කාන්තා_ගුවන්යානය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කාන්තා_ගුවන්යානය

ජාත්‍යන්තර කාන්තා දිනයේ කාන්තාවන් මෙහෙයවූ ගුවන් යානය: "ආකල්ප වෙනස් කළ හැකියි"

_105934641_e50a6456-f366-4eda-8842-f6853280fa9e.jpg

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිකුරාදාට (මාර්තු 08) යෙදී තිබුණු ජාත්‍යන්තර කාන්තා දිනය සැමරුවේ සුවිශේෂී ආකාරයකිනි. ඒ, කාන්තාවන් විසින් පමණක් මෙහෙයුම් සිදු කරන ලද මගී ගුවන් යානයක් පියාසර කරවීමෙනි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කළේ, "කාන්තාවන් පමණක් මෙහෙයුම් සිදු කළ පළමු ශ්‍රී ලංකන් ගුවන් යානය මෙය" වන බවය. ඒ අනුව කාන්තාවන් පමණක් මෙහෙයුම් සිදු කළ UL306 අංකය දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළේ සිට සිංගප්පූරුව බලා පියාසර කළේය. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙම විශේෂ ගුවන් ගමන ගැන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවිධ අදහස් පළ වී තිබුණු අතර, ඇතැම් පුරුෂයන් එය හාස්‍යයට ලක්කිරීම ගැන කාන්තාවන් අප්‍රසාදය පළ කර තිබුණි.

_105946163_4c8cb50f-40a3-42d6-a481-2db6cf75832b.jpg

_105934640_006e8bdd-8102-4dbe-8679-d45203502141.jpg

යානයේ මෙහෙයුම් කාර්ය මණ්ඩලය කාන්තාවන් 8 දෙනෙකුගෙන් සමන්විත වූ අතර, ගුවන් නියමුවරිය ලෙස කපිතාන් සිම්රන් ගුම්මන් සහ පළමු පියාසර නිලධාරිනිය ලෙස මනීෂා නම්බුගේ කටයුතු කළහ. ගුවන් යානා කාර්ය මණ්ඩල ප්‍රධානියා වූයේ, මිරැන්ඩා රොද්‍රිගෝය. ගුවන් යානයේ සෙසු කාර්ය මණ්ඩලයට ලක්මිණි, සුමුදු, ඔනෙලා, ෂෙහානි සහ දුෂ්මන්ති යන ගුවන් සේවිකාවන් එක්වූ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේය.

_105943715_484f6ff5-6ac3-4e79-9dee-897e05de1ba2.jpg

සිම්රන් ගුම්මන් සහ මනීෂා නම්බුගේ

කපිතාන් සිම්රන් ගුම්රන් පවසන්නේ, "සම්පූර්ණයෙන් කාන්තාවන් මෙහෙයුම් සිදු කළ ගුවන් යානයක් පියාසර කරවමින් ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට හැකි වීම පිළිබඳව බෙහෙවින් සතුටට පත් වන" බවය. "ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පළමු කාන්තා කාර්ය මණ්ඩලයක් සහිත ගුවන් යානයේ සාමාජිකයෙකු වීම මට මහත් ආඩම්බරයක්," එසේ පවසන්නේ, ගුවන් යානයේ පළමු පියාසර නිලධාරිනිය වූ මනීෂා නම්බුගේය.

_105943717_fda214d1-bb4e-4e16-adef-2274a0d2810d.jpg

_105943719_5f83eeee-ecb2-4e91-bc5d-fa59727cb4d1.jpg

මෙම ගුවන් යානයේ මගීන් 177 දෙනෙකු සිංගප්පූරුව බලා පියාසර කළ අතර, ගුවන් යානය සිංගප්පූරුවේ චාන්ගි ගුවන් තොටුපොළට ළඟා වීමෙන් අනතුරුව එහි කාන්තා කාර්ය මණ්ඩලයේ ඡායාරූප කිහිපයක් ද පළ කර තිබිණි. මෙම නව පියවර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගේ දැඩි අවධානයක් යොමුව තිබේ. ඇතැමුන් පෙන්වා දී ඇත්තේ, "කාන්තාවන් ආහාර පිසීමට සහ පිරිසුදු කිරීමට පමණක් වෙන් වූවන් පිරිසක් බවට සමාජය තුළ පවතින මිථ්‍යා මතය මෙවැනි ක්‍රියාවලින් බිඳී යන" බවය.

_105943825_d4c8d0df-d858-4f90-88c5-78e77b048242.jpg

කාන්තාවන් සම්බන්ධයෙන් සමාජය තුළ පවතින මතය වෙනස් විය යුතු බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බොහෝ අදහස් පළ වී තිබිණි.

  • Like
Reactions: Bart_Allen

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Bump.
    ඕවත් ඉතින් marketing tricks තමයි. මන් දැක්කා article එකක් ශ්‍රී ලන්කන් එක 2010 ත් ඔහොම flight එකක් යවලා තියෙනව කියලා article එකක.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අදාළ රාජකාරියට qualified පුද්ගලයාටයි තැන දෙන්න ඕන. මම කියන්නේ ඒක. ගෑනු ද පිරිමි ද නපුංසක ද කියන එක වැඩක් නෑ.
    gender එකෙන් බිස්නස් එකට වැඩක් නෑ නේ?
    බිස්නස් එක රන් වෙන්නේ qualified මිනිස්සු වැඩ කලාම එන ලාභයෙන්. එච්චරයි.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    උඹ ඔහොම කිව්වට බං ලංකාවේ ගෑණියෙක් බයික් ඵකක් පැදන් ගියහම අදටත් ලංකාවෙ සමහර පිරිමින්ට මොකක්ද මොකක්ද වෙනවා.ලංකාවේ හරියට තියෙනවා ඒ ගතිය...ඔව් ඒක කුහක ගතිය තමා..:lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එහෙන් කාන්තා දිනය සමරද්දී ගුවන් යානයේ කාන්තා කාර්ය මණ්ඩලයක් සිංගප්පුරු යනවා. එහෙව් රටේම මෙහෙන් සිංගප්පුරුවක් කරනවා කිව්ව එක්කෙනා කොච්චි වල කාන්තා පෙට්ටි වෙන් කරනවා. අතීසාරෙට අමුඩ ගහන සිරිකොතේ කොලු රජාගේ තවත් එක් හපන්කමක්. දුම්රිය දියුණු කරලා ගෑනු පිරිමි බේදයක් නැතුව සැප පහසුව යන්න ප්‍රවාහන සේවයක් හදනවා වෙනුවට කාන්තා පිරිමි අතර පරතරය වැඩි කරන්න ගේම් ගහනවා. කාට කාටත් තේරෙනවා මොකාටද එන්නේ කියල . ඔව් උබේ ලොක්ක ගැන තමා කිව්වේ.
     
    ජන්ද ගුණ්ඩු තමා..කාන්තා ජන්දනේ ලංකාවෙ වැඩි..:D
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ජන්ද ගුණ්ඩු තමා..කාන්තා ජන්දනේ ලංකාවෙ වැඩි..:D

    මේ පාරනම් මොන ගුන්ඩුව දැම්මත් සිරිකොතේ කොලු රජාට මිනිස්සු අහු වෙන්නේ නෑ බන්. මේ අවරුදු 5 ට රටට කරපු විනාසෙට මෙහෙම ඉතුරු වෙලා තියනවා ඇති
     
    Mar 10, 2019
    8
    0
    0
    මහින්දගේ නීස් කොයි කෙනාද?? මතක හැටියට මහින්දගේ නංගිගේ දුවෙක් වගේ එකියක් ඉන්නවා පයිලට් කෙනෙක්. මත්තල ඕපන් එකේ මහින්දව අරගෙන කටුනායකින් මත්තල බෑවේ එකී තමා.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උඹ ඔහොම කිව්වට බං ලංකාවේ ගෑණියෙක් බයික් ඵකක් පැදන් ගියහම අදටත් ලංකාවෙ සමහර පිරිමින්ට මොකක්ද මොකක්ද වෙනවා.ලංකාවේ හරියට තියෙනවා ඒ ගතිය...ඔව් ඒක කුහක ගතිය තමා..:lol:

    ow ඕකට කියන්නේ ලිංගික හීනමානය සහිත කුහකත්වය.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    ගොන් ආතල්. ගොන්නුන්ට හොදයි ඉතින් ඕක හුරේ දාන්න. ගෑනු පයිලට්ලා දෙන්නෙක් දාල plane එකක් යවන්න කාන්තා දිනය වෙනකන් ඉන්න ඕනිද? අනික එහෙම යැව්වයි කියල තියන අමුතු මෙව්වා එක මොකද්ද. ලංකාවේ හරියට female captainල නෑ වගේ. plane එලවන්න ගෑනු, පිරිමි බේදයක් නෑනේ. උන්ගේ ආතල් උන්ට ආතල්. කේකුත් කපල
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ගොන් ආතල්. ගොන්නුන්ට හොදයි ඉතින් ඕක හුරේ දාන්න. ගෑනු පයිලට්ලා දෙන්නෙක් දාල plane එකක් යවන්න කාන්තා දිනය වෙනකන් ඉන්න ඕනිද? අනික එහෙම යැව්වයි කියල තියන අමුතු මෙව්වා එක මොකද්ද. ලංකාවේ හරියට female captainල නෑ වගේ. plane එලවන්න ගෑනු, පිරිමි බේදයක් නෑනේ. උන්ගේ ආතල් උන්ට ආතල්. කේකුත් කපල

    මේක කොහොමද ගොන් ආතල් වෙන්නේ මචන්. විශේෂයෙන්ම ලංකාව වගේ දකුණු ආසියාතික රටකට. මේක ගොන් ආතල් එකක් වෙන තිබ්බ යුරෝපයේ, ඕස්ට්‍රේලියාවේ හෝ ඇමරිකාවේ වගේ සිද්ද උනා නම්. ලංකාව වගේ රටවල බහුතරයක් තවමත් ජිවත් වෙන්නේ කාන්තවන්ට හිංසනය කරන සහ ලිංගික ඉර්ශියාවෙන් පෙලෙන කුහක මානසිකත්වයක් පෙලෙන ගෝත්‍රික මිනිස්සු පිරිසක්. මෙවැනි සංස්කෘතියක් තියන රටක මෙවැනි දෙයක් කිරීම අගයන්න ඕනේ. මේව හාස්‍යට ලක් කරලා දාන කමෙන්ට්ස් පලකරණ පුද්ගලයින්ට තියෙන්නේ ලිංගික ඉරිශියාව , හීනමානය , කුහකත්වය වගේ දේවල්. වැඩිය ඕනේ නැහැ ලංකාවේ පාරක කාන්තවක් වහනයක් පදවන අවස්ථාවක බලන්න පිරිමි හැසිරෙන විදිහ. ඒකයි කියන්නේ අපි තවමත් වනන්තරේ කියල .
     
    අනේ බන් ඇයි බන් ඇමරිකාව යුරෝපේ ආයි නිකන් පන්සල් පල්ලි වගේ රටවල් කියල හිතන් ඉන්නේ. උන්ගේ රටවල් වල කොච්චර rape කරලා මරනවද. ගෑනු විතරක් නෙවේ පොඩි උන් හිටන්. උබ හිතනවන් උන් හෙන decent මිනිස්සු අපි හෙන ගෝත්‍රිකයෝ කියල එතනින් එහාට කතා කරලා වැඩක් නෑ. සුද්දෝ තරන් කුහක ආත්මාර්ථකාමී උන් ලොවෙත් නෑ. උන්ට අපේ රටවල් වලට ආපුවාම පුදුමයි මිනිස්සු කොච්චර හොදද කියල. උබල මෙහෙ ඉදන් උන්ගේ ගුණවයනවා. :baffled:

    උබට මේක ලොකු දෙයක්නං එක පෞද්ගලික දෙයක්. මටනං මීට වඩා ලංකාවේ ගෑනු ලොකු scene කරලා තියනවා. චන්ද්‍රිකා කියල කෙනෙක් මේ රටේ ජනදිපතිත් වෙලා තිබ්බනේ
    :nerd: