කාබයිට් පළතුරු හොදද? නරකද?

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    කාබයිට් පළතුරු හොදද? නරකද?

    නිරෝගී ජීවිතයක් ප‍්‍රාර්ථනා කරන්නකු දිනකට පළතුරු ග්රෑම් 300-400 ක් අතර ප‍්‍රමාණයක් ආහාරයට ගත යුතු බව පෝෂණ විද්‍යාඥයින් ගේ මතයයි.

    මේ නිසාම පළතුරුවලට සමාජයේ ඇත්තේ නොමද ඉල්ලූමකි. නාගරීකරණයත් වැඩිවන ජනගහනයත් ඒ ඉල්ලූම දෙගුණ තෙගුණ කර තිබේ.

    කවර අන්දමකින් හෝ මඩිය තර කර ගන්නා වාණිජ පරමාර්ථ මුදුන්පත් කර ගන්නා ව්‍යාපාරිකයෝ ඒ ඉල්ලූම සපුරන්නට වැරදි මග ගොස් ඉදවාගත් පළතුරු වෙළෙඳ පොළට ගෙන එති.
    කාබයිට් වායුව ගසා ඉදවා ගත් පළතුරු මෙන්ම කාබයිට් කුඩු පළතුරු මතට දමා පැහැය වෙනස් කරගත් පළතුරුද දිනපතා වෙළෙඳ පොළට එති.

    නිසියාකාරව ස්වභාවිකව ඉදුණු පළතුරක හා කාබයිඞ් ගසා කෘති‍්‍රම ලෙස ඉදවා ගත් පළතුරක වෙනස දැනගත හැක්කේ එය අනුභව කරන මොහොතේදීය. ඒ වන විට පෙරහැර ගොස් හමාරය.
    කාබයිඞ් ගැසූ පළතුරු මිනිස් සිරුරට අහිතකර බව පැවසේ. අහිතකර වන්නේ ඇයි? එසේ නම් කාබයිඞ් දමා පළතුරු ඉදවන්නන් අත්අඩංගුවට ගත හැකිද? ඒ කෙසේද? මේ සම්බන්ධව ආහාර විශේෂඥයකුගෙන් හා සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකයේ ඉහළ නිලධාරියෙකුගෙන්ද කළ විමසීමකදී ඔවුන් ඉදිරිපත් කළ තොරතුරු ඇසුරෙන් මේ ලිපිය සැකසිණි.

    කාබයිඞ් ගසා ඉදවූ පළතුරුවලින් ඉවත් විය යුතු යැයි ආහාර පිළිබඳ විශේෂඥයන් පවසන්නේ ඇයි?
    කාබයිඞ් වායුව හෝ කුඩු ජලය සමග යෙදීමෙන් නිකුත් වන්නේ ඇසිටලින් වායුවයි. එහිදී කැල්සියම් හයිඩ්‍රොක්සයිඞ් පළතුරු මත තැන්පත් වේ. ඒවා පළතුරු ලෙලි මත තැන්පත් වෙනවා පමණක් නොව ඒ තුළින් ගෙඩි තුළට කාන්දුවීමට ඉඩකඩ තිබේ.

    මෙහිදී අතුරු පළ ලෙස බැරලෝහ බොහොමයක්ද පළතුරු මත තැන්පත් වෙයි. එහිදී ආසනික් වැනි බැරලෝහ තැන්පත් වීම නිසා ඒවා පරිභෝජනය කරන්නන් ගේ ශරීර තුළටද ඇතුළු විය හැකිය.
    ආසනික් වැනි බැරලෝහ, රෝග රැසකට මුල්වෙයි. විශේෂයෙන් අක්මාගත රෝග, වකුගඩු රෝග, පෙනහළු රෝග, සමේ රෝග ඒ අතර ප‍්‍රධානය. එහෙත් පළතුරු ගෙඩියකින් දෙකකින් මේ තත්ත්වය ඇති නොවෙයි. එය කලක් ගතවී සිදුවිය හැකිය. ඒ ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට එකී තත්ත්වය වෙනස්වනු ඇත.

    ටිකෙන් ටික මරණය ගෙනන මෙවැනි පළතුරු වෙළෙඳපොළට ගෙන එන්නට වෙළෙඳුන්ට ඇති උවමනාව කුමක්ද? ඊළඟට පැන නගින්නේ එම ප‍්‍රශ්නයයි.

    පළතුරු සඳහා වෙළඳපොළේ ඇති විශාල ඉල්ලූම නිසා වෙළෙඳුන් අඹ, ගස්ලබු, කෙසෙල් වැනි පළතුරු මිලදී ගන්නේ ගස් හෝ පලතුරු වතු බදු ගැනීමෙනි. එසේ බදු ගත් පළතුරු වත්තේ ඇති ඉදුණු පැසුනු ඒවා පමණක් නොව මලෙන් එළියට ආ කුඩා ගැට පවා කඩා ගෙන යන්නේ පළතුරු ගසට හෝ වත්තට ඔහු ගෙවූ මුදල උපරිම ලෙස උපයනු සඳහාය.

    එසේ ගෙන යන නොපැසුණු පළතුරු ඉදුණු බව පෙන්වා වර්ණ ගැන්වීමට කාබයිඞ් යොදා ගනිති. කාබයිඞ් යෙදීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අනුමත කොට තිබුණේ පළතුරු ගබඩා කළ කාමරයේ මුල්ලක කාබයිඞ් තබා එයින් වායුව නික්මීමට සලසා එමගින් පළතුරු ඉදීමට සැලැස්වීමයි.
    අද සිදුකෙරෙන්නේ පළතුරු ගොඩ ගසා ඊට කාබයිඞ් කුඩු ඉස ජලය ඉසීමයි. මෙහිදී එහි ඇති සියලූ ගෙඩි කහපැහැ ගැන්වේ. නමුත් ඒ ලෙල්ල පමණි. මේ පළතුරු පැසී ඉදුනු පළතුරු වලින් වෙන්කොට හඳුනාගැනීමට පාරිභෝගිකයාට නොහැකිවේ.

    පළතුරක් ඉදීම ස්වභාවික ක‍්‍රියාවලියකි. එකී භෞත රසායනික ක‍්‍රියාවලිය කාබයිඞ් යෙදීමෙන් සිදුනොවේ. ස්වභාවික ක‍්‍රියාවලියේදී පළතුරේ ඇති අම්ල හා පිෂ්ඨය සීනි බවට පරිවර්තනය වී පළතුර මෘදු වේ. පැණි රසවේ. එහෙත් කාබයිඞ් මගින් නික්මෙන ඇසිටිලින් වායුව මගින් සිදුකරන්නේ වර්ණ ගැන්වීම පමණකි. එවිට පළතුර මෘදු නොවේ.

    පළතුරක ඉදීම සඳහා අවශ්‍ය උත්තේජනය ලබාදෙන ඒතිලීන් වායුව යොදා ගැනීම සඳහා රසායනිකයක් මේ වන විට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අනුමත කොට ඇත. ඒ එත‍්‍රල් වේ. එත‍්‍රල් රසායනිකය මගින් නිකුත් කරන එතිලීන් වායුව මගින් සිදුකරන්නේ පැසුණු පළතුරක් ඉදීම සඳහා උත්තේජනයක් සැපයීමය.

    සම්ප‍්‍රදායිකව කෙසෙල් දුම් ගැස්සවීමෙන් ඉදවීමේ ක‍්‍රමයේදී ද සිදුකරන්නේ බූව සහිත කොළ වර්ග සමග කෙසෙල් කැන් වළ දමා වළ තුළට දුම් ගසා එම දුම වළතුළ ඇති බූව සහිත කොළ වර්ග රත්වෙද්දී නිකුත් වන එතිලීන් වායුව මගින් කෙසෙල් ගෙඩි ඉදීමට උත්තේජනය සැපයීමයි.
    කාබයිඞ් වලින් පළතුරු ඉදවීම 1993 අංක 788/7 දරන ආහාර පනතේ රෙගුලාසි අනුව සපුරා තහනම් වේ. එසේ කරන ස්ථාන අල්ලා ගැනීම තරමක් අපහසු වන නමුත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සෞඛ්‍ය අමාත්‍යංශයට උපදෙස් දී ඇත්තේ පළතුරු ඉදවන ස්ථානවල ඇති ඇටවුම් පරීක්ෂා කරන ලෙසය.

    එම ස්ථානවල කාබයිඞ් තිබී අසුවුවහොත් පළතුරු ඉදවීම සඳහා කාබයිඞ් යොදාගත් බවට පූර්ව නිගමනයකට පැමිණ නීතිමය පියවර ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අවස්ථාව තිබේ.
    කාබයිඞ් දුම ගසා ඉදවූ පළතුරු පියවි ඇසින් පරික්ෂා කිරීමෙන් සොයාගත නොහැකි නමුත්, කාබයිඞ් කුඩු ඉසින ලද පළතුරු විද්‍යාගාර පරික්ෂාවකදී සොයාගත හැක. කාබයිඞ් කුඩු වලට වතුර වැදුණ විට ඇසිටලින් වායුව නිකුත් වීමත් සමගම කැල්සියම් හයිඩ්‍රොක්සයිඞ් ලෙල්ලේ තැන්පත්වේ. ස්වභාවිකව ඉදුණු පළතුරක ලෙල්ලේ කිසිසේත්ම කැල්සියම් හයිඩ්‍රොක්සයිඞ් තැන්පත් වී තිබිය නොහැක.
    කලකට ඉහත කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පළතුරු ඉදවීමට කාබයිඞ් දුම් ගැසීම අනුමත කර තිබූ බව සැබෑවකි. එහෙත් එය අද වන විට වැරදි භාවිතයට එක්ව තිබේ. එය මහ පරිමාණ ජාවාරමක් බවට පත් කරගෙන පාරිභෝගිකයන් මුලා කිරීම දක්වා යන ගමන හේතුවෙන් පාරිභෝගිකයන් සදාකාලිකව රෝගීන් බවට පත්වන තත්ත්වය වැළැක්වීමට ආහාර පනත අනුව ක‍්‍රියාකිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පුළුල් බලතල ලබාදී තිබේ.

    මෙසේ පළතුරු ඉදවන තැනක් හෝ පුද්ගලයෙක් පිළිබඳව නොඑසේ නම් එවැනි පළතුරු විකුණන්නට ඇති විටෙක ඒ පිළිබඳව ආසන්නයේම වෙසෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකට දැනුම් දිය හැකි නම් එයද සමාජයට කරන යහපතක් වනු ඇත.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකයේ සහකාර අධ්‍යක්ෂක එච්. හපුතන්ත‍්‍රි සහ රජයේ හිටපු රස පරීක්ෂක ඊ.ජී. සෝමපාල යන මහත්වරුන් සමග කළ සාකච්ඡාවකිනි.


    Source:-http://www.chamith.co.cc/2011/12/blog-post.html
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම දැක්ක තියෙනව කාබයිටි වල ආසනික් තියෙනව කියල,
    ඇත්තද බොරැද දන්නෙ නැ:rolleyes::rolleyes: