මෙහෙමයි මචන්, ඔය සීන් එක පොදුවේ ගොඩ දෙනෙක්ට ප්‍රශ්නයක් තමයි. යම් ප්‍රමානෙකට මාත් ඇතුළුව. ඔතන වෙන්නෙ ධර්මාවබෝදය කොච්චර තිබුන උනත් යම්කිසි කාමයක් පිලිබඳ අපි කාලයක් තිස්සේ ගොඩනගාගෙන තියෙන විඥානය ඉතා බලවත් නං ඒකට ගැලපෙන අරමුණු එනකොට අපේ අවබෝදය යටපත් කරගෙන අර කාම විඥානය නැගී හිටිනවා. එතකොට තමනුත් නොදැනුවත්ව ඒ ඔස්සේ කාය, වචී සහ මනෝ කර්ම කරනව. ඕක කරන්න කරන්න අර විඥානය තව තවත් බලවත් වෙනව. ඕක ඔය විදිහට ලූප් වෙනව මිසක් ගැලවිල්ලක් නැහැ. අන්න ඒ ක්‍රියාවලිය ඉස්සෙල්ල තේරුම් ගන්න ඕන. ඒකෙ තියෙන අතෘප්තිකර බව, දාහය, විඩාව තේරුම් ගන්න ඕන. ඒ තේරුම් ගැනීමත් එක්ක පුළුවන් හැම වෙලාවකම අර කාම අරමුණට තමුන් දීල තියෙන වටිනාකම අඩු කරන්න උත්සහ කරන්න ඕන. අරමුණ එනකොටම ප්‍රිය ජාතිවල ගිනි දකින්න ඕන. ප්‍රිය ජාතියක් කියන්නෙම දුක උරුම කරගත්ත දෙයක් කියන දේ මෙනෙහි කරන්න ඕන. දුක උරුම කරගත්ත දේවලින් ගොඩනගාගන්න ආශ්වාදය ඇත්තටම ඒවගේ නොපවතින, අපි වටිනාකමක් දීල මනසින් නිර්මාණය කරගන්න මුලාවක් කියන දේ මෙනෙහි කරන්න ඕන. ඔය විදර්ශනාව තමන්ගේ නැණ පමණට, අවබෝද කරගත්ත ධර්මයට අනුව ගලපලා තමුන් පෙලන අරමුණු එන හැම මොහොතකම නැවත නැවත කරන්න ඕන. ඒක කරන ගමන් මේවගෙන් මිදිලා ජිවත් වීමේ ආනිසංස දකින්නත් ඕන. එතකොට ටික ටික කාම අරමුණු වලට තියෙන වටිනාකම අඩු වෙලා ඒවගෙන් මිදිලා ජිවත් වීමේ පැත්තට ඇති වෙන වටිනාකම වැඩි වෙනවා. හරිම ප්‍රායෝගිකයි. සාර්ථක අසාර්ථක කම තීරණය වෙන්නෙ පුද්ගල ශක්‍යතාවය මත.
ඊට අමතරව ඉතින් පෝන් වගේ දේවල් වලින් අයින් වෙන්න උදව් වෙන nofap වගේ forum වල තියෙන කරුණු කාරණා, මිනිස්සුන්ගෙ අත්දැකීම් කියවල බැලුවම ඒවයින් යම් මොටිවේෂන් එකක් ගන්න පුළුවන්. පොන් වල තියෙන health risks වගේ දේ කියවල, මිනිස්සුන්ට වෙලා තියෙන දේවල් කියවල පුළුවන් තරම් තමන් ඒ අරමුණු, රූප වලට දීල තියෙන වටිනාකම අඩු කරගන්න උත්සහ කරන්න ඕන. තනියම ගත කරන වෙලාව අඩු කරලා පුළුවන් තරම් පව්ලේ අනික් අය එක්ක හරි socialize වෙන්න පුළුවන්. තමන්ට මොරාල් එකක් ලැබෙන දේවල් කතා කරන්න පුළුවන්. ඕක ඉතින් ගොඩක් පුද්ගලානුබද්දයි. තමන්ට හරියන ක්‍රමය තමන් ගොඩනගාගන්න ඕන.
හරි හරි අවුලක් නෑ. මේ නුලේ අරමුණ පවත්වගන්න ඕන නිසයි කිව්වෙ.
1. මම අපාගත වෙනවනං ඒ වෙන්නෙ මගේ ධර්ම ප්‍රතිපදාවේ අඩුපාඩු නිසා මිසක් ධර්මයේ අඩුපාඩුවක් නිසා නෙමෙයි.
2. කාමය මොකද්ද? කෙලෙස් කියන්නෙ මොකද්ද? කාමය වරදවා කරනවා කියන්නෙ මොකද්ද? ඔය කරුණු පිලිබඳ ඔබතුමාගේ අවබෝදය ගැන නොදැන මම ඔය සම්බන්දව කතා කරන එක තේරුමක් නැහැ. අනික වාද විවාද අවශ්‍ය නැහැ මචන්. මේකේ පරමාර්ථය ඒක නෙමෙයි.
තෙරුවන් සරණයි
2. කාමය මොකද්ද? කෙලෙස් කියන්නෙ මොකද්ද? කාමය වරදවා කරනවා කියන්නෙ මොකද්ද?
පැහැදිලි කරන්න බැරිද?

kalpanan weddi train eka gihin iwarai