම බං.. ඔය පිරිමි/ගැහැණු සුන්නත් කරනවා කියන එක මහ බොරු වැඩක්නේ.. කිසිම තේරුමක් නෑ..:(
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඒ වගේ එකක් තමයි.ඔය සුන්නත්කරණය ගැන තියෙනවා. සුපිරි film එක
    ඕක ෆිල්ම් එකට කලින් පොතක්.ඒක අනුලාද සිල්වා පරිවර්ථනය කරා සිංහලේට ‘‘කාන්තාරයේ කුසුම‘‘ කියලා
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    සිරාවටම බං.. ඔය පිරිමි/ගැහැණු සුන්නත් කරනවා කියන එක මහ බොරු වැඩක්නේ.. කිසිම තේරුමක් නෑ..:(

    ඔව් බන් අර එක අප්‍රිකානු ගෝත්‍රයක් තියෙන්නේ කසාද බඳින දවසට කොල්ලගෙ ඉස්සරහ දත ගලකින් ගහල කඩන්නේ. අන්න ඒ වගේ තමයි. තනිකරම ගෝත්‍රික ආගමක් බන් මේකත්. :sorry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඕක ෆිල්ම් එකට කලින් පොතක්.ඒක අනුලාද සිල්වා පරිවර්ථනය කරා සිංහලේට ‘‘කාන්තාරයේ කුසුම‘‘ කියලා

    අනුල ද සිල්වා නෙමෙයි.රන්ජිත් කුරුප්පු පරිවර්තනය කරලා තියෙන්නේ.මේ කතාව තව හොඳයි.ඔය කාන්තාරයේ කුසුම කියන නවල් එකේ තියෙනවට වඩා..ඒකෙ හැටියට සුන්නත්කරණය නිසා ගොඩාක් ගෑණු ලමයි මැරෙනවා.පොතේ කතා නායිකාවත් දවස් ගානක් උණ හැදිලා මැරෙන්න ගිහින් යාන්තන් නොමැරි බේරිලා තියෙන්නේ.දැන් එයා ඒ කියන්නේ වාරිස් ඩයරි ලෝකය පුරාම තියෙන ස්ත්‍රී සුන්නත්කරණයට විරුද්ධව කටයුතු කරන ක්‍රියාකාරී සමාජ සේවිකාවක්.ඒ පොත කියෙව්වම හිතෙනවා අපි මොනතරන් පිංවන්තද කියලා මෙහෙම ආගමක් ඇති හොඳ රටක ඉපදෙන්න.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනුල ද සිල්වා නෙමෙයි.රන්ජිත් කුරුප්පු පරිවර්තනය කරලා තියෙන්නේ.මේ කතාව තව හොඳයි.ඔය කාන්තාරයේ කුසුම කියන නවල් එකේ තියෙනවට වඩා..ඒකෙ හැටියට සුන්නත්කරණය නිසා ගොඩාක් ගෑණු ලමයි මැරෙනවා.පොතේ කතා නායිකාවත් දවස් ගානක් උණ හැදිලා මැරෙන්න ගිහින් යාන්තන් නොමැරි බේරිලා තියෙන්නේ.දැන් එයා ඒ කියන්නේ වාරිස් ඩයරි ලෝකය පුරාම තියෙන ස්ත්‍රී සුන්නත්කරණයට විරුද්ධව කටයුතු කරන ක්‍රියාකාරී සමාජ සේවිකාවක්.ඒ පොත කියෙව්වම හිතෙනවා අපි මොනතරන් පිංවන්තද කියලා මෙහෙම ආගමක් ඇති හොඳ රටක ඉපදෙන්න.
    ඔය පොත මට තවම කියවන්න බැරි වුණා..:(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔය පොත මට තවම කියවන්න බැරි වුණා..:(

    මමත් පුස්තකාලෙන් මාස ගානක් මහන්සිවෙලා ඒකේ වැඩකරන කෙනෙක්ට කියලා හොයන් කියෙව්වේ.තව පොතක් තියේ දෙවියන්ගේ අඩවිය කියලා,ඒකනන් පරිවර්තනය කරලා තියෙන්නේ අනුල ද සිල්වා.ඒක ලියලා තියෙන්නේ සල්මාන් රුශ්ඩි මට මතක විදිහට.මුස්ලිම් ආගමේ සැබෑ තත්වය තමා ඔය පොත්වල අන්තර්ගත වෙලා තියෙන්නේ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹලට පොත් කියවන්න වෙලාවක් තියේද බන්? මට නම් වෙලාවක් නෑ බන්. නැත්නම් කියවන්න ආසයි.
    අනේ වෙලාවක් නැහැ බං..:( පොත් තියෙනවා සෑහෙන්න කියවන්න.. මාත් කියවන්න පට්ට ආසයි බං..:(

    අපේ තාත්තා ගාව පොත් තියෙනවා සෑහෙන්න.. ගෙදරින් පිට ගෙනියන්න තහනම් බං.. නැත්තං පොඩ්ඩ පොඩ්ඩ හරි කියවන්න තිබුණා ෆ්‍රී ටයිම් එකක් ලැබුණාම..


    මමත් පුස්තකාලෙන් මාස ගානක් මහන්සිවෙලා ඒකේ වැඩකරන කෙනෙක්ට කියලා හොයන් කියෙව්වේ.තව පොතක් තියේ දෙවියන්ගේ අඩවිය කියලා,ඒකනන් පරිවර්තනය කරලා තියෙන්නේ අනුල ද සිල්වා.ඒක ලියලා තියෙන්නේ සල්මාන් රුශ්ඩි මට මතක විදිහට.මුස්ලිම් ආගමේ සැබෑ තත්වය තමා ඔය පොත්වල අන්තර්ගත වෙලා තියෙන්නේ.
    ඒ කියන්නෙ ඔය පොත හොයාගන්න අමාරුද..?
    හොයාගෙන කියවන්න ඕනි කොහොම හරි..