කාලකන්නි උදච්ච හීනමාන JVP සාපේ !

saturn

Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    උගේ කට හුඹස් කට.
    එපා! එපා! එපා!!
    =====
    මාර්ටින් වික්‍රමසිංහ මහතා 'සිංහළ සකස්කඩ'නමින් අගනා පොතක් ලියා තබෙනවා. අපේ සංස්කෘතික පදනම එළි පෙහෙළි කර ගැනීම ඒ පොතේ අරමුණයි. සකස්කඩ යනු සංස්කෘත ආදී මූලභාෂා වචනවල නිවැරදි උච්චාරණය දරුවන්ට පුරුදු පුහුණු කිරීම සඳහා පැරණි සිංහල අධ්‍යාපන ගුරුකුල තුළ භාවිතා වූ කුඩා පොතක්. සංස්කෘතය හුරු කිරීම සඳහා වූ පොත සකස් කඩ යැයි කියන්න පුලුවන්. එයට තවත් ජනප්‍රිය අර්ථයක් තිබෙනවා. එනම් කට සකස් කරනා පොත-සකස්කට-සකස්කඩ වශයෙන්. ⁣'සකස්කඩ නොකිව් කට උගේ කට හුඹස් කට' යනුවෙන් ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා.
    සන්නිවේදනයේදී හුඹස් කටවල් බිහිවෙන්නේ නිවැරදි උච්චාරණය නැති නිසා පමණක් නොවේ. කිසිවකුගේ භාෂාව අප්‍රසන්න බව, අපහාසාත්මක බව, අසභ්‍යත්වය ආදී සියලු වාග් දුෂ්චරිතයන්ගෙන් පිරී තිබෙනවානම් එවැනි අයට ඇත්තේ හුඹස් කටක් කියල මේ කියමනට නව අර්ථයක් දෙන්න පුලුවන්.
    මේ කතාව සිහියට ආවෙ "චේ ගුරා' නමින් හැඳින්වෙන රසායන විද්‍යා ටියුෂන් ගුරවරයා තමන්ගේ සිසුන් ඉදිරියේ මාර්ටින් වික්‍රමසිංහ මහතාට මෝඩයා, ඌ, මූ, යනුවෙන් අමතමින් ගම්පෙරළිය නවකථාව හෙළා දකිමින් සහ සම්භාව්‍ය සිංහල සංදේශ කාව්‍යයකට අසභ්‍යත්වයක් ආරෝපනය කරන්නට දරන නිහීන වැඩේ සමාජ මාධ්‍ය වීඩියෝවක වෛරල් වෙනව දැක්ට පස්සෙයි.
    මේ ගුරුවරයාට ඇත්තේ හුඹස් කටකි. එය දුටුවිට ඇතිවන්නේ කෝපයක් නොව මොහු ඇතුලු කාලයක සිට ටියුෂන් පංති අරක්ගෙන සිටින මේ මාදිළියේ සියලු හුඹස්කටාලා ගැන පිළිකුල මුසු අනුකම්පාවකි. ගුරුකමෙි ආචාරධර්ම රකිමින් තමන් දන්නා දෙයක් නිවැරදිව සිසුන්ට උගන්වා යමක් කමක් උපයාගන්නා ටියුෂන්ගුරුවරුන්ට මෙය අදාල නොවේ.
    මෙවැනි හුඹස්කටාලා ගොඩක් මේ දිනවල අපේ ඉතිහාසයට, සංස්කෘතියට, භාෂාවට, සහ අපේ සංස්කෘතික පුරෝගාමීන්ට අපහාස අවලාද නගමින් බොරු රැඩිකලුන් වී සිසුන් ඉදිරියේ නටනා විසූක දස්සන හා නරිනාටක අපට දකින්න ලැබෙනවා. අර චේ ගුරා, සංදේශ කාව්‍ය නිකමට හරි ඉගෙන ගෙන ධාරණය කරගෙන තිබෙනවා ඔහුගේ කටින් මේ තරම් කැත භාෂාවක් එළියට පනින්නේ නෑ. නියම ගුරුවරයකුගේ මුවින් එළියට එන්නේ ගිරා සංදේශයේ දක්වා තිබෙන ආකාරයට 'සහකරු මියුරු තෙපුල්' මිස විසකුරු අසැබි වදන් නොවේ.
    අප මේවා විවෙච්නය කළ යුත්තේ මේ බොරු රැඩිකලුන්ගේ වියරු රැඩිකල් රැඟිල්ල වැඩිකල් ගියහොත් අපේ අනාගත දරු පරපුර අසංස්කෘතික නරුම පිරිසක් බවට පත්වීම පැහැදිලිව පෙනෙන නිසයි.
    මාලිමා ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගේන්නෙ ටියුෂන් මාෆියාව නැතිකරන්න කියල කිව්වත් ටියුෂන් මාෆියාව ඒකට පොඩ්ඩක්වත් බයවෙලා නැති බව පේනව. මේ ප්‍රශ්නගත ප්‍රතිසංස්කරණ ආරක්ෂා කරන්නට ටියුෂන් මාෆියාව දඟලන දැඟලිල්ලෙන් පෙනෙන්නේ මේවා ක්‍රියාත්මක කළහොත් මාෆියායාවට ඉතා යහපත් කල දසාවක් උදාවන බව ඔවුන් ඉවෙන් වගේ දැන ගෙන සිටින බවයි. ඒ නිසා ආණ්ඩුව කළ යුත්තේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට කලින් ටියුෂන් නියාමන නීතියක් හඳුන්වා දීමයි.
    ටියුෂන් කර්මාන්තයේ ඉන්න අයට කියන්න තියෙන්නෙ තවත් නම් මේ හුඹස්කටාලව අනුකරණය කරන්න එපා කියලයි.
    'සකා විකාරයෙන්
    කුමක් කළත් තවත්
    ලියා එවන්න නම්
    එපා එපා එපා'
    කියලයි අනුකරණය ගැන කුමාරතුංග මුනිදාස පඬිවරයා කිව්වෙ.


    Karu Pranawaithana
     

    Stephan amell

    Active member
  • Feb 9, 2024
    319
    160
    43
    මාර්ටින් වික්‍රමසිංහ ලියපු පොත් කියෙව්වා පට්ට boring බන් ඒ දවස්වල කොච්චර අමාරුවක් තිබ්බද කියනවා නම් ගම්පෙරළිය film එකත් ගත්තා Torana Record Bar එකෙන් අපරාදේ මගේ සල්ලි මෙලෝ රහක් නෑ film එකත් එහෙමයි පොතත් එහෙමයි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,390
    100,292
    113
    මූට සන්නා interview එකකුත් දුන්නා උගේ ටියුෂන් promote කරන්න .
    දැන් අන්න මූට බැනල post එකක් දාල තියනව . :lol:




    කෑ පතේ රුන්න වගේ වැඩක් නෙ කරලා තියෙන්නේ. මෝඩ ගුරා. මළ පැනලා ඇත්තේ
     

    PureFrameModels

    Well-known member
  • Dec 11, 2025
    447
    548
    93
    ජෙප්පෝ හෙන කුහකයි , අනිත් උන්ට බනින්න මයි බලන් ඉන්නේ , මතකනේ අනුර කියපු බොරු ඉස්සර , හයි වේ වලට බල්ලොන්ට පාර මාරු වෙන්න බැහැ කියල බැන්නේ
     
    • Like
    Reactions: HKavinda and KDH