Questions කාර් එකක් ගන්න.....

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මච්න්ලා මට කාර් ගැන දෙයක් දැන ගන්න ඔනේ
    මට කාර් එකක් ගන්න උවමනවක් තියෙනවා මම කලිනුත් තර්ඩ් දැම්මා මේ ගැන එක එක විස්තර අහලා මොකද වාහන ගැන ලොකු දැනුමක් නැහැ මට.

    මගේ බජට් එක ලක්ෂ 25 වගේ මේ price range එකට තියන හොද කාර් මොනවද බන් මට දැන ගන්න ඔනේ සාමාන්‍යයෙන් 2008-2009 වගේ ආපු කාර් එකක් ගත්තට අවුලක් නැද්ද (suzuki swift or toyota vitz) වගේ කාර් ගත්තොත් අවුලක් නැද්ද කියලා
    ඔවට තියෙන parts තාම මාකට් එකේ තියෙනවද් මොකද අවුරුදු 15ක් ලගයි නේ රිලිස් කරලා 2020ට බලද්දි මොනවා හරි අවුලක් අවොත් එ මොඩ්ල් එකේ එ අවුරුද්දේම ආපු parts ද දාන්න ඔනේ ? එවා company වල තාම ගන්න තියනවද? මේ වගේ year එකෙන් පරණ කාර් එකක් ගත්තොත් තව අවුරුදු 7 -10 වගේ අදින්න පුලුවන්ද බය නැතුව ? Parts හොයා ගන්න නැතුව ආනත වෙන්න වෙයිද මේවා ගැන දන්න අය හෙල්ප් එකක් දියන්කො මොකොද මම ගන්න යන පලවේනි කාර් එක

    මගේ හිතෙ තියෙන්නම් ටිකක් ලගදි රිලිස් උනා කාර් එකක් ගන්න එත් එවා ගාණ වැඩි බන් පොඩ්ඩක් හරි මගේ ගාණට තියෙන මට සෙට් උන එක perodua axia 2016 මේක හොදයිද එ ගාණට වටිනවද මලයාසියාවේ ගහන කාර් එකක් නැත්නම් toyota suzuki vitz swift වගේ පරණ මොඩ්ල් එකකට යන එක හොදයිද?

    • Like
    Reactions: BumbleB and D_Mad

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Mazda Demio is a good option if you want sporty feel with good look.
    can buy used one around 24laks
    If you are a toyota worshiper, then this is not for you
     
    • Like
    Reactions: D_Mad

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Vitz eka aulak ne mcn... parts one tharam tyenwa.. TL eken onenam ehema nattam recon parts one tharam
     
    • Like
    Reactions: D_Mad

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ochara hitanna epa ban mama 1991 hadapu ekakuth padda. parts tiyenawa ban. dan padinne 2003 ekak. oni ekak hoyaganna tiyenawa
     
    • Like
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    පාට්ස් ගැන බය වෙන්න එපා. ජපං වාහන මොඩ්ල් ගොඩක් තිබුණට, එකම එන්ජිම වාහන කීපයකට පාවිච්චි වෙනව.
    විට්ස් වගේ වාහන වලට කොහොමත් පාට්ස් තියෙනව.
    Axia ගැනනං දන්නෙ නෑ. ඒත් බයවෙන්න එපා. අලුත් වාහනනෙ. කොහොමත් අවුලක් ආපුගමන් කම්පැනි දාන එකනෙ කරන්නෙ.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පාට්ස් එහෙම නැතිවෙන්නෙ නෑ. හැත්තෑගණං වල අසූගණං වල ආපු වාහනවලටත් පාර්ට්ස් තියනවා තාම. මම ගාව තියෙන්නෙ 2000 YOM Lancer එකක්. ඒකටත් පාට්ස් ඕන තරං තියනවා. ඒ නිසා ටොයෝටා වගේ වාහනවල පාට්ස් ගැන බයවෙන්න එපා. හැබැයි තමන්ගෙ පළවෙනි කාර් එකනම් ගන්නෙ මම රෙකමන්ඩ් කරන්නෙ පුලුවන් තරම් අලුත් කාර් එකකට යන්න කියලා ඔය බජට් එකට තියන. ඒකට හේතු කීපයක් තියනවා. අවුරුදු දහයක් පහලවක් පරණ වාහනේක සාමාන්‍යයෙන් පොඩි පොඩි ලෙඩ තියනවා. ලොකු ලොකු ලෙඩත් තියෙන්න පුලුවන්. නමුත් වාහනේ ගනිද්දි හරියට බලලා ගත්තොත් ලොකු ලොකු ලෙඩ නැති වාහනයක් හොයාගන්න පුලුවන්.

    වාහනේ බලනවා කියන්නෙ පෙනුම නෙමෙයි. වාහනයක් ගනිද්දි බලන්න ඕන දේවල් තියනවා. උදාහරණයක් විදිහට වාහනේ ස්ටාට් කරලා තියෙද්දි ඔයිල් කැප් එක ඇරලා අත තිබ්බාම අත ඇතුලට අදිනවා වගේ දැනුනොත් ඔන්න අවුලක්... වාහනේ පැත්තක් පහලට ප්‍රෙස් කරලා අත ඇරපුවා හරි ඉක්මණට තිබ්බ තැනටම එනවා නං ෂොක්ස් අවුල් ගිහිං. ඔයිල් කූර ඇද්දාම දුම එනවා නං (පොඩි නෙමෙයි ටිකක් ලොකු දුමක්) එන්ජින් එක හදන්න කාලෙ හරි... ඔය වගේ අපිට ලේසියෙන් කරන්න පුලුවන් ටෙස්ට් තියනවා.

    පරණ වාහනයක් අරගන තමන්ට ඒක හුරුකරගන්න ටික කාලයක් යනවා. ගරාජ් ගානෙ යන්න වෙනවා, පාර්ට්ස් හොයන්න වෙනවා. ඒ නිසා අලුතින්ම වාහන ගන්න යන ඔය වැඩේ හුරු නැති අයට වාහන එපා වෙනවා. ඒ නිසයි පුලුවන් තරම් අලුත් වාහනයක් ගන්න කියන්නෙ.

    යූ ටියුබ් එකේ තියනවා වාහන ගනිද්දි තමන්ටම පහසුවෙන් කරගන්න පුලුවන් ටෙස්ට් ගැන. ඒවත් බලන්න. බාස්ලා ෂුවර් කරගන්න එපා. වාහනේ අයිතිකාරයා බාස්ට පොඩි ඉඟියක් කරලා සිග්නල් එකක් දුන්න ගමන් බාසා උගෙන් ගාණ අරගන ඔයාව අන්දනවා.
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    ලංකාවේ ජපන් වාහන වල නම් පාර්ට්ස් කිසිම අවුලක් නෑ. මගේ ගාව තියන Dx වැගන් (Toyota Corolla KE 72) කට්ටට නම් අවුරුදු 30 කට වැඩි වෙලත් තාම කිසිම හෙනයක් නෑ. මැකෑනිකල් පාර්ට්ස් තියනවා ඕන තරම්. හැබැයි පුක මූට්ටු වෙන්නේ (30+ ට වඩා පරණ වාහන වලට පමණයි) බොඩි පාර්ට්ස් ගන්න ගියාම. ඒක නිසා කොරෝෂන් එන්නේ නැති වෙන්න බොඩිය නම් හොදින් පවත්වාගන්න ඔිනේ. විශේෂයෙන්ම දොරවල් එහෙම මම ග්‍රීස් කිලෝ 05 විතර දාලා බොහෝම පරෙස්සමෙන් පාවිච්චි කරනවා. තාක්ෂණේ අඩු නිසාත් වාහනේ දැන් අවුරුදු ගානක් මගේ ගාවම තියන නිසාත් අවුලක් ආවත් මමම බාස් වැඩෙත් කරගෙන කොහු ලණුවකින් හරි ගැට ගහගන්න වැඩේ ගොඩ දාගන්න විදිය දන්නවා.

    ඒ වගේම මගේ වැගන් කට්ටේන් තාම ඇද්දේ නැත්තේ මළ මිනියක් විතරයි. ලොරියක වගේ බඩු පටවලා තියනවා. ඒකත් දැන් මගේම දරුවෙක් වගේ... වෙලාවකට ඒක බර අදින සද්දන්ත දළ තියන ඇතෙක් වෙනවා. වෙඩිමකට වගේ එහෙම යන්න ගියාම පිහදලා කාරිය කොරලා පෙරහැරේ කරඩුව වඩම්මන දළ ඇතා බවට පරිවර්ථනය කරනවා. පරණ කාර්බියුලේටර් තිබුනට දුර දුවනකොට ලීටරේට 18km විතර දුවන්න පුළුවන්. ගරාජ් එක අංකලයෙක් එන්ජිමයි කාර්බ් එකයි ටියුන් කලා සයිලන්සරයෙන් වතුර වැටෙන්න. හියි වේ එකේදී මගේ පරණ වැගන් කට්ට 100 පන්නනවා කිසිම ගේමක් නැතිව. අළුත් Hybrid කාර් වලට එහෙම ඔිවර්ටේක් පාරක් දාද්දි හිතට සුපිරි ආතල් එකක් එනවා.

    පරණ වාහනයක් ගන්නවා නම් කොල්ලෝ උනාම වාහනේ පද්ධති ගැන පොඩි හරි දැනුමක් තියෙන්න ඔිනේ. ග්‍රීස් ගාගන්න අකමැති, මහත්තයා ලෙවල් ඉන්නවා නම් පුතේ අළුත්ම වාහනයකට පලයන්. කට්ටක් කන්න (ඒකත් පට්ටම කලාවක්) හැකියාවක් තියනවනම්, පරණ වාහණ ගැන හැගීමක් ආදරයක් තියන පොරක් නම් පරණ වාහනයකට කිසි ගියාට අවුලක් නෑ. පරණ ජපන් වාහන කලාවක් කර ගත්ත, අංකල්ලා පාවිච්චි කරන, සාමාන්‍ය ව්‍යවහරයේ හර්ස් (මිනී අදින) කාර් පදින කොල්ලෝ ඉන්න මේ වැගන් පේජ් එකට ගිහින් බලපන්කො මුන් කොච්චර ආතල් එකක් ගන්නවාද කියලා. https://www.facebook.com/groups/421096481581022/

    දාලා තියන මැලේෂියන් වාහනේ පාර්ට්ස් ගැන නම් දන්නේ නෑ. ඒත් අහලා තියන විදියට මැලේෂියන් වාහන වල මැකෑනිකල් පාර්ට්ස් ගොඩක් ජපන් වාහන වල පාර්ට්ස් හරියනවලු. හරියටම දන්නේ නෑ ඒක නම්. වාහනේ තියන කෙනෙක්ගෙන්ම අහන්න වෙයි. දන්නේ නැති දේවල් ගැන නම් උපදෙස් දෙන්න බෑ හොදේ....

    වාහනයක් පලවෙනි පාරට ගන්න නිසා ඔිකේ නඩත්තුව හරියට කරන්නේ නැතිව දුවන එක විතරක් කලාම උබට අනිවා වාහන ගැන තියන ආසාව නැත්තටම නැති වෙලා යයි. හරියට නඩත්තුව කරලා හැම දේටම බාස්ලා හොයන්නෙත් නැතිව ගරාජ් එකකට ගිය වෙලාවෙත් වාහනේ තනිකරලා එන්නේ නැතිව වාහනේ ලගටම වෙලා ඒවා ගැනත් ටිකක් ඉගෙන ගනින්... වාහනයක් යකඩ ගොඩක් උනාට ඒකට ආදරේ දුන්නේ නැත්නම් ලෙසටම උඹට කෙළවන්න පුළුවන් බව හොදින්ම මතක තියාගෙන හොදට හොයලා බලලා උබේ චොයිස් එකට සහ යන්න පුළුවන් බජට් එකට හරි යන වාහනනේට පලයන්... ජය වේවා!
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    img_overview1.jpg

    I recommend this. Brand new is around 30. So, 2nd hand is around 25k. 2018 model
     
    • Love
    Reactions: D_Mad

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    පළවෙනි කාර් එක නම් Axia එකක් ගන්න 2017 වගේ.
     
    • Like
    Reactions: D_Mad

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Vitz ekak ganin bun
    Elita, Axia wage wahana hari podi ne bun
    Anika lankawe vitz walata hoda market ekak thiyenawa
    Parts nam ona tharam thiyenawa.
    Wahana gana danna porak ekka gihin ganna
    kohamath wahane aragena bun ubata lakshayak withara wiyadam karala adu padu tika hadaganna wei
    eth loku paduwak naha
    hodata hoyala balala gaththoth hoda wahanayak set karaganna puluwan. ethakota nam initially ubata wiyadam karanna wena ganath adui
    mata thiyenne swift ekak. Swift eke awla bun thel karana adui. Vitz eke thel karanawa ita wadiya
     
    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    300
    49
    28
    horana
    ලංකාවේ ජපන් වාහන වල නම් පාර්ට්ස් කිසිම අවුලක් නෑ. මගේ ගාව තියන Dx වැගන් (Toyota Corolla KE 72) කට්ටට නම් අවුරුදු 30 කට වැඩි වෙලත් තාම කිසිම හෙනයක් නෑ. මැකෑනිකල් පාර්ට්ස් තියනවා ඕන තරම්. හැබැයි පුක මූට්ටු වෙන්නේ (30+ ට වඩා පරණ වාහන වලට පමණයි) බොඩි පාර්ට්ස් ගන්න ගියාම. ඒක නිසා කොරෝෂන් එන්නේ නැති වෙන්න බොඩිය නම් හොදින් පවත්වාගන්න ඔිනේ. විශේෂයෙන්ම දොරවල් එහෙම මම ග්‍රීස් කිලෝ 05 විතර දාලා බොහෝම පරෙස්සමෙන් පාවිච්චි කරනවා. තාක්ෂණේ අඩු නිසාත් වාහනේ දැන් අවුරුදු ගානක් මගේ ගාවම තියන නිසාත් අවුලක් ආවත් මමම බාස් වැඩෙත් කරගෙන කොහු ලණුවකින් හරි ගැට ගහගන්න වැඩේ ගොඩ දාගන්න විදිය දන්නවා.

    ඒ වගේම මගේ වැගන් කට්ටේන් තාම ඇද්දේ නැත්තේ මළ මිනියක් විතරයි. ලොරියක වගේ බඩු පටවලා තියනවා. ඒකත් දැන් මගේම දරුවෙක් වගේ... වෙලාවකට ඒක බර අදින සද්දන්ත දළ තියන ඇතෙක් වෙනවා. වෙඩිමකට වගේ එහෙම යන්න ගියාම පිහදලා කාරිය කොරලා පෙරහැරේ කරඩුව වඩම්මන දළ ඇතා බවට පරිවර්ථනය කරනවා. පරණ කාර්බියුලේටර් තිබුනට දුර දුවනකොට ලීටරේට 18km විතර දුවන්න පුළුවන්. ගරාජ් එක අංකලයෙක් එන්ජිමයි කාර්බ් එකයි ටියුන් කලා සයිලන්සරයෙන් වතුර වැටෙන්න. හියි වේ එකේදී මගේ පරණ වැගන් කට්ට 100 පන්නනවා කිසිම ගේමක් නැතිව. අළුත් Hybrid කාර් වලට එහෙම ඔිවර්ටේක් පාරක් දාද්දි හිතට සුපිරි ආතල් එකක් එනවා.

    පරණ වාහනයක් ගන්නවා නම් කොල්ලෝ උනාම වාහනේ පද්ධති ගැන පොඩි හරි දැනුමක් තියෙන්න ඔිනේ. ග්‍රීස් ගාගන්න අකමැති, මහත්තයා ලෙවල් ඉන්නවා නම් පුතේ අළුත්ම වාහනයකට පලයන්. කට්ටක් කන්න (ඒකත් පට්ටම කලාවක්) හැකියාවක් තියනවනම්, පරණ වාහණ ගැන හැගීමක් ආදරයක් තියන පොරක් නම් පරණ වාහනයකට කිසි ගියාට අවුලක් නෑ. පරණ ජපන් වාහන කලාවක් කර ගත්ත, අංකල්ලා පාවිච්චි කරන, සාමාන්‍ය ව්‍යවහරයේ හර්ස් (මිනී අදින) කාර් පදින කොල්ලෝ ඉන්න මේ වැගන් පේජ් එකට ගිහින් බලපන්කො මුන් කොච්චර ආතල් එකක් ගන්නවාද කියලා. https://www.facebook.com/groups/421096481581022/

    දාලා තියන මැලේෂියන් වාහනේ පාර්ට්ස් ගැන නම් දන්නේ නෑ. ඒත් අහලා තියන විදියට මැලේෂියන් වාහන වල මැකෑනිකල් පාර්ට්ස් ගොඩක් ජපන් වාහන වල පාර්ට්ස් හරියනවලු. හරියටම දන්නේ නෑ ඒක නම්. වාහනේ තියන කෙනෙක්ගෙන්ම අහන්න වෙයි. දන්නේ නැති දේවල් ගැන නම් උපදෙස් දෙන්න බෑ හොදේ....

    වාහනයක් පලවෙනි පාරට ගන්න නිසා ඔිකේ නඩත්තුව හරියට කරන්නේ නැතිව දුවන එක විතරක් කලාම උබට අනිවා වාහන ගැන තියන ආසාව නැත්තටම නැති වෙලා යයි. හරියට නඩත්තුව කරලා හැම දේටම බාස්ලා හොයන්නෙත් නැතිව ගරාජ් එකකට ගිය වෙලාවෙත් වාහනේ තනිකරලා එන්නේ නැතිව වාහනේ ලගටම වෙලා ඒවා ගැනත් ටිකක් ඉගෙන ගනින්... වාහනයක් යකඩ ගොඩක් උනාට ඒකට ආදරේ දුන්නේ නැත්නම් ලෙසටම උඹට කෙළවන්න පුළුවන් බව හොදින්ම මතක තියාගෙන හොදට හොයලා බලලා උබේ චොයිස් එකට සහ යන්න පුළුවන් බජට් එකට හරි යන වාහනනේට පලයන්... ජය වේවා!

    82 lancer wagon ekak thiyenne... bass weda nan api karanne ne hoda mechanic kenek innawa shuwar porak...u karala denawa okkoma nulata...
    oya wagema thamai kisima henayak ne yaka wage weda...
     
    • Like
    Reactions: rasidass

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Vitz
    Corolla 121 manual
    nissan FB 15
    vios 2003-2004

    Suzuki swift jeep model - beetle model ekata wada petrol karanawa. Chervelot Cruz ekat mekeme rebranding ekak

    Honda civic, city
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    තැන්ක්ස් මචන්ලා ගොඩක් අය හොදට පැහැදිලිව රිප්ලයි කරලා තියෙනවා :love::love::love:
    තව අදහස් දන්න අය දන්න මට විතරක් නෙවෙයි වහානයක් ගන්න හදන අයට උදව්වක් වේයි කිරියෙ :cool:;)
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Mazda Demio is a good option if you want sporty feel with good look.
    can buy used one around 24laks
    If you are a toyota worshiper, then this is not for you

    I’ve driven one of those and didn’t like it.
     
    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    මච්න්ලා මට කාර් ගැන දෙයක් දැන ගන්න ඔනේ
    මට කාර් එකක් ගන්න උවමනවක් තියෙනවා මම කලිනුත් තර්ඩ් දැම්මා මේ ගැන එක එක විස්තර අහලා මොකද වාහන ගැන ලොකු දැනුමක් නැහැ මට.

    මගේ බජට් එක ලක්ෂ 25 වගේ මේ price range එකට තියන හොද කාර් මොනවද බන් මට දැන ගන්න ඔනේ සාමාන්‍යයෙන් 2008-2009 වගේ ආපු කාර් එකක් ගත්තට අවුලක් නැද්ද (suzuki swift or toyota vitz) වගේ කාර් ගත්තොත් අවුලක් නැද්ද කියලා
    ඔවට තියෙන parts තාම මාකට් එකේ තියෙනවද් මොකද අවුරුදු 15ක් ලගයි නේ රිලිස් කරලා 2020ට බලද්දි මොනවා හරි අවුලක් අවොත් එ මොඩ්ල් එකේ එ අවුරුද්දේම ආපු parts ද දාන්න ඔනේ ? එවා company වල තාම ගන්න තියනවද? මේ වගේ year එකෙන් පරණ කාර් එකක් ගත්තොත් තව අවුරුදු 7 -10 වගේ අදින්න පුලුවන්ද බය නැතුව ? Parts හොයා ගන්න නැතුව ආනත වෙන්න වෙයිද මේවා ගැන දන්න අය හෙල්ප් එකක් දියන්කො මොකොද මම ගන්න යන පලවේනි කාර් එක

    මගේ හිතෙ තියෙන්නම් ටිකක් ලගදි රිලිස් උනා කාර් එකක් ගන්න එත් එවා ගාණ වැඩි බන් පොඩ්ඩක් හරි මගේ ගාණට තියෙන මට සෙට් උන එක perodua axia 2016 මේක හොදයිද එ ගාණට වටිනවද මලයාසියාවේ ගහන කාර් එකක් නැත්නම් toyota suzuki vitz swift වගේ පරණ මොඩ්ල් එකකට යන එක හොදයිද?
    Mama nam kiyanne toyota vios eka... patta fuel, patta labai parts hoda comfort , look ekath shape ona thanakata bahinna puluwan. Second hand market ekath patta.. wahane parana 2003-2005 models nisa hosata balala ganna