කාර් එක අදින්නේ නැහැ

max-payne

Member
Oct 1, 2015
72
1
0
කාර් එක අදින්නේ නැහැ

මගේ කාර් එක Nissan N-16 Auto 1500 cc එකක්. ඒක ගෙනාපු දවසෙ ඉදන් පොඩ්ඩක් කදු අදින හොරයක් තිබ්බා. ඒක එච්චර ගානක් නෑ වගේ.... ඊට පස්සේ චුට්ටක් විතර එම ගැටළුව වැඩි උනා. O/D Button එක Press කරත් 4 වෙනි Gear එකට මාරු වුනේ නැහැ කොච්චර පෑගුවත් Speed එක 60 න් එහා යන්නේ නැහැ. හැබැයි තුන්පාරක් වගේ මම හොදටම බැලුවා Car එකේ Petrol full tank තිබුනම මේ ගැටළුව ගොඩාක්ම අඩුයිි. ඊට පස්සෙ මම Technician කෙනෙකුට පෙන්නුවා. එයා Scan කරලා කිවුවා Transmission oil change කරලා Cleanup එකක් දාමු කියලා, එයාලා Injectors, Throttle body, EFI Tuning ආදිය දෙවල් කරා. හැබැයි මෙහෙම දෙයකුත් කිවුවා Gear box එක ගැලවුවම යකඩ කුඩු ගතියක වගේ තිබ්බා කිවුවා.... Fuel pump එකෙනුත් සැලකිය යුතු තරම් ‍Fuel එන්නේ නෑ කිවුවා. නමුත් එයාලාගේ වැඩේ ඉවර කරාට Car එක කිසි වෙනසක් උනේ නැහැ. එයාලනම් කිව්වෙ දැන් අවුලක් නැ කියලා. (කලින් කියන්න අමතක උනා... ලොකු කදු ඇද්දේ නැහැ අදින්න ගියාම Check Engine Light පත්තු උනා) අයෙමත් ටික දවසකින් මේ ප්‍රශ්නෙ අාව දැන් O/D Button එක් Press කරාට Bulb එක පත්තු වෙන්නෙත් නැහැ. 4 වෙනි Gear එක් මාරු වෙන්නෙත් නැහැ. සාමාන්‍යයෙන් Plat පාරවල් වල හොදට යනවා 60 න් එයා යන්නේ නෑ... මොකද අප්පා මේ ගැටළුව
 

Nigelrr

Banned
  • Feb 8, 2017
    443
    13
    18
    maka bass kenek gawatane ban gihin tiyenne.fuel pressure eka wath check karanna gadjet ekak nedda?pressure eka adu nan fuel pump ekak dapan podi ganak wenne.


    n16 wala ledak tiyenawa MAF sensor eka kelawenawa.ita passe ecu eken car eke speed eka limit karanawa.MAF sensor eka hodai nan engine eke coil pack ekak sawthu wela athi,ethakota check engine light eka on wenawa.oya deken ekak thama sure ekata.


     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    3rd gear idan 4th ekata maru wenne naha wage. Gear wheels gewilada dannaha. mama mechanic kenek nemei. mata feel wena widihata case eka e wage :nerd:
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    bumpiyak dennam machan.
    wahane podi hari aulak thiyanawanam eka hithata mara barak ban.:dull::sorry::nerd:
     
    Last edited:

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    මේ ටිකට පැහැදිලිව උත්තර දෙන්න
    1. gear change වෙන කොට සද්ද එනවද මොනවා හරි?
    2. 1-2 සහ 2-3 up shift, down shift වෙන්නත් වෙලා යනවද?
    3. 1,2,3 gears වලදීවත් පාගන තරමට car එක යන්නෙ නැද්ද?
    4. engine misfire හෝ vibration මොනවා හරි තියෙනවද?
    5. car එක neutral කරලා high rev කරනකොට vibrate වෙනවද engine එක fuel මදි ගතියක් තේරෙනවද?
    6. scan කරාම sensor/solenoid error code පෙන්නුවද?
    7. emission test එක පාස්ද?
    මුලින්ම fuel pressure එක check කරගන්න. fuel pressure එක sense කරන්නෑ ඔය model වල ඒක නිසා check engine light පත්තු වෙන්නෑ fuel pressure එක අඩු උනම. gear box ගලෙව්වාම oil pan magnet එකේ යකඩ කුඩු ටිකක් තියෙනවා ඕවගේ කලෙත් එක්ක.
     
    Last edited:
    • Like
    Reactions: Squirrel

    max-payne

    Member
    Oct 1, 2015
    72
    1
    0
    මේ ටිකට පැහැදිලිව උත්තර දෙන්න
    1. gear change වෙන කොට සද්ද එනවද මොනවා හරි?
    2. 1-2 සහ 2-3 up shift, down shift වෙන්නත් වෙලා යනවද?
    3. 1,2,3 gears වලදීවත් පාගන තරමට car එක යන්නෙ නැද්ද?
    4. engine misfire හෝ vibration මොනවා හරි තියෙනවද?
    5. car එක neutral කරලා high rev කරනකොට vibrate වෙනවද engine එක fuel මදි ගතියක් තේරෙනවද?
    6. scan කරාම sensor/solenoid error code පෙන්නුවද?
    7. emission test එක පාස්ද?
    මුලින්ම fuel pressure එක check කරගන්න. fuel pressure එක sense කරන්නෑ ඔය model වල ඒක නිසා check engine light පත්තු වෙන්නෑ fuel pressure එක අඩු උනම. gear box ගලෙව්වාම oil pan magnet එකේ යකඩ කුඩු ටිකක් තියෙනවා ඕවගේ කලෙත් එක්ක.
    gear change වෙනකොට සද්ද එන්නේ නැ.... gear change up shift, down shift වෙන්නෙත් නෑ. 1,2,3 gears වල පාගන තරමට යනවා, නමුත් 4 gear එක වැටෙන් නැති නිසා 60 ට 70ට වඩා යන්නේ නෑ කොච්චර පෑගුවත්, engine misfire හෝ vibration වෙන්නේ නෑ, emission test එක පාස්.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    I had a similar issue on my ford mondeo MK3 (2004 model)

    The problem was a clogged fuel pump filter. Pretty easy fix once you figure out how to get the pump out.


    First check the pressure in the main fuel rail.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මගෙ වාහනේ (Ford mondeo mk3) පෙට්‍රල් අඩු උනහම පාගද්දි අදින්නෙ නැති ගතියක් තිබ්බ..

    දැන් වාහන වල පෙට්‍රල් පොම්පෙ තියෙන්නෙ ටැංකිය ඇතුලෙ. පොම්පෙ cool වෙන්නෙ පෙට්‍රල් වලින්.

    පොම්පෙ තියෙන්නෙ පොඩි closed canister එකක් ඇතුලෙ. ඒකට පෙට්‍රල් පෙරිල එන්න පොඩි දැලක් වගේ filter එකක් තියෙනව.

    අපේ තියෙන පෙට්‍රල් වල හොඳ කම නිසා ඕක block වෙනව. එතකොට ඇතුලට පෙට්‍රල් යනව හොරයි.. ඉතින් ටැංකිය පිරිල නැත්නම් canister එකට යන්නෙ පොම්පෙන් සක් කරන පෙට්‍රල් විතරයි. බ්ලොක් වෙලා නිසා හරියට යන්නෙ නෑ.. ඉතින් පොම්ම්පෙ රත් වෙලා cut off වෙනවා.. ඊට පස්සෙ තප්පර ගානකින් ආයෙ on වෙනව..

    අර දැල වගේ ෆිල්ටර් එක සුද්ද කරල දැම්මහම ලෙඩේ හරි ගියා..

    චෙක් කරගන්න තියෙන විදිහ තමයි එන්ජිම රේස් කරද්දි fuel rail එකේ pressure drop වෙනවද කියල බලන එක
     

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    gear change වෙනකොට සද්ද එන්නේ නැ.... gear change up shift, down shift වෙන්නෙත් නෑ. 1,2,3 gears වල පාගන තරමට යනවා, නමුත් 4 gear එක වැටෙන් නැති නිසා 60 ට 70ට වඩා යන්නේ නෑ කොච්චර පෑගුවත්, engine misfire හෝ vibration වෙන්නේ නෑ, emission test එක පාස්.

    මෙහෙමයි ඕකට හේතු ගොඩක් වෙන්න පුළුවන්. gear box එක මස් කරන්න යන්න එපා මුලින්නම බාස්ල කියන ඒවා අහල. fuel pressure එක මුලින්ම බලන්න ඔයාම කියනවනේ full tank ගැහුවම වෙනසක් තියෙනවා කියල. fuel pressure එක බලන කොට filter input line එකෙනුයි output line එකෙනුයි දෙකෙන්ම බලන්න.
    එහෙම අවුලක් නැත්තම් ඕක හොද scan tool එකකින් scan කරන්න. බලන්න pressure sensor, pressure control solenoids, 1-2 shift solenoid, වගේ errors එනවද කියල. check light පත්තු වෙනවා කියන්නේ sensors/solenoids අවුලක් තියෙනවා කියන එක.
    ඊට පස්සේ තමා ඉතුරු ටික බලන්න වෙන්නෙ. කොච්චර පැගුවත් යන්නෑ කියල ඔහොම පාගන්න එපා torque converter එකට හොද නැහැ ඔහොම පදින එක දුර යනකොට over pressure, over heat වෙලා turbine/impeller guide vanes එහෙම damage වෙන්න පුළුවන්.