මේ දවස්වල කාමර තුල පවතින අදික රස්නය කාටත් හිසරදයක් නේ. මම නිරීක්ෂණය කරපු දෙයක් කියන්නම්. මහේ office room එක තියෙන්නේ මෙන්න මේ රූපෙ තියන ආකාරයටයි. බිත්තියේ සිට ත්ප්පයට අඩි 3ක පමණ දුරක් තිබේ. අනිත් කාමර වලට වඩා මේ කාමරයේ වැඩි රස්නයක් රැ කාලයේ පවතිනවා.
මේ තියන තාප්පය දවල් කාලයේ හොදටම රත්වෙනවා, එය උෂ්ණත්වය ගබඩා කරගන්න ගබඩාවක් විදිහට ක්රියා කරලා රෑට තාපය නිදහස් කරනවා. රෑ 9ට විතර අතින් ඇල්ලුවත් තාප්පේ ලොකු රස්නයක් තියනවා. ඒ නිසා තමයි කාමරය තුල රස්නය රදාපවතින්නේ.
මම හොදින් ඉර එලිය තිබුන පහුගිය දවසක හවස 5.30ට විතර ඔය තාප්පේ වතුර බටයක් අල්ලලා හොදට තෙමුවා. එදා රෑ කාමරයේ සැලකියයුතු සිසිලක් තිබුනා. තාප්පේ අතින් අල්ලනකොට එකත් සිසිල් වෙලා. ගොඩක් ගෙවල් වල මේ සැලසුම තියන නිසා මේකත් හේතුවක් වෙන්න පුළුවන් රස්නයට.
ඒ වගේම මේකට ස්ථිර විසදුමක් කාටහරි කියන්න පුලුවන්නම් ඒක ලොකු සහනයක්.