කාමය, මෛථූනය, හා ලිංගිකත්වය බුද්ධ දේශනාවට &#34

m2sameen

Active member
  • Sep 19, 2013
    185
    35
    28
    ගල් කොල්ලා:14146720 said:
    කාමය, මෛථූනය, හා ලිංගිකත්වය බුද්ධ දේශනාවට අනුව.

    ඔය කියන මාතෘකා ගත්තම ගත්තම ගොඩක් එවුන් කෙලින්කරගන්න බලාගෙන තමයි thread 1කට රින්ගන්නේ :lol::lol: ඒත් බුද්ධ දේශනාවට අනුව කිවුවම කියවන්නෙ වත් නැ ඒක ඉතින් කරුමෙ තමයි :sorry: අද පෝය හින්දා කුනුහරප දාන්න බැනෙ ඒකනිසා තමයි මේවගේ 1ක් ලියන්න හිතුවෙ :yes: මේකෙ සමහර කරුනු බ්ලොග් වලින් අරගත්ත ඒවා ඒ සියලුදෙනාට මගේ ස්තූතිය පුදකර සිටිනවා :yes::yes:. එහෙනම් කතාවට බහිමු :)

    ලි0ගිකත්වයට හා ප්‍රජනනයට ඇයි මිනිස්සු මෙතරම් කැමති.. අප සියලු දෙනාම ඇස, කන, නාසය, දිව, සම යන පන්ච ඉන්ද්‍රියෙන් හැදිච්ච මිනිස්සු එතකොට අපි tv බලන්න film බලන්න රසවත් කැම කන්න එතකොට ලස්සන තැන්වල යන්න කැමති ඇයි :eek: ඉන්ද්‍රියන් පිනවිමේ අවශයතාවය නිසා ඒක එහෙම නෙවෙයි කියන්න බැ :) ඒත් මම ඒ කියපු හැම අවස්තාවේම උපරිමය පිනවන්න පුලුවන් ඉන්ද්‍රීන් 3යි නැත්තම් 4යි. එහෙත් ලි0ගිකව හැසිරීමේදී ඔය පන්ච ඉන්ද්‍රියන් ලෙහෙසියෙන් එකවර පිනවන්න පුලුවන් :yes: දැන් අහන්න එපා දිව කොහොමද පිනවන්නෙ කියලා :lol::lol: කොටින්ම කිවුවොත් ඕක තමයි ඉන්ද්‍රියන් පිනවීමේ ලේසිම ක්‍රමය :D

    අපි බෞද්ද වචනය ටිකක් බලමු :yes::yes:

    "Ethical Idealism.", Sir Sarvapalli Radhakrishnan, Contemporary Indian Philosophy, Vol.1, G.A. Allen and Unwin Lted., London 1936, p.358
    රාධාක්‍රිෂ්නන් තුමා, බුදු දහම වනාහී ආචාර ධර්ම විද්‍යාවෙහි පරමාදර්ශය ලෙස සඳහන් කරනවා. ඒ කියන්නේ ලෝකයේ ආචාර ධර්ම හෙවත් මිනිස් සමාජයේ ප්‍රගමනයට හේතු වෙන ලෝක නීතිය සකස් වෙන්න බුදු දහම විශාල ආලෝකයක් සපයලා තියනවා.

    බුදුන් වහන්සේ දුක්ඛ සත්‍යය විස්තර කරමින් මෙසේ වදාරා තිබෙනවා. (අංගුත්තර නිකාය 2 බුද්ධ ජයන්ති මුද්‍රණය, 1960, පිට 130)
    ලෞකික ලෝකයේ ජීවත්වන ගිහි පිරිස විසින් ලබා ගත යුතු සැප හතරක් තිබේ.
    1. අත්ථි සුඛය - උත්සාහයෙන් හා දැහැමින් උපයාගත් ධනය තමන් සතුය බව දැනීමෙන් ඇතිවන සැපය
    2. භෝග සුඛය - උත්සාහයෙන් හා දැහැමින් උපයාගත් රැස්කරගත් භෝගයෝ පින් දහම් කරමින් තමන්ද වලඳමි යන සැපය.
    3. අනන සැපය - තමන් කිසිවකුට නය නැතැයි දැනීමෙන් ඇතිවන සැපය.
    4. අනවජ්ජ සැපය - කයින් වචනයෙන් හා මනස. ඉන් තමන් කිසිවකුට වරදක් නොකොට පිවිතුරු ජීවිතයක් ගත කරනවා යන දැනීමෙන් ඇතිවන සැපය.
    :eek::eek:

    දැන් බලමු සැපය කියන්නේ මොකක්ද කියලා :yes:.
    (අංගුත්තර නිකාය 1, බුද්ධ ජයන්ති මුද්‍රණය, 1960, පිට 154 - 57.)මෙහිදී බුදුන් වහන්සේ සැප නවයක් ගැන සඳහන් කරලා තියනවා.
    1. පවුල් ජීවිතයේ ඇති සැපය.
    2. තවුස් දිවියේ ඇති සැපය.
    3. ඉන්ද්‍රියන් පිණවීමේ ඇති සැපය.
    4. අභිනිෂ්ක්‍රමණයෙන් ඇතිවන සැපය.
    5. බැඳීම හෙවත් උපාධානයන් නිසා ඇතිවන සැපය.
    6. බැඳීම් වලින් මිදීම හෙවත් උපාදානයන්ගෙන් මිදීම නිසා ඇතිවන සැපය.
    7. ශාරීරික සැපය.
    8. මානසික සැපය.
    9. ධ්‍යාන තුලින් ඇතිවන සැපය.


    සැපයේ ඇති විවිධත්වය මෙසේ විස්තර කරන බුදුන් වහන්සේ, ප්‍රධාන සැපයන් දෙකක් ගැන විශේෂයෙන් දක්වා තිබෙනවා.

    "ද්වෙමානි භික්ඛවේ සුඛානි කතමානි ද්වෙඃ කාම සුඛඤ්ච නෙක්ඛම්ම සුඛඤ්ච"
    එනම්,
    ලෞකික ලෝකයේ ඇති ඉහලම සැපයන් වන්නේ,


    1. කාම සැපය.
    2. කාම සැපයෙන් නික්මීම.


    පස්කම් සැපය ගැන දැනගත යුතු කරුණු තුනක් ඇතැයි උන් වහන්සේ අනුදැන වදාලහ.
    (ධම්මපද ගාථා 204,)

    1. කාමයන්ගේ ආස්වාදය (Enjoyment)
    2. ආදීනව (Evil consequence)
    3. නිස්සරණය (Liberation)


    මෙය උදාහරණයකින් දක්වන්නම් :yes:. එනම් යමෙක් මනා රූසපුවක් ඇති කාන්තාවක් දැකීමෙන්

    (1) ආශ්වාදයක් ලබයි . ඇයව නැවත දැකීමෙන් ඔහු එම ප්‍රීතිය, සැපය ආශ්වාදය ලබයි. මෙම ප්‍රීතියද, ලලනාවද ස්ථිර නොවෙයි. කාලයාගේ ඇවෑමෙන් ඇය දක්නට නොලැබීමෙන් ඔහු දුකට පත් වෙයි. කාන්තාවද රූපයද දිරා යයි. ඔන්න ඔය ටික කෙල්ලෙක් දකිනකොට මතක් ව්එයි උබලට තව පාටක් කියවපිය :growl:

    (2) මේ කාමයන්ගේ ආදිනවයි. එම කාන්තාවට ඔහුගේ යම් බැඳීමක් ඇලීමක් ඇති නොවූවා නම් කාමයන්ගෙන් නිදහස ලැබූවා වෙයි.

    (3) එනම් නිස්සරණයයි. මේ අනුව කාමයන් තාවකාලික බවත් ඉන් නිදහස් වීමටත් බුදු දහමින් උගන්වා ඇත. :yes:

    සැපත සොයා අසීමිත අරමුණු ඇතිකරගෙන ඒ පසුපස හබායාම මිනිස් සන්තානයේ ඇති මූලික ලක්ෂණයකි. එය ආශාව, කැමැත්ත, තෘෂ්ණාව, කාමය යනුවෙන් හඳුන්වා ඇත :yes:. ලෞකික ලෝකයේ ජීවත්වන සෑම කෙනෙකුගේම අරමුණ වන්නේ ඉන්ද්‍රිය ප්‍රීණනය සදහා කාමයන් සොයා යාමයි. එසේ වුවත් පෘථග්ජන සෑම කෙනෙකුම කාමයන්ගෙන් සෑහිමකට පත් නොවී අතෘප්ත්තිමත්ව මරණයට පත් වේ. "ඌනාව හුට්වාන ජහන්ති දෙහං කාමෙහි ලෝකම්හ නහි අත්ථි තිත්ති". ( මජ්ජිම නිකාය 2, බුද්ධ ජයන්ති මුද්‍රණය, 1973, පිට.)

    මහාවග්ග පාළි 1, බුද්ධ ජයන්ති මුද්‍රණය 1957, පිට 20-22.
    සත්වයාගේ සසර ගමන දිගු කරන තෘෂ්ණාවෙහි ප්‍රභේද තුනකි.


    1.කාම තණ්හා - කාම වස්තූන් කෙරෙහි ඇති තෘෂ්ණාව.
    2. භව තණ්හා - භවය කෙරෙහි දක්වන තෘෂ්ණාව.
    3.විභව තණ්හා - භවයෙන් ඉවත් වීමට ඇති තෘෂ්ණාව.

    මෙහි කාම තන්හා යනු ඉන්ද්‍රිය ප්‍රීණනය තුලින් ලබන සතුටට ඇති ආශාව හෙවත් කැමැත්තයි. (ඉන්ද්‍රිය යනු - ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස.)
    ජීවත්වන සෑම පුද්ගලයෙක්ම සෑම මොහොතකම කරන්නේ ඉන්ද්‍රිය පිනවීමයි. මෙම
    පිනවීමෙ ප්‍රධාන වන්නේ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය ඔවුනොවුන් කෙරෙහි ඇතිවන ආශාවයි. මෙවැනි ආශාවක්, කැමැත්තක් ලොව වෙනත් නැත. අපි හැගීම් වලට වහල් වෙන මිනිස්සු බන් :sorry:

    දැන් ඔබට කාමය ගැන යම් අවබෝධයක් ඇතැයි සිතමි :yes:. අවසාන වශයෙන් ස්ත්‍රිය ගැන සහ පුරුෂයා ස්ත්‍රියට ආශක්ත වීම පිළිබඳ බුද්ධ දේශනාවෙන් යමක් මෙයට එක් කිරීමට බලාපොරෝත්තු වෙමි.

    අංගුත්තර නිකාය 1, බුද්ධ ජයන්ති මුද්‍රණය, 1960, පිට 2 -5.
    ස්ත්‍රී රූපය තරම් පුරුෂයාගේ සිත් ඇද බැඳ ගන්නා වෙනත් රූපයක් ලොව නැත.
    ස්ත්‍රී ශබ්දය තරම් පුරුෂයාගේ සිත් ඇද බැඳ ගන්න ශබ්දයක් තවත් නැත. ස්ත්‍රී ආඝ්‍රාණය තරම් පුරුෂයාගේ සිත් ඇද බැඳ ගන්නා ආඝ්‍රාණයක් තවත් ලොව නැත. ස්ත්‍රී රසයද, ස්ත්‍රී ස්පර්ශයද, මේ ලෙසටම පුරුෂයා ස්ත්‍රිය කෙරෙහි ආශක්ත වන ලොව ප්‍රධානම බලය ලෙස දක්වයි. මේ ආකාරයටම පුරුෂ රූපය, ශබ්දය, ස්පර්ශය, ආඝ්‍රාණය, රසය තරම් ස්ත්‍රිය ආශක්ත වන අන් කිසිවක් ලොව නැත.

    දැන් මම මේ ලිපිය අවසාන කරන්න හදන්නේ. බුදුන් වහන්සේ තම අවසාන නිගමනය මේ විදියට දීල තියනවා. හප්පා මහන්සියි යකෝ :growl: කමක් නැ පෝය දවසෙ පිනක් හරි සිද්ද වෙයිනෙ :)

    ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය ඔවුනොවුන් කෙරෙහි දක්වන මෙම දැඩි ලිංගික ආශාව, ලිංගික චර්‍ය්‍යාව පදනම් කර ඇත. මේ අනුව මිනිස් දිවියේ බලගතුම අංශයක් වන්නේ ලිංගිකත්වයයි. ලිංගික චර්‍ය්‍යා විෂයෙහි ආශාව හෙතුකොටගෙන භවයට ඇති ආශාවද, ඇලීමද, ඇති වෙයි :sorry:. උදාහරණය නකුල මාතා හා නකුල පීතා සූත්‍රයට අනුව එම යුවල කාමයට ඇති ආශාව අනුව ඊලඟ භවයේදීද එක් වීම පතති.

    මේ අනුව නිවන් අරමුණු කොට ඇති බෞද්ධ ප්‍රතිපදා මාරගයේදී, කාමය යනු නිෂ්ප්‍රයෝජන කටයුත්තක් ලෙසත්, ප්‍රතිපදා මාර්ගය විනාශ කරන නිෂ්ප්‍රයෝජන දෙයක් ලෙසත්, විස්තර කරයි.
    :yes::yes::yes::yes::yes:

    මෛථූනය ගාම්‍ය කටයුත්තක් ලෙස බුදුන් වහන්සේ දක්වයි.
    (පාරාජිකා පාළි, 1, බුද්ධ ජයන්ති මුද්‍රණය, 1959, පිට 42 - 48.)(බුදුන් වහන්සේ බොහෝ විට මෛථූනය හඳුන්වන්නේ මෛථූනා ධම්මා, ගාමා ධම්මා ලෙසයි.)

    මම මේ ලිපිය ලිවීමෙන් බලාපොරොත්තු වන්නේ බුදුන් වහන්සේ තම ධර්මය දේශනා කරන විට කාමය, මෛථූනය වැනි ලෞකික විෂයන් ගැනත්, ඉන් ලෝකයට ඇති ප්‍රයෝජනත් කථා කර තිබෙනවා. නමුත් මේ හැමටම වඩා නිවන පතා යන ගමන වැදගත් බවත් උන් වහන්සේ දක්වා තිබෙනවා.


    "පෘථග්ජන සෑම කෙනෙකුම කාමයන්ගෙන් සෑහිමකට පත් නොවී අතෘප්ත්තිමත්ව මරණයට පත් වේ."

    බොහෝ දෙනෙක් කිව්වේ නැති වුනාට ඇත්ත තත්ත්වය ඒකයි.
    :(:(

    පොඩි බම්පියක් හරි දාලා යනවනම් ස්තුතියි. මෙම පුන් පොහෝ දින ඔබ සැමට සත්ය වැටහෙවා යන ප්‍රාර්තනාව සමගින් තෙරුවන් සරන ප්‍රාර්තනා කරන මම ගල්කොල්ලා.. :):)

    Bump