කාපන්කෝ දැන්

kickmeo

Member
Nov 30, 2010
529
25
0
අධිවේගියට හානි වු‍ණොත් වන්දි ගෙවනකං වාහනේ නෑ



3671asha.gif


දකුණු අධිවේගී මාර්ගයේදී රියදුරන් අතින් අනතුරකදී හෝ වෙනයම් අයුරකින් මාර්ගයට අලාභයක් සිදුවුවහොත් එම අලාභය ගෙවන තුරු පොලීසිය විසින් වාහනය නිදහස් නොකරන බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි “විමසුම“ ට මේ බව පැවසූ අතර පසුගිය කාලයේදී මෙම මාර්ගයට සිදුවූ එවැනි අලාභවීම් කිහිපයකදී මුදල් අයකර ගත්බව කීය.
බීමත් රියදුරන් හා නොසැලිකිලිමත් රියදුරන් මෙම මාර්ගයේ ගමන් කිරීම වැලැක්වීම සඳහා පොලීසිය විසින් විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙන බව සභාපතිවරයා පැවසූ අතර කිලෝ මීටර් සියයක පමණ අධික වේගයකින් ධාවනය කිරීමේදී මනා විනයකින් කටයුතු කරන මෙන් ඉල්ලා සිටියේය.
මෙරට පළමු අධිවේගී මාර්ගය වන දකුණු අධිවේගී මාර්ගයේ උපරිම ධාවන වේගය පැයකට කිලෝ මීටර් සියයකි.

උපුටන: http://www.vimasuma.com/index.php?o...icle&id=3671&catid=50:puwatharthika&Itemid=56
 
Last edited: