කාමයන්_ භිස ජාතකය

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    කාමයන්_ භිස ජාතකය

    වෙලාව අරන් කියවන්න. හරි වටිනවා..

    එක් කලෙක අප මහ බෝසතාණන් වහන්සේ බරණැස් නුවර අසූ කෙළක් ධනය ඇති බ්‍රාහ්මණ කුලයක උපන්හ. මහාකඤ්චන කුමාරයෝ ය යි උන්වහන්සේට නම තැබූහ. උන් වහන්සේට බාල සහෝදරයෝ සදෙනෙක් ද සහෝදරියක් ද වූහ. කාමය කෙරෙහි නො ඇලුණා වූ ඔවුහු විවාහ ජීවිතයට බැස නො ගත්හ. ඔවුහු මාපියන් ජීවත් වන තාක් ඔවුනට උපස්ථාන කරමින් සිට මාපියන් ඇවෑමෙන් ඔවුනට හිමි වූ අසූ කෙළක් ධනය දුගී මගී යාචකයනට දන් දී තපස් කම් කරනු පිණිස සැම දෙන ම හිමාලය වනයට ගිය හ. දාසියක් ද දාසයෙක් ද යහළුවෙක් ද ඔවුන් හා ගියෝ ය. පිරිස එකොළොස් දෙනෙක් වූහ. ඔවුහු හිමාලයෙහි එක් විලක් සමීපයේ මනරම් තැනක පන්සලක් කරගෙන සෑම දෙන ම පැවිදි ව මහ බෝසතාණන් වහන්සේගේ අවවාදානුශාසනය පරිදි මහණ දම් පුරන්නට වන්හ.
    ඵලාඵල පිණිස වනයට යන කල්හි ඔවුහු සමූහ වශයෙන් ගොස් ඇසූ දුටු දෑ සම්බන්ධයෙන් කථා කරමින් පලවැල නෙළන්නට වීමෙන් ඒ වනය ද ගමක් වැනි විය. ඒ බව දුටු බෝසතාණන් වහන්සේ “අසූ කෙළක් ධනය හැර පියා ආ අපට මේ වනයෙහි මෙසේ ලෝභයෙන් පලවැල සෙවීම නො හොබනේ ය. සෙස්සන්ට මෙහි ම මහණදම් පුරමින් සිටින්නට හැර මම වනයට ගොස් සැම දෙනාට ම ඵලාඵල නෙළාගෙන එමි” යි සිතා සවස් කාලයේ දී සරම දෙනා ම රැස් කරවා ඒ බව ඔවුනට දැනුම් දුන් හ.
    එකල්හි සෙස්සෝ කියන්නාහු, ආචාර්‍ය්‍යයන් වහන්ස, අපි නුඹ වහන්සේ නිසා පැවිදි වූවෝ වෙමු. නුඹ වහන්සේ මෙහි ම මහණ දම් පුරමින් වැඩ සිටින සේක්වා, නැගණිය ද මෙහි ම සිටීවා, දාසිය ද නැඟණිය වෙත වෙසේවා, අපි අටදෙන වාරයෙන් වාරය ගොස් පලවැල සොයා එන්නෙමුය” යි කියා මහබෝසතාණන් වහන්සේ ගිවිස්වා එතැන් පටන් එසේ කරන්නට පටන් ගත්හ. වාරය පැමිණි තැනැත්තා වනයට ගොස් පලවැල සොයා අවුත් ගල්පුවරුවක් මත එකොළොස් කොටසකට බෙදා තබා ගෙඩිය ගසා තමන්ගේ කොටස ගෙන යන්නේ ය. සෙස්සෝ ද අවුත් තම තමන්ගේ කොටස් ගෙන තම තමන් වසන තැන් වලට ගොස් වළඳා මහණදම් පුරති. පසු කලෙක දී ඒ තාපසවරු පලවැල සෙවීමත් නවත්වා එක් විලෙකින් නෙළුම් අල ගෙනැවිත් වළඳමින් ධ්‍යාන භාවනා කරන්නට පටන් ගත් හ.
    උන් වහන්සේලාගේ ශීල තේජසින් ශක්‍ර‍භවන ද සැලිණ. ශක්‍ර‍යා ද උන් වහන්සේලා ගැන විමසිල්ලෙන් විසී. අභ්‍යන්තරයෙහි පවත්නා දුර්ගුණයන් ක්‍රියාකාරී භාවයට පැමිණීමේ කාරණයක් නැතිව සිටි කල්හි සැම දෙනා ම ගුණවන්තයෝ ය. කෙනකු ගේ හොඳ නරක බව, දුර්ගුණ ඇති නැති බව, තේරුම් ගත හැකි වන්නේ ආභ්‍යන්තරික දුර්ගුණ එළිබසින කරුණු ඇති වන කල්හි ය. අරණ්‍යවල එබඳු කරුණු අඩු ය. එ බැවින් ආරණ්‍යකයන් ගේ ගුණාගුණ දැන ගැනීමට දුෂ්කර ය. සක්දෙව් රජු ඒ තවුසන් විමසනු පිණිස, එළිබසින්නට කරුණු නැති කල්හි සැඟවී තිබෙන ඇතැම් දුර්ගුණ එළිබසින වැඩක් කෙළේ ය. එනම් මහ බෝසතාණන් වහන්සේට තැබූ නෙලුම් අල කොටස පිට පිට තෙදිනක ම සැඟවීම ය.
    පළමු වැනි දිනයේ ගෙඩි හඬ අසා මහබෝසතාණන් වහන්සේ පලවැල බෙදා තබන තැනට ගොස් බැලූ කල්හි තමන් වහන්සේ ගේ කොටස නුදුටහ. උන් වහන්සේ එදින තමන් වහන්සේට කොටසක් තබන්නට අමතක වන්නට ඇත ය යි සිතා තුෂ්ණීම්භූත වූහ. දෙවන දවසේ දී ද කොටස නො ලැබූ බෝසතාණෝ මාගේ යම් කිසි වරදකින් කොටස නො තබති යි සිතූහ. තුන් වන දවසේ දී ද කොටස නො ලැබ වරදක් ඇතහොත් ක්ෂමා කරවා ගනිමි යි සිතා සවස් කාලයේ දී ගෙඩිය ගසා පිරිස රැස් කරවා කාරණය පිරිසට දන්වා ඒ ඒ දිනවල පලාඵල නෙළීමට ගියවුන් ගෙන් තමන් වහන්සේට කොටස නො තැබීමේ හේතු විචාළහ. සියල්ලෝ ම ඒ ඒ ඒ දිනවල බෝසතාණන් වහන්සේට කොටස තැබූ බව කීහ.
    එකල්හි බෝසතාණන් වහන්සේ කියන සේක් “මේ පින්වත්හු මාගේ කොටස තැබූ බව කියන්නාහු ය, මට නම් එය නො ලැබුණේ ය. එසේ වීමට මෙහි සොරකු විය යුතු ය. පැවිද්දන්ට මෙවැනි වැඩ නුසුදුසු ය. මෙය කළ තැනැත්තා කවරේ දැ යි දත යුතු ය” කීහ. පැවිදි පිරිසක් අතර මෙබඳු නො මනා දෙයක් සිදු වීම ගැන සැම දෙනා වහන්සේ ම මහත් සංවේගයට පැමිණියෝ ය. සක්දෙවිඳු ද තාපසවරුන් ගේ පුවත් විමසනු පිණිස එහි පැමිණ නො පෙනී සිටියේ ය.

    එකෙණෙහි මහබෝසතාණන් වහන්සේගේ දෙටු සොහොයුරු උපකඤ්චන තාපසයෝ නැඟිට බෝසතාණන් වහන්සේට වැඳ තමන්ගේ ශුද්ධිය පැවසීමට අවසර ගෙන මෙසේ ශාප කළහ.

    “බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුම් අල කොටස පැහැර ගත්තේ ද, හෙ තෙමේ අශ්වයන් ද ගවයන් ද රිදී ද රන් ද මනාප භාර්‍ය්‍යාවන් ද ලබාවා, අඹු දරුවන් ගෙන් යුක්ත වේවා” ය යනු එහි තේරුම යි.
    අශ්වගවාදි ප්‍රිය වස්තූනි නිසා ඒවාට ඇලුම් කරන තැනැත්තේ යම් පමණ මහත් සතුටක් ලබා ද, හේ ඒවා නැති වීමන් පසු ව එපමණ ම හෝ එයට වඩා මහත් වූ හෝ ප්‍රිය විප්‍රයෝග දුඃඛයක් ලබන්නේ ය. එය ප්‍රිය වස්තූන් නිසා සිදු වන එක් නපුරෙකි. ඒවා නිසා සිදු වන තවත් දුක් බොහෝ ය. තාපසයන් වහන්සේ සොරා අශ්වගවාදි කාමයන් ලබාවා යි ශාප කළේ එහෙයිනි. ඒ තාපසවරුන් ගේ සැලකීමේ හැටියට ඒවා ලබා ගෙන සිටීමට වඩා තවත් නපුරක් නැත. එය අසා ගෙන සිටි සෙස්සෝ “පින්වත, එසේ නො කියනු මැනව, ඔබගේ ශාපය ඉතා දරුණු ය” යි කියා කන්වල ඇඟිලි ගස් ගත් හ. එතුමා ශාප කොට තමා ගේ පිරිසිදු බව ප්‍ර‍කාශ කොට හිඳ ගත් පසු දෙවන සහෝදර තාපසයෝ ද තමන් ගේ පාරිශුද්ධිය දැක්වීම සඳහා මෙසේ ශාප කළෝ ය.

    “බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ අල කොටස පැහැර ගත්තේ ද හේ මල් ද කශීරට සඳුන් ද දරාවා, ඔහුට දරුවෝ බොහෝ වෙත්වා, කාමයන් ගැන තියුණු ඇල්මක් ඔහුට වේවා” ය යනු එහි තේරුමයි. අනතුරු ව සෙස්සේා ද තම තමන්ට අභිමත පරිදි මතු දක්වන පරිදි ශාප කළහ.

    “බ්‍රාහ්මණය, යමෙක් ඔබ සතු නෙළුම් අල කොටස සොරා ගත්තේ ද හේ බොහෝ ධනය ඇති කීර්තිමත් ගොවියෙක් වේවා. බොහෝ පුත්‍ර‍යන් ලබාවා, ගිහියෙක් වේවා, බොහෝ ධනය ඇත්තේ වේවා, රූපාදි සකල කාමයන් ඇත්තේ වේවා, වයස ගැන නො බලා මහලු කල ද ගිහිකම් කරන්නෙක් වේවා යනු එහි තේරුමයි.

    “බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුම් අල පැහැර ගත්තේ ද හේ අනුන් පෙළන්නා වූ ක්ෂත්‍රියයෙක් වේවා, බලවත් වූ කීර්තිමත් වූ රාජාධිරාජයෙක් වේවා, හෙතෙමේ සියලු පොළොවට අධිපති වේවා” ය යනු එහි තේරුම යි.

    “බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුම් අල පැහැර ගත්තේ ද, හේ නැකැත් දන්නා වූ රාග සහිත වූ බ්‍රාහ්මණයෙක් වේවා, යසස් ඇත්තා වූ රජ ඔහු පුදාවා.”

    “බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුම් අල කොටස ගත්තේ ද, හේ සියලු වේදය හදාරන එකෙක් වේවා, සකල ලෝකයා හේ සිල්වතෙක් යයි සිතාවා, ජනපද වැසියෝ එක් ම ඔහු පුදත්වා.”

    “බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුම් අල පැහැර ගත්තේ ද, හේ මිනිසුන් ද ධනය ද දර ද දිය ද යන මේ සතර උත්සන්න වූ ද, ශක්‍ර‍යා විසින් තෑගි කරන ලද්දක් බඳු වූ සමෘඬ ගමක් භුක්ති විඳීවා, එහි ආලය දුරු කර නො ගෙන මරණයට පැමිණේවා.”

    “බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුම් අල පැහැර ගත්තේ ද හේ ගම් ප්‍ර‍ධානයෙක් වේවා, යහළුවන් මැද ගී නැටුම්වලින් සතුටු වී සිටින්නෙක් වේවා, හේ රජුගෙන් කිසි ව්‍යසනයක් නො ලබාවා.”
    නැගණිය ගේ ශාපය මෙසේ ය :-

    “බ්‍රාහ්මණය, යම් ස්ත්‍රියක් ඔබ ගේ නෙළුම් අල පැහැර ගත්තී ද, ඇය මුළු පොළොව දිනූ අගරජ තෙමේ සොළොස් දහසක් ස්ත්‍රීන්ට ප්‍ර‍ධාන කොට තබා ගනීවා, ඕ තොමෝ ස්ත්‍රීන්ට අග්‍ර‍ වේවා.”
    ඉක්බිති දාසිය ද මෙසේ ශාප කළා ය.

    “බ්‍රාහ්මණය, නුඹ වහන්සේ ගේ නෙළුම් අල යම් තැනැත්තියක් පැහැර ගත්තා ද ඕ තොමෝ එක්රැස් වූ තාපසවරුන් මැද කිසි පැකිළීමක් නැති ව, උතුම් රසය අනුභව කරාවා, ලාභය නිසා කුහක කම් කරාවා” යනු එහි තේරුමයි. දාසිය මෙසේ ශාප කරන ලදුයේ හිමියන් ඉදිරියේ ආහාර වැළඳීම දාසි දාසයනට ඉතාම අප්‍රිය වැඩක් බැවිනි. එතැනට පැමිණ සිටි අසපුවේ දෙටු රුකේ දෙවියා ද මෙසේ ශාප කෙළේ ය.

    “බ්‍රාහ්මණය, යමෙක් ඔබ සතු නෙළුම් අල පැහැර ගත්තේ ද, හේ ලොකු පන්සලක වාසය කරන්නේ වේවා, කජංගලා නම් නගරයෙහි නවකම් කරන්නේ වේවා, එක් දිනයකින් කවුළුවක වැඩ අවසන් කරන්නේ වේවා” යනු එහි තේරුම යි.

    ඒ දෙවියා කසුප් බුදුන් සමයෙහි කජංගලා නම් නගරයක පරණ මහ පන්සලක අධිපතියකු වී එහි ප්‍ර‍තිසංස්කරණ වැඩ කිරීමෙන් බොහෝ දුක් විඳ ඇති බැවින් එය සිහි කොට එසේ ශාප කෙළේ ය. කලක් මිනිසුන්ට හසු වී සිටි ඔවුන් ගේ මිදී, වනයට ඇවිත් සිටින ඇතෙක් ද කලින් කල එහි පැමිණ තාපස වරුන්ට වඳින්නේ ය. ඌ ද මේ වේලාවේ එහි ඇවිත් සිට මෙසේ ශාප කෙළේ ය.

    “බ්‍රාහ්මණය, ඔබතුමාගේ නෙළුම් අල යමෙක් පැහැර ගත්තේ ද හේ බොහෝ පාසයන් ගෙන් සය තැනින් බඳිනු ලබාවා, සිත්කලු වනයෙන් රාජධානියකට ගෙන යනු ලබාවා, කනමුල විදිනා කටුවලින් හා කෙවිටිවලින් විදිනු ලබාවා.”
    එහි අහිගුණ්ඨිකයකු ගේ අතින් මිදී පලා ආ රිළවෙක් ද විය. ඌ ද මෙසේ ශාප කළේ ය.

    “බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුම් අල කොටස පැහැර ගත්තේ ද ඔහුට ගෙල එළ වරා මාලය පළඳවනු ලදුව කනෙහි ඊයම් ආභරණ පළඳවන ලදුව කෝටුවලින් තළනු ලබමින් සර්පයා ගේ ඉදිරියට යන්නට සිදු වේවා” ය යනු එහි තේරුම යි.
    රිළවා මේ කියන්නේ අහිගුණ්ඨිකයාට හසු වී සිටි කාලයේ දී විඳින්නට සිදු වූ දුක ගැන ය. මෙසේ ඒ තෙළෙස් දෙනා ම ශාප කොට අවසන් වූ කල්හි මහ බෝසතාණන් වහන්සේ නෙළුම් අල කොටස නැති වී යයි බොරු චෝදනාවක් කළහ යි සෙස්සන් තමන් වහන්සේ ගැන සිතති යි තමන් වහන්සේ ගේ ශුද්ධිය පැවසීම් වශයෙන් මෙසේ ශාප කළහ.

    “පින්වත්නි, යමෙක් නැති නො වූ තමා ගේ ආහාර කොටස නැති වූයේය යි කියා නම් හෙතෙමේ රූපාදි කාමයන් ලබාවා, කාමයන් පරිභෝග කෙරේවා, ගිහිගෙයි ම ඔහුට මැරෙන්නට සිදු වේවා” යනු එහි තේරුම යි.
    මෙසේ තවුසන් විසින් ශාප කළ කල්හි ශක්‍ර‍යා බිය වී මේ තාපසයන් වහන්සේලා ලෝකයා විසින් උතුම් කොට සලකනු ලබන කාමයන්ට නින්දා කරති. එහි කාරණය විමසිය යුතු ය’ යි පෙනෙන්නට අවුත් බෝසතාණන් වහන්සේට වැඳ, “ස්වාමීනි ලෝකයෙහි සත්ත්වයෝ නොයෙක් අයුරින් වෙහෙසී කාමයන් සොයති, කාමයෝ බොහෝ දෙනාට ඉතා ප්‍රිය වෙති, ඒ කාමයන් කිනම් කරුණකින් තාපසයන් වහන්සේලා මෙසේ නින්දා කෙරෙතිදැ” යි විචාළේ ය. බෝධිසත්ත්වයන් වහන්සේ ඔහුට මෙසේ වදාළ සේක.

    “ශක්‍ර‍ය, කාමයන් නිසා දඬු මුගුරු ආදියෙන් පහරනු ලබති. බඳිනු ද ලබති. කාමයන් නිසා කායික මානසික දුඃඛය ද අත්තානුවාදාදි භය ද ඇති වේ. කාමයන් කෙරෙහි මුළා වූ සත්ත්වයෝ මෝහයෙන් පව්කම් කරති. ඔවුහු පව් රැස්කොට මරණින් මතු නරකයට යෙති. කාමයන්හි දෝෂය දක්නා බැවින් සෘෂීහු කාමයන්ට ප්‍ර‍ශංසා නො කෙරෙති” ය යනු එහි තේරුමයි. ශක්‍ර‍යා තමා කළ වරද ගැන තාපසවරුන්ගෙන් ක්ෂමාව ගෙන දෙව්ලොවට ගියේ ය. තාපස සමූහයා ද ධ්‍යාන වඩා බඹලොවට ගියෝ ය.
     
    Last edited:

    Data Packet

    Well-known member
  • Dec 14, 2018
    565
    375
    63
    එක් කලෙක අප මහ බෝසතාණන් වහන්සේ බරණැස් නුවර අසූ කෙළක් ධනය ඇති බ්‍රාහ්මණ කුලයක උපන්හ. මහාකඤ්චන කුමාරයෝ ය යි උන්වහන්සේට නම තැබූහ. උන් වහන්සේට බාල සහෝදරයෝ සදෙනෙක් ද සහෝදරියක් ද වූහ. කාමය කෙරෙහි නො ඇලුණා වූ ඔවුහු විවාහ ජීවිතයට බැස නො ගත්හ. ඔවුහු මාපියන් ජීවත් වන තාක් ඔවුනට උපස්ථාන කරමින් සිට මාපියන් ඇවෑමෙන් ඔවුනට හිමි වූ අසූ කෙළක් ධනය දුගී මගී යාචකයනට දන් දී තපස් කම් කරනු පිණිස සැම දෙන ම හිමාලය වනයට ගිය හ. දාසියක් ද දාසයෙක් ද යහළුවෙක් ද ඔවුන් හා ගියෝ ය. පිරිස එකොළොස් දෙනෙක් වූහ. ඔවුහු හිමාලයෙහි එක් විලක් සමීපයේ මනරම් තැනක පන්සලක් කරගෙන සෑම දෙන ම පැවිදි ව මහ බෝසතාණන් වහන්සේගේ අවවාදානුශාසනය පරිදි මහණ දම් පුරන්නට වන්හ.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    හැමෝම අහුවෙන තැන් කියල හිතෙනවා....
    තෙරුවන් සරණයි...!!

    නම නොදා රෙප් දී ඇත.
     
    • Like
    Reactions: Candid-B

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඒ මොකෝ බන් ? :(


    ගෑණි එක්ක ප්‍රශ්න බන්... අබමල් රේණුවක සහයෝගයක්
    දෙන ගෑණියෙක් නෙවේ ඉන්නේ.. මොන දේ කරත් ඒ දේවල්
    හෙමීට කඩාකප්පල් කරන කෙනෙක්...
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,858
    1
    60,735
    113
    Mother Earth
    ගෑණි එක්ක ප්‍රශ්න බන්... අබමල් රේණුවක සහයෝගයක්
    දෙන ගෑණියෙක් නෙවේ ඉන්නේ.. මොන දේ කරත් ඒ දේවල්
    හෙමීට කඩාකප්පල් කරන කෙනෙක්...

    මම උබට උපදෙස් දෙනවා නෙමෙයි. පවුල රැකගෙන ජීවිතේ ගෙනියපන්. පවුල් ප්‍රශ්ණ බන් හැම තැනම. ඉවසීමෙන් කටයුතු කරන්න උබල දෙන්නම දැනගන්න ඕන. දෙන්නම සතුටින් ඉඳපන්. මම නම් තාම බැඳල නෑ. ලබන අවුරුද්දෙ බඳින්න ඉන්නෙ. :)