කාබනික හා රසායනික පොහොර

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    මම කෘෂි විද්‍යාඥයකු නොවෙමි. මම ප්‍රභාසංස්ලේෂණය ගැන උගත්තේ පසුගිය සියවසේ ය. - 8 වසරේ මෙන් ම 11 වසරේ දී ය.
    මේ මට කාබනික -අකාබනික පොහොර ගැන තේරෙන හැටි ය.
    ශාක වල පලදාව ලෙස අපි ආහාරයට ගන්නා, හා එනිසා කෘෂි බිමෙන් ඉවත් කර ගන්නා, කොටසේ කාබනික හා අකාබනික කොටස් ඇත. මෙහි කාබනික කොටස සෑදීමට අවශ්‍ය කාබන් හා ඔක්සිජන් ප්‍රභාසංස්ලේෂණය තුල වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ලෙස ශාක අවශෝෂණය කරා ගනී. පසෙන් කාබනික කිසිවක් උරා නොගනී.
    අකාබනික මුලද්‍රව්‍ය, එනම් නයිට්‍රජන්, ෆොස්පරස්, පොටෑසියම්, මැග්නීසියම් (N, P, K, Mg) ශාක වලට ලබාගත හැක්කේ පසෙන් පමණි. ජලය ද පසෙන් ලැබේ.
    අප පලදාව අනුභව කොට වගා භුමියේ ම මල පහ කරන්නේ නම් අකාබනික චක්‍රය සම්පුර්ණ වේ - සරු වනයේ සිදු වන්නේ එයයි..
    එහෙත් අපි පලදාව වගා භූමියෙන් ඉවත් කර එය ගෙදර අනුභව කොට මලපහ කරන බැවින් පලදාව සමග එම අකාබනික මුලද්‍රව්‍ය ද වගා භූමියෙන් ඉවත් වේ.
    ඒවා නැවත වගා භූමියට ලබා නොදුනහොත් ශාඛ වර්ධනය අඩාල වේ.
    එම අකාබනික මුලද්‍රව්‍ය ලබාදිය හැකි ආකාර දෙකකි:
    1. අකාබනික හෙවත් රසායනික පොහොර - එකී අකාබනික මුලද්‍රව්‍ය ටික කෘතිමව එක් රැස් කොට සාන්ද්රගතව සකසා ඇත.
    2. කාබනික පොහොර - එකී අකාබනික මුලද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් (10 %) සමග කාබනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අඩංගුව ඇත. කාබනික කොටස වායුගෝලයෙන් උරා ගත හැකි නිසා සත්‍ය වශයෙන් ඒවා පිටතින් ලබාදීම අනවශ්‍ය ය.
    එනිසා එකම ප්‍රමාණයේ වගාවක් කිරීමට, කාබනික පොහොර විශාල පරිමාවක් මිලදී ගැනීමට, යෙදීමට, ප්‍රවාහනය, ශ්‍රමය, උවමනා වේ....වගා පිරිවැය වැඩි වේ, කොතරම් කලද සාන්ද්‍රගතව මුලද්‍රව්‍ය දිය නොහැකි නිසා පලදාව අඩු වේ.
    කොටින්ම ----- පසෙන් පලදාව ලෙස ඉවත් කරන ඒවා පසට නැවත දිය යුතුය, ඒ සමග වායුගෝලයෙන් ගන්නා දේවල් පසට දීම අනවශ්‍ය පිරිවැයකි.
    කාබනික වගාව යනු ඔලුව වටේ ගොස් නහය ඇල්ලීමක් වැනිය. - වායුගෝලයෙන් උරා ගත හැකි කාබන් අපි සල්ලි දී ආනයනය කර, කරේ තබාගෙන ගොස් කාබන් උරා නොගන්නා මුලේ හැලීම කාබනික වගාව නම් වේ.
    මේවා සංවර්ධිත රටවල් වල, ජිවිතයේ වෙනත් ප්‍රශ්න නැති උදවිය සිතින් මවාගෙන විසදන තවත් එක ප්‍රශ්නයක් පමණි....අපේ වෙන්ඩ සුද්දන් ද ඔවුන් ආශ්‍රය කොට කළු සුද්දන් වීමට ඔවුන්ගේ හොබී, කැටයම් මෙහෙ උස්සන් විත් දුප්පත් ගොවියා මත පැටවීම ශෝචනීයය.

    -- Dr. Lakshan Abeynaike.



    195439778_10158409709158231_7502057780530543223_n.jpg




     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    ජනාධිපති තුමාගේ කාබනික වැඩපිළිවලට ජය වේවා
    අනිවා මචං .
    පිස්සෝ facebook එකේ ලියන බයිලා වලට රැවටෙන්න හොද නැහැ .
     
    • Haha
    Reactions: Nanosudha

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    50% 50% වගේ Parallel කරා නම් hari, Nettm kanna netuwa merenna wenne
    මේ කියල තියෙන දේට අනුවනම් මචං
    පසේ තියෙන සාරය ගියාට පස්සේ ඒ අවශ්‍ය පෝෂණය කාබනික පොහොර වලින් සම්පුර්ණ කරන්න බැහැ .

    කාබනික පොහොර වලින් තේ ගස් කොහොමවත් හදන්න බැහැලු .
    හිතපන්කෝ ප්‍රදාන අපනයන බෝගෙකට කෙලඋනාම වෙන දේ .
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    මට නන තාම හිතෙන්නෙ රසායනික කෘමි නාශක රසායනික පොහොර කවුරුහරි ජනාධිපතිතුමාට පටලවල දීල කියල.

    එහෙම වෙන්නත් පුලවන් .
    පොහොර ආනයනය කරන්න සල්ලි නැති නිසා ටික කාලෙකට ගහපු ගැටයක් වෙන්නත් පුළුවන් .
    අදාල subject ගැන ඉගෙන ගත්ත උනුත් පිස්සෙක් ලග කට අරින්න බය නිසා රටට කෙලවෙලාම යනවා වැඩි කාලයක් නොයා .
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    View attachment 130865

    මූට හදිස්සි උනේ ඇයි?
    එකනේ මචං scene එක .
    හාල් මිල දවසෙන් දවස වැඩි වෙනවා .
    එළවලු 250g දැන් Rs .70ක් විතර වෙනවා .
    palm oil තහනම් කරලා පොල් තෙලුත් ගිනි ගණන්
    මිනිස්සුන්ට මෙච්චර අමාරු කාලෙ
    තව හිරකරන්නේ මුන්ට පිස්සුද මන්ද .
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ කියල තියෙන දේට අනුවනම් මචං
    පසේ තියෙන සාරය ගියාට පස්සේ ඒ අවශ්‍ය පෝෂණය කාබනික පොහොර වලින් සම්පුර්ණ කරන්න බැහැ .

    කාබනික පොහොර වලින් තේ ගස් කොහොමවත් හදන්න බැහැලු .
    හිතපන්කෝ ප්‍රදාන අපනයන බෝගෙකට කෙලඋනාම වෙන දේ .

    ඕක ඉතින් රචනා ලියන්න දෙයක් නෑ...ඕක බෝග වලින් බෝග වලට අවශ්‍යතා වෙනස් වෙනවා....මේවානම් විහිලු අම්මප.....

    ගැලරිය පිනවන්න හොඳයි ඉතින්.... ඕන පුකක්... ස ගේ කැමැත්ත නේ.....
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    ඕක ඉතින් රචනා ලියන්න දෙයක් නෑ...ඕක බෝග වලින් බෝග වලට අවශ්‍යතා වෙනස් වෙනවා....මේවානම් විහිලු අම්මප.....

    ගැලරිය පිනවන්න හොඳයි ඉතින්.... ඕන පුකක්... ස ගේ කැමැත්ත නේ.....

    තේ වලට කෙලවගත්තොත් තමා නාන්නෙ හොදම එකෙන්.
     
    • Like
    Reactions: BadBlueGenius

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Meka ekaparata wenas karana eka hoda na. dan videsha vinimaya enne na.
    ape imports thiyenne Tea and apparel witarai. Tea walata kela unama kohomada.
    gon wada mai thiyenne.
    awurudu 5k wath aran, goviyatath danne nne nathuwa kara nam hari.
    dan ape imports bahutharayak, bangladesh and african countries walin sapura gannawa.
    sir wa thiyana athe gahuwath, ravana thiyan athe gahuwath, reality eka okai
     

    Sen-lu

    Well-known member
  • ඉන්න ඉන්න ඉවසලා මහදැනමුත්ත දැන් එළුවගෙ බෙල්ල කපාගෙන යන්නේ. ඔන්න බලපං ඕක බෙල්ලත් කපලා ඔලුව එළියට ගන්න මුට්ටියත් බිඳල තමයි නවතින්නේ.