කාමයෙන් නිවනට

mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    119041446_785763265557083_5295688790310726565_o.jpg

    මෙය දකින මෙවැනි අදහස්වල අරුත වැටහෙන පින්වන්ත ඇත්තෝ ඉන්නවනං මේක බම්ප් කරගෙන යන්න. අලුත් පොස්ට් මේකට එකතු කරන්න. සදහම් පණිවිඩය පතුරුවන්න. සැමට පින්.
     
    Last edited:

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    පින් කරන්න, හැබැයි මේකත් හිතේ තියාගන්න පුතිල..:love:

    View attachment 92826
    සිංහල ⁣කියවන්න තේරෙනවනෙ? මේ නූල දැම්මෙ යම් යහපත් පරමාර්තෙකින්. නැතුව ගෑනුයි, දේශපාලනෙයි, අරකයි, මේකයි වැල් බයිල කතා කරන්න නෙමෙයි. ඕව මේකෙ ඕන තරන් කතා කරනවනෙ. තමුන්ට ලෝකෝත්තර අරමුනු නැත්නම්, ⁣මේක විනාස නොකර වැඩක් බලාගත්තනම් වටිනව.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,111
    20,696
    113
    හස්තිශෛලපුර
    View attachment 92794

    මෙය දකින මෙවැනි අදහස්වල අරුත වැටහෙන පින්වන්ත ඇත්තෝ ඉන්නවනං මේක බම්ප් කරගෙන යන්න. අලුත් පොස්ට් මේකට එකතු කරන්න. සදහම් පණිවිඩය පතුරුවන්න. සැමට පින්.

    ඔබතුමා අපාගත නොවෙනවා කියලා ප්‍රක්තක්ශයිද?
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ඔබතුමා අපාගත නොවෙනවා කියලා ප්‍රක්තක්ශයිද?
    මගෙ දහම් අවබෝධය අනුව උත්තර දුන්නොත් අපාගත නොවීමට අවශ්‍ය නිවැරදි මූලික දහම් අවබෝධය මට තියෙනව කියන දේ ප්‍රත්යක්ෂයි. නමුත් ඒ දහම් මග අනුගමනය කරගෙන යනකොට මගෙන් සිදුවන අඩුපාඩු නිසා මා තුල ඇති බලවත් කෙලෙස් ප්‍රහානය නොවීම තුල ප්‍රත්යක්ෂයෙන්ම අපාගත නොවෙයිද කියල මම දන්නෙ නෑ. වැදගත් ⁣වෙන්නෙ හැකිතාක් තමුන් යන මග නිවැරදි කරගන්න අප්‍රමාදී වීම.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    මචන් පොඩි උදව්වක් ඕනෙ. මටත් ධර්මය ගැන අවබෝධයක් තියෙනවා යම්තාක් දුරකට මගෙ වයසෙ ඉන්න අනිත් යාලුවො එක්ක බලද්දි. මම දන්නවා අපි මේ කාමාෂාවන් පස්සෙන් ගිහින් බොරුවක් කරන්නෙ කියලත්. ඒ වුනාට මචන් කාම සිතුවිලි ඇතිවෙන එක නවත්තගන්න බෑ. පාරක ගියත් කෙල්ලෙක් දැක්කත් කාම සිතුවිලි තමයි එන්නෙ. Porn නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නෙ කියලා මට හිතෙනවා. මගෙ හිතටම මේක වදයක්. කොච්චර ධර්මය ගැන අවබෝධයක් තිබුනත් වැඩක් නෑ එක ප්‍රායෝගිකව අපේ ජීවිතේට ගලපගන්න බැරි නම්. මං කොහොමද මෙතනින් එලියට එන්නෙ? මේක මට ලොකු ප්‍රශ්නයක්
     
    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,547
    4,050
    113
    Unkown
    x.com
    සිංහල ⁣කියවන්න තේරෙනවනෙ? මේ නූල දැම්මෙ යම් යහපත් පරමාර්තෙකින්. නැතුව ගෑනුයි, දේශපාලනෙයි, අරකයි, මේකයි වැල් බයිල කතා කරන්න නෙමෙයි. ඕව මේකෙ ඕන තරන් කතා කරනවනෙ. තමුන්ට ලෝකෝත්තර අරමුනු නැත්නම්, ⁣මේක විනාස නොකර වැඩක් බලාගත්තනම් වටිනව.

    ඔව් සාමාන්‍ය දුරකට තේරෙනවා, විනාස කරන්න නම් හිතුවේ නැහැ, එත් මට ටයිප් කරලා කියන්න නොතේරෙන දෙයක්, මම දැකපු පොස්ට් එකකින් පෙන්නුවා, නොදන්නා කෙනෙක්ට වැදගත්වෙයි කියල හිතල දැම්ම එච්චරයි... ජය.(y)
     
    • Like
    Reactions: abc321 and sannsa

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,111
    20,696
    113
    හස්තිශෛලපුර
    මගෙ දහම් අවබෝධය අනුව උත්තර දුන්නොත් අපාගත නොවීමට අවශ්‍ය නිවැරදි මූලික දහම් අවබෝධය මට තියෙනව කියන දේ ප්‍රත්යක්ෂයි. නමුත් ඒ දහම් මග අනුගමනය කරගෙන යනකොට මගෙන් සිදුවන අඩුපාඩු නිසා මා තුල ඇති බලවත් කෙලෙස් ප්‍රහානය නොවීම තුල ප්‍රත්යක්ෂයෙන්ම අපාගත නොවෙයිද කියල මම දන්නෙ නෑ. වැදගත් ⁣වෙන්නෙ හැකිතාක් තමුන් යන මග නිවැරදි කරගන්න අප්‍රමාදී වීම.

    ඔබතුමා කියන විදියට උබතුමාත් අපාගත වෙනවා, කිරියේ අනික් වාසීනුත් අපාගත වෙනවා?
    කාමය කෙලෙස් වෙන්නේ කොහොමද? කාමය වරදවා සිදූනොත් නේ කෙලෙස් වෙන්නේ? ඇයි මේ වැරදි දේ සමාජගත කරන හදන්නේ?
     
    • Like
    Reactions: THE-X

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මචන් පොඩි උදව්වක් ඕනෙ. මටත් ධර්මය ගැන අවබෝධයක් තියෙනවා යම්තාක් දුරකට මගෙ වයසෙ ඉන්න අනිත් යාලුවො එක්ක බලද්දි. මම දන්නවා අපි මේ කාමාෂාවන් පස්සෙන් ගිහින් බොරුවක් කරන්නෙ කියලත්. ඒ වුනාට මචන් කාම සිතුවිලි ඇතිවෙන එක නවත්තගන්න බෑ. පාරක ගියත් කෙල්ලෙක් දැක්කත් කාම සිතුවිලි තමයි එන්නෙ. Porn නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නෙ කියලා මට හිතෙනවා. මගෙ හිතටම මේක වදයක්. කොච්චර ධර්මය ගැන අවබෝධයක් තිබුනත් වැඩක් නෑ එක ප්‍රායෝගිකව අපේ ජීවිතේට ගලපගන්න බැරි නම්. මං කොහොමද මෙතනින් එලියට එන්නෙ? මේක මට ලොකු ප්‍රශ්නයක්

    මෙහෙමයි මචන්, ඔය සීන් එක පොදුවේ ගොඩ දෙනෙක්ට ප්‍රශ්නයක් තමයි. යම් ප්‍රමානෙකට මාත් ඇතුළුව. ඔතන වෙන්නෙ ධර්මාවබෝදය කොච්චර තිබුන උනත් යම්කිසි කාමයක් පිලිබඳ අපි කාලයක් තිස්සේ ගොඩනගාගෙන තියෙන විඥානය ඉතා බලවත් නං ඒකට ගැලපෙන අරමුණු එනකොට අපේ අවබෝදය යටපත් කරගෙන අර කාම විඥානය නැගී හිටිනවා. එතකොට තමනුත් නොදැනුවත්ව ඒ ඔස්සේ කාය, වචී සහ මනෝ කර්ම කරනව. ඕක කරන්න කරන්න අර විඥානය තව තවත් බලවත් වෙනව. ඕක ඔය විදිහට ලූප් වෙනව මිසක් ගැලවිල්ලක් නැහැ. අන්න ඒ ක්‍රියාවලිය ඉස්සෙල්ල තේරුම් ගන්න ඕන. ඒකෙ තියෙන අතෘප්තිකර බව, දාහය, විඩාව තේරුම් ගන්න ඕන. ඒ තේරුම් ගැනීමත් එක්ක පුළුවන් හැම වෙලාවකම අර කාම අරමුණට තමුන් දීල තියෙන වටිනාකම අඩු කරන්න උත්සහ කරන්න ඕන. අරමුණ එනකොටම ප්‍රිය ජාතිවල ගිනි දකින්න ඕන. ප්‍රිය ජාතියක් කියන්නෙම දුක උරුම කරගත්ත දෙයක් කියන දේ මෙනෙහි කරන්න ඕන. දුක උරුම කරගත්ත දේවලින් ගොඩනගාගන්න ආශ්වාදය ඇත්තටම ඒවගේ නොපවතින, අපි වටිනාකමක් දීල මනසින් නිර්මාණය කරගන්න මුලාවක් කියන දේ මෙනෙහි කරන්න ඕන. ඔය විදර්ශනාව තමන්ගේ නැණ පමණට, අවබෝද කරගත්ත ධර්මයට අනුව ගලපලා තමුන් පෙලන අරමුණු එන හැම මොහොතකම නැවත නැවත කරන්න ඕන. ඒක කරන ගමන් මේවගෙන් මිදිලා ජිවත් වීමේ ආනිසංස දකින්නත් ඕන. එතකොට ටික ටික කාම අරමුණු වලට තියෙන වටිනාකම අඩු වෙලා ඒවගෙන් මිදිලා ජිවත් වීමේ පැත්තට ඇති වෙන වටිනාකම වැඩි වෙනවා. හරිම ප්‍රායෝගිකයි. සාර්ථක අසාර්ථක කම තීරණය වෙන්නෙ පුද්ගල ශක්‍යතාවය මත.

    ඊට අමතරව ඉතින් පෝන් වගේ දේවල් වලින් අයින් වෙන්න උදව් වෙන nofap වගේ forum වල තියෙන කරුණු කාරණා, මිනිස්සුන්ගෙ අත්දැකීම් කියවල බැලුවම ඒවයින් යම් මොටිවේෂන් එකක් ගන්න පුළුවන්. පොන් වල තියෙන health risks වගේ දේ කියවල, මිනිස්සුන්ට වෙලා තියෙන දේවල් කියවල පුළුවන් තරම් තමන් ඒ අරමුණු, රූප වලට දීල තියෙන වටිනාකම අඩු කරගන්න උත්සහ කරන්න ඕන. තනියම ගත කරන වෙලාව අඩු කරලා පුළුවන් තරම් පව්ලේ අනික් අය එක්ක හරි socialize වෙන්න පුළුවන්. තමන්ට මොරාල් එකක් ලැබෙන දේවල් කතා කරන්න පුළුවන්. ඕක ඉතින් ගොඩක් පුද්ගලානුබද්දයි. තමන්ට හරියන ක්‍රමය තමන් ගොඩනගාගන්න ඕන.

    ඔව් සාමාන්‍ය දුරකට තේරෙනවා, විනාස කරන්න නම් හිතුවේ නැහැ, එත් මට ටයිප් කරලා කියන්න නොතේරෙන දෙයක්, මම දැකපු පොස්ට් එකකින් පෙන්නුවා, නොදන්නා කෙනෙක්ට වැදගත්වෙයි කියල හිතල දැම්ම එච්චරයි... ජය.(y)

    හරි හරි අවුලක් නෑ. මේ නුලේ අරමුණ පවත්වගන්න ඕන නිසයි කිව්වෙ.

    ඔබතුමා කියන විදියට උබතුමාත් අපාගත වෙනවා, කිරියේ අනික් වාසීනුත් අපාගත වෙනවා?
    කාමය කෙලෙස් වෙන්නේ කොහොමද? කාමය වරදවා සිදූනොත් නේ කෙලෙස් වෙන්නේ? ඇයි මේ වැරදි දේ සමාජගත කරන හදන්නේ?

    1. මම අපාගත වෙනවනං ඒ වෙන්නෙ මගේ ධර්ම ප්‍රතිපදාවේ අඩුපාඩු නිසා මිසක් ධර්මයේ අඩුපාඩුවක් නිසා නෙමෙයි.

    2. කාමය මොකද්ද? කෙලෙස් කියන්නෙ මොකද්ද? කාමය වරදවා කරනවා කියන්නෙ මොකද්ද? ඔය කරුණු පිලිබඳ ඔබතුමාගේ අවබෝදය ගැන නොදැන මම ඔය සම්බන්දව කතා කරන එක තේරුමක් නැහැ. අනික වාද විවාද අවශ්‍ය නැහැ මචන්. මේකේ පරමාර්ථය ඒක නෙමෙයි.

    Theruwan sarani

    තෙරුවන් සරණයි