කාලකන්නි_සමාජය

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    කාලකන්නි_සමාජය

    දැරියට පාසල් අහිමි කළ ඒඞ්ස් හංවඩුවේ ශෝකාන්තය



    ‘මම ලොකු වුණාම දොස්තර කෙනෙක් වෙනවා. මට දැන් බනින හැමෝටම මං ලොකු වුණාම බේත් දෙනවා.’




    එලෙස කීවේ හතර වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන නව හැවිරිදි දැරියකි. ඇයට දැන් බනින්නේ ඇගේ ඇස් පෑදීමට සිටින ගුරුවරුන් සහ වැඩිහිටි පිරිසකි. මේ සිඟිත්තියට ‘ඒඞ්ස්’ රෝගය වැළඳී ඇතැයි කියමින් පාසලේ ගුරු පිරිසක් සහ ඇය ඉගෙනුම ලබන පන්තියේ දරුවන්ගේ දෙමාපියන් පිරිසක් වෙනස්කම් කරති. දැරිය පාසලට පැමිණීම වැළැක්වීමට උත්සාහ ගනිති. ඔවුන්ගේ සිත්හි කරුණාව, මෛත‍්‍රිය නැතත් මේ කුඩා දැරියට ඔවුන් කෙරෙහි වෛරයක් නැත. ‘මට දැන් බනින හැමෝටම මං ලොකු වුණාම බේත් දෙනවා.’ ඇය කියන්නේ ඒ නිසා විය යුතුය.


    දැරිය ඉගෙනුම ලබන්නේ ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් පාසලකය. දැරිය හඳුනා ගැනීමට නොහැකි වන පරිදි ඇගේ පාසලේ නම මෙන්ම ඇගේ පවුලේ උදවියගේ නම් ගම් ද භාවිත නොකරමු.


    ඇය එම පාසලට ඇතුළත් කරනු ලැබුවේ මීට වසර හතරකට පෙරය. දැරිය දැන් ඉගෙනුම ලබන්නේ හතර වැනි ශ්‍රේණියේය. ඉගෙනුම අතින් මේ සිසුවිය එම පාසලේ අන් සිසුන් පරදා පෙරමුණේ සිටින්නීය. පසුගිය වසරේ පළමු, දෙවැනි සහ තුන්වැනි වාරාවසාන විභාග තුනෙන්ම ඇය පන්තියේ පළමු වැනියාය. 2016 වර්ෂාවසාන විභාගයේ ඇය පන්තියේ පළමු වැනියා වූයේ සියලූ විෂයන්වලට ලකුණු 89.16ක සාමාන්‍යය අගයක් ලබා ගනිමිනි.


    සිදුවූ අසාධාරණය ගැන සොයා බලන්නට අප එහි යනවිට දැරිය ‘පියා’ සමඟ පාර අයිනට වී සෙල්ලම් කරමින් සිටියාය. ‘ඒඞ්ස්’ යනු කුමක්දැයි ඇය දන්නේ නැත. ඇය දන්නේ තමාට පාසලට එන්නට නොදී කරන කෙනෙහිලිකම් ගැන පමණි. පාසලේ ගුරුවරුන් කිහිප දෙනෙකු සහ මව්පියන් කිහිප දෙනෙකු නිතර නිතර ‘ඒඞ්ස් හැදුණු ළමයා’ යැයි චෝදනා කරන නිසා දැරිය ඇය හදා වඩා ගන්නා මාපියන්ගෙන් නිතර අසන්නේ ‘ඒඞ්ස් කියන්නේ මොකක්ද?’ කියා පමණි.


    දැරියගේ මවට තවත් පුතකු බිහිවූ පසු දැරිය හදා වඩා ගැනීමට බාර කෙරුණේ මවගේ නැගණියටය. නැගණිය ඇගේ සැමියා සමඟ දරුවා රැක බලා ගත්තාය. දැරිය පාසලට බාර දෙන දිනයේ පාසලට පැමිණියේ මවයි. ඉන් පසු ඇය පාසලට නොගිය අතර දැරිය මව සහ පියා යනුවෙන් ආමන්ත‍්‍රණය කරන්නේ ඇය රැක බලාගන්නා දෙදෙනාටය. කාලය මෙසේ ගතවෙද්දී දැරිය වැඳු මවට ‘එච්.අයි.වී’ ආසාදනය වී ඇතැයි ඇතිවූ සැකයක් මත පරීක්ෂණයකට බඳුන් වූවාය. ඉන් පසු ඇය ඒඞ්ස් මර්දන ව්‍යාපාරය සමඟ ළඟින්ම කටයුතු කරමින් ඒඞ්ස් රෝගය ගැන දැනුම්වත් කිරීමේ වැඩසටහන් පැවැත්වූවාය.


    මීට මාස දෙක තුනකට පෙර රූපවාහිනී නාලිකාවකින් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පැවැත්වූ අතර එම කාන්තාවද දැනුම්වත් කිරීම් සිදුකරන අයුරු පෙන්වීය.


    ඇය නිතර පාසලට නොපැමිණියත් දැරිය බාරදෙන දිනයේ පාසලට ගිය මතකය මාපියන්ට සහ ගුරුවරුන් කිහිප දෙනෙකුට තිබිණි. රූපවාහිනී වැඩසටහනෙන් මාසයකට පමණ පසු එම වැඩසටහන ජංගම දුරකතනයකින් පාසලේ තවත් පිරිසකට පෙන්වා තිබුණේ ගුරුවරියකි. ඉන් පසු කට කතාවලට අත්තටු ලැබුණා මෙන් විය. ‘අහවල් ළමයාගේ අම්මටත් ඒඞ්ස්. ළමයටත් ඒඞ්ස්.’ යනුවෙන් කට කතා පැතිරෙන්නට විය. එම දැරිය ඉගෙනුම ලබන පන්තියේ දරුවන්ගේ දෙමාපියන්ගේ කණටද එම කතාව යන්නට වැඩි කාලයක් ගත වූයේ නැත. පාසලේ ගුරුවරු කිහිප දෙනෙක් සහ දෙමාපියන් කිහිප දෙනෙක් එක්ව නිරෝගී දැරිය රෝගී දැරියක ලෙස හංවඩු ගැසූහ. දැරිය දකින දකින අවස්ථාවල ‘ඒඞ්ස් හැදුණු ළමයා’ යැයි කියමින් ඇය කොන් කරනු ලැබුවාය.


    ‘එච්.අයි.වී’ යනු සුළඟින්, අතපත ගෑමෙන් බෝවන කැස්සක්, උණක් මෙන් රෝගයක් නොවන බව හත සහ අට ශ්‍රේණිවල සෞඛ්‍ය පොතෙන් පවා කියා දෙද්දී ඒවා කියා දෙන්නට සිටින ගුරුවරු පිරිසක්ද අනිසි බියක් මවා ගනිමින් දැරිය පාසල් ඒම වැළැක්වීමට උත්සාහ ගත්හ. ‘ඒඞ්ස්’ රෝගය වැළඳී තිබුණ ද එය සුළඟින් හෝ අතපත ගෑමෙන් බෝ නොවන රෝගයක් නිසා ‘ඒඞ්ස්’ වැළැඳුණු පුද්ගලයන් ඈත් නොකරන ලෙස වෛද්‍යවරුන් උපදෙස් දෙද්දී කිසිදු රෝගයක් නැති මේ සිසුවිය දිනෙන් දින පාසලෙන් කොන්වන්නට විය.


    මේ අතර පසුගිය සතියේ දිනක ඇය හදා වඩා ගන්නා මාපියන්ට පාසලෙන් කැඳවීමක් ලැබිණි. ඒ අනුව ඔවුහු පාසලට ගොස් විදුහල්පති හමුවූහ.


    මාපියන් කැඳවූ හේතුව පැහැදිලිව ප‍්‍රකාශ නොකළ විදුහල්පති සිය පුටුවෙන් නැගිට ගිය අතර පාසලේ වගකීමක් ඇති තවත් ගුරුවරියක් කතාව ඇරුඹුවාය. දැරියට ඒඞ්ස් වැළඳී ඇතැයි යන කතා නිසා දැරිය පාසලට පැමිණීම ගැන අනෙක් මාපියන් තරහෙන් පසුවන බව කී එම ගුරුවරිය මේ දැරිය පාසලෙන් ඉවත් කරගෙන යන ලෙස දැන්වූවාය. විදුහල්පතිද පසුව එම මතයේම සිටියේය.
    එතැන් සිට දැරිය පාසලට යද්දී දෙමාපියෝ පිරිසක් වරින් වර දෙස් දෙවොල් තැබූහ. දැරිය පාසලට එද්දී අනිත් දරුවන් පාසලෙන් ඉවත් කරගෙන ගියහ.


    ‘පන්ති භාර ටීචරුයි, ඉංග‍්‍රීසී ටීචරුයි තව කීප දෙනකුයි විතරයි දුව ගැන කාරුණික වුණේ. දුව ගැන හොයලා බැලූවේ.’ යැයි දැරිය රැක බලාගන්නා මව විස්තර කරද්දී මිදුලේ සෙල්ලම් කරමින් සිටි දැරිය දුවගෙන ආවාය.


    ‘දුව කැමැතිම මොනවා ඉගෙන ගන්නද?’
    ‘මං කැමැතිම ඉංග‍්‍රීසි ඉගෙන ගන්නයි.’ කියමින් ඇය ලස්සන අත් අකුරු සහිත ඇගේ ඉංග‍්‍රීසි පොත ගෙනැවිත් පෙන්නුවාය.


    ‘කවුද දූ කැමැතිම ටීචර්?’
    ‘මං කැමැතිම ඉංග‍්‍රීසි ටීචර්ටයි, අපේ ටීචර්ටයි.’ ඇය ‘අපේ ටීචර්’ යැයි කීවේ පන්ති භාර ගුරුවරියටය.
    යළි දැරිය එතැනින් ඉවත්ව ගිය පසු මව කතාව ඇරැඹුවාය.
    ‘මේ දරුවා හරිම දක්ෂයි. හැමදාම පන්තියේ පළමුවැනියා. කොට්ඨාස, කලාප තරගවලිනුත් දිනලා තියෙනවා. දුව හරිම කැමැතියි ඉස්කෝලේ යන්න. ඉස්කෝලෙන් ආපහු එන්න වුණු දවසේ තමයි දුව අර චිත‍්‍රය ඇන්දේ.’ මව චිත‍්‍රයක් පෙන්වමින් කීවාය. ඒ සිතුවමෙහි වූයේ සිසුවිය මව සහ පියා සමඟ පාසලට යන අයුරුය.


    ‘දුව දහම් පාසල් යනවා. අපි හිතුවේ මේ ප්‍රශ්නය නිසා දරුවා දහම් පාසල් යවන්නත් බැරි වෙයි කියලා. නමුත් හාමුදුරුවො කතා කරලා පන්සලට එන්න කියලා කිව්වා දරුවා දිගටම දහම් පාසල් එවන්න කියලා. ඒක අපට ලොකු අස්වැසිල්ලක්. අපි නිතරම පන්සල් යනවා. මල් පහන් පූජා කරලා ප‍්‍රාර්ථනා කරන්නේ ඒ පිනෙන් හරි මේ දරුවගේ ප‍්‍රශ්නය විසඳෙන්න කියලයි.’


    ‘දුවට ගෙනියන්න ජාතික කොඩියයි සිංහ කොඩියයි ගේන්න නගරයට යන්න ඕනෑ.’ යැයි මව කියද්දී හතර ශ්‍රේණියේ ඉගෙනුම ලබන දියණිය මව නිවැරදි කරමින් ‘ජාතික කොඩියයි සිංහ කොඩියයි කියන්නේ එකමනේ.... මට ඕනෑ ජාතික කොඩියයි රාජ්‍ය ලාංඡනයයි.’ කීවාය.
    දැරියට ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට ඇත්තේ තවත් වසරක පමණ කාලයකි. ‘මට ශිෂ්‍යත්වය ලියන්න ලැබෙයි නේද?’ දැරිය නිතර මාපියන්ගෙන් විමසන්නීය.


    ‘දැන් මේ පාසලේ තවදුරටත් ඉන්න අමාරුයි වගෙයි. අපි කිසිම දෙයක් ඉල්ලන්නේ නෑ. අපි ඉල්ලන්නේ අපේ දරුවට ඉගෙන ගන්න අවස්ථාව දෙන්න කියලා විතරයි. දරුවාට ගැටලූවක් නැතිව ශිෂ්‍යත්වය ලියන්නවත් පාසලක් ලැබුණොත් හොඳයි.’ පියා අවසන් වශයෙන් කීවේය.
    මෙම සිද්ධිය විද්‍යුත් නාලිකාවක විකාශය වීමත් සමඟ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද පසුගිය 27දා විමර්ශනයක් ආරම්භ කළේය.


    කිසිම හේතුවක් නිසා දරුවකුගේ අධ්‍යාපන අයිතිය ඇහිරිය නොහැකි බව මානව හිමිකම් ක‍්‍රියාධරයෙක් කීවේය.


    image_242c9ac49c.jpg


    (දැරියට පාසලේ ගැටලූ පැමිණිදා ඇය ඇඳි සිතුවම)

    image_ac0ec1bd9d.jpg


    (දැරියගේ සාධන වාර්තාව)

    image_8886ee75ab.jpg


    (දැරිය දළදා මාළිගාව සිතුවමකට නඟා ඇති අයුරු)

    image_56c5a8d2a1.jpg


    (ඇය විසින් ලියන ලද වැකියකි)

    Code:
    Lankadeepa
     
    • Like
    Reactions: sidathsaumya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    මේව්ව දැක්කම දැරියගෙ ප්‍රශ්නෙ අමතක වෙනවනෙ බන්. කවුද මේ ෆෙමිනිස්ට් ගුරුතුමිය
     

    jil2ko

    Junior member
  • Mar 20, 2017
    86
    2
    18
    ඔය කෑගැහන එවුන්ට කට්ටකින් ඇනල කනට කරල කියන්න ඕන මට HIV කියල
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Me lamayage blood test ekak karala, me lamayata Aids hedila na kiyala anith demawpianwa gennala kiewwa nan iwaraine.

    Demawpiyange weradi walin beta kanne ahinsaka lamai.
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    මහා ලොකුවට අපේ කම අපේ ජාතිය ගැන කතා කරාට ලෝකෙන්ම ජරාම ජාතියෙ මිනිස්සු ඉන්නේ සිංහල ජාතියෙ කියලා හිතෙනවා බන් මේවා දැක්කාම. පුදුමාකාර කලකිරීමක් ඇතිවෙන්නේ මේ වගේ මිනිස්සු ගැන හිතනකොට. අර නොදරුවාට මොනවා කියලා තේරෙනවද. අපි ජීවත් වෙන්නේ ලෝකෙට පේන්න උදේ හවස බුදුන් වදින හැම දේකටම පිරිත් අහන හිතක් පපුවක් නැති කාලකන්නි මිනිස්සු කොට්ඨාශයක් එක්ක බන් :no::angry: