ඕක හරියට දන්න කෙනෙක්ගෙන් අහගන්න....
මං කොහෙදිහරි දැක්ක ඕක කොටස් කරලා බෙදල තිබුන හරියට,
"සතුන් මැරීමෙන් වැළකීමේ ශික්ෂා පදය" වගේ...
ඒකියන්නේ සතුන් මැරීම ගත්තොත්,
*මැරීම
*මැරවීම
*මැරීමට අනුබලදීම
වගේ කොටස් වලට වෙන්කරලා තියනවා වගේ,
"කාමය වරදවා හැසිරීම " කියන එකටත් තියනවා දැක්ක...
හරියට,
*අන් සතු කෙනුකු වීම
*අත් කරගැනීමට පහළවන සිත
*අත් කරගැනීම
වගේ කොටස් තිබුන මට හරියට මතක නෑ ...
එනිසා දන්න කෙනෙක් හරියට කියනකම් ඉන්න. වැරදි අර්ථකතන තියන් ඉන්නෙපා ..
එකොහෝම වුනත් බුදුදහම තියෙන්නේ ශික්ෂා පද කට පාඩම් කරගෙන ඒවායේ තේරුම් හොයා හොයා ඉන්න නෙවෙයි..
තමන්ගේ හිත කියනවනම් "මේක වැරදි වැඩක්" කියල,
ඒ තමන්ව නිවැරදි පුද්ගලයෙක් කරන්න උත්සහ ගන්න හිතට තැන දෙන්න ...
අනික බුදුදහමේ හරය තියෙන්නේ පන්සිල් වල නෙවෙයි,
බොහෝවිට සතර සතිපට්ටානයේ....
සරලව කිව්වොත් මේ පංච ඉන්ද්‍රිය/ආයතන හය, වගේ ඒවට ඇලෙන එක නවත්තන්නයි බුදුදහම උත්සහ ගන්නේ..
අපි හිතමු "තනිකඩ මනුස්සයෙක් ගණිකාවක් ඇසුරු කරාට කමක් නෑමයි" කියල,
එහෙම හිතල එයා ගණිකාවන් සමග කාමයේ හැසිරෙනවා කියල...,
නමුත් සතර සතිපටනයේ දී කියවෙන්නෙම ඇස/කන/නාසය/දිව/ශරීරය/මනස, කියන කොටස් වලට ඇලෙන්නේ නැතුව ඉන්න කියලයි...
එතකොට,
දැන් අරයා යනවනම් ගණිකාවෝ සමග "පන්සිල් වලින් බැලුවම shape වගේ, අවුලක් නැහැ වගේ " කියල,
ඒවගේම,
සතර සතිපට්ටනයේ කියනවනම් "ඇස/කන/නාසය/දිව/ශරීරය/මනස පිනවෙමට ඇලෙන්න එපා" කියල,
එතකොට කතා 2i, කතා2 පරස්පරයි,
එකියන්නේ එක්කෝ බුදු දහම වැරදියි, නැත්නම් අරයා වැරදියි,.....
අපි දන්නවා මේලෝකේ මොකක් වැරදි වුනත් බුදුදහම පමණයි සත්‍ය කියල...
අහෙනම් පන්සිලුත් හරි, සතර සතිපට්ටනයත් හරි,
අරයා තමයි පන්සිල් වැරදියට තේරුම් ගෙන තමන්ගේ වාසියට හදාගත්ත කෙනෙක් වෙන්නේ...
එහෙනම් ඉතින් අරයා තමයි වැරදි...
අනික එයා බුදුදහමේ හරවත්ම කොටස් පැත්තකට දාල, පන්සිල් වලින් විතරක් බලල පන්සිල් වලට cover වෙලා කාමයට ඇලෙනවානම් එයා බෞද්දයෙක් ද කියල ආයේ පාරක් හිතන්න වෙනවා...
ඒනිසා මේ "පන්සිල්වල තියේද නැද්ද" කියල බලල යන්න හදන කෙනා "යෝනිසොමනිසිකාරය කරන කෙනෙක් " නොහොත්
"නුවනින් විමසන කෙනෙක්" නෙවෙයි..
නිකම්ම නිකම් "robotic" කෙනෙක්, යාන්ත්‍රික කෙනෙක්, බොහෝවිට අන්‍යාගමිකයෙක් වගේ.... ( ඇයි ඉතින් ඒවායේ මනසට තැනක් ඇත්තෙම නෑනේ, තියෙන්නේ "මේක කරන්න" , "මේක කරන්න එපා" වගේ කතා මිසක් මනසට තැනක් බොහෝවිට අඩුයි"
එහෙනම් මේකේ හරය පවතින්නේ තමන්ගේ මනසින් දැකල හරි දේ කරන එකයි..
"මේක පව් ද දැන්නෑ" කියල අන්‍යාගමික අය වගේ කටපාඩම් කරගන්නම හදන්න එපා,
මනසක් තියෙන්නේ හිතන්න....
සතර සතිපට්ටනය බැලුවම අපිට නිගමනය කරන්න පුළුවන් ගණිකාවන් ආශ්‍රය සුදුසු නෑ කියල...
තෙරුවන්සරණයි...
ස්තුතියි රිප්ලයි එකට යාලුවා..
රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ බෞද්ධයාගේ අත් පොතේ 65 පිටුව බලන්න...සවිස්තරාත්මකව තේරුම් කරල තියෙනවා...
ආහ්..මම බලන්නම්..ස්තුතියි...
තෑන්ක්ස් බම්ප් එකට..bump
බුදු දහමට අනුව මෙය නොකල යුතු දෙයක්,ඇත්තෙන්ම මෙය නොකල යුතු දෙයක් කියලා තෙරුන් ගන්න ආගමක කියල තියෙන්න ඔනෙත් නැ,අපි කවුරුත් දන්නවා ගණිකාවුන් පස්සෙ යන එක යම් කිසි කෙනෙක්ගෙ පිරිහිමට හෙතුවක් සහ අශිෂට වැඩක් කියලා,සහාකරියක් හොයාගෙන විවාහ වෙන්න,ඔවැනි අය පස්සෙ ගිහිල්ලා ජිවිතය කාළකන්නි කර ගන්න එපා යාලුවා
ස්තුත්යි යාලුවා..මම ඒ අදහස අත ඇරලා දම්මා..






