මම කෘෂි විද්‍යාඥයකු නොවෙමි. මම ප්‍රභාසංස්ලේෂණය ගැන උගත්තේ පසුගිය සියවසේ ය. - 8 වසරේ මෙන් ම 11 වසරේ දී ය.
මේ මට කාබනික -අකාබනික පොහොර ගැන තේරෙන හැටි ය.
ශාක වල පලදාව ලෙස අපි ආහාරයට ගන්නා, හා එනිසා කෘෂි බිමෙන් ඉවත් කර ගන්නා, කොටසේ කාබනික හා අකාබනික කොටස් ඇත. මෙහි කාබනික කොටස සෑදීමට අවශ්‍ය කාබන් හා ඔක්සිජන් ප්‍රභාසංස්ලේෂණය තුල වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ලෙස ශාක අවශෝෂණය කරා ගනී. පසෙන් කාබනික කිසිවක් උරා නොගනී.
අකාබනික මුලද්‍රව්‍ය, එනම් නයිට්‍රජන්, ෆොස්පරස්, පොටෑසියම්, මැග්නීසියම් (N, P, K, Mg) ශාක වලට ලබාගත හැක්කේ පසෙන් පමණි. ජලය ද පසෙන් ලැබේ.
අප පලදාව අනුභව කොට වගා භුමියේ ම මල පහ කරන්නේ නම් අකාබනික චක්‍රය සම්පුර්ණ වේ - සරු වනයේ සිදු වන්නේ එයයි..
එහෙත් අපි පලදාව වගා භූමියෙන් ඉවත් කර එය ගෙදර අනුභව කොට මලපහ කරන බැවින් පලදාව සමග එම අකාබනික මුලද්‍රව්‍ය ද වගා භූමියෙන් ඉවත් වේ.
ඒවා නැවත වගා භූමියට ලබා නොදුනහොත් ශාඛ වර්ධනය අඩාල වේ.
එම අකාබනික මුලද්‍රව්‍ය ලබාදිය හැකි ආකාර දෙකකි:
1. අකාබනික හෙවත් රසායනික පොහොර - එකී අකාබනික මුලද්‍රව්‍ය ටික කෘතිමව එක් රැස් කොට සාන්ද්රගතව සකසා ඇත.
2. කාබනික පොහොර - එකී අකාබනික මුලද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් (10 %) සමග කාබනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අඩංගුව ඇත. කාබනික කොටස වායුගෝලයෙන් උරා ගත හැකි නිසා සත්‍ය වශයෙන් ඒවා පිටතින් ලබාදීම අනවශ්‍ය ය.
එනිසා එකම ප්‍රමාණයේ වගාවක් කිරීමට, කාබනික පොහොර විශාල පරිමාවක් මිලදී ගැනීමට, යෙදීමට, ප්‍රවාහනය, ශ්‍රමය, උවමනා වේ....වගා පිරිවැය වැඩි වේ, කොතරම් කලද සාන්ද්‍රගතව මුලද්‍රව්‍ය දිය නොහැකි නිසා පලදාව අඩු වේ.
කොටින්ම ----- පසෙන් පලදාව ලෙස ඉවත් කරන ඒවා පසට නැවත දිය යුතුය, ඒ සමග වායුගෝලයෙන් ගන්නා දේවල් පසට දීම අනවශ්‍ය පිරිවැයකි.
කාබනික වගාව යනු ඔලුව වටේ ගොස් නහය ඇල්ලීමක් වැනිය. - වායුගෝලයෙන් උරා ගත හැකි කාබන් අපි සල්ලි දී ආනයනය කර, කරේ තබාගෙන ගොස් කාබන් උරා නොගන්නා මුලේ හැලීම කාබනික වගාව නම් වේ.
මේවා සංවර්ධිත රටවල් වල, ජිවිතයේ වෙනත් ප්‍රශ්න නැති උදවිය සිතින් මවාගෙන විසදන තවත් එක ප්‍රශ්නයක් පමණි....අපේ වෙන්ඩ සුද්දන් ද ඔවුන් ආශ්‍රය කොට කළු සුද්දන් වීමට ඔවුන්ගේ හොබී, කැටයම් මෙහෙ උස්සන් විත් දුප්පත් ගොවියා මත පැටවීම ශෝචනීයය.
-- Dr. Lakshan Abeynaike.