Ube arakshawata balpanne mon labbkda bn. Mt.lavinia policeda?

මම ගිය සතියෙ ගියා පොලිස් රිපෝට් එකක් ගන්න. දවස් 5ක් රස්තියාදු වුනා ඒ පොඩි කොලකෑල්ල ගන්න.
1. පලවෙනි දවසෙ ගියාම ග්‍රාමසේවක සහතිකේ ගෙන්න කිව්ව AG office එකෙන් සහතික කරල.
2. ග්‍රාමසේවක සහතිකේ අරගෙන ඒක සහතිකත් කරවගෙන, තව request letter එකකුත් ලියාගෙන ගියා දෙවෙනි දවසෙ. ගියාම, පේලි 4-5ක් තියෙන A4 කොලයක් දීල කියනව "මේ form එක මට ආපහු ඕන. ඒ නිසා මේක පොටෝකොපි කරගෙන පොටෝකොපිය පුරවල original එක මට ආපහු ඕනෙ". මම දැන් පොටෝ කොපි ගහන තැනක් හොයනව. හොයල පොටෝකොපි ගහල ඒක පුරවල බාරදුන්නම කියපි, පොලිස් රිපෝට් එහෙම ආවට ගියාට ගන්න බෑ. දවස් 3කින් විතර එන්න කියල.
3. දවස් තුනකට පස්සෙ හවස වැඩ ඇරිල 5ට විතර ගියා පොලීසියට රිපෝට් එක ගන්න. මෙන්න කියපි පොලිස් රිපෝට් ගන්න මේ වෙලාවෙ එන්න කිව්වෙ කවුද... උදේ 8යි හවස 4යි අතර එන්න කියල. තව එකෙක්ගෙ නමක් කියල ඉස්සරහින් එයාගෙ phone number එක ඉල්ලගෙන යන්නලු වැඩේ ඉක්මනට කරගන්න ඕනෙ නම්. මට තේරුනා මුන් ගානක් කපන්න හදන්නෙ කියල. මම phone no ඉල්ලගන්න ගියේ නෑ.
4. ඊලඟ දවසෙ උදේ වැඩට යන්න කලින් 8ට ගියා ආපහු පොලීසියට. දැන් මේ 4 වෙනි දවස. මෙන්න form එක බාරගත්තු dial එකත් ඉන්නව. මම හිතුව අද නම් වැඩේ කෙරෙයි කියල. මූ කියපි තාම කට්ටිය ඇවිත් නෑ. පොලිස් රිපෝට් ගන්න නම් තව පැයක් වගේ යාවි කියල.
5. ඊලඟ දවසෙ නිවාඩුවක් දාල උදේ 10ට විතර ගියා පොලීසියට. හොඳ වෙලාවට රිපෝට් ලියන dial එක ඉන්නව. මම විස්තරේ කිව්වම form එක හොයල හොයල අරගෙන මූ ලිව්ව රිපෝට් එක. පොඩි A4 sheet භාගෙක කොලයක් දෙන්නෙ. ඒ පොඩි කොල කෑල්ලට තමයි මු මෙච්චර තටමල තියෙන්නෙ. ඒකෙත් මුන්ට ලියන්න තියෙන්නෙ නමයි, ඇඩ්‍රස් එකයි විතරයි. ඊට පස්සෙ සීල් එකක් ගහනව. ඒ ඔක්කොම කරල මූ ඒක අරන් නැගිටල ගියා. මම ඉන්නව පොලීසිය ඇතුලෙ වාඩිවෙලා. මූ ගියා ගියාමයි ආපහු එන පාටක් නෑ. වැඩේ කරගන්න ඕන නිසා මම කේන්තිය පෙන්නන්නෙ නැතුව හිටිය.
පොලිස් කාරයො තරම් මහ කාලකන්නි ජාතියක් තවත් නෑ බං. මුන් එක්ක හිනා උනාම මුන් මට ඔරව ඔරව යනව. තියෙන මහන්තත්ත කමට. පොලීසියෙන් වැඩ කරගන්න ආපු සමහර උන් පෑන් වගේ ඒව ගෙනත් දෙනව මම දැක්ක. මම පැය 1/2ක් විතර වාඩි වෙලා ඉන්න ඇති. බැරිම තැන මම නැගිටල ආව මූ කොහෙද බලන්න. මෙන්න මූ මගෙ පොලිස් රිපෝට් එක අතේ තියාගෙන වෙන එකෙක් එක්ක කයිය. මාව දැකල ඇවිත් රිපෝට් එක දුන්න. ඔන්න ඔහොමයි ලංකාවෙ පොලීසියෙ වැඩ. (කොහේ පොලීසියද අහන්න එපා. ඒක කියන එක මගේ ආරක්ශාවට හොඳ මදි. කොයි පොලීසියත් මේවගේ තමයි.)
උඹලට අපිට වගේ ඉක්මනට ලියන්න කියන්න බැහැබන් උන්ට...
එහෙම තමයි 5 ශ්‍රේණිය පාස් එවුන්ගෙ හැටි.
උඹලට අපිට වගේ ඉක්මනට ලියන්න කියන්න බැහැබන් උන්ට...
එහෙම තමයි 5 ශ්‍රේණිය පාස් එවුන්ගෙ හැටි.
polisiyeth office hours thiyenawada ban?අපි අඩුපාඩු දැක්කට විඳලා විඳලා දුක තද කරගෙන ඉන්නවා මිසක් ෆෝවඩ් වෙලා ගන්න පුලුවන් සරල ඇක්ෂන් එකක්වත් ගන්නේ නෑ විරුද්ධව... පොලිසියට විරුද්ධ වෙන්න භයයි කියමුකෝ දරුණුයි කියලා..
ඔය රාජ්‍ය ආයතන වල යම්කිසි අනවශ්‍ය ප්‍රමාදයක්, ඉක්මනින් කරන්න අල්ලසක් ඉල්ලන එකක්, අනවශ්‍ය දෝෂාරෝපණයකට විරුද්ධ වීමක් ගැන ප්‍රචාරය වෙන්නේ බොහොම සීමිත ප්‍රමාණයක්.. ප්‍රචාරය කරන ඒවයෙත් සිවිල් මනුස්සයාගේ ඊගෝ එකට හරි අමනුස්සකමට හරි වැරද්ද තියාගෙන කරන චෝදනා...
දැන් එක එක මඟුල් සිස්ටම් එහෙමත් ඔය ආයතන වල දාලා තියෙන නිසා එස් 5 ඵලදායිතා අනම් මනම් තියෙන නිසා කම්ප්ලේන් කරන එක බලාපොරොත්තු වෙනවා...රාජ්‍ය ආයතන ඔහොමයි කියලා මේකේ ලියලා වත් තරහ ගිහින් ගහන්න ගිහිල්ලාවත් හැදෙන්නේ නෑ... කම්ප්ලේන් කරන්න පටන් ගත්තොත් ඔය ආයතන වල ඉන්න පණ්ඩිතයෝ මට්ටු කලෑකි...
විමසීම් කවුලු වලින් අවශ්‍ය තොරතුරු අහන්න පුරුදු වෙන්න ඕනේ... බොහෝ අය විමසීම් කවුලුව යූස් කරන්නෙම නෑ.. අදාළ සෙක්ෂන් ගිහිල්ලා ෆෝම් ගොඩයි අරකයි මේකයි කියලා අඬන්න දෙයක් නෑ දැනුවත් නම්...
මේකෙත් අවශ්‍ය ලිපි ලේඛන නැතුව එක දවසයි ලිපි ලේඛන කටයුතු කරන ඔෆිස් හවර්ස් වලින් පිට ඇවිල්ලා දවස් දෙකයි. පොලිස් රිපෝට් මූන බලලා ලියන්නේ නැතුව ඇතිනේ... දවස් තුනක් ගන්නේ මොනාහරි චෙක් කරන්න වෙන්න ඇතිනේ.. මම ඒ ගැන නම් දන්නේ නෑ... 1919 කියලා අන්කයක් වෙබ් එකක් තියේ... ඒවා බලල රෙඩි වෙලා යන්නේ නෑ.. තියෙන රිසෝශස් යූස් නොකර අඬනවා...
අර පොලිසියේ උන්ගේ පර්සනල් අවුල් වගයක් කිව්වේ.. අන්න ඒ වගේ පාහර වැඩ නවත්තගන්න පුලුවන් නම් නවත්වන්න පුලුවන්න නම් සේවා අංශයේ දියුණුවක් එයි... ඇටිටියුඩ් ප්‍රශ්න.. .
