කාමයෙහි වරදවා

Ereic

Active member
  • Jan 17, 2016
    410
    183
    43
    කාමයෙහි වරදවා හැසිරීමෙන් උපදින බිහිසුණු විපාක...

    මිනිස් ලෝකය තුළ ජීවිතය ගතකරන මිනිසුන් අතරින් තම ජීවිතය නිවැරදි අයුරින් ගත කළ යුතු ආකාරය පෙන්වා දෙන දහමක් අසන්නට ලැබෙන්නේ ඉතා සුළු පිරිසකට ය. දුර්ලභ ව ලද මිනිස් දිවිය පාපයට යොදවා මෙලොව මෙන් ම පරලොව ද මහා දුකකට පත්වන අය අද ලෝකයේ ජීවත් වන මිනිසුන් අතර බහුලව දක්නට ඇත. උතුම් මිනිසත් බවත්, කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුරත් නිර්මල ධර්මය අසන්නට ලැබීමත් යන මේ කරුණු කෙනෙකුට ලැබීම ක්ෂණ සම්පත්තිය ලෙස හැඳින්වේ. ක්ෂණය යනු ඉතා සුළු වේලාවක් පවතින දෙයකි. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ක්ෂණ සම්පත්තිය අහිමි කර නො ගන්නා ලෙසයි. මෙය අහිමි කර ගත් උදවියට නිරයේ ඉපදී බොහෝ කල් ශෝක කිරීමට සිදුවන බවයි. මේ අයුරින් දුර්ලභව ලද මිනිසත් භවයේ වටිනාකම තේරුම් නොගත් බොහෝ මිනිසුන් සිත, කය, වචනය යන තිදොරින් පාපයන්හි යෙදෙති.
    වත්මන් සමාජය තුළ තමාගේ කය වරදෙහි යොදවමින් වැරදි කාම සේවනයේ යෙදෙන ස්ත්‍රීින් මෙන් ම පුරුෂයන් ද බහුල ලෙස දක්නට ඇත. සුළු සතුටක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ඔවුන් එහි යෙදුන ද ඒ හේතුවෙන් සිදුවන පාප කර්මයන්ගේ බිහිසුණු විපාකවලට ඔවුන්ට මෙලොව දී හෝ පරලොව දී හෝ සසරේ කවර දිනයක මුහුණ දීමට සිදුවනු ඇත. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ අටවැනි නිපාතයට අයත් අපාය සංවත්තතික සූත්‍රයේ දී පෙන්වා වදාළේ යම් කෙනෙක් වැරදි කාම සේවනයේ යෙදෙනවා ද බහුල වශයෙන් යෙදෙනවා ද එය නිරයේ, තිරිසන් ලෝකයේ, ප්‍රේත ලෝකයේ උපදින්නට හේතුවක් වන බවයි. ඔහු මිනිස් ලොව යම් කලෙක උපදී ද, වැරදි කාම සේවනයේ අවශේෂ විපාක වශයෙන් සතුරන් සහිත වෛරයට පාත්‍රවන බව පෙන්වා දී ඇත.

    වැරදි කාම සේවනය යනු කුමක්ද යන වග බුද්ධ දේශනාවෙහි විස්තර වන්නේ මෙලෙසටයි. “මව විසින් රකිනු ලබන, පියා විසින් රකිනු ලබන, මා පියන් විසින් රකිනු ලබන, සොයුරා විසින් රකිනු ලබන, සොයුරිය විසින් රකිනු ලබන, නෑයා විසින් රකිනු ලබන, ගුණධර්ම විසින් රකිනු ලබන, යම් ස්ත්‍රීහු සිටිත් ද, එමෙන් ම ස්වාමියා සහිත වූ, විවාහය පිණිස යටත් පිරිසෙන් මල් මාලයකින් හෝ අවුරන ලද යම් ස්ත්‍රීහු වෙත් ද, එබඳු වූ ස්ත්‍රීන් කෙරෙහි වරදෙහි බැඳෙන්නේ වෙයි.” යනුවෙනි. බුදුරජාණන් වහන්සේ වදාළේ අනුන්ගේ අඹුවන් වෙත කැමැත්තෙන් හෝ සැහැසි ලෙස ගොස් කුල සිරිත් බිඳ වරදේ හැසිරෙන්නා වසලයෙකු වන බවයි.

    එක් අවස්ථාවක දී අපගේ භාග්‍යවතුන් වහන්සේ ඛේම නම් සිටුවරයා හට වදාළේ පර ස්ත්‍රීන් සේවනය කරන ප්‍රමාදී පුද්ගලයා කරදර විපත් හතරකට ගොදුරු වන බවයි. එනම් පවු රැස් වීම, සිතේ චකිතය නිසා සතුටක් විඳින්නට නොලැබීම, අන් අයගෙන් නින්දාවට පත් වීම හා මරණින් පසු නිරයේ ඉපදීමයි. බුදුරජාණන් වහන්සේ වදාළේ බයේ ගැහි ගැහී කාන්තාවන් සමග කාම සේවනයේ යෙදීමෙන් ලැබෙන ආස්වාදය ඉතා ම ස්වල්ප බවයි. එය පවතින නීතියට පටහැනි ක්‍රියාවක් නිසා රජයේ නීතිය ක්‍රියාත්මක කරන අයට අසු වුණොත් බරපතළ දඬුවම් විඳින්නට සිදුවන බවයි. එම නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ බුද්ධිමත් මනුෂ්‍යයා පර ස්ත්‍රීන් සේවනය නො කළ යුතු බවයි.

    අද ලෝකයේ බොහෝ රටවල මෙම වැරදි කාම සේවනය (ගණිකා වෘත්තිය ද ඇතුලුව) සීඝ්‍ර ලෙස ව්‍යාප්ත වී ඇත. බටහිර ජාතීන් සිතන්නේ තමන් කැමති කෙනෙකු සමඟ අනාචාරයේ හැසිරීම මනුෂ්‍ය අයිතිවාසිකමක් බවයි. ඔවුන් මෙලොව දී විඳින සුළු වූ කාම සැපය ගැන මුළා වී සිටිති. එම කර්මයන්ට පරලොව දී ලැබෙන විපාක ගැන ඔවුන් නො සිතති. කෙසේ වුව ද සසරේ සැරිසරන සංසාරගත සත්වයෝ කර්මය දෑවැද්ද කොට ගෙන සිටිති. තමා කරන හොඳ හෝ නරක කර්මයන්ගේ විපාක තමන් හට ඒකාන්තයෙන් ම ලැබෙනු ඇත.

    බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ උදේනි නගරයේ සිටුවරයාගේ එක ම දියණිය වූ ඉසිදාසි නම් රූමත් තරුණියක් විය. ඇය තමන්ගේ විවාහ ජීවිතය අසාර්ථක වූ නිසා බුදු සසුනේ පැවිදි බව ලබා පසුව උතුම් අරහත්වයට පත් වූවා ය. ඇයට ආත්මභාව හතක් පසුපසට සිහි කරන්නට පුළුවන. මේ ජීවිතය තුළ ඇයට අනේක දුක් විඳීමට සිදු වූයේ කුමන පාප කර්මයක් නිසා දැයි ඒ රහත් මෙහෙණින් වහන්සේ දිවැසින් බැලුවා ය. මීට ආත්මභාව හතකට පෙර ඇය පිරිමියෙක් ව ඉපිද සිටි අතර ඔහු ධනවත් රන්කරුවෙක් වී ය. හෙතෙමේ තරුණකමින් මත්ව නොයෙක් කාන්තාවන් පසුපස ගොස් අනාචාරයේ හැසිරුණි. එම ජීවිතයෙන් පසු එම පාපයේ විපාකය ලෙස නිරයේ උපන්නේ ය. බොහෝ කල් නිරයේ දුක් විඳ ඉන් චුතව වැඳිරියෙකුගේ කුසේ ඉපදුණි. ඒ වඳුරු පැටියා ඉපදී දවස් හතකට පසු එම වඳුරු රැලේ නායක වඳුරා ඔහුගේ ලිංගය හූරා කඩා දැම්මේ ය. එය ද පර ස්ත්‍රියන් සේවනයේ විපාකයකි. අද සමාජයේ ද ලිංගාශ්‍රිත රෝගවලින් බොහෝ දෙනෙක් පීඩා විඳින්නේ පෙර සසරේ තමන් වැරදි කාම සේවනයේ යෙදීමේ විපාකයන් ය. වඳුරු පැටියා මිය යාමෙන් පසු සින්ධව නම් වානයේ සිටි බූරු දෙනෙකගේ කුසේ උපන. මේ කුඩා කොටළුවා කුඩා කල දී ම මිනිසුන් විසින් අල්ලා ගනු ලැබුණු අතර වැඩ ගැනීම සඳහා රහස් ප්‍රදේශයේ ඇති කෝෂ තලා දැම්මේ ය. ඒ හේතුවෙන් තුවාල වූ රහස් ප්‍රදේශය කුණු වී ගියේ ය. එයින් බොහෝ දුක් වේදනා විඳ මරණයට පත් විණි. ඉන් චුත ව ගවදෙනකගේ කුසේ උපණ. රතු පාට වසු පැටියෙක් ව ඉපිද වසරක් පිරෙද්දී ම රහස් අංගයේ ඇති කෝෂ තලා දැමුනි. එම වසු පැටියා අන්ධව ඉපදීම නිසාත් බොහෝ දුක් කරදර වින්දේ ය. මෙසේ අන්ධව ඉපදීමට සිදු වූයේ එදා අන්ධයෙක් ලෙස කාම සේවනයේ යෙදුණ නිසයි.

    එතැනින් චුත ව නගරයේ වීදියක දාසියකගේ කුසේ උපණ. ඒ ජීවිතයේ ඇය ගැහැණියකුත් නො වී පිරිමියෙකුත් නො වී නපුංසකයෙක් බවට පත් විණ. ඒ හේතුවෙන් සමාජයෙන් බොහෝ නින්දා අපහාසවලට ලක් විය. වයස තිහේ දී පමණ මරණයට පත්ව ඊ ළඟට ඇය දිළිඳු පවුලක ඉපදුණි. තමන්ගේ දෙමාපියන් ගත් ණය ගෙවා ගන්නට බැරිකම නිසා තරුණ වයසේ සිටි ඇය ව ණය දුන් කෙනාට ලබා දුනි. ඉන් පසු ණය දුන් කෙනා ඇය ව තම ගිරිදාස නම් පුතාට ලබාදුන්නේ ය. ඔහුට තවත් බිරිඳක් සිටියා ය. ඇය සිල්වත් ගුණවත් තැනැත්තියකි. මේ ඉසිදාසිට ඇය ගැන ඊර්ෂ්‍යාවක් ඇති විණි. ඇය ඒ ආත්ම භාවයේ දී අර දෙදෙනා අතර තිබූ ආදර සෙනෙහස නැතිවී යන අයුරින් කටයුතු කළා ය. කේළාම් කියමින් එම පවුලේ සමඟිය නැති කළා ය. ඒ කර්ම විපාකය ලෙස මේ ජීවිතයේ සිටු පවුලක උපන්නත් විවාහ ජීවිතය සාර්ථක නො වුණි.

    මේ ආකාරයට බලන කල වැරදි කාම සේවනය බරපතළ අකුසල කර්මයකි. ඒ නිසා අප සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ වදාළේ වැරදි කාම සේවනයෙන් වැළකී තම බිරිඳගෙන් පමණක් සතුටු විය යුතු බවයි. විමාන වස්තු පාළියේ පතිව්‍රත්‍රා විමානයේ සඳහන් වන්නේ මිනිස් ලොව සිටිය දී එක් කාන්තාවක් තම ස්වාමියා ඉක්මවා වෙනත් පුරුෂයන් ඇසුරු නොකිරීම නම් වූ ගුණධර්මය නිසා දෙව්ලොව ඉපදී මහත් සැපයට පත් වූ ආකාරය යි. එම නිසා දුර්ලභ ව ලද මිනිසත් බව තුළ උතුම් කල්‍යාණ මිත්‍රයන්ගෙන් ධර්මය ශ්‍රවණය කොට ඒ තුළින් මෙවැනි අකුසල් කිරීමේ භයානකකම ගැන තේරුම් ගත යුතු ය. එසේ තේරුම් ගෙන මේ භයානක විපාක ගෙන දෙන වැරදි කාම සේවනයෙන් වැළකී සියලු දෙනාම යහපත් පවුල් ජීවිත ගත කොට මේ ගෞතම බුදු සසුනේ දී ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ දුර්ලභ වාසනාව උදාකර ගනිත්වා!
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    :):):):)


    mnmnmnb.gifuuuuuuuuuu.gifmmmmm.gifp.gif
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අද ලෝකයේ බොහෝ රටවල මෙම වැරදි කාම සේවනය (ගණිකා වෘත්තිය ද ඇතුලුව) සීඝ්‍ර ලෙස ව්‍යාප්ත වී ඇත. බටහිර ජාතීන් සිතන්නේ තමන් කැමති කෙනෙකු සමඟ අනාචාරයේ හැසිරීම මනුෂ්‍ය අයිතිවාසිකමක් බවයි. ඔවුන් මෙලොව දී විඳින සුළු වූ කාම සැපය ගැන මුළා වී සිටිති. එම කර්මයන්ට පරලොව දී ලැබෙන විපාක ගැන ඔවුන් නො සිතති
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ස්වයං වින්දනයේ යෙදීම බුද්ධාගමට අනුව පාපයක්ද?

    ඇන්ඩ් වැල බැලීම පාපයක්ද? :baffled:




    හරිද වැරදිද කියල ලේබල් ගහනවට වඩා ඒ දේවල් දහමට අනුව ගලපලා බලන්න ඕනේ මොකද්ද වෙන්නේ කියල. ඔය දේවල් දෙකේදීම වෙන්නෙත් කාම ආශ්වාදයක් විඳිමමනෙ. ඉතින් වැරදි කාම සේවනයක් කලත් ඒක නොකර වැල බැලිල්ල හරි ස්වයන් වින්දනය හරි කලත් වෙනසක් නෑ. මොන ආකාරයෙන් කරත් හිත ඇතුලේ වෙන්නෙ එකම දෙයක්. බුදු දහමේ මුලික ඉගැන්වීම ආශ්වාද යනු බාහිර ලෝකයේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම යන කිසිම දෙයක නොපවතින මනෝ මුලිකව නිර්මාණය කර ගන්නා විකුර්තියක් යන්නයි. බාහිර රූපයන් සැපයි කියල දෘෂ්ටි හදාගෙන ඒවා සමග රාගයෙන් බැඳිලා තමයි ආශ්වාදය නිර්මාණය කර ගන්නෙ. ඒ ආශ්වාදය කොච්චර ලැබුවත් තෘප්තිමත් වෙන දෙයක් නෙමෙයිනේ. ආයෙත් ආයෙත් ඕන වෙනවා. ඉවරයක් වෙන්නෙ නෑනේ. අන්න ඒකයි ඒකෙ ස්වභාවය. ඉතින් ඔය දේ හදන්න හදන්න තමුන් නිරන්තරයෙන් ඉන්නේ කාම භවයක. මරණාසන්න මොහොතක චුති සිතේදී ඔය වගේ දෙයක් නැගිලා ආවොත් එකත් එක්ක බැඳිලා මිය ගිහින් ඒ කාම භවයට ගැලපෙන ජාතියක තමයි උප්පත්තිය ලබන්නේ. ඕක ඔහොම නොවෙන්න නම් ධර්මය හොඳින් අවබෝද කරගෙන කාම භව නිර්මාණය කරන ක්‍රියාවලිය නතර කරගන්න ඕනේ.
     
    • Like
    Reactions: PilBanda

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,113
    113
    badinna kalin 'badapu nathi kanthawan' asuru kireema waradakda? siduhath kumarayatath anthakpurayak thibuna danna tharamin.